2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය2024 ඔක්තෝම්බර් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන අර්ධ වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා උදෑසන සැසිවාරය. Henry B. Eyringප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමසභාපති අයිරින් විසින් ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ස්ථීර කිරීම සඳහා ඉදිරිපත් කර සිටියි. නීල් එල්. ඇන්ඩර්සන්බලාපොරොත්තුවේ ජයග්රහණයඅපට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව ඇති විට සහ උන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය තබන විට, අපට උන්වහන්සේගේ සාමය දැනෙනු ඇති බව වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. එමිලි බෙල් ෆ්රීමන්ඔබේ වරප්‍රසාදවලට අනුව ජීවත් වන්නඔවුන්ගේ හැකියාවන් කරා ළඟා වීමට, පූජකවර නියෝග සහ ගිවිසුම් පොරොන්දු මගින් දෙවියන්වහන්සේගේ බලයට ඔවුන්ගේ ජීවිතවලට පැමිණීමට ඉඩ දෙන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට, ෆ්රීමන් සභාපතිනිය කාන්තාවන්ව සහ තරුණියන්ව දිරිමත් කරයි. කාල් ඩී. හර්ස්ට්දෙවියන්වහන්සේගේ ප්රියතමයාස්වර්ගික පියාණන්වහන්සේගේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යමය ප්‍රේමය විඳගන්නේ කෙසේද කියා වැඩිහිටි හර්ස්ට් අපට උගන්වයි. ඩේල් ජී. රෙන්ලන්ඩ්“මෙය මාගේ ශුභාරංචිය වන්නේය—මෙය මාගේ සභාව වන්නේය”ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචියේ සහ ගැලවුම්කරුවාණන්ගේ සභාවේ සංකලනය අපට දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශය ලබා දෙන අතර අපට ශුද්ධ වීමට උපකාර වන බව වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. ඩේවිඩ් පී. හෝමර්අපගේ පියාණන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමඅපි දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් අපට ආශීර්වාද ලැබෙන බව වැඩිහිටි හෝමර් උගන්වයි. ග්‍රෙගෝරියෝ ඊ. කැසීලාස්දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සියලු දරුවන්ට ආදරෙයිදේවසේවයේ යෙදීමෙන් සහ අනුගාමිකත්වය තුළින් දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ජීවිතවලට අපට ආශිර්වාද කළ හැකි බව වැඩිහිටි කැසීලාස් උගන්වයි. ඩැලන් එච්. ඕක්ස්ක්රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමමතභේද වළක්වා ගැනීම සඳහා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආඥාව ගැන අවධාරණය කරමින්, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමේ වැදගත්කම ගැන සභාපති ඕක්ස් උගන්වයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය2024 ඔක්තෝම්බර් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන අර්ධ වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා දහවල් සැසිවාරය. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්අපේ කැරැල්ලේ ආයුධ සම්පූර්ණයෙන්ම වළලා දැමීමදෙවියන්වහන්සේට එරෙහි කැරැල්ලේ ඕනෑම අංගයක්, එය ක්‍රියාශීලීව උන්වහන්සේගේ ආඥාවලට අකීකරු වීම හෝ උන්වහන්සේගේ කැමැත්ත නිෂ්ක්රීයව නොසලකා හැරීම හෝ වේවා, එය අපගේ ජීවිත තුළ වළලන්නට වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් අපව දිරිමත් කරනවා. හෝසේ ඒ. ටෙශෙයිරායේසුස් ක්‍රිස්තුස්වහන්සේට බැඳී: පොළොවේ ලුණු බවට පත්වීමඅපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ බැඳී සිටිය හැකි සරල නමුත් ගැඹුරු ක්‍රම හතරක් වැඩිහිටි ටෙශෙයිරා උගන්වයි. ජුවාන් පැබ්ලෝ විල්ලාර්අපට උදව් කිරීමට උන්වහන්සේගේ හස්තය