2010–2019
ගලවාගැනීමේ වත්පිළිවෙත් මඟින් අදහාගත නොහැකි ආලෝකයක් අපට ලබා දෙයි.
2018 අප්‍රියෙල්


වත්පිළිවෙත් ආරක්ෂා කිරීම මගින් අපට උත්කෘෂ්ටවත් ආලෝකයක් ගෙන දෙනු ලබයි.

වත්පිළිවෙත් වලට සහභාගී වී එය හා ආශ‍්‍රිත ගිවිසුම් වලට අප ගෞරවය කරන විටදී, මේ සැමදා අඳුරු වන ලෝකයේ ඔබට උත්කෘෂ්ටවත් ආලෝකයක් සහ ආරක්ෂාවක් ගෙන දෙනුලබයි.

සහෝදර සහෝදරියනි, ශූභාරංචිය හෝ ක‍්‍රිස්තුස් වහන්සේගේ ධර්මය තුළ මා ඔබ සමග ප‍්‍රමුදිත වෙමි.

සම්මන්ත‍්‍රණ ශාලාවේ ජනයා 21,000 ක් ඉදිරියේ කථා කිරීම ඔබට දැනුනේ කෙසේදැයි මිතුරෙකු එවකට හැත්තෑවේ සිටි වැඩිමහල් නීල් එල් ඇන්ඩ‍්‍රසන් ගෙන් ඇසීය. ඔහු පිළිතුරු මෙසේ දුනි. “මා කම්පනයට පත් කළේ 21,000 ක ජනයා නොව , ඔබ පිටිපස ඉඳ සිටින සහෝදරයනස් 15 දෙනාය.” මම සිනාසුනෙමි. නමුත් මට දැන් දැනෙන්නේ දිවැසිවරු , අනාගතවකෘවරු සහ එළිදරව් කරන්නන් ලෙස මේ මිනිසුන් 15 දෙනා ස්ථිර කරන්නේද සහ මා ඔවුනට කොපමණ පේ‍්‍රම කරන්නේද.

ස්වාමින්වහන්සේ , ඒබ‍්‍රහම් ට මෙසේ වදාළ සේක. ඔහුගේ වංශය සහ පුජකවරය තුළින් පොලවේ ඇති සියළු පවුල් වලට ආශිර්වාද ලැබෙන්නේය. ශූභාරංචියේ ආශිර්වාද සමග සදාකල ජිවිතය වුවද (ආබ්‍රහම්2:11;බලන්නverses 2–10).

මේ පොරොන්දු වු ශූභාරංචියේ සහ පුජකවරයේ ආශිර්වාද, පොලවේ නැවත පිහිටුවේය. වර්ෂ 1842 දී දිවැසිවර ජොශප් ස්මිත් ස්ත‍්‍රී සහ පුරුෂයන් සීමිත ප‍්‍රමාණයකට එන්ඩවුන්මෙන්ට් සැපයිය.. මර්සි ෆීල්ඩින්ග් කෙනෙතොම්සන් ඔහුන්ගෙන් එක්කි. මෙම එන්ඩවුන්මෙන්ට් එක “ඔබව අදුරෙන් ආශ්චර්යවත් ආලෝකයකට ගෙන යන බව”1 දිවැසිවරයා ඇයට පැවසීය.

මට අද කථා කිරීමට උවමනා ඔබටත්, මටත් ආශ්චර්යවත් ආලෝකය ගෙන දෙන වත්පිළිවෙත් ආරක්ෂා කිරීම ගැනයි.

වත්පිළිවෙත් සහ ගිවිසුම්

“True to the Faith” පොතේ අපි මෙසේ කියවන්නෙමු. “වත්පිළිවෙත් යනු පුජනීය අවශ්‍ය ක‍්‍රියාවක් , පුජකවරය විසින් කරනු ලබන වත්පිළිවෙත් අපේ උසස් වීම් සඳහා අත්‍යවශ්‍යය. එයට ගලවාගැනීමේ වත්පිළිවෙත් යැයි කියනු ලැබේ.” බෞතීස්මය, ශුද්ධාත්මයන්ගේ දීමනාව, මෙල්කෙසිදෙක් පුජකවරය ලැබීම (පුරුෂයින්ට), පුජකවරය, දේවමාලිගා එන්දවුන්මෙන්ට් සහ විවාහ මුද්‍රා තැබීම එයට ඇතුළත් වේ.2

වැඩිමහල් ඬේවිඞ් ඒ.බෙඞ්න මෙසේ ඉගැන්වීය. “ස්වාමින් වහන්සේ ගේ නැවත ස්ථාපිත කරන ලද සභාවේ මෙහෙය වන ලද ගැලවීමේ හා ඔසවා තැබීමේ නියෝගවල ,... අප එකිනෙකාගේ ජිවිත තුළට ස්වර්ගයේ ආශිර්වාද හා බලයන් ගලා ආ හැකි නියම කරන ලද මාර්ග වලින් අඩංගුය.” 3

කාසියක දෙපැත්ත මෙන් සියළු ගලවාගැනීමේ නියෝගයන් දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් මගින් අනුබද්ධව පවතින්නේය. එම ගිවිසුම් වලට අප ඇදහීමෙන් ගෞරවය කරන විට අපට ආශිර්වාද කරන බවට දෙවිතුමන් පොරොන්දු වී ඇති සේක.

දිවැසි ඇමියුලෙක් මෙසේ ප‍්‍රකාශ කළේය. “දෙවිතුමන් හමුවීම සඳහා සුදානම් විමට මෙයයි කාලය” (ඇල්මා 34:32). අපි කෙසේද සුදානම් විය යුත්තේ?” එනම් වත්පිළිවෙත් සුදුසු ලෙස ලබා ගැනීමෙනි. සභාපති රසල් එම්. නෙල්සල් කියූ මෙන් අපද “ගිවිසුම් මාර්ගයේ සිටින්න” අවශ්‍යයි. එතුමන් තවදුරටත් කියා සිටියේ, “ගැලවුම්කරුවාන් සමඟ ගිවිසුම් ඇති කර එම ගිවිසුම් තබාගනිමින් උන්වහන්සේව අනුගමනය කිරීමට ඔබගේ ඇති කැපවීම, පුරුෂයනින් ස්ත‍්‍රීන් සහ දරුවන්ට , සෑම ආත්මීක ආශිර්වාද සහ වරප‍්‍රසාද ලැබීමට දොර විවර කරනු ලබන්නේය.4

මෙසේ බොහෝ දෙනෙක් මෙන් ජෝන් සහ බොනී නිවුමන් ද, සභාපති නෙල්සන් පොරොන්දු වු ආත්මීක ආශිර්වාද ප‍්‍රතිග‍්‍රහකයෝ විය. එක් ඉරිදාවක තම දරුවන් තිදෙනා සමග සභාවට සහභාගී විමෙන් පසුව සභාවේ සමාජිකයෙකු නොවු ජොන්ට බොනී මෙසේ කීය. ”මට තනිව මේ වැඬේ කරන්න බැහැ ඔබ අප සමග මගේ සභාවට එන්න. නැතිනම් අප සියළු දෙනාම එකට යාමට සභාවක් ඔබ තෝරා ගන්න. තම පියා දෙවිතුමන්ට පේ‍්‍රම කරන බව දරුවන් දැන ගත යුතුයි.” පසුව ඔහු සෑම ඉරිදාවක සභාවට පැමිණියා පමණක් නොව, ඔහු මෙසේ කරමින් කොට්ඨාශ සහ ශාඛා වල සහ ප‍්‍රාථමිකයන් .. අවුරුදු ගනනාවකට පියානෝව වාදනය කළේය. වර්ෂ 2015 අපේ‍්‍රල් මස මට, ජොන්ව හමුවීමේ වරප්‍රසාදය ලැබුනා. එහිදි අප සාකච්චා කලා ඔහු බෝනීට ඇති පේ‍්‍රමය ප‍්‍රකාශ කිරීමේ හොදම මාර්ගය ඇයව දේවමාලිගයට ගෙන යාම බව නමුත් ඔහු බෞතීස්ම වතුරු එය කල නොහැකි බව පැවසීය.

අවුරුදු 39 ක් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු දවස්වල ශූද්ධවන්තයින්ගෙන් යුත් සභාවට පැමිණි ජෝන් වර්ෂ 2015 දී බෞතීස්ම කරන ලදී. අවුරුද්දකට පසු ජෝන් සහ බොනී මෙම්ෆිස් ටෙනේස්සේ දෙවමාලිගවේ මුද්‍රා තැබුවා, ඇගේ එන්ඩවුන්මෙන්ට් ලබා අවුරුදු 20 කට පසු. අවුරුදු 47 ක් වයසැති ඔවුන්ගේ ප‍්‍රත‍්‍ර රොබට් තම පියා ගැන මෙසේ කීය. ”පුජකවරය ලැබුවායින් පසු මාගේ පියා ඇත්තෙන්ම විකසිත වී ඇත. ”ජොන් නිතරම සතුටු ප‍්‍රමෝදයෙන් සිටි කෙනෙකි. නමුත් වත්පිළිවෙත් ලබා සහ ඔහුගේ ගිවිසුම් වලට ගෞරවය කිරීමෙන් ඔහුගේ මෘදු බව වැඩි වී වැඩි වී ඇතැයි බොනී කීය.

ක‍්‍රිස්තු වහන්සේගේ වන්දි ගෙවීම සහ උන්වහන්සේගේ ආදර්ශය

අවුරුදු බොහෝ ගණනකට පෙර, සභාපති බොයිඩ් කේ. පැකර් මෙසේ අනතුරු ඇඟවීය. “ශූභාරංචියේ වත්පිළිවෙත් නැති යහපත් කල් ක‍්‍රියාවන් විසින් මිනිසා මුදවා ගන්නේවත් ඔසවා තබන්නේවත් නැත”.5 අපට අපේ පියාණන් වෙත නැවත යාමට, නියෝග සහ ගිවිසුම් පමණක් නොව, අපට උන්වහන්සේගේ පුත‍්‍රයාණන් වන ජේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ සහ එතුමාගේ වන්දි ගෙවීම ද අවශ්‍යය.

මිනිසුන්ගේ දරුවන් වෙත ගැලවීම ලැබෙන්නේ, ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පමණක් බව බෙන්ජමින් රජු ඉගැන්වීය. (මොසායා 3:17; ද Articles of Faith 1:3 බලන්න).

උන්වහන්සේගේ වන්දි ගෙවීම තුළින් ජේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ආදම්ගේ වැටීමේ ප‍්‍රතිඵලයෙන් අපව මුදවා සහ අපේ පසුතැවීම හා අන්තිමේදී ඔසවා තැබීමද පහසු කල සේක. දෙවබලය විද්‍යාමාන වන ගලවාගැනීමේ වත්පිළිවෙත් ලබාගැනීමේ ආදර්ශය උන්වහන්සේගේ ජීවිතය තුලින් සපයුසෙක. (දහම සහ ගිවිසුම 84:20).

“සියළු ධර්මිෂ්ටකම් සම්පුර්ණ කිරීම” ( 2 නෙපි 31:5–6 බලන්න), සඳහා ගැලවුම්කරුවාන් බෞතිස්ම වත්පිළිවෙත ලැබුවායින් පසු, සාතන් එතුමන්ව පරික්ෂාට ලක් කළේය. ඒ ලෙස අපේ පරික්ෂාවන් ද බෞතීස්මයෙන් හෝ මුද්‍රාවෙන් පසු නිමවන්නේ නැත. නමුත් පුජනීය වත්පිළිවෙත් ලබා, එයට ආශ‍්‍රිත ගිවිසුම් වලට ගෞරවය කරන විට ආශ්චර්යවත් ආලෝකයකින් අපව පිරී, පරික්ෂාවන් මැඩ පවත්වීම ශක්තිය දෙනු ලබයි.

අනතුරු හැඟවීමක්

“ඔවුන් නියෝග වෙනස්කර ඇති බැවින් ” (යෙසායා 24:5; ද දහම සහ ගිවිසුම 1:15).පසු කලකදී පොළව අපවිත‍්‍ර වන බව යෙසාය අනාවැකියෙන් කීය.

“සමහරු ස්වාමීන්වහන්සේ වෙත ලඟා වනුයේ තම තොල් වලින් බවත් ඔවුන් උගන්වන්නේ භක්තිවන්ත ලෙස පෙනෙන මිනිසුන්ගේ පණත්වල ධර්මයයි බවත්, නමුත් ඒවා බල රහිතය.” යනුවෙන් දිවැසි ජෝශප් ස්මිත් හට එළිදරවක් මඟින් ඒ හැ සමාන අනතුරු හැඟවීමක් ලැබුණි. (ජෝසෆ් ස්මිත් —ඉතිහාසය 1:19).

පාවුලූද මෙසේ අනතුරු හැගෙව්වා, “එය භක්තිවන්නත බවක ආකාරයකි නමුත් එහි බලය නැත. එබැවින් එයින් ඈත් වන්න. (2 තිමොති 3:5). මා නැවත කියනවා එවැන්නෙන් හැරී යන්න.”

ජිවිතයේ ඇති බොහෝ සිත් වියවුල් සහ පරික්ෂාවන් ඉතා කෑදර වෘකයන් මෙනි(මතෙවූ 7:15). වෘකයන් ලංවන විට බැටළු රැළට අනතුරු හඟවා ආරක්ෂා කර සුදානම් කරවන්නේ සත්‍ය ඒඬේරන්ය. (යොහාන් 10:11–12 බලන්න). යහපත් ඒඬේරාගේ සර්ව සම්පුර්ණ ජිවිතය මෙන් උසස් වීමට තැත් කරන උප ඒඬේරෙකු මෙන් අපි අපේ ආත්මයන්ගේ මෙන්ම අන් අයගේ ආත්මයන්ගේත් ඒඬේරු නොවේද? අපි දැන් ස්ථිර කල දිවැසිවරුන් , අනාගත වක්තෘවරු සහ එළිදරව් කරන්නන්ගේ උපදේශයෙන් සහ ශූද්ධාත්මයාණන්ගේ ත්‍යාගයෙන් සහ බලයෙන්, අපි සංවිධානයෙන් සහ සුදානම්ව සිටිය හොත් අපට වෘකයන් පැමිණෙනවා දැකගත හැකි. එයට අසමානව අපි අපේ ආත්මයට සහ අන් අයගේ ආත්මයන්ටත් අක‍්‍රමවත් ඒඬේරෙකු වු විට තුවාලකරුවන් සිටිය හැක. අක‍්‍රමවත් බව මග පාදන්නේ තුවාල කාරයන් වෙතටය. සෑම කෙනෙක්ම ඇදහිලිවන්ත ඒඬේරෙකු වීම පිණිස මා ඔබට ආරාධනා කරමි.

අත්දැකිම හා සාක්ෂිය

මාර්ගයේ සිටීමට උපකාරවන වත්පිලිවෙතකි සක‍්‍රමේන්තුව සහ එයට සුදුසු ලෙස සහභාගි වීම සාක්ෂියක් වෙනවා අපි ගිවිසුම් සහ එයට ආශ‍්‍රිත අන් සියළු නියෝග තබන බවට, අවුරුදු කීපයකට පෙර මා සහ මාගේ බිරිඳ ඇනීටා, අර්කන්සස් ලිටල් රොක් මෙහෙයෙහි සේවය කරන කාලයේ දී මා තරුණ ධර්මදුතයන් දෙදෙනෙකු සමග ඉගැන්වීමට ගියෙමි. පාඩම අතරතුරේදී අපි උගන්වමින් සිටි යහපත් සහෝදරයා මෙසේ කීය. “මා ඔබේ සභාවට පැමිණ ඇත්තෙමි. සෑම ඉරිදාවක ඔබ පාන් අනුභව කර ජලය පානය කරන්නේ මන්ද?” අපේ සභාවේ එය සිදු කරන්නේ නත්තලට සහ පාස්කුවට පමණි. සහ එය තේරුම් සහිතය.

නිතරම එකට එකතුවී පාන් සහ වයින් භුක්ති විදිය යුතු බව අපට අණකර ඇති බව අපි ඔහු සමග බෙදා ගත්තා. (මොරෝනි 6:6; ද D&C 20:75). අපි හඩනගා කියෙවුවා. මතෙවූ 26 සහ 3 නෙපි 18. ඔහු පිළිතුරු දුන්න ඔහුට අවශ්‍ය දේ නුදුටු බවට

එවිට අපි පහත දක්වා සංසන්දනය කීවෙමු. “දරුණු කාර් අනතුරකට ඔබ භාජනය වුවා යැයි සිතන්න. ඔබට තුවාල වී සිහිනැතිව සිටින විට එතැනින් යන්නෙකු ඔබට සිහි නැති බව දැන 911 අපදා සේවා කැඳවා ඔබට උවටැන් කර නැවත සිහි ගැන්වු ලෙස”

අපි මෙම සහෝදරයාගෙන් මෙසේ ඇසුවෙමු. “ඔබේ වටපිටාව ඔබ හඳුනා ගත් පසු, ඔබට කුමන ප‍්‍රශ්න ඇති වේද?”

“මට දැනගන්න උවමනායි, මා එතැනට ගියේ කෙසේද? සහ කව්ද මාව සොයා ගත්තේ? ඔහු මාගේ ජිවිතය බේරා ගත් නිසා මට උවමනාය ඔහුට සැමදා ස්තුති කිරීමට” යැයි ඔහු කීය.

මෙම හොඳ සහෝදරයා සමඟ ගැලවුම්කරුවාණන් අපගේ ජීවිත ගලවා ගත්තේ කෙසේද සහ සෑමදාම, සෑමදාම, සෑමදාම අපි උන්වහන්සේට ස්තුති කල යුත්තේ කෙසේද යන්න අපි බෙදා ගත්තා.

පසුව අපි මෙසේ ඇසුවෙමු. “ඔබට සහ අපට, උන්වහන්සේ , එතුමන්ගේ ජිවිතය දුන් වග දැනගත් පසු එතුමන්ගේ ශරීරයේ සහ රුධිරයේ සලකුන ලෙස පාන් සහ ජලය ඔබට කී වරක් ගන්න සිතේවිද?”

ඔහු මෙසේ කීය. ”මට තේරුනා මට තේරුනා නමුත් තව එක් දෙයක් ඔබේ සභාව අපේ සභාව මෙන් ප‍්‍රාණවත් නැත.

එයට අපි මෙසේ පිළිතුරු දුන්නෙමු. “ගැලවුම්කරුවාණන් වු ජේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ඔබේ නිවසේ අර දොරෙන් ඇවිද පැමිණය හොත් ඔබ කුමක් කරන්නේද?”

“ඒවෙලේම මම දණ ගසන්නෙමි.” යැයි ඔහු කීය.

“පසුදවස්වල සාන්තුවරයින්ගේ දෙව්මැදුරකට ඔබ ඇතුළු වන විට, ඔබට දැනෙන්නේ එය නොවේද? ගැලවුම්කරුවනාණන්ට නමස්කාරය ”අපි ඇසුවෙමු.

“මට තේරුනා, මට තේරුනා, මට තේරුනා ”යැයි ඔහු කීය.

පාස්කු ඉරිදා ඔහු සභාවට පැමිණ නැවත නැවතත් පැමිණියා.

මෙසේ අපෙන්ම අසා ගැනීවමට මා සෑම කෙනෙකුටම ආරාධනා කරමි. “සක‍්‍රමේන්තු ඇතුළු කුමන වත්පිලිවෙතද මා ලබා ගත යුත්තේ සහ කුමන ගිවිසුම් ද සාදා තබා සහ ගෞරවය කල යුත්තේ? ” වත්පිළිවෙත්වලට සහභාගී වී සහ එයට ආශ‍්‍රිත ගිවිසුම් වලට ගෞරවය කිරීමෙන් ඔබට ආශ්චර්යවත් ආලෝකයක් සහ මේ සදා අඳුරු වෙමින් පවතින ලෝකයේ ආරක්ෂාවද ගෙනෙන බවට මා පෙරොන්දු වෙමි. ජේසුස් ක‍්‍රිස්තු තුමන්ගේ නාමයෙන් ආමෙන්

සටහන්

  1. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 414.

  2. True to the Faith: A Gospel Reference (2004), 109; see also Handbook 2: Administering the Church (2010), 2.1.2.

  3. David A. Bednar, “Always Retain a Remission of Your Sins,” Liahona, May 2016, 60.

  4. රසල් එම්. නෙල්සන්, “ අපි සියලු දෙනාම ඉදිරියටම ඇදෙමු ,” ලියහෝන, අප්‍රියෙල් 2018, 7.

  5. Boyd K. Packer, “The Only True Church,” Ensign, Nov. 1985, 82.

මුද්‍රණය කරන්න