2010–2019
මේ හැමදෙයක්ම මිනිසුන් ගැනයි
2018 අප්‍රියෙල්


2:3

මේ හැමදෙයක්ම මිනිසුන් ගැනයි

සභාව ඔබ ගැන පමණයි, ස්වාමීන්ගේ ගෝලයන්- ඔවුන් උන්වහන්සේට ආදරය කරනව සහ අනුගමනය කරනව සහ ඔවුන් උන්වහන්සේගේ නාමය ඹවුන් තුලට අරගෙන තියෙනවා.

ප්‍රංශයේ පැරීසියේ ඉතා පුදුමාකාර වූ දේවමාලිගාව ගොඩනැගීමට සුදානම් වන අවස්ථාවේ, මට අමතක නොවන අත්දැකීමක් ලැබුනා. 2010 දී, දේවමාලිගාව සඳහා ඉඩමක් හමුවීමෙන් පස්සේ, නගරාධිපතිට සභාව ගැන තවත් දැනගැනීමට අවශ්‍ය යැයි කියමින් අපිව හමුවෙන්නට ඇසුවා. ගොඩනැගිලි අවසර පත්‍රයක් ලබාගන්නට මේ හමුව ඉතා ආමාරු පියවරක් උනා. පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ දේවමාලිගා වල සිත් ඇදගන්නාසුළු පින්තූර ඇතුලත් කරමින් ඉදිරිපත් කිරීමක් අපි ඉතා සුපරික්ෂාකාරීව සුදානම් කළා. ඒවායේ වාස්තුරූපී සුන්දරත්වය තුලින් නගරාධිපතිගේ සහය මේ ව්‍යාපෘතියට ලබාගැනීමට මම බලාපොරොත්තු උනා.

මාවත් පුදුම කරමින්, නගරාධිපති පැවසුවේ අපේ ඉදිරිපත්කිරීම බලනවා වෙනුවට, ඔහුත් ඔහුගේ කණ්ඩායමත් ඔවුන්ගේම සමීක්ෂණයක් කර අපේ සභාව කුමන ආකාරයේ සභාවක් දැයි සොයාබැලීමට අවශ්‍ය බවයි. ඊළඟ මාසයේදී, ආගමික ඉතිහාස කතිකාචාර්යවරයෙකු වන නාගරික මන්ත්‍රී විසින් දෙන ලද වාර්තාවට ඇහුම්කන්දීමට අපිට ආපසු ආරාධනාවක් ලැබුනා. ඇය නැගිට මෙසේ කිව්වා, “හැමදෙයකටම ඉහලින්, ඔබගේ සභාවේ සාමාජිකයන් කව්රුන් දැයි අපට දැනගන්නට අවශ්‍යයි. පළමුවෙන්, අපි ඔබගේ එක් සක්‍රමේන්තු රැස්වීමකට සහභාහි වුණා. අපි සභාවේ පිටිපසින්ම ඉඳගෙන සභාවේ ඉන්න පුද්ගලයින් ගැනත් ඔවුන් කරන දේවල් ගැනත් බලා සිටියා. ඉන්පසු අපි ඔබේ ස්ටේක මධ්‍යස්ථානය අවට ජීවත් වන - අසල්වාසින්ව මුණගැසුනා - මෝර්මන්වරු වන ඔබලා කුමන ආකාරයේ පුද්ගලයින් දැයි අපි ඔවුන්ගෙන් ඇසුවා.”

“ඉතින් ඔබලාගේ අවසාන තීරණය කුමක්ද?” සුළු බියක හැඟීමකින් මම ඇසුවා. ඇය මෙසේ පිළිතුරු දුන්නා, “අපි දන්නා වෙනත් කිසිඳු සභාවකට වැඩියෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රථම සභාවට ඉතාම ළඟ සභාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නූතන සාන්තුවරයන්ගෙන් යුත් සභාව බව අපි සොයාගත්තා.ඒක සම්පූර්ණයෙන්ම සත්‍ය නෑ! ඒක වඩාත්ම සත්‍ය සභාව නෙවෙයි; ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්වාහන්සේගේම සභාව, සත්‍ය සභාව!” කියා මම විරුද්ධවෙන්නට ඉතා ආසන්නව සිටියත්, ස්තුතියේ නිහඬ යාච්ඤාවක් කියා මම එසේ කිරීමෙන් මාවම වලක්වාගත්තා. ඉන්පසු නගරාධිපති අපට අවවාද කර කියා සිටියේ, ඔවුන්ගේ සොයාගැනීම් වලට අනුව, ඔහුත් ඔහුගේ කණ්ඩායමත් ඔවුන්ගේ ප්‍රජාවේ ගොඩනැගීමට සිටින දේවමාලිගාව කෙරෙහි කිසිඳු විරුද්ධත්වයක් නොමැති බවයි.

අද, ඒ ආශ්චර්යජනක සිදුවීම ගැන මම සිතද්දී, නගරාධිපතිගේ ඥානයටත් සහ ආත්මික අවබෝධයටත් මම ස්තුතිවන්ත වෙනවා. සභාව ගැන තේරුම්ගැනීමට අවශ්‍ය යතුර එහි ගොඩනැගිලි වල පිටත ආකාරය තුලින් බැලීමවත් හොඳින් සංවිධානය කල ආයතනයක්ද යන්න බැලීමවත් නොවෙයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්නට එදිනෙදා වෙහෙසෙන, මිලියන ගණන් ඇදහිලිවන්ත සාමාජිකයන් තුලින් බව ඔහු දැනගෙන සිටියා.

සභාව යන්නෙහි තේරුම මෝර්මන් පොතේ ජේදයක කොටසකින් උපුටා ගන්න පුළුවන්, “එනම් කවරෙකු යේසුස්වහන්සේගේ නමින් බෞතීස්ම කලේද ඔවුන්ව ක්‍රිස්තුස්වහන්සේගේ සභාව යයි නම්කරනු ලද්දේය.”

තවත් වචන වලින් කියනවා නම්, සභාව යනු සම්පුර්ණයෙන්ම මිනිසුන් ගැනයි. ස්වාමින්වහන්සේගේ අනුගාමිකයන් වන - උන්වහන්සේට ප්‍රේම කරන සහ උන්වහන්සේව අනුගමනය කරන සහ ගිවිසුමක් මගින් උන්වහන්සේගේ නාමය ඔවුන් තුලට ගත්, ඒ ඔබ ගැනයි.

සභාපති රසල් එම්. නෙල්සන් වරක් සභාව ලස්සන වාහනයකට සමාන කළා. අපේ වාහනය පිරිසිඳුවත් දිලිසෙමිනුත් තියනවට අපි ගොඩක් කැමතියි. නමුත් කාරයේ අරමුණ ආකර්ශනීය යන්ත්‍රයක් මෙන් පෙනී සිටීම නොවෙයි; කාරය තුල පුද්ගලයන්ප්‍රවාහනයයි. ඒ ආකාරයෙන්ම, අපි, සභාවේ සාමාජිකයන් වශයෙන්, පිරිසිඳු හා හොඳින් නඩත්තු වන ලස්සන ස්ථානයක වන්දනාමාන කරන්නට ලැබීම ගැන සතුටු වෙනවා, ඒ වගේම ඉතා හොඳ ක්‍රියාශීලී වැඩසටහන් ගැන සතුටු වෙනවා. නමුත් මේවා හුදෙක් උපකාරක පද්ධති පමණයි. අපේ එකම අරමුණ දෙවියන්වහන්සේගේ එක් එක් පුතණුවන්වත් දූවරුන්වත් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ආරාධනා කරමින්, ගිවිසුම් මාවතේ ඔහුව හෝ ඇයව මෙහෙයවීමයි. කිසිම දෙයක් ඊට වඩා වැදගත් නෑ. අපේ ක්‍රියා සියල්ලම පුද්ගලයින් සහ ගිවිසුම් ගැනයි.

නැවත පිහිටවූ සභාවට අනාවැකි තුලින් ලබාදී ඇති නම ශුභාරංචි ගිවිසුම් වල ඉතා වැදගත් මූලිකාංග දෙකක් එකට සම්බන්ධ කිරීම පුදුමසහගතයි නේද? පළමුවෙන් යේසුස් ක්‍රිස්තුස්.යන නාමය-මේ සභාව අයිති උන්වහන්සේටයි, සහ උන්වහන්සේගේ පිරිසිඳු වන්දිගෙවීම සහ ගිවිසුම්, ගැලවීමටත් උත්කර්ශයටත් ඇති එකම මාර්ගයයි. දෙවන නමින් අපිගැන සඳහන් වෙයි: ශුද්ධවන්තයින්, නැත්නම් තවත් වචනයෙන් කියනවානම්, උන්වහන්සේගේ සාක්ෂිකරුවන් සහ උන්වහන්සේගේ අනුගාමිකයන්.

