2010–2019
යටහත්පහත් සිත්
2018 අප්‍රියෙල්


යටහත් පහත් සිත්

මිදුම්කරුවාණන් ධාර්මිෂ්ඨව ප‍්‍රචාර දක්වන ආකාරයත්, අවනත වීමට ඇති කැමැත්තත්, දැඩිව තිබෙන්නා වු ආත්ම දමනයත් තුළින්, ඔහු තුළ තිබෙන්නා වු යටහත්භාවය අපට විශේෂාකාරයෙන් පෙන්නුම් කරයි.

සභා නායකයන්ට ශක්තියක් ඇතිකරන්නට ලැබී තිබෙන්නාවු මෙම පුජනීය අවස්ථාව වෙනුවෙන් මම සන්තෝෂ වන අතර මම වැඩිහිටි ගොන්ග් සහ වැඩිහිටි සෝරෙස් දොළොස්දෙනාගේ ඝණපූර්නයට හෘදයාංගමව පිළිගනු ලබනවා. මෙම ඇදහිලිවන්ත මිනිසුන්ගේ මෙහෙකිරීම් ලොව පුරා සිටින පුද්ගලයන්ට සහ පවුල්වලට ආශිර්වාදයක් වේවි. ඔවුන් සමග සේවය කිරීමටත් ඔවුන්ගෙන් ඉගෙනගැනීමටත් මටද ඉතා ඕනෑකමක් ඇත.

අප ගැලවුම්කරුවාණන් තුළ ඉතා හොඳින් කැපී පෙනෙන්නාවු දිව්‍යමය ගුණාංගයක්1අප ඉගෙන ගන්නට යන අවස්ථාවේ දී ඒ සඳහා අපට අවශ්‍ය දැනුම හා අවබෝධය ශූද්ධාත්මයාණන් වහන්සේ විසින් ලබා දෙන මෙන් මම යාච්ඤා කරමි.

මෙම විශේෂ ගුණාංගය පසුව මාගේ පණිවිඩයෙහි හඳුන්වා දීමට පෙර එම ක‍්‍රිස්තුස් වහන්සේ මෙන් වු ගුණය ඉස්මතු කරන නිදසුන් කීපයක් මා මෙහිදී ඉදිරිපත් කරන්නමි. කරුණාකර මෙම නිදසුන් කෙරෙහි හොඳින් සවන් දෙන්න. මා නඟන්නා වු ප‍්‍රශ්න කෙරෙහි දියහැකි පිළිතුරු පිළිබඳව කල්පනා කරන්න.

නිදසුන 1, ධනවත් තරුණයා සහ ඇම්යුලෙක්

නව ගිවිසුමෙහි ධනවත් තරුණයෙකු ජේසුස් වහන්සේගෙන් මෙසේ අසනු ලබයි. ”ආචාරීන් වහන්ස, සදාකාල ජීවිතය ලබාගන්නා පිණිස මොන යහපත් දෙයක් කරම්ද?”2. එවිට ගැළවුම්කරුවාණන් ඔහුට මුලින්ම නියෝගයන් පිළිපදින ලෙසට අවවාද කරන්නට විය. තවද උන්වහන්සේ ඔහුගේ තත්වයට හා අවශ්‍යතාවයට සරිලන ලෙස තවත් දේ පැවසීය.

“ජේසුස් වහන්සේ ද නුඹ සම්පුර්ණවෙන්ට කැමති නම්, ගොස් නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහිදී නුඔට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක ”

“නමුත් යෞවනයා එම කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්නට ගියේය.”3

මෙම ධනවත් තරුණයාගේ පිළිතුරු මෝමන් ග‍්‍රන්ථයෙහි සඳහන් ඇමියුලෙක් ගේ අත්දැකීම සමඟ සසඳන්න. ඇමියුලෙක් ඉතා දියුණු හා කඩිසර තරුණයකු වු අතර, ඔහු වටා නෑදෑයන්ද යහළුවන් ද බොහෝ විය.4 ඔහු විසින්, ඔහුව විග‍්‍රහ කර දක්වනු ලැබුවේ, බොහෝ අවස්ථාවල කැඳවීම ලද මුත්, එය නොඇසුනා වුද, දෙවියන් වහන්සේ පිළිබඳ දේවල් දන්නා මුත් ඒ පිළිබඳ නොදන්නා වුද පුද්ගලයකු ලෙසය.5ඇමියුලෙක්ද නව ගිවිසුමෙහි සඳහන් ධනවත් තරුණයා මෙන් ලෞකික අවශ්‍යතාවයන්ගෙන් තම සිත වියවුල් කරගෙන සිටි යහපත් මනුෂ්‍යයකු විය.

