2010–2019
හැත්තෑවාර හතක් තෙක්
2018 අප්‍රියෙල්


හැත්තෑවාර හතක් තෙක්

බාධක හා අසම්පූර්ණකම් වලින් පිරුණු ජිවිතයක, අපි සැවොම දෙවැනි අවස්ථාවන් ගැන ස්තූතිවන්ත වෙමු.

වැරදීම් ජීවිතයේ කරුණකි. දක්ෂ ලෙස පියානෝව වාදනය කිරීමට ඉගෙනීම ප්‍රධාන වශයෙන්ම වැරදි දාහක් - සමහර විට මිලියනයක් - නොකර කළ නොහැක. විදේශ භාෂාවක් ඉගෙනීමට, යමෙකුට වැරදි දාහක් - සමහර විට මිලියනයක් - කිරීමේ ලැජ්ජාවට මුහුණ දිය යුතුය. ලෝකයේ විශිෂ්ටම ක්‍රීඩකයන්ද වැරදි නොකිරීම කවදාවත් නතර නොකරති.

“සාර්ථකත්වය, අසාර්ථකත්වය නොතිබීම නොව, නමුත් අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට උනන්දුවේ අඩුවක් නැතිව යාමයි,” යනුවෙන් පවසා ඇත.1

විදුලි බුබුලේ ඔහුගේ නිර්මාණයක් සමඟ, තෝමස් එඩිසන් මෙසේ අරමුණු කර ගනිමින් කීවේය, “මම 1000 වතාවක් අසාර්ථක නොවීය. විදුලි බුබුල පියවර 1000 සහිත නිර්මාණයකි.”2 චාර්ල්ස් එෆ්. කෙටරින්ග් අසාර්ථකවීම් හැඳින්වූයේ “ජයගත් මංපෙතේ ඇඟිලි කණු” ලෙසය.3 බලාපොරොත්තු සහගත ලෙස, අප කරන සෑම වරැද්දක්ම ඥානයේ පාඩමක් වී, බාධකයන් දියුණු වීමේ මාර්ගයක් බවට හරවයි.

නෙපි‍ගේ ස්ථාවර ඇදහිල්ල අවසානයේදී පිත්තල තහඩු ලබා ගන්නා තුරු ඔහුට අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට යාමට ඔහුට උපකාර විය. මෝසෙස්ට ඊශ්‍රායෙල්වරුන් සමඟ අවසානයේදී ඊජිප්තුවෙන් පළා යාම සාර්ථක වූයේ උත්සහයන් 10ට පසුවයි.

අපට මෙසේ සිතිය හැක - නෙපි හා මෝසෙස් ස්වාමීන්වහන්සේගේ කාර්යයේ නියැලී සිටියේ නම්, ස්වාමීන්වහන්සේ මැදිහත් වී ඔහුන්ගේ පළමු උත්සහයේ සාර්ථකත්වය ලැබීමට උපකාර නොකළේ ඇයි? උන්වහන්සේ ඔවුන්ට - සහ උන්වහන්සේ අපට - සාර්ථක වීමට උත්සහයන් අසීරු හා අසාර්ථක වීමට ඉඩ දෙන්නේ ඇයි? ඒ පැනයට වැදගත් පිළිතුරු බොහෝමයක් අතරින්, මෙන්න කිහිපයක්:

  • පළමුව, “මෙම සියලු දේ (අපට) අත්දැකීම් ලබා දෙන බවට, හා (අපගේ) යහපතට ඇති බව” ස්වාමීන්වහන්සේ දන්නා සේක.4

  • දෙවනුව, අපට “තිත්ත රස බැලීමෙන් පසු, යහපත අගය කිරීමට (අප) දැන ගැනීමට” ඉඩ සැලසීමටය. 5

  • තෙවනුව, “සටන ස්වාමීන්ගේ බව”,6 හා උන්වහන්සේගේ මහිමය තුළින් පමණක් අපට උන්වහන්සේගේ කාර්යය ඉටු කර උන්වහන්සේ මෙන් වීමට හැකි බව ඔප්පු කිරීමටය.7

  • සතරවනුව, “විරුද්ධකාරිත්වයෙන්”8 හා “පීඩාවන්ගේ උදුනේ” හැර “ශූද්ධ” කළ නොහැකි ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් ගුණාංග රාශියක් වර්ධනය කිරීමට හා මුවහත් කිරීමට අපට උපකාර කිරීමටය.9

ඒ නිසා, බාධක හා අසම්පූර්ණකම් වලින් පිරුණු ජිවිතයක අපි සැවොම දෙවැනි අවස්ථාවන් ගැන ස්තූතිවන්ත වෙමු.

1970 දී, BYU හි නවක සිසුවෙක් ලෙස, කැපී පෙනෙන මහචාර්යවරයෙකු වූ, ජේ බලිෆ් විසින් උගන්වන භෞතික විද්‍යාවේ අත්‍යවශ්‍යාංග ගැන ආරම්භක පාඨමාලාවකට මම ලියාපදිංචි වුනෙමි. පාඨමාලා‍වේ ඒකකයන් අවසන් කළ පසු, ඔහු විභාගයක් සකස් කර දුන්නේය. සිසුවෙකුට C සාමාර්ථයක් ලැබී ඊට වඩා හොඳ ප්‍රතිඵලයක් අවශ්‍ය නම්, මහාචාර්ය බලිෆ් එම කොටසම ආවරණය කරන මඳක් වෙනස් කළ විභාගයක් ලිවීමට සිසුවාට අවසර දුන්නේය. සිසුවෙකුට B සාමාර්ථයක් දෙවන උත්සහයේ දී ලැබී තෘප්තිමත් නොවුයේ නම්, ඔහුට හෝ ඇයට තෙවන හා සතරවන වරටත් හා තවදුරටත් විභාගයක් ලිවිය හැක. දෙවන අවස්ථාවන් බොහොමයක් මට ලබා දීමෙන්, විෂ්ට ලෙස අවසානයේ දී භෞතික විද්‍යාවේ අත්‍යවශ්‍යාංග සඳහා A සාමාර්ථයක් උත්සහයෙන් ලබා ගැනීමට ඔහු මට උපකාර කළේය.

රූපය
මහාචාර්ය ජේ බලිෆ්

ඔහු තම සිසුන්ට - අසාර්ථකත්වය ගුරුවරයෙක් වශයෙන් සලකා, ඛේදවාචකයක් ලෙස නොසලකා, සහ අසාර්ථකත්වයට බිය නොවී ඉන් ඉගෙන ගෙන - නැවත නැවතත් තම සිසුන්ව පොළඹවා හා උනන්දු කළ අසාමාන්‍ය ලෙස ඥානවන්ත හා දයාබර මහාචාර්යවරයෙකු විය.

මෑතකදී ඔහුගේ භෞතික විද්‍යා පාඨමාලාව හදාරා වසර 47 ට පසුව මම මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාට දුරකථනයෙන් ඇමතුවෙමි. ඔහු සිසුන්ට ඔවුන්ගේ ප්‍රතිථල වැඩි දියුණු කිරීමට අසීමිත උත්සහයන් ගණනක් දීමට කැමති වීමට හේතුව මම විමසුවෙමි. ඔහුගේ පිළිතුර වුයේ: “මට සිසුන් සිටින පැත්ත ගන්න වුවමනා විය.”

වැරදීම්, හෝ සිතෙහි අසාර්ථකවීම් වලට පසුව දෙවන අවස්ථාවන් ගැන අප කෘතඥ වන අතර, පාපයන් ජය ගැනීමට, හෝ හදවතේ අසාර්ථක වීම් පිළිබඳව අපට දෙවන අවස්ථා දීම ගැන ගැලවුම්කරුවාණන්ගේ මහිමය ගැන අපි මහත් පුදුමයට පත් වී සිටිමු.

ගැලවුම්කරුවාණන්වහන්සේට වඩා අපගේ පැත්තේ සිටින්නකු නැත. උන්හවන්සේගේ විහාග, නැවත නැවතත් කිරීමට උන්වහන්සේ අපට අවසර දෙන සේක. උන්වහන්සේ මෙන් වීමට ස්වාභාවික මිනිසා සමඟ දෛනික අරගල තුළ අපට අසීමිත දෙවෙනි අවස්ථා අවශ්‍ය වේ. අරගල කිහිපයක් නම්, ආහාර රුචියන් පාලනය කිරීම, ඉවසීම හා සමාව දීම ඉගෙනීම, කම්මැලිකම ජය ගැනීම, සමාජය නිසා ඇති වල පාපවලින් වැළකීම නම් කර හැක. වැරදි කිරීම මනුෂ්‍ය ස්වභාවය නම්, අපගේ ස්වභාවය තවමත් මනුෂ්‍ය නොවී දිව්‍යමය වන තුරු අපට අසාර්ථක වීම් කොපමණක් වේද? දාස් ගණනක්? මිලියනයක් සිදු විය හැක.

අපගේ මූලික අධිවාවකයා ලෙස, ඝෘජු හා පටු මාර්ගය සෑම අතකින්ම පරීක්ෂාවන් හා විරුද්ධතාවයන් විසිරි පවතින බව දැන, අපට මැරෙනසුලු පරීක්ෂණ කාලයින් සාර්ථකව සමත් වීමට අවශ්‍යවන අවස්ථා ප්‍රමාණය අපට ලබා දීමට ගැලවුම්කරුවාණන් අපරිමිත මිලක් ගෙවූ සේක. උන්වහන්සේ අවසර දෙන විරුද්ධකම් බොහෝ විට ඉක්මවාලිය නොහැකි හා දැරීමට නොහැකි තරම් දැනුනද, උන්වහන්සේ අපව තනිකරන්නේ නැත.

