“මම ජීවත් වන්නේ ‘ප්‍රීතිමත් ආකාරයෙන් ද’?,” යෞවනයින්ගේ ශක්තිය සඳහා පෙබ. 2024.
මාසික යෞ වනයින්ගේ ශක්තිය සඳහා පණිවිඩය, 2024 පෙබරවාරි
මම ජීවත් වන්නේ “ප්‍රීතිමත් ආකාරයෙන් ද”?
නෙපී පැවසු ලෙස ඔහුගේ ජනතාව ජීවත් වූ ආකාරයෙන් ජීවත් වීමට මෙන්න ඔබටත් අදහස් කීපයක්.
ලාමාවරුන්ගෙන් වෙන් වී ටික කලකට පසුව තම ජනතාව ජීවත් වූයේ “ප්‍රීතිමත් ආකාරයෙන්” බව නෙපී පැවසුවා (බලන්න2 නෙපී 5:27). ඔවුන්ව ඝාතනය කිරීමට අවශ්‍ය තවත් පිරිසක් සිටි බව සලකා බලන්න (බලන්න 2 නෙපී 5: 1-6, 14), එය පුදුමයට කරුණක් විය හැකිය. එවැනි තත්වයන් යටතේ යමෙකු සතුටු වන්නේ කෙසේද?
පළමූවෙන් සලකන්න, “අපි සතුටින් ජීවත් වුණා” යන්නෙන් අදහස් කරන්නේ “සෑම නෙපී කෙනෙක්ම පැය විසිහතර පුරාවට සතුටින් සිටියා” යන්න නොවේ. එයින් අදහස් කරන්නේ ඔවුන් ජීවත් වූ ආකාරය, සහ කළ දේවල්, වැඩි වසයෙන් සතුටට අදාල දේවල් බවයි. පොදුවේ ගත් කල, ඔවුන්ට අභියෝග තිබියදීත්, එය ප්‍රීතිමත් කාලයක් විය.
එබැවින් “ප්‍රීතිමත් ආකාරය ”යනු කුමක්ද? අභියෝගත්මක අපගේම ජීවිත තුළ, එය අපි පිටපත් කරගන්නේ කෙසේද? සමාලෝචනය!
-
කීකරු වන්න. “අපි ස්වාමීන්වන්සේගේ අඥාවන් … පිළිපැදීමට යටහත් වූයෙමු” (2 නෙපී 5:10).
පළමු පියවර ශුභාරංචිය අනුව ජීවත් වීම. ඔබ පාපයෙන් තාවකාලිකව සතුටු විය හැකියි, නමුත් එය පවතින්නේ නැත. හිතාමතාම දෙවියන්වහන්සේට අකීකරු වීම “සතුටේ ආකාරය” නොවේ (බලන්න ඇල්මා 41:10).
-
ශුද්ධලියවිලි සොයන්න “මම, නෙපී … තඹ තහඩු මත කොටාතිබූ වාර්තාද ගෙනඅවුත් තිබුනෙමි”(2 නෙපී 5:12). “අප … ඒවාසෝදිසි කර තවද ඒවාප්‍රීයමනාප බව දැනගතිමු, එසේය, අපට බලවත් වටිනා කමක් වුවද ඇත” (2 නෙපී 5:21).
ශුද්ධ ලියවිලි නෙපීගෙ ජනයාහට තිබුනි. සහ ඔවුන් ළග තිබුනා පමණක් නොවේ ඔවුන්—ඒවාසෙව්වා.
-
ආනුභාවය ලත් නායකයන්හට ඇහුම්කන් දෙන්‍න. “මම, නෙපී, යාකොබ් සහ යෝසෙප් කැ ප කළෙමි, මගේ ජනතාව මත … ඔවුන් පූජකයන් හාගුරුවරුන් වන පිණිස” ( 2 නෙපී 5:26).
මෙම ගුරුවරුන් ඔවුන්ගේ මාර්ගෝපදේශය ලෙස ශුද්ධ ලියවිලි භාවිතා කළහ. (බලන්න 2 නෙපී 4:15; 6:4).
-
දේවමාළිගාවට යන්‍න (සහ අනෙකුත් ශුද්ධ ස්ථානයන්‍ට). “මම, නෙපී, දේවමාළිගාවක් ගොඩනැගුවෙමි” (2 නෙපී 5:16).
ගෝලයන්ට රැස්‍ව වැදනමස්කාර කිරීම සඳහා රැස්වීම් ශාලා සහ දේවමාළිගා වැනි ශුද්ධවු ස්‍ථාන තිබීම ඉතා වැදගත්. (අපට උපකල්පනය කළ හැක්කේ නෙපීවරුන්ට දේවමාළිගාවක් තිබුනාපමණක් නොව—ඔවුන් එය ඇත්ත වශයෙන්ම භාවිතාකළා කියාය.) ඔබට පෞද්ගලිකව දේවමාළිගාවට යාමට නොහැකි වූවත්, ඔබට සැමවිටම පවුල් ඉතිහාස කටයුතු කළ හැකිය.
-
ක්‍රියාශීලී වන්න. “මම මගේ මිනිස්සුන්ට ගොඩනැගිලි සාදන්න, සහ වැඩ කරන්න ඉගැන්නුවෙමි. … [මම] මාගේ සෙනඟට වෙහෙස මහන්සි වී වැඩ කිරීමටද ඔවුන්ගේ දෑතින් වැඩ කිරීමටද සැලැස්වූවෙමි.(2 නෙපී 5:15, 17).
“ප්‍රීතිමත් ආකාරයෙන්” කොටසක් නම්, කිරීමට යමක් තිබීමය. පැවරුමක්, රැකියාවක්, වගකීමක්—ඔබට අවධානය සහ අරමුණ ලබාදෙන දෙයක් (ඇත්ත වශයෙන්ම. විවේක ගැ නීමට සුදුසු කාලයද සමඟ). ඔබ නිතරම අලස නම් සතුටින් සිටීම අපහසුය.
ඔබ දැ නට ජීවත් වන්නේ ප්‍රීතියේ ආකාරයෙන් බව ඔබ කියනවද? එසේ නැ ති නම්, නෙපීගේ උදාහරණය ඔබට වැ ඩි දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ යම් අදහසක් ලබාදිය හැ කිය.
© 2024 by Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. මාසික යෞ වනයේ ශක්තිය සඳහා පනිවිඩය, 2024 පෙබරවාරි හි පරිවර්තනයකි. Language. 19276 408