ඇමියුලෙක් කලින් ඔහුගේ සිත දැඩිකරගෙන සිටිමුත්, දේවදුතයාගේ හඬට අවනත වී අනාගත වක්තෘවරයකු වන ඇල්මාව තම නිවසට පිලිගෙන ඔහුට ආහාර ද පිළිගන්වන ලදී. ඇල්මාගේ පැමිණිම අතරතුරදී මොහු තුළ ආත්ම පිබිදීමක් ඇති වී භූභාරංචිය ඉගැන්වීමට කැඳවීමක් ලැබීය. ඇමියුලෙක් එවිට “ඔහුගේ සියළු රත්තරන් ද රිදීද ඔහුගේ අගනා දේද අත්හැරියෝය, .... දෙවියන් වහන්සේ ගේ වචනය නිසා , වරක් ඔහුගේ යහළුවන් වුද එසේම ඔහුගේ පියා ද ඔහුගේ ඥාතීන්ගෙන් ද ප‍්‍රතික්ෂේප කරනු ලැබීය”6

ඔබ සිතන පරිදි ඇමියුලෙක් හා ධනවත් තරුණයා ප‍්‍රතික‍්‍රියා කළ ආකාරයේ ඇති වෙනස කෙසේ විස්තර කල හැකිද?

නිදසුන 2. පහොරාන්

මෝමන් පොතෙහි සඳහන් පරිදි උපද්‍රව වලින් පිරී, යුධ කාල වකවානුවක් තුලදී නෙපී බල ඇණියේ කපිතාන් වන මොරෝනි හා ප්‍රධාන විනිශ්චයකාර තුමා හා එම භූමියේ ආණ්ඩුකාරයා වන පහොරාන් සමග ලිපි හුවමාරුවක් සිදුවිය. මේ වන විට අවශ‍්‍ය තරම් සහාය ආණ්ඩුව තුලින් නොලැබීම හේතුකොටගෙන බලවත් ගැහැට වලට මුහුණදෙමින් සිටින බල ඇණිය නායක මොරෝනි, පහොරාන් හට “හෙලාදැකීමේ මාර්ගය”7 යයි ලියා, පහොරාන් හා ඔහු හා සමාන්තරව සිටින අනෙකුත් නායකයන් ඉතා නොසැලකිලිමත්ව අලසල වැඩ අතපසු කරන්නාවූද ද්‍රෝහීන් ලෙස චෝදනා කරන ලදී.8

පහොරාන් හට ලේසියෙන්ම මොරෝනි සහ ඔහුගේ සාවද්‍ය දෝශාරෝපනය ප්‍රතික්ෂේප කල හැකිවුවත්, ඔහු එසේ නොකළහ. ඔහු මොරෝනි දැන නොසිටි රජයට විරුද්ධව ඇති විරෝධය පිළිබඳව විස්තරකරමින් සානුකම්පිතව පිළිතුරු දුන්හ. පසුව පහොරාන කියාසිටියා:

බලන්න මම නුඹ හට කියන්නෙමි, මොරෝනි, එනම් මම නුඹගේ බලවත් පීඩාවෙහි ප්‍රීති නොවන්නෙමි, එසේය එය මාගේ ප්‍රාණය වේදනාවට පත්කරන්නේය” …

“ඔබගේ ලිපියෙහි ඔබ මාව විවේචනය කර ඇත්තේය. එහෙත් එය මට ප‍්‍රශ්නයක් නොවන්නේය. මම අමනාප නොවන්නෙමි. එහෙත් නුඹගේ හදවතේ ශ්‍රේෂ්ඨත්වය ගැන මම ප‍්‍රීති වන්නෙමි.”9

මොරෝනි’ගේ චෝදනාවන් සඳහා පහොරාන් ප‍්‍රතිචාර දැක්වු ආකාරය තුළින් ඔබට කුමක් පැහැදිලි වේද?

නිදසුන 3. සභාපතිවර රසෙල් එම්. නෙල්සන් සහ සභාපති හෙන්රි බී අයිරින්

සය මසකට කලින් පවත්වන ලද ප‍්‍රධාන සම්මන්ත‍්‍රණය තුළදී සභාපති තෝමස් එස් මොන්සන් විසින් සභාපති රසල් එච්. නෙල්සන්ට මෝමන් ග‍්‍රන්ථය අධ්‍යයනය කර එය මෙනෙහිකර, එහි අන්තර් ගතව තිබෙන්නා වු සත්‍යය යෙදවීම පිළිබඳව කළ ඇරයුමට , ඔහු දුන් පිළිතුර මෙහි පැහැදිලි කර ඇත. ඔහු පැවසුවේ: “එහි සඳහන් උපදෙස් පිළිපැදීමට මම උත්සහ දරමි. එයට අමතරව, මෝ්ර්මන් ග‍්‍රන්ථය කුමක්ද එය කුමක් තහවුරු කරයිද එය කුමක්වැරදි බව ඔප්පු කරයිද, කුමක් සම්පුර්ණ කරයිද, කුමක් පැහැදිලි කරයිද, කුමක් හෙළිදරවු කරයිද, යන්න පිළිබඳ මා ලැයිස්තු ගත කර ඇත. මෙසේ මෝර්මන් ග‍්‍රන්ථය දෙස බැලීම ඉතා තෘප්තිජනක මෙන්ම ගැඹුරු අත්දැකීමක් වේ .මම එය ඔබ සියළු දෙනාටම රෙකමදාරු කරමි. ”10

එසේම, සභාපති හෙන්රි බී අයිරින් අවධාරණයෙන් කියා සිටියේ, සභාපති මොන්සන්ගේ ඉල්ලීම ඔහුගේ ජීවිතය තුළ කොපමණ වැදගත්කමක් දරන්නේද යන්න බවයි. ඔහු පැවසුයේ

“මා දිනපතාම වසර පනහකට අධික කාලයක සිට මෝරමන් ග‍්‍රන්ථය කියවමි. එසේ නම්, සභාපති මොරිසන්ගේ මෙම ඉල්ලිම මට නොව, වෙනත් කෙනෙකුට යැයි සිතීමට මට හැකියාව තිබුණි. නමුත් ඔබට මෙන්ම මටද අනාගතවක්තෘවරයාගේ අනුබලය හා පොරොන්දු එම කැඳවීම සිතට දැනුනු අතර, තව තවත් උත්සහා කිරීමට එයින් පෙළඹවීය”.

“ඔබට මට සහ තවත් බොහෝ දෙනාට සතුටු වීමට ඇති කාරණය නම්, අනාගතවක්තෘවරයා විසින් දෙන ලද පොරොන්දුවයි.”11

ස්වාමින් වහන්සේ ගේ සභාවේ නායකයන් දෙදෙනකු වන මොවුන් සභාපති මොන්සන්ගේ කැඳවීමට ප‍්‍රතිචාර දැක්වු ආකාරය පිළිබඳව ඔබ කුමක් සිතන්නේද?

ඇමියුලෙක්, පහොරාන් , සභාපති නෙල්සන් සහ සභාපති අයිරීන් ප‍්‍රතිචාර දැක්වු ආකාරයට ක‍්‍රියා කිරීමට නම්, ආත්මීක වශයෙන් ශක්තිමත් විය යුතුයි. එසේ ආත්මීක වශයෙන් පරිණත වීමට එක් කාරණාවක් හෝ ක‍්‍රිස්තුස් වහන්සේ තුළ තිබු ගුණාංගයන්ගෙන් එකක් හෝ තිබීම ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා තවත් බොහෝ ගුණාංග මෙන්ම එකින්එක බැඳුනා වු අත්දැකීම් ද අවශ්‍ය වේ. මොවුන් තුළ ඇති මෙම ආත්මීක පරිණතත්වය අපට මොවුන්ගේ ජිවිත තුළින් මනාව දිස්වේ. අපගේ ගැලවුම්කරුවාණන් සහ අනාගතවක්තෘවරුන් අපට ඉස්මතු කර පෙන්වන්නේ , එක් ගුණාංගයක් අප තුළ වඩා වඩා ලං කර ගැනීම තුළින් අපට මේ පිළිබඳ මනා තේරුම් ගැනීමක් ගත හැකි බවයි.

යටහත්බව

කරුණාකර පහත සඳහන් ශුද්ධ ලියවිල්ලේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පිළිබඳව විග‍්‍රහ කිරීමට භාවිතා කර ඇති ගතිලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන්න: “මාගේ විය ගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙන ගන්න: මක්නිසාද මම යටහත්පහත් සිත් අත්තෙක්ය: එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. ”12

සෑම ගුණාංගයක් අතරින්ම , යටහත්බව ඉතා අගනේ බව අපට ගැලවුම්කරුවාණන් වහන්සේ පෙන්වා දී ඇත.

අනාගතවක්තෘ වන ජොසප් ස්මිත් හට 1829 දී මේ හා සමාන එළිදරව්වක් ලැබී ඇත. ස්වාමීන් වහන්සේ මෙසේ පැවසීය. “මාගේ වචනයන් ට සවන් දී මාගේ ආත්මයේ යටහත් කම තුළ ඇවිද, මා ගැන ඉගෙන ගන්න එවිට මා තුළින් නුඹට සමාදනය ලැබේවී” 13

යටහත්කම නම් ගුණාංගය ඉතා මනාව අප මිදුම්කරුවාණන් තුළින් අපට දිස් වු අතර, එතුමා යටහත්ව ධාර්මිෂ්ඨව හා ආත්ම දමනයෙන් යුතුව ක‍්‍රියා කළ ආකාරයන්ගෙන් මේ පිළිබඳව තවදුරටත් අපට පැහැදිලි වේ. අපට ඇමියුලෙක්, පහොරාන්, සභාපති නෙල්සන්, සහ සභාපති අයීරින් ප‍්‍රතිචාර දැක්වු ආකාරය පිළිබඳව මේ යටහත්බව නම් ගුණාංගය තුළින් අවබෝධ කර ගත හැක.

නිදසුනක් වශයෙන් සභාපති මොන්සන් , මෝමන් ග‍්‍රන්ථය අධ්‍යයනය කරන මෙන් සභාපති නෙල්සන් හා සභාපති අයිරීන්ට පැවසු කළ ඔවුන් ඒ පිළිබඳව ඉතා සැණෙකින් හා ධාර්මිෂ්ඨ ලෙස ක‍්‍රියාකළ ආකාරය මොවුන් දෙදෙනාම සභාව තුළ සැලකිය යුතු තනතුරු දරන්නා වු ශූද්ධ වු ලියවිලි දශකයන් ගණනාවක් සිට පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති පුද්ගලයන් වේ. මොවුන් ගේ ප‍්‍රතිචාරය කිසිදු පැකිලීමකින් හෝ ලෝකමාන්නය හිස තබා ගෙන හෝ නොවීය.

ඇමුලෙක් ස්වකැමැත්තෙන්ම දෙවියන් වහන්සේගේ අණට අවනත වී ශූද්ධ වූ ලියවිල්ල දේශනා කරන්නට තම සුවපහසු ජිවිතය ද නෑදෑ හිතමිතුරන් ද දමා තම කාර්යය පුර්ණ කිරීමට විය. තවද පහොරාන් ආණ්ඩුව තුළ ඇතිවෙමින් පැවතුණා වු විරෝධකාරී වාතාවරණය පිළිබඳව මොරොනිට පැහැදිලි කළ අතර, ඔහු හා කුපිත වී ක‍්‍රියා නොකළේය. පහොරාන් තුළින් ද අපට දැඩි ආත්ම දමනයක් ඒ තුළින් දැක ගැනීමට හැකියාව ඇත.

ක‍්‍රිස්තුස් වහන්සේ මෙන් වු යටහත්භාවය ,වර්තමාන ලෝකය විසින් බොහෝ විට වරදවා වටහා ගනී. යටහත් බව නම් ශක්තිමත් බව මිස දුර්වල බව නොවේ. එය ක‍්‍රියාකාරී මිස මන්දගාමී නොවේ . එඩිතරකම මිස බියගුළුකම නොවේ. එය දමජය මිස අතයන්න නොවේ. නිරහංකාර බව මිස අහංකාරය නොවේ. තවදඑ ය කාරුණික අතර දඩබ්බර නොවේ. යටහත් පුද්ගලයා ඉක්මනින් කෝප නොගනී. නොමනා උඩඟුකම හෝ අහංකාරය එහි නොවන්නේය. අන්‍යයන්ගේ සාර්ථකත්වයන් කිසිදු පැකිලීමකින් තොරව අගයයි.

යටහත්බව සාමාන්‍යයෙන් පෙන්නුම් කරනුයේ දෙවියන් වහන්සේ තුළ ඇති යැපීම හා නිතර උන්වහන්සේගෙන් සොයන්නා වු මාර්ගෝපදේශය සහ සහයිතාව වේ. යටහත් බව ඇති පුද්ගලයකු ශූද්ධාත්මයාණන්ගෙන් මෙන්ම , තමන්ට වඩා අඩු අධ්‍යාපනයක් ද හැකියාවක් ද අඩු අත්දැකීම් ද ඇති පුද්ගලයෙකුගෙන් වුවද ආත්මීක වශයෙන් ගත හැකි ආදර්ශ වේ නම්, ඒවා එම පුද්ගලයාගේ තරාතිරම නොලබා තම ජිවිතයට එක් කර ගැනීමට තරම් හැකියාවක් මේ තුළින් ලැබෙනු ඇත. මතකයට නඟන්න නාමන් රජුගේ හමුදාවේ කපිතාන් සිරියාවේදී ඔහුගේ උඩඟුකම පසෙකලා යටහත් ව ඔහුගේ සේවකයාගේ ඔවදන් පිළිගෙන, එලිශා නම් අනාගතවක්තෘවරයාට අවනත වු සැටි ජෝර්දාන් ගගෙහි සත්වරක් දෝවනය කළ සැටි14. බලය , ධනය , තානාන්තර , ප‍්‍රසිද්ධිය , ප‍්‍රශංසාව හමුවේ ඇතිවිය හැකි අන්ධ උඩඟුකමට එරෙහිව යටහත්භාවය පළිහක් සේ ක‍්‍රියාකරයි.

යටහත්බව- ක‍්‍රිස්තුස් වහන්සේ මෙන් වු ගුණාංගයක් සහ ආත්මීක තිළිණයක් වේ.

යටහත්බව තම ආශාව හා කැමැත්ත තුළින් සංවර්ධනය කර ගත යුතු වැදගත් ගුණාංගයකි. මෙය පාපයෙන් තොරව සිටීමට උත්සහා දරන්නාවු ධාර්මිෂ්ඨ අභ්‍යාසයක් ලෙස ද හැඳින්විය හැක.15 තවද යටහත් බව ආත්මීක තිළිණයක් ද වේ.16 අප මතක තබා ගත යුතුයි, මෙම ආශිර්වාදය අපට ලබා දී ඇත්තේ දෙවියන් වහන්සේගේ දරුවන්ටත් මේ තුළින් යහපතක් හා සේවයක් කිරීමට හැකිවනු පිණිස බව.17

අප ගැළවුම්කරුවානන් අනුව ගමන් කරන්නට ගත් කළ, අපට කෙමෙන් කෙමෙන් උන්වහන්සේ මෙන් වන්නට හැකියාව ලැබේ. තවද තැන්පත් බව, යුක්තිසහගත බව සහ ආත්ම ධමනය ආත්මයාණන් වහන්සේ විසින් අපට ලබා දෙනු ඇත. යටහත් බව අපට ගුරුතුමාණනගේ ගෝලයන් බවට පත් වීමට ඉඩ සලයසි.

“මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, වචනයෙහිද ක‍්‍රියාවෙහිද දක්ෂ තැනැත්තෙක් විය”18 “එනමුත් පොළොව මත සිටින සියළු මනුෂයින්ටත් වඩා ඔහු යටහත්ය .”19මෝසෙස් තුළ තිබුණාවු දැනුම හා නිපුණත්වය හේතුකොට ගෙන අවශ්‍යනම්, ඔහුට උඩඟුවන්නට හැකියාව තිබුණි. නමුත් ඔහු එසේ නොකර ආත්මීක දායාදයක් වන යටහත්බව තමා තුළ ආරෝපණය කරගනිමින් උඩඟුකම තමා තුළින් ඉවත් කළ ගත්හ. ඔහුව දෙවියන් වහන්සේගේ කාර්යය පුර්ණ කිරීමට යොදා ගත්තාවු මාධ්‍යයක් බව අපට මනාව දිස්වේ.

ගුරුතුමාණන් -යටහත් බවේ ආදර්ශය

ඉතා මහානුභාව සම්පන්න වුත්, අර්ථවත් වුත්, යටහත් බවට නිදසුන් අපට ගැලවුම්කරුවාණන්ගේ ජිවිතය තුළින් දැකගත හැක.

අපගේ මිදුම්කරුවාණන්, “සියල්ලෙහි පහළට බසිනු ලැබුවේ ”20 සහ දුක්විද ලේ වඟුරුවා මරණයට පත් වුයේ “සියළු අධර්මිෂ්ඨබවෙන් අප පවිත්‍ර කරනු පිණිස සේක,”21 කරුණාවන්ත ලෙස උන්වහන්සේ ගෝලයන්ගේ දෙපා දෝවනය කරන ලදී.22යටහත් බව අපට ස්වාමීන් වහන්සේ තුළින් හොඳින් කැපී පෙනෙනු ගුණාංගයක් විය. නායකයකු මෙන්ම සේවකයකු ලෙසද ස්වාමීන් වහන්සේ මෙම යටහත්බවේ ගුණාංගය අපට තම ජීවිත තුළින් පෙන්නුම් කරයි.

ගෙත්සමනි, මල් උයනේ දී සිතින් අපමණ වේදනා වින්දා වු ජේසුස් වහන්සේ , ඒ තුළින් වුවද ධාර්මිෂ්ඨව ප‍්‍රතිචාර දැක්වු ආකාරයත් දේව අණට කීකරු වීමට තිබු කැමැත්තත් අපට ඉතා හොඳින් පැහැදිලි වේ.

“උන්වහන්සේ එහි පැමිණි පසු කථා කොට ඔබ පරික්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැයි ” වදළ සේක.

“උන්වහන්සේ ... දණින් හිඳ යාච්ඤ කළ සේක ”

“පවසමින් පියාණනි, ඔබ කැමති සේක නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව එහෙත් මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා.”23

ගැලවුම්කරුවාණන් සැමවිටම පෙන්නුම් කළා වු යටහත් බව මෙම අතිශය වේදනාකාරී අත්දැකීම තුළදී වුවද පෙන්නුම් කරයි. අපගේ ප‍්‍රඥාව කිසි විටකදී දෙවියන් වහන්සේගේ ප‍්‍රඥාව අභිභවා යෑමට අප ඉඩ නොදිය යුතුයි.

ස්වාමින් වහන්සේ තුළ අප නිතර දකින්නාවු දැඩි ආත්ම දමනය හා අවනත වන්නට උන්වහන්සේ තුළ තිබෙන්නා වු කැමැත්ත අපව විස්මයට පත් කරවන අතර එය අපට පුහුණුවක් ද ඇති කරවයි.24 ආයුධ සන්නද්ධව ගෙත්සෙමෙනි උයනට පැමිණි රෝමනු සොල්දාදුවන් හා දේව මාලිගයේ රාජ්‍යාරක්ෂක භටයන් ජේසුස් වහන්සේව අල්ලා ගන්නට පැමිණි අවස්ථාවේදී පේත‍්‍රස් සිය නඩුව අතට ගෙන උත්තම පුජකයාගේ මෙහෙකරුවාගේ දකුණු කණ කපා දැමීය. එවිට අප ගැලවුම්කරුවාණන් මෙම මෙහෙකරුවාගේ කන ස්පර්ශකොට ඔහුව සුව කරන්නට විය. 25 මෙය ඔබගේ අවධානයට යොමු කරලන්න ජේසුස් වහන්සේට අවශ්‍ය නම් තමන්ව මෙම මුහුණදෙමින් සිටි අවස්ථාවෙන් මුදවා ගන්නට ද මෙම බලය යොදාගන්නට හැකියාව තිබුණි. මොවුන් අතට නතු වීමට කුරුසගත වීම ද වැළැක්වීමට අවශ්‍ය වු බලය ජේසුස් වහන්සේ තුළ විය.

කල්පනාකර බලන්න, අපගේ ගුරුවරයාණන්ට චෝදනා කර පිලාත් ඉදිරියෙහි කුරුසගත කරන ලෙස දඩුවම් නියම කළාවු ඒ අවස්ථාව.26 ජෙස්සු වහන්සේ උන්වහන්සේව පාවාදීමට චෝදනා කළ වු එම අවස්ථාවේ පවසා සිටියේ ”දේව දුතයන් සේනාංක දොළොසකට වඩා වහාම එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකිය යි. ඔබ සිතන්නෙ හිද?27 එහෙත් ජිවත් වන්නවුන්ගේ ද මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන පිණිස,28 සහ අසිරුත් තේරුම් ගැනීමට තාවකාලික දේශපාලනයෙන් පත් වුවෙක් විනිශය කිරීම ” “එහෙත් ජේසුස් වහන්සේ එක වචනයකින් පමණ වත් උත්තර නුදුන් සේක එබැවින් ආණ්ඩුකාරයා අතිශයෙන් මවිත විය”29 අපගේ ගැලවුම්කරුවාණන් තුළ තිබු යටහත් බව අපට ඉතා හොඳින් මේ තුලින් පෙන්නුම් කරයි. තම යහපත වෙනුවෙන් තම බලය යොදාගත හැකි මුත්, එසේ නොකර දැඩි ආත්ම දමනයකින් යුතුව ප‍්‍රතිචාර දැක්වු ආකාරය අපට යටහත් බව පිළිබඳව හොඳින් පැහැදිලි කරදෙයි.

පොරොන්දු සහ සාක්ෂි

ආත්මීක වශයෙන් දරා සිටීමට ඇති හැකියාවත් ඒ තුළින් ලැබෙන්නා වු යහපත් ප‍්‍රතිඵල නෙලා ගැනීමට ඇති හැකියාවත් යටහත් බව නම් වු අත්තිවාරම තුළින්ම ලැබෙන්නක් බව මෝර්මන් හඳුනාගෙන ඇත.

“එහෙයින්, මනුෂ්‍යයෙකුට ඇදහිල්ල ඇත්නම්, ඔහුට බලාපොරොත්තුව තිබීම අවශ්‍යවන්නේය. මක්නිසාද ඇදහිල්ල නැතිව එහි කිසි බලාපොරොත්තුවක් නොවන්නේය. ”

තවද නැවත , බලන්න මම නුඹලාට කියන්නම්, එනම් ඔහුට නිහතමානිත්වය හදවතේ යටහත්කමින් මිස ඔහුට ඇදහිල්ල සහ බලාපොරොත්තුව තිබිය නොහැකි වන්නේය.

“එසේ වන්නේ නම්, ඔවුන්ගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව නිශ්ඵලය මක්නිසාද නිහතමානීකමක් සහ හදවතේ යටහත්කමක් මිස කිසිවක් දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිනොගන්නේය. තවද මනුෂ්‍යයෙකු නිහතමානී හදවතකින් යටහත්ව සිට ශූද්ධාත්මයාණනගේ බලයෙන් ජේසුස් වහන්සේ ක‍්‍රිස්තුස් යන බව සාක්ෂි දරන්නේනම්, ඔහුට දායාව තිබිය යුතුය. මක්නිසාද යත් ඔහුට දයාව නොමැති නම් ඔහු නිශ්ඵලය එසේ හෙයින් ඔහුට දයාව තිබීම අවශ්‍යවන්නේය”30

ගැලවුම්කරුවාණන් පවසා සිටියේ “නිහතමානී ගුණ ඇත්තේ භාග්‍යවන්තයෝ ය ඔවුහු දේශය උරුම කර ගත්තෝය.”31යටහත්බව දිව්‍යමය ස්වාභාවයක් ගැනීමට අත්‍යවශ්‍යයම ගුණාංගයක් වන අතර, එය ලබා ගැනීමටත් අප ජිවිතය තුළ තවදුරටත් එය වැඩිදියුණු කර ගැනීමටත් ගැලවුම්කරුවාණන්ගේ ජිවිත වන්දි ගෙවීම තුළින් අපට හැකි තිබේ.

මා සාක්ෂි දරනවා, ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වු අපගේ ගැලවුම්කරුවාණන් බව යටහත්භාවය තුළින් ගමන් කරන්නා වු මාර්ගය තුළදී උන් වහන්සේ අපව ආරක්ෂා කර ශක්තිමත් කර නිසි මාර්ගය පෙන්වන බවට මම ඔබලාට සහතික වෙමි. මම මෙසේ ප‍්‍රකාශ කරන්නේ මෙම සත්‍යතාවයන්ට සහ පොරොන්දු වලට මම සාක්ෂිකරුවකු වන බැවිනි. මේ කී දේ අති උතුම් ව ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්

මුද්‍රණය කරන්න