2021
බව්තීස්ම වීමට දෙවියන්වහන්සේ අපට පැවසූ සේක
2021 පෙබරවාරි


“බව්තීස්ම වීමට දෙවියන්වහන්සේ අපට පැවසූ සේක,” ලියහෝනා, 2021 පෙබරවාරි

මාසික ලියහෝනා පණිවිඩය, 2021 පෙබරවාරි

බව්තීස්ම වීමට දෙවියන්වහන්සේ අපට පැවසූ සේක

දෙවියන්වහන්සේගේ අධිකාරිත්වය ඇති අයෙකු මගින් බව්තීස්ම වීමට ආදර්ශය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තැබූ සේක.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පුද්ගලික ජීවිතය ගැන අපට බොහෝ තොරතුරු නොමැති නමුත්, උන්වහන්සේ බව්තීස්ම වූයේ වයස අවුරුදු 30 දී පමණ බව අපි දනිමු (ලූක් 3:23 බලන්න). බව්තීස්මය ගැන උන්වහන්සේගේ ආදර්ශයෙන් අප ඉගෙන ගන්නා කරුණු කිහිපයක් මෙන්න.

සෑම පුද්ගලයෙකුම සඳහා

හරි වැරැද්ද අතර වෙනස පැවසීමට තරම් අපි වයස නම් සහ පරිණත නම්, ස්වර්ගික පියාණන්වහන්සේට අප බව්තීස්ම වීම අවශ්‍යයි (දහම සහ ගිවිසුම් 18:42 බලන්න). යේසුස්වහන්සේ පරිපූර්ණය, නමුත් උන්වහන්සේ බව්තීස්ම වීමට තීරණය කළේ දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමටයි (මතෙව් 3:13–17; 2 නෙපි 31:7 බලන්න). දැනටමත් මියගිය අයට පවා බව්තීස්මය පිළිගත හැකිය. ඔවුන් වෙනුවෙන් දේවමාළිගා වල බව්තීස්ම වීමෙන් අපි එය ඔවුන්ට පිරිනමන්නෙමු. (දහම සහ ගිවිසුම් 128:15–18 බලන්න.)

රූපය
බව්තීස්මය

අධිකාරිත්වය විසින් සිදුකරන ලදි

යේසුස්වහන්සේ බව්තීස්ම වූයේ ඕනෑම අයෙකු විසින් නොවේ. උන්වහන්සේ විශේෂයෙන් ගියේ දෙවියන්වහන්සේගේ පූජකත්ව අධිකාරිය තිබූ, ඔහුගේ ඥාති සොහොයුරෙකු වන යොහාන් වෙතය. යේසුස්වහන්සේ මිය ගොස් උන්වහන්සේගේ ගොලයින්වද ඝාතනය කිරීමෙන් පසුව, එම පූජකත්ව අධිකාරිය පොළොවෙන් අහිමි විය. අනතුරුව, 1829 දී, යොහාන් බව්තීස්ත ජෝසෆ් ස්මිත්ට පෙනී සිටිමින් දෙවියන්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම කිරීමට ඔහුට බලය දුන්නේය. එම නැවත පිහිටුවීම නිසා, අද අපට එම අධිකාරියෙන්ම බව්තීස්ම විය හැකිය.

රූපය
ආරෝනික පූජකත්වයේ නැවත පිහිටුවීම

ද්වි-මාර්ග පොරොන්දුවක්

බව්තීස්මය සඳහා අප සහ දෙවියන්වහන්සේ අතර ද්වි-මාර්ග පොරොන්දුවක් හෝ ගිවිසුමක් ඇතුළත් වේ. අපි මෙසේ පොරොන්දු වෙමු:

  1. ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප උදෙසා ලබාගැනීමටත්.

  2. සෑමවිටම උන්වහන්සේ සිහිකිරීමටත්.

  3. උන්වහන්සේගේ ආඥා පිළිපැදීමටත්.

එහි ප්‍රතිඵලයක් ලෙස, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ආත්මය සැමවිටම අප සමඟ පවතින බවට පොරොන්දු වන සේක. සක්‍රමේන්තු යාච්ඤාවෙහි වචන සෑම සතියකම මෙම ගිවිසුම අපට මතක් කරදෙයි. (දහම සහ ගිවිසුම් 20:77, 79 බලන්න.)

රූපය
සක්‍රමේන්තු රැස්වීමේ සිටින පවුලක්

ශුද්ධාත්මයාණන්වහන්සේව ලැබීම බව්තීස්මයෙහි වැදගත් අංගයකි

යේසුස්වහන්සේ බව්තීස්ම වූ පසු, ශුද්ධාත්මයාණන් පරෙවියෙකුගේ ස්වරූපයෙන් පෙනී සිටි සේක (2 නෙපි 31:8 බලන්න). අද, මිනිසුන් බව්තීස්ම වූ පසු, ඔවුන්ව ස්ථිර කරනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ ශුද්ධාත්මයාණන්ගේ අධ්‍යාත්මික පවිත්‍ර කිරීමේ ත්‍යාගය ලබාගැනීමට ඔවුන්ට ආරාධනා කරන ලද විශේෂ ආශිර්වාදයක් ඔවුන්ට ලැබෙන බවයි (2 නෙපි 31:17 බලන්න). ශුද්ධාත්මයාණන්වහන්සේට අපට අන්තරායන් ගැන අනතුරු ඇඟවීමට, අපව සනසාලීමට, හොඳ තීරණ ගැනීමට අපට මගපෙන්වීමට සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට, අපට උපකාර කළ හැකිය (දහම සහ ගිවිසුම් 39:6 බලන්න).

රූපය
කාන්තාවක්ව ස්ථිර කිරීම

අපට සැමවිටම පසුතැවිලි විය හැකිය

අපි වැරැදි කරන බව දෙවියන්වහන්සේ දැනසිටි සේක. අපගේ උපරිම උත්සාහයන් නොතකා, අප පව් කර එමෙන්ම අපගේ බව්තීස්ම පොරොන්දු වලට එකඟව ජීවත් වීමට අපොහොසත් වනු ඇත. එබැවින් උන්වහන්සේ අප සෑම කෙනෙකුටම පසුතැවිලි වීමට අවස්ථාව ලබාදෙන සේක. (දහම සහ ගිවිසුම් 18:13 බලන්න.) සෑම දිනකම අපට සමාව අයැදීමට සහ ඕනෑම වැරැද්දක් නිවැරදි කිරීමට අපගේ උපරිමය කළ හැකිය. අපට යාච්ඤා කර දෙවියන්වහන්සේගේ සමාව ඉල්ලා සිටිය හැකිය. එවිට, අපි නිහතමානී හදවතකින් සක්‍රමේන්තුව ලබාගන්නා විට, ශුද්ධාත්මයාණන්වහන්සේව අපට අප සමග තබාගත හැකිය (3 නෙපි 18:11 බලන්න).

රූපය
කාන්තාවක් ඇඳ අසල යාච්ඤා කරමින්

බව්තීස්මය ගැන ශුද්ධලියවිලි වල පවසන්නේ කුමක්ද?

බව්තීස්ම වීමට සූදානම් වීමට දෙමාපියන් තම දරුවන්ට උදව් කළ යුතුය (දහම සහ ගිවිසුම් 68:25 බලන්න).

අවුරුදු අටකට වඩා අඩු අය බව්තීස්ම වීම අවශ්‍ය නැත (මොරෝනි 8 බලන්න).

අප බව්තීස්ම වූ විට, “ශෝකවන්නන් සමඟ එනම් ශෝකවීමට කැමැත්තද; … එසේය තවද සැනසිල්ල අවශ්‍ය වන්නන් උදෙසා නැගීසිට සැනසීමටද, තවද සියලු කාලයන්හිද, සියලු දේවල් තුළෙහිද, දෙවියන්වහන්සේට සාක්ෂියක්ව නැගී සිටීමටද” අපි පොරොන්දු වන්නෙමු (මොසායා 18:9).

මුද්‍රණය කරන්න