අප ජීවිතයේ පරීක්ෂාවන්ට මුහුණ දෙන විට අපේ බලාපොරොත්තුව පවත්වාගෙන යාමට, ගැලවුම්කරුවාණන්ගේ මහිමය සැමවිට සුදානම් හා සැමවිට අභිමුඛව ඇත. උන්වහන්සේගේ මහිමය “උපකාර හෝ ශක්තිය ලැබීමේ දිව්‍යමය ක්‍රමයකි... ඔවුන් තම උත්සාහයේ නිරත වූ පසු පුරුෂයන්ට හා කාන්තාවන්ට සදාතන ජීවිතය සහ උත්කර්ෂය ලබා ගැනීමට ඉඩ සලසන හැකි කරවන බලයකි.”10 උන්වහන්සේ ඔවුන් ඝෘජු හා පටු මාර්ගයේ වැටෙමින් යන විට පොළඹවමින්, කරදරයන් සැහැල්ලු කරමින්, ශක්තිමත් කරමින්, බේරාගනිමින්, ආරක්ෂා කරමින්, සුවකරමින්, හා වෙනාකාරයට “උන්වහන්සේගේ ජනයාට පිහිට වෙමින්” උන්වහන්සේගේ මහිමය හා උන්වහන්සේගේ ප්‍රේමබර ඇස අප මත අපගේ මුළු ගමනේදීම පවතින සේක.11

උනන්දුවේ අඩුවක් නැතිව අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට අපට යාමට ඉඩ සලසන හා නැති කරවන දෙවියන්වහන්සේගෙන් ඕනෑ විටක ලබාගත හැකි ත්‍යාගය පසුතැවිලි වීමයි. අප අසාර්ථක වූ අවස්ථාවක පසුතැවිල්ල උන්වහන්සේගේ පසු සැලැස්ම නොවේ. අප එසේ කරන බව දැන, උන්වහන්සේගේ සැලැස්ම නම් පසුතැවිල්ලයි. මෙම පසුතැවිලි වීමේ ශුභාරංචියයි. එසේම සභාපති රසල් එම්. නෙල්සන් නිරීක්ෂණය කළ ලෙසට, “එය ජීවතකාලීන විෂයමාලාවකි.”12

පසුතැවිල්ලේ මෙම ජීවිතකාලීන විෂය මාලාවෙහි, උන්වහන්සේගේ සමාව කරා ස්වාමීන්වහන්සේගේ නියම කරන ලද නොනවතින ප්‍රවේශය සක්‍රමේන්තුවයි. අප බිඳුණු හදවතකින් හා පසුතැවෙන ආත්මයකින් භූක්තිවින්දහොත්, අප ගිවිසුම් කළ මාර්ගයේ අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට ගමන් කරන විට උන්වහන්සේ අපට සතිපතා සමාව ඉදිරිපත් කරනු සේක. මන්ද “එතකුදු වුවත් ඔවුන්ගේ පාප, මාගේ ගර්භය ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් පිරී ඇත.”13

නමුත් උන්වහන්සේ අපට කී වතාවක් සමාව දේවිද? උන්වහන්සේගේ බොහෝ කල් දුක් විඳීම කොතරම් දිගද? එක් අවස්ථාවකදී පේදුරු ගැලවුම්කරුවාණන්ගෙන් මෙසේ විමසුවේය, “ස්වාමීනි, මට විරුද්ධව පවු කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතුද ? සත්වාරයක් දක්වාද?”14

රූපය
පේදුරු සහ යේසුස්වහන්සේ

අනුමාන ලෙස, ඕනෑවට වඩා සමාව දීමේ මෝඩකම අවධාරණය කොට කීමට හත ප්‍රමාණවත් ඉහළ අගයක් බව හා කරුණාවට සීමාවන් තිබිය යුතු බව පේදුරු සිතන්නට ඇත. ප්‍රතිචාර වශයෙන්, ගැලවුම්කරුවාණන්වහන්සේ ප්‍රධාන වශයෙන් පේදුරුට ගණනය නොකරන්න කීවේ - සමාව දීමට සීමාවන් නොසෑදීමටය.

