2021
මම දේවමාළිගාව දකින්න ආසයි
2021 මැයි


“මම දේවමාළිගාව දකින්න ආසයි,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2021 මැයි.

සෙනසුරාදා උදෑසන සැසිවාරය

මම දේවමාළිගාව දකින්න ආසයි

උපුටා ගැනීම්

රූපය
දේවමාළිගාව

ස්වාමින්වහන්සේගේ දේවමාළිගා ශුද්ධ වූ ස්ථාන බව මම දනිමි. අද දේවමාළිගා ගැන කතා කිරීමේ මගේ අරමුණ වන්නේ අප වෙනුවෙන් පැමිණෙන දේවමාළිගා අත්දැකීම් සඳහා වැඩි අවස්ථාවන් සඳහා සූදානම්ව සිටීම සඳහා ඔබේ ආශාව සහ මගේ ආශාව වැඩි කිරීමයි. …

ඔබ හෝ මම ප්‍රමාණවත් නොවන ලෙස පවිත්‍රව දේවමාළිගාවට යන්නේ නම්, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්, දේවමාළිගාවේ අපට ලැබෙන ගැලවුම්කරුවාණන් පිළිබඳ අධ්‍යාත්මික ඉගැන්වීම අපට දැකගත නොහැකි වෙයි.

එවැනි ඉගැන්වීම් ලැබීමට අප සුදුසු වූ විට, අපගේ දේවමාළිගාවේ අත්දැකීම් තුළින් අපේ ජීවිