2010–2019
පවිත්‍ර ආදරය:යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සෑම සැබෑ අනුගමිකයෙකුගේම සැබෑ සංකේතය
2018 අප්‍රියෙල්


පවිත්‍ර ආදරය: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සෑම සත්‍ය අනුගාමිකයෙකුගේම සැබෑ සංකේතය

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය කේන්ද්‍ර වී ඇත්තේ පියාණන්ට සහ ගලවුම්කරුවානන්ට අප වෙත ඇති ආදරය මත මෙන්ම උන්වහන්සේලා සහ එකිනෙකා වෙත ඇති අපේ ආදරය මතයි.

සභාපති තෝමස් එස්. මොන්සන්ට අපි ආදරය කරනවා වගේම ඔහුගේ අඩුව අපිට දැනෙනවා. ඒ වගේම අපි සභාපති රසල් එම්. නෙල්සන්ව ස්ථිර කරනවා. සභාපති නෙල්සන්ට මගේ හදවතේ විශේෂ තැනක් තියෙනවා.

මම තරුණ පියක්ව සිටියදී, අවුරුදු පහක් වූ අපේ පුංචි පුතා, දිනක් පාසලෙන් පසු ගෙදර පැමිණ ඔහුගේ මවගෙන් අසා සිටියේ, “මොනවගේ රැකියවක්ද තාත්තා කරන්නේ?” කියාය. එවිට ඔහු කරුණු පහද දුන්නා ඔහුගේ පන්තියේ අලුත් යාලුවෝ ඔවුන්ගේ තාත්තලාගේ රැකියාව ගැන සංවාදයක් ඇතිකරගත්තා කියලා. එක්කෙනෙක් තමන්ගේ තාත්තා නගරයේ පොලීසියේ ප්‍රධානියා බව පැවසු විට තව කෙනෙක් තමන්න්ගේ තාත්තා විශාල ආයතනයක ප්‍රධානියා බව ආඩම්බරයෙන් පවසා ඇත.

ඔහුගේ පිය ගැන ඇසුවිට, මගේ පුතා ඉතා සරලව “ මගේ තාත්තා කාර්යාලයේ පරිගඝනකයක වැඩකරනවා” යයි පවසා ඇත. ඔහුගේ පිළිතුර ඔහුගේ අලුත් පොඩි යහළුවන්ව පුදුම නොකළ බව දැනගත් විට, “මොනවා වුනත්, මගේ තාත්තා තමයි විශ්වයේ ප්‍රධානියා.” යනුවෙන් එකතුකර ඇත.

මම අනුමාන කරනවා සංවාදයේ අවසානය එය වෙන්න ඇති කියලා.

මම මගේ බිරිදට කිවුවා, “ගැලවීමේ සැලැස්ම සහ කවුද එය ඇත්තටම භාරව ඉන්නේ කියලා වැඩිදුර කරුණු ඔහුට කියල දෙන්න කාලය ඇවිල්ල” කියල.

නමුත් අපි අපේ දරුවන්ට ගැලවීමේ සැලැස්ම ගැන කියා දෙන විට, එය ආදරයේ සැලැස්මක් බව දැනගත් විට ස්වාර්ගික පියාණන්ට සහ ගලවුම්කරුවානන්ට ඔවුන්ගේ ඇති ආදරය වර්ධනය වුනා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය කේන්ද්‍ර වී ඇත්තේ පියාණන්ගේ සහ ගැලවුම්කරුවානන්ගේ අප වෙත ඇති ආදරය මත සහ උන්වහන්සේලා සහ එකිනෙකා වෙත ඇති අපේ ආදරය මතයි.

වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් පවසනවා: “මුළු සදාකාලයෙහිම පළමුවන බලවත්ම නියෝගය වන්නේ අපේ මුළු හදවතින්ම, බලයෙන්ම, මනසින්ම, සහ ශක්තියෙන්ම දෙවියන්වහන්සේට ආදරය කිරීමයි - එය පළමුවන බලවත්ම නියෝගයයි. නමුත් මුළු සදාකාලයෙහිම පළමුවන බලවත්ම සත්‍යය වන්නේ උන්වහන්සේගේ මුළු හදවතින්ම, බලයෙන්ම, මනසින්ම, සහ ශක්තියෙන්ම දෙවියන්වහන්සේ අපට ආදරය කරන බවයි. ඒ ආදරය මුළු සදාකලයෙහි අත්තිවාරම් ගලයි, ඒ වගේම එය අපේ එදිනෙදා ජීවිතයේ අත්තිවාරම් ගල විය යුතුයි”.

අපේ එදිනෙදා ජීවිතයේ අත්තිවාරම් ගල වන , පවිත්‍ර ආදරය යේසුස් වහන්සේගේ සෑම සැබෑ අනුගමිකයෙකුටම අත්‍යවශ්‍යයි.

මෝර් මන් දිවැසිවරයා උගන්වනවා, “ එසේහෙයින්, මගේ ප්‍රියාදර සහෝදරයෙනි, හදවතේ සියලු ශක්තිය සමග පියානන්වහන්සේට යාච්ඤා කරන්න, ඒ කරුනුකොටගෙන නුබලා මම ප්‍රේමය සමග පූර්ණ වන පිණිසය, එය උන්වහන්සේ; යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වූ, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ සත්‍ය අනුගාමිකයන් මත ප්‍රදානය කර ඇති සේක.”

ආදරය සැබවින්ම යේසුස් වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකුගේ සත්‍ය සංකේතයයි.

නියම අනුගාමිකයෙකු සේවය කිරීමට ඇලුම් කරනවා. ඔවුන් දන්නවා සේවය කිරීම සැබෑ ආදරයේ සහ බෞතිස්මයෙදී ඇතිකරගත් ගිවිසුම් වල ප්‍රකාශනයක් කියල. සභාව තුල ඔවුන්ට ඇති කැදවීම හෝ සමාජය තුල ඔවුන්ගේ භූමිකාව නොසලකා, ස්වාමින්වහන්සේට සහ එකිනෙකාට ආදරය සහ සේවය කිරීමේ කැමැත්ත වර්ධනය වීම ඔවුන්ට දැනෙනවා.

සැබෑ අනුගාමිකයෝ සමාව දීමට ඇලුම් කරනවා. ගැලවුම්කරුවානන්ගේ වන්දි ගෙවීම අපි එකිනෙකාගේ සියලුම පාප සහ වැරදි ආවරණය කරන බව ඔවුන් දන්නවා. උන්වහන්සේ ගෙවන ලද වන්දිය “සියලුදෙනාම ඇතුලත් වන්දියක්” බව ඔවුන් දන්නවා. පාපයට, අත්වැරදීම්, සහ වැරදි ක්‍රියා වලට සම්බන්ද ආත්මික වරිපනම්, ගාස්තු, වට්ටම්, සහ පාපයට අදාළ අය කිරීම් සියලුදේම ආවරණය වනවා. සැබෑ අනුගාමිකයෝ ඉක්මනින්ම සමාව දෙනවා වගේම ඉක්මනින්ම සමාව අයදිනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සමාව දීමට ශක්තිය සොයා ගැනීමට වෙහෙස වෙනවා නම්, අනිත් අය ඔබට මොනවද කලේ කියන දෙය ගැන සිතන්න එපා, නමුත් ගැලවුම්කරුවානන්වහන්සේ ඔබට කර ඇති දෙය ගැන සිතන්න, එවිට ඔබට උන්වහන්සේගේ වන්දිගේවීමෙන් ලැබෙන ගැලවීමේ ආශිර්වාද තුල සැනසීම ලැබේවි.

සැබෑ අනුගාමිකයෝ හදවතේ සාමය සමග ආදරයෙන් ස්වාමින්වහන්සේට තමන්වම යටත් කරන්න ඇලුම් කරනවා. ඔවුන් උන්වහන්සේට ආදරේ නිසා නිහතමානි ඒ වගේම අවනතයි. උන්වහන්සේ කරන්නේ මොනවද කියලා විතරක් නොවේ නමුත් කොහොමද සහ කොතනදීද යන්නෙහි, උන්වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම භාරගන්න ඔවුන්ට විශ්වාසය තියෙනවා.නියම ආශිර්වාද සැමවිටම තමන්ට වුවමනා දේ විතරක් නොවේ නමුත් වැඩියෙන්ම ස්වාමින්වහන්සේට මොකක්ද ඔවුන් වෙනුවෙන් වුවමනා, කියලා සැබෑ අනුගාමිකයෝ දන්නවා.

සැබෑ අනුගාමිකයෝ ලෝකයට වැඩියෙන් ස්වාමින්වහන්සේට ආදරෙයි සහ ඔවුන් ඔවුන්ගේ විශ්වාසය තුල ස්ථිරයි වගේම නොසෙලෙන සුළුයි. ඔවුන් වෙනස්වන සහ ව්‍යාකුල ලෝකයක ශක්තිමත්ව සහ ස්ථාවරව සිටිනවා. සැබෑ අනුගාමිකයෝ ආත්මයේ හඩට සහ දිවසිවරුන්ට ඇහුන්කන් දීමට ඇලුම් කරනවා ඒ වගේම ඔවුන් ලෝකයේ හඩවල් තුලින් ව්‍යාකුල වන්නේ නැහැ. සැබෑ අනුගාමිකයෝ “ශුද්ධ වූ ස්ථාන වල නැගී සිටීමට ” ඇලුම් කරනවා වගේම ඔවුන් සිටින ස්ථානය ශුද්ධ ස්තානයක් කිරීමට ඇලුම් කරනවා. ඔවුන් කොහේ ගියත්, ස්වාමින්වහන්සේගේ ආදරය සහ සාමය අනිත් අයගේ හදවත් වලට ගෙනියනවා. සැබෑ අනුගාමිකයෝ ස්වාමින්වහන්සේට ඇති ආදරය නිසා ස්වාමින්වහන්සේගේ නියෝග වලට කීකරු වීමට කැමැත්තක් දක්වනවා වගේම කීකරු වෙනවා. ඔවුන් ආදරය කර වගේම ගිවිසුම් තැබූ විට, ඔවුන්ගේ හදවත් අලුත්වෙනවා වගේම ඔවුන්ගේ ස්වරූපය වෙනස්වෙනවා.

පවිත්‍ර ආදරය සැබවින්ම යේසුස් වහන්සේගේ සෑම සැබෑ අනුගාමිකයෙකුගේ සත්‍ය සංකේතයයි.

මම පවිත්‍ර ආදරය ගැන ඉගෙනගත්තේ මගේ අම්මාගෙන්. ඇය සභාවේ සාමාජිකාවක් නොවේ.

මම අවුරුදු කිහිපයකට කලින්, එක දවසක, පිළිකාවක් සමග සටන් කරමින් සිටි මගේ අම්මව බලන්න ගිය. මම දැනගෙන හිටිය ඇය මැරෙන්න යන බව, නමුත් ඇය වේදනා විදින නිසා මම කණගාටු වුනා. මම කිසිම වචනයක් නොකීවත් මාව හොදින් හදුනන ඇය පැවසුවා, “ඔයා කනගාටු වෙනවා කියලා මට පේනවා” කියලා.

එවිට මාව පුදුමයට පත් කරමින්, ඇය දුර්වල කටහඩකින් මගෙන් ඇසුව, “ඔයාට පපුලුවන්ද මට යාච්ඤා කරන්න උගන්වන්න? මට අවශ්‍යයි ඔය වෙනුවෙන් යාච්ඤා කරන්න. මම දන්නවා ඔයා පටන් ගන්නේ ‘ආදරණීය දෙවි පියාණෙනි කියලා,’ ඒත් ඊට පස්සේ මොනවද මම කියන්න ඕනේ?”

මම ඇගේ ඇද අසල දැන ගැසුපසු ඇය මා වෙනුවෙන් යාච්ඤා කළා, එවිට මට මීට පෙර කිසිදාක දැනුනේ නැති ආදරයක් දැනුනා. එය හරිම සරලයි, සත්‍ය, පවිත්‍ර ආදරයක්. ඇය ගැලවීමේ සැලැස්ම ගැන දැනගෙන හිටියේ නැති වුනත්, ඇයට ඇයගේ හදවතේ පෞද්ගලික ආදරයේ සැලැස්මක් තිබුනා, ඇගේ පුතා වෙනුවෙන් මවකගේ ආදරයේ සැලැස්මක්. ඇය සිටියේ වේදනාවෙන්, යාච්ඤාවක් කිරීමට පවා ශක්තිය සොයා අරගල කරමින්. මට ඇගේ කටහඩ ඇසුනේ යන්තමින්, නමුත් මට ඇගේ ආදරය නිසැකවම දැනුනා.

මට මතකයි මම කල්පනා කලා, “ මේතරම් ගැබුරු වේදනවක සිටින කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් යාච්ඤා කරන්නේ කොහොමද? කියලා, එය අවශ්‍ය වුනේ ඇයටයි.”

එවිට මගේ මනසට පැහැදිලි උත්තරයක් ලැබුණ: පවිත්‍ර ආදරය. ඇය මට කොතරම් ආදරය කලාද කිවුවොත්, ඇයට ඇය ගැන අමතක වුනා. ඇයගේ ඉතා අවදානම් පැයේදී, ඇය ඇයට වඩා මට ආදරය කළා.

දැන්, මගේ සහෝදර සහෝදරයිනි, ගැලවුම්කරුවාණන් කලේ මෙය නොවේද? අනිවාර්යයෙන්ම, සදාකාලික සහ ඉතා පුළුල් දෘෂ්ටිකෝණයකින්. නමුත් එදා රාත්‍රියේ උයනේදී , අපිට සිතා ගන්නවත්, තේරුම් ගන්නවත් බැරි විදිහේ වේදනාවක් විදිමින්, උන්වහන්සේගේ දරුණුතම වේදනාවේදී, උදවු අවශ්‍ය වුනේ උන්වහන්සේටයි. නමුත් අවසානයේදී, උන්වහන්සේට උන්වහන්සේ ගැන අමතක වී සම්පූර්ණ වන්දිය ගෙවන තුරු, අප වෙනුවෙන් යාච්ඤාකරන්න පටන් ගත්තා. උන්වහන්සේට එසේ කරන්නට හැකි වුයේ කොහොමද? උන්වහන්සේව එවූ පියාණන්ට සහ අපට ඇති පවිත්‍ර ආදරය නිසා. උන්වහන්සේ උන්වහන්සේට වඩා පියාණන්ට සහ අපට ආදරය කළා.

උන්වහන්සේ වන්දි ගෙවුවේ උන්වහන්සේ නොකළ දෙයකටයි. උන්වහන්සේ වන්දි ගෙවුවේ උන්වහන්සේ නොකළ පාපවලටයි. ඒ ඇයි? පවිත්‍ර ආදරය නිසා. සම්පූර්ණ වන්දිය ගෙවූ බැවින්, අපි පසුතැවිලි වුවහොත්, උන්වහන්සේගේ වන්දිගේවීමේ ආශිර්වාද අපට පිරිනමන්න පුළුවන් ස්ථානයක උන්වහන්සේ සිටියි. උන්වහන්සේ මෙය පිරිනමන්නේ ඇයි? නැවත වතාවක් සහ හැමවිටම පවිත්‍ර ආදරය නිසා.

පවිත්‍ර ආදරය යේසුස් වහන්සේගේ සෑම සැබෑ අනුගාමිකයෙකුගේ සත්‍ය සංකේතයයි.

සභාපති තෝමස් එස්. මොන්සන් පැවසුවා: “ අපි දැන් පටන් ගමු, මේ දවසේ, දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ආදරය ප්‍රකාශ කරන්න, ඔවුන් අපේ පවුලේ සාමාජිකයන්, අපේ යහළුවන්, දැනහදුනන අය, හෝ සම්පූර්ණයෙන්ම ආගන්තුකයන් වුනත්. සෑම උදෑසනකම නැගිටි විට, අපි අධිෂ්ඨානය කර ගනිමු කුමන දේ අපේ ඉදිරියට ආවත් ආදරයෙන් සහ කරුණාවෙන් ප්‍රතිචාර දක්වන්න.”

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ආදරයේ සුභාරංචියයි. උතුම්ම නියෝගය ආදරයයි. මට නම්, මේ සියල්ලම ආදරයයි. උන්වහන්සේගේ පුත්‍රයා අප වෙනුවෙන් පරිත්‍යාග කල, පියාණන්ගේ ආදරය. හැමදෙයක්ම අප වෙනුවෙන් පරිත්‍යාග කල, ගැලවුම්කරුවානන්ගේ ආදරය. ඕනෑම දෙයක් තම දරුවන්ට දෙන්නාවූ මවකගේ සහ පියෙකුගේ ආදරය. නිහඩව සිට සේවය කරන අපි බොහෝ දෙනෙක් නොදන්නා නමුත් ස්වාමින්වහන්සේ හොදින් දන්නා අයගේ ආදරය. හැමවිටම හැමදෙයකටම සමාව දෙන අයගේ ආදරය. තමන්ට ලැබෙන දෙයට වැඩියෙන් යමක් දෙන අයගේ ආදරය.

මාගේ ස්වාර්ගික පියාණන්ට මම ආදරෙයි. මාගේ ගලවුම්කාරයානන්ට මම ආදරෙයි. මම සුභාරංචියට ආදරෙයි. මම මේ සභාවට ආදරෙයි. මම මගේ පවුලට ආදරෙයි. මම මේ ආශ්චර්යමත් ජීවිතයට ආදරෙයි. මට නම්, මේ සියල්ලම ආදරයයි.

ගැලවුම්කරුවානන්ගේ නැවත නැගිටීම සිහිකරන මෙම දවසඅපි හැම කෙනෙකුටම ආත්මික අලුත්වීමක් වන දවසක් වේවා. මේ දවස “ අපේ එදිනෙද ජීවිතයේ අත්තිවාරම් ගල” වන ආදරය පිරුණු ජීවිතයක ආරම්භය වේවා,

අපගේ හදවත් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකුගේ සත්‍ය සලකුණ වන පවිත්‍ර ආදරයෙන් පිරුණු හදවත් වේවා. මෙය මාගේ යාච්ඤාවයි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න