ප්‍රංශයේ ස්ටේක සභාපතිවරයෙකු ලෙස සේවය කරද්දී පුද්ගලයින් පිලිබඳ අවධානය දීමේ වැදගත්කම මම ඉගෙනගත්තා. මගේ සේවයේ ආරම්භයේදී, ස්ටේකයට ඉතා හොඳ අපේක්ෂා සහිත අරමුණු මගේ මනසේ තිබුනා: අලුත් කොට්ටාශ නිර්මාණය, සභා රැස්වීම්ශාලා ගොඩනැගීම, සහ අපේ ප්‍රදේශයේ දේවමාලිගාවක් ඉදිකිරීම. වසර 6කින් මාව නිදහස් කිරීමේදී, ඒ කිසිම අරමුණක් ඉටුවෙලා තිබුනේ නෑ. මේක සම්පුර්ණ අසාර්තක වීමක් විදියට දැනෙන්නට තිබුණු නමුත්, ඒ වසර 6 කාලය තුලදී, මගේ අරමුණ ටිකක් වෙනස් ආකාරයක් අරන් තිබුනා.

මගේ නිදහස් කිරීමේ දවසේ මම ඉඳගෙන ඉද්දී, ස්තුතිවන්ත බවේ හා ජයග්‍රහණයේ ගැඹුරු හැඟීමකින් මාව වටකරලා තිබුනා. පැමිණි සිටි සියගණන් සාමාජිකයන්ගේ මුහුණු දෙස මම බැලුවා. ඔවුන් එක් එක්කෙනා සමග වූ ආත්මික අත්දැකීමක සබඳතාවක් මතක් කරන්නට මට හැකිවුනා.

ඒ අතර ජලයේ බෞතීස්මයට ඇතුළත්වූ, ඔවුන්ට දේවමාලිගාවේ ශුද්ධවූ වත්පිළිවෙත් ලබාගන්නට ඔවුන්ගේ තහවුරුකිරීම් මා විසින් අත්සන් කල සහෝදර සහෝදරියන් සිටියා, පුර්ණකාලීන ධර්මදූතයන් ලෙස වෙන්කළ හා නිදහස් කල තරුණ පුද්ගලයන් හා යුවලවල් සිටියා. ඒ අතර ඒ අයගේ ජිවිත වල අභියෝග හා කරදර වලදී මම දේව සේවය කල ගොඩක් අය සිටියා. මට අතුලාන්තයෙන්ම ඔවුන් එක් එක්කෙනා වෙනුවෙන් සහෝදර ප්‍රේමයක් දැනුනා. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල හා පක්ෂපාතිකමේ වර්ධනය නිසා ඔවුන්ට සේවය කරන්නට ලැබීම ගැන මම පවිත්‍ර සතුටක් ලබාගත්තා.

සභාපති එම්. රසල් බැලර්ඩ් මෙසේ ඉගැන්නුවා, “අපේ සභාවේ වගකීම් වල ඉතාමත් වැදගත් දෙය වාර්තා කරන සඛ්‍යා ලේඛනවත් පැවැත්වෙන ලද රැස්වීම්වත් නොවෙයි, නමුත් ගැලවුම්කරුවාණන් කල ආකාරයට එක් එක් පුද්ගලයෙකුට එක වරකදිවත් දේව සේවය සිදුවුනාද - ඔසවා තැබුවාද සහ ධෛර්යමත් කලාද සහ අවසානයේදී වෙනස් කලාද යන්නයි.”

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි ශුභාරංචිය තුල ක්‍රියාකාරීද, හෝ අපි සභාව තුල හුදෙක් කාර්යබහුලද? ප්‍රධානම දෙය නම් හැමදෙයකදීම ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමයි. අපි එසේ කරන විට, හුදෙක් කාර්යන් ඉටුකිරීම හා වැඩසටහන් ක්‍රියාත්මක කරනවාට වඩා අපි පුද්ගලයන් ගලවාගන්නට ස්වභාවයෙන්ම අවධානය යොමු කරනවා.

ඊළඟ ඉරිදා ඔබේ කොට්ටාශයට හෝ ශාඛාවට ගැලවුම්කරුවාණන් පැමිණියොත් කොහොම වෙයිද කියා කෙදිනවත් ඔබ ඔබගෙන්ම අසා තියෙනවාද? උන්වහන්සේ කුමක් කරයිද? දෘශ්‍යාධාර හොඳ මට්ටමින් තිබෙනවාද නැත්නම් පන්ති කාමර වල පුටු පිලිවලට තියනවාද කියා උන්වහන්සේ කනස්සලු වෙයිද? හෝ නැතිනම් උන්වහන්සේ ප්‍රේම කරන්නට, උගන්වන්නට සහ ආශිර්වාද කරන්නට කෙනෙක් සොයාගනීද? සමහරවිට උන්වහන්සේ පිළිගන්නට අලුත් සාමාජිකයෙකු හරි යහළුවෙකු හරි සොයයි, සැනසුම අවශ්‍ය අසනීප සහෝදරයෙක්ව හෝ සහෝදරියක්ව සොයයි, හෝ ඔසවා ගැනීමට හා ධෛර්යමත් කරන්නට අවශ්‍ය දුර්වල තරුණ පුද්ගලයෙක්ව සොයාගනී.

යේසුස්වහන්සේ කුමන පන්තිය බලන්නට යයිද? උන්වහන්සේ ප්‍රාථමික දරුවන් බලන්නට පළමුවෙන් ගියොත් මම පුදුම වෙන එකක් නෑ. උන්වහන්සේ ගොඩක්දුරට දණගහලා ඇසට ඇස බලන් ඔවුන් එක්ක කතාකරයි. උන්වහන්සේගේ ආදරය ඔවුන්ට පෙන්වයි, ඔවුන්ට කතන්දර කියලා දෙයි, ඔවුන්ගේ චිත්‍ර වලට සුභපතයි, සහ ස්වර්ගයේ උන්වහන්සේගේ පියාණන් ගැන සාක්ෂි දරයි. උන්වහන්සේගේ ගතිගුණ සරල වෙයි, සත්‍ය වෙයි සහ ආටෝපයෙන් තොරවෙයි. අපිටත් එහෙම කරන්නට පුලුවන්ද?

මම ඔබට පොරොන්දුවෙනවා, ඔබ ස්වාමින්වහන්සේගේ න්‍යාය පත්‍රයේ සිටින්නට වෙහෙස වෙන විට, ඔබට උදව් කර ආශිර්වාද කරන්නට පුද්ගලයන් සොයාගැනීම ඇරෙන්නට වෙන කිසිම දෙයක් වඩාත් වැදගත් නොවේවි. සභාවේදී ඔබ පුද්ගලයන්ට උගන්වන්නටත් සහ ඔවුන්ගේ හදවත් ස්පර්ශ කරන්නටත් පමණක් අවධානය දේවි. ඔබ සර්වසම්පුර්ණ ක්‍රියාකාරකමක් සංවිධානය කරනවාට වඩා ආත්මික අත්දැකීමක් සිතෙහි තැන්පත් කිරීමට වෙහෙස වීමත්, ඔබ බැහැදකින්නට ගිය වාර ප්‍රමාණය ලකුණු කරනවාට වඩා ඔබේ අනෙකුත් සාමාජිකයන්ට දේව සේවය කල අයුරුත් ගැන ඔබේ අවධානය යොමුකරාවි. එය ඔබ පිලිබඳ නොවේ නමුත් අපි අපේ සහෝදර සහෝදරියන් ලෙස හඳුන්වන ඔවුන්පිලිබඳ දේවල් වනු ඇත.

සමහර වේලාවට සභාවට යාමගැන අපි කතා කරනවා. සභාව කියන්නේ ගොඩනැගිල්ලකට වඩා එහෙම නැත්නම් ස්ථානයකට වඩා වැඩි දෙයක්. සෝල්ට් ලේක් නගරයේ පිහිටි සභා මූලස්ථානයේ මෙන්ම ලෝකයේ වඩාත්ම දුෂ්කර ප්‍රදේශයන්හි නිහතමානී ලෙස ඇති සභාව ජීවමානයි. ස්වාමීන්වහන්සේ උන්වහන්සේ විසින්ම මෙසේ ප්‍රකාශ කල සේක, “දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු මාගේ නාමයෙන් රැස්ව සිටීද, මම ඔවුන්ගේ මධ්‍යයේ වැඩ සිටිමි.”

අපි යන හැමතැනම අපිත් සමග සභාවත් අපි රැගෙන යනවා: වැඩට යන විට, පාසලට, නිවාඩුවට සහ විශේෂයෙන්ම අපේ නිවාස වලට. අපි අපිවම ශුද්ධ ස්ථානයක සොයාගැනීමට අපේ පැවැත්ම සහ බලපෑම ප්‍රමාණවත්ය.

අපේ ඇදහිල්ලේ සාමාජිකයෙකු නොවන යහළුවෙකු සමග ඇතිවූ කතාබහක් මට මතකයි. අපේ සභාවේ සිටින ඕනෑම සුදුසු පිරිමි සාමාජිකයෙකුට පූජකවරය ලබාගැනීමට හැකිබව ඉගෙනගත්විට ඔහු පුදුම වුණා. ඔහු මෙහෙම ඇහුවා, “නමුත් ඔබේ කොට්ටාශයේ පූජකවරය දරන්නන් කෙතරම් ප්‍රමාණයක් ඉන්නවාද?”

මම පිළිතුරු දුන්නා. “30 ත් 40කත් ප්‍රමාණයක්.”

පුදුමයෙන්, ඔහු මෙහෙම කිව්වා, “මගේ සමූහයේ, අපිට ඉන්නේ එක පූජකවරයෙක් විතරයි. ඇයි ඔයාලට ඉරිදා උදේට එච්චර පූජකවරු ප්‍රමාණයක් ඕනා වෙන්නේ?”

ඔහුගේ ප්‍රශ්ණයෙන් කුතුහලයට පත්වූ මට මේ පිළිතුර දීමට පෙලඹවුනා, “මම ඔබත් සමග එකඟ වෙනවා. ඉරිදා සභාවේදී එච්චර පූජකවරු පිරිසක් ඕනේ කියලා මම හිතන්නේ නෑ. නමුත් සෑම පවුලකම පූජකවරය දරන්නෙක් සිටීම අපටඅවශ්‍යයි. නිවසක පූජකවරය නැති අවස්තාවක, ඒ පවුල බලාගන්නටත් සහ සේවය කරන්නටත් අනෙකුත් පූජකවරය දරන්නන් කැඳවලා තියනවා.

අපේ සභාව නිකන්ම ඉරිදා සභාවක් විතරක් නෙවෙයි. අපේ නමස්කාරය අපි කොහේ හිටියත් අපි මොනා කලත් සතියේ හැමදවසකම සිදුවෙනවා. අපේ නිවාස විශේෂයෙන්ම “අපේ ඇදහිල්ලේ ප්‍රාථමික අභයභූමියයි.” බොහෝ විට අපි යාච්ඤා කරන්නේ, ආශිර්වාද කරන්නේ, අධ්‍යනය කරන්නේ, දෙවියන්වහන්සේගේ වචනය උගන්වන්නේ සහ පවිත්‍ර ප්‍රේමයකින් සේවය කරන්නේ අපේ නිවාස තුලයි. මගේ පෞද්ගලික අත්දැකීම් වලින් මට සාක්ෂිදරන්න පුළුවන්, ශුද්ධාත්මයාණන්ට බොහෝ සේ වැඩසිටිය හැකි, සමහර වේලාවට ඊටත් වැඩියෙන් සහ අපේ එදිනෙදා නමස්කාර ස්ථානයන්ට වැඩියෙන් ශුද්ධවූ ස්ථානය තමයි අපේ නිවාස.

මේ සභාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව බවට මම සාක්ෂි දරනවා - එහි ශක්තියත් ජවයත් පැමිණෙන්නේ, අනෙක් අයට සේවය කරන්නට, උන්වහන්සේගේ බලවත් ආදර්ශය අනුගමනය කරන්නට හැමදවසකම වෙහෙසෙන උන්වහන්සේගේ මිලියන ගණන් අනුගාමිකයන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් තුලිනි. ක්‍රිස්තුස්වහන්සේ ජීවමානයි, ඒ වගේම එතුමා මෙමෙ සභාව මෙහෙයවනවා. අපේ දවස් වල අපව මෙහෙයවන්නටත් මගපෙන්වන්නටත් උන්වහන්සේ තෝරාගත් අනාගතවක්තෘවරයා රසල් එම්. නෙල්සන් සභාපතිතුමායි. මම මේ හැමදෙයක්ම සාක්ෂිදරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.