“යේසුස්වහන්සේ ඔහුට කතා කොට, සත්වාරයක් නොව, සත්වර සැත්තෑවකියි පැවසූ සේක.”15

නිසැකවම, ගැලවුම්කරුවාණන්වහන්සේ 490 ක ඉහළ සීමාවක් ස්ථාපිත කිරීමක් නොකළ සේක. සක්‍රමේන්තුව භූක්ති විදීමට 490 ක සීමාවක් ඇති බව, හා 491 ක් වතාව, දිව්‍යම අසා සිටින්නකු මැදිහත්වී, “සමාවන්න, නමුත් ඔබේ පසුතැවිලි වීමේ කාඩ්පත දැන් කල් ඉකුත් විය - මේ මොහොතේ සිට, ඔබ තනියම,” කියා පවසන බව කීමට එය ප්‍රතිසම වේ.

උන්වහන්සේගේ අපරිමිත වන්දිගෙවීමට, උන්වහන්සේගේ මායිම් නැති ප්‍රේමයට, හා උන්වහන්සේගේ අසීමිත මහිමයට ස්වාමීන්වහන්සේ හත්වර හැත්තෑවරක් යන ගණිතය භාවිත කළ සේක. “මන්ද, මගේ ජනයා පසුතැවිලි වන තරමටම මට එරෙහිව ඔවුන්ගේ පාපයන්ට මම ඔවුන්ට සමාව දෙන්නෙමි.”16

සක්‍රමේන්තුව පාපයට බලපත්‍රයක් වන බව ඉන් අදහස් නොකෙරෙයි. මොරොනිගේ පොතේ ස්වාමීන්වහන්සේ මේ පදය ඇතුළු වී තිබීමට එය හේතුවකි: “නමුත් ඔවුන් සැබෑ අරමුණින්, පසුතැවී සහ සමාව සොයන තරමට, ඔවුන්ට සමාව ලැබෙන සේක.”17

සැබෑ අරමුණකින් යන්න මඟින් සැබෑ උනන්දුවෙන් හා සැබෑ වෙනසින් යන්න අදහස් කෙරෙයි. “වෙනස් වීම” ශූද්ධලියවිලි මාර්ගෝපදේශය පසුතැවිල්ල නිර්වචනය කිරීමට ප්‍රධාන වචනයයි: “දෙවියන්වහන්සේ, තමා, හා පොදුවේ ජීවිතය වෙත නව ආකල්ප ඇති කරවන සිතෙහි හා හදවතේ වෙනසකි” 18 එවැනි වෙනසක ප්‍රතිඵලය ආත්මික වර්ධනයයි. එවිට, අපේ සාර්ථකත්වය, අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට යාම නොවේ. නමුත් උනන්දුවේ අඩුවක් නැතිව අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට වර්ධනය වීමයි.

වෙනස් වීම, සම්බන්ධව මෙම ඇතුළු දැක්ම සලකන්න: “වෙනස් නොවන දේ එලෙසම පවතියි.” ඒ නිසැකතාව ඔබේ බුද්ධියට අපහාස කිරීමක් නොව නමුත් සභාපති බොයිඩ් කේ. පැකර්ගේ ගැඹුරු නුවණයි. ඔහු තවත් කීවේය, “එසේම අප වෙනස් වීම හරහා ගිය පසු අප අවසන්ය.”19

අප ගැලවුම්කරුවාණන් මෙන් වන තෙක් අපට අවසානයක් අවශ්‍ය නැත,20 අප තුල වැඩෙන සහ වර්ධනය වන දුර්වලතා මැඩලමින්, අප වැටෙන හැම මොහොතකම අපි නැවත නැගිටිය යුතුය. අපගේ දුර්වලකම තුළ, උන්වහන්සේ අපව සනසන සේක, “මාගේ මහිමය නුඹට ප්‍රමාණවත්: මන්ද මාගේ බලය දුර්වලකම තුළ අංග සම්පූර්ණ වේ.”21

කාලයෙන් කාලයට ලබාගන්න ජායාරූප සහ වැඩෙන වගු තුලින් අපට අපගේ භෞතික වර්ධනය මනගන්නට පුළුවන. එමෙන්ම, පසු බැලුම් කන්නාඩියකින් තොරව අපගේ ආත්මික දියුණුව අදෘශ්‍යමානය. “ක්‍රිස්තුස්වහන්සේ තුල නොසැලී , බලාපොරොත්තුවේ පුර්ණ ආලෝකය සම ඉදිරියට යාම” සඳහා එම කන්නාඩියෙන් බලා අපගේ වර්ධනය පෙළඹවීම ඥානාන්විත ක්‍රියාවකි.22

නැවත උන්වහන්සේලා අභිමුඛයට යන අපේ ගමනේදී අපට අපමණ දෙවන අවස්ථා ලබා දෙන ස්වර්ගමය දෙමාපියන් හා ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමබර කරුණාවට, ඉවසීමට හා බොහෝ කල් දුක් විඳීමට මම කෘතඥ වෙමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, ආමෙන්.

මුද්‍රණය කරන්න