සූදානම්අපට උන්වහන්සේ කෙරෙහි විශ්වාසයක් තිබේ නම් ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අපට උපකාර කිරීමට ගැලවුම්කරුවාණන් සැමවිටම සිටින බව වැඩිහිටි විල්ලාර් උගන්වයි. පැට්රික් කේරොන්ප්රීතියේ සභාවට සාදරයෙන් පිළිගන්නවායේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවෙන් හමුවෙන ප්‍රීතිය ගැන වැඩිහිටි කේරොන් උගන්වයි. ඩේවිඩ් එල්. බක්නර්“නුඹලා මාගේ මිත්‍රයන්ය”අපි බෙදීමට හේතු සෙවීම නතර කර “ඒකත්වයක් වීමට” අවස්ථා සෙවිය යුතු බව වැඩිහිටි බක්නර් උගන්වයි. ඩී. මාර්ටින් ගෞරිඔබ පවිත්‍ර වෙන්නදිනපතා පසුතැවිලි වීම අපට වඩාත් සංවේදී වීමට සහ ස්වාමින්වහන්සේගේ මගපෙන්වීමට සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ ඉල්ලීම්වලට විවෘත වීමට උපකාර වන බව වැඩිහිටි ගෞරි උගන්වයි. ඇරොල්ඩෝ බී. කවල්කාන්තේසුළඟ හැමීම කිසිවිටෙකත් නොනැවතුනිදෙවියන්වහන්සේට අපගේ පරීක්ෂාවන් තුළින් අපව දරාගත හැකි බවත් අපගේ අධ්‍යාත්මික ගමනේදීද අපට එකිනෙකාට උපකාර කළ හැකි බව වැඩිහිටි කවල්කාන්තේ උගන්වයි. උලිසෙස් සෝරෙස්උන්වහන්සේගේ කැමැත්ත සමඟ අපගේ කැමැත්ත පෙළගැස්වීමඅපගේ අනුගාමිකත්වයේ අවසාන පරීක්ෂණය හමු වන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්ත අපගේ කැමැත්ත බවට පත්වන පිණිස, අපගේ පැරණි පුද්ගලයාව අතහැරීමට අපගේ කැමැත්ත තුළ සහ අපගේ හදවත සහ මුළු ප්‍රාණයම උන්වහන්සේට භාර දීම තුළ බව වැඩිහිටි සෝරෙස් උගන්වයි. සෙනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය සෙනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය2024 ඔක්තෝම්බර් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන අර්ධ වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය. ගෙරිට් ඩබ්. ගොන්ග්එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකමඅපව ස්වාමින්වහන්සේට සහ එකිනෙකාට සමීප කරවන ශුද්ධකම අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් කර ගන්නා ලෙස වැඩිහිටි ගොන්ග් අපට ආරාධනා කරයි. ක්‍රිස්ටින් එම්. යීඅපගේ මිදීමේ ප්රීතියදෙවියන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් සම්බන්ධතාවය තුළින් අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පවිත්‍ර කිරීමේ, සුව කිරීමේ සහ මිදීමේ බලය වෙත ප්‍රවේශ විය හැකි බව යී සහෝදරිය උගන්වයි. කයිල් එස්. මැකේයෙහෝවාවහන්සේ සමඟ සංවාදයෙහි යෙදුන මිනිසාවැඩිහිටි මැකේ ජෝසෆ් ස්මිත්ගේ ශ්‍රේෂ්ඨ ජීවිතය සහ උරුමය පිළිබඳ ඔහුගේ සාක්ෂිය ලබාදෙයි. ජෝර්ජ් එම්. ඇල්වරාඩෝපසුතැවිලි වීමේ ස්වාමින්වහන්සේගේ ත්‍යාගය වැළඳ ගන්නවැඩිහිටි අල්වරාඩෝ පසුතැවීම ගැන උගන්වන අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ බලය තුළින් සැමට ලබා ගත හැකි සුවය ගැන සාක්ෂි දරයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්බොහෝ වසර කාල පරිච්ඡේදයකින් නොවේඋඩඟුකම අපව ස්වාමින්වහන්සේගෙන් ඈත් කිරීමට ඉඩ හැරීමට එරෙහිව අනතුරු ඇඟවීමට වැඩිහිටි බෙඩ්නර් මොර්මොන්ගේ පොතේ නෙපීවරුන් සහ ලාමන්වරුන්ගේ උදාහරණ භාවිතා කරයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය2024 ඔක්තෝම්බර් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන අර්ධ වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉරිදා උදෑසන සැසිවාරය. ජෙෆ්රි ආර්. හොලන්ඩ්“ඒ මමය”ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේ කෙරෙහි දැක්වූ සම්පූර්ණ කීකරුකම සහ අප සෑම කෙනෙකු කෙරෙහිම උන්වහන්සේගේ ඉමහත් ප්‍රේමය ගැන සභාපති හොලන්ඩ් උගන්වයි. ට්‍රේසි වයි. බ්රවුනිංඅධ්යාත්මික ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමඅපි අවංකව ප්‍රශ්න අසන විට, උන්වහසේගේ ආඥාවලට කීකරු වන විට සහ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට අපට අධ්‍යාත්මිකව වර්ධනය වීමට දෙවියන්වහන්සේට උපකාර කළ හැකි බව බ්‍රවුනිං සහෝදරිය උගන්වයි. බෲක් පී. හේල්ස්ලෞකිකත්වය නිවැරදිව සිදුවෙනවා!යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සහ ගැලවීමේ සැලැස්ම නිසා ලෞකිකත්වය නිවැරදිව සිදුවන බව වැඩිහිටි හේල්ස් උගන්වයි! එල්. ටොඩ් බජ්ඔබේ මුළු හදවතින්ම උන්වහන්සේව සොයන්නදෙවියන්වහන්සේට නමස්කාර කිරීමට සහ සන්නිවේදනය කිරීමට නිහඬ වේලාවක වැදගත්කම ගැන සභානායක බජ් කතා කරයි. ගැරී ඊ. ස්ටීවන්සන්කවදාවත් අමතක නොවන දිනයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ සුභ ආරංචිය ලෝකය සමඟ බෙදාගැනීමට පෙර නොවූ විරූ අවස්ථාවක් ලෙස වැඩිහිටි ස්ටීවන්සන් ඉදිරි වසර 10 දෙස බලා සිටියි. බ්රැඩ්ලි ආර්. විල්කොක්ස්අහෝ උතුම් ජන්ම උරුමය හිමි යෞවනයෙනියෞවනයින්ට කතා කරමින් සහෝදර විල්කොක්ස් මේ ප්රශ්නය ඉදිරිපත් කළා, පසුදවස්වල ශුද්ධවන්තයින් අන් අයට වඩා වෙනස් ලෙස ජීවත් විය යුතුම වන්නේ ඇයි? හෙන්රි බී. අයිරින්යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම සරලයියේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ දහම සරලව ඉගැන්වීමට සභාපති අයිරින් අපව දිරිමත් කරයි. එවිට පීඩා පැමිණෙන විට අපගේ ආදරණීයයන් එය සිහිපත් කරයි, ඒවගේම අපිට ආශිර්වාද ලැබෙයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය2024 ඔක්තෝම්බර් 5–6 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන අර්ධ වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉරිදා දහවල් සැසිවාරය. ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ්මුල් පෝෂණය කරන්න, ඉන්පසු අතු වර්ධනය වෙයිඅපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වන මුල් අපි පෝෂණය කරන විට අපගේ සාක්ෂිවල අතු වර්ධනය වන බව වැඩිහිටි උක්ඩ්‍රොෆ් උගන්වයි. ටකාශි වාඩාක්රිස්තුස්වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ වචන අපව සත්‍යය කරා ගෙන යනු ඇතක්රිස්තුස්වහන්සේගේ වචන වලින් පෝෂණය වීම සහ ආත්මයාණන්වහන්සේට ඇහුම්කන් දීම අපව සදාකාල ජීවනයට ගෙන යන ආකාරය වැඩිහිටි වාඩා උගන්වයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්“බලන්න නුඹලා ඔසවනු ලැබිය යුතු එම ආලෝකය මමය”ජීවමාන අනාගතවක්තෘවරයාගේ ඉගැන්වීම් සහ ආදර්ශය අනුගමනය කරමින් ඔහුව ස්ථීර කිරීම ගැන වැඩිහිටි රස්බැන්ඩ් උගන්වයි. ක්වින්ටින් එල්. කුක්පූජනීය ශුද්ධලියවිලි—ඇදහිල්ලේ පදනමඅඛණ්ඩව සිදුවන හැරීමේදී ශුද්ධලියවිලිවල, විශේෂයෙන්ම මොර්මොන්ගේ පොතේ වැදගත්කම ගැන වැඩිහිටි කුක් උගන්වයි. රූබන් වී. අලියුඩ්දෙවියන්වහන්සේගේ පුත්‍රයින් සහ දූවරුන්වැඩිහිටි අලියුඩ් උගන්වන්නේ අප සියල්ලන්ම ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ දරුවන් බවයි. අයි. රේමන්ඩ් එග්බෝයේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි අවධානය යොමු කරන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි අප අවධානය යොමු කරන විට, පීඩා සහ අභියෝග වලදී පවා අපට ප්‍රීතිය දැනිය හැකි බව වැඩිහිටි එග්බෝ උගන්වයි. රසල් එම්. නෙල්සන්ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇතයේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ජීවිතයේ අත්තිවාරම බවට පත් කිරීමට සහ උන්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් වීමට කාලය දැන් බව සභාපති නෙල්සන් උගන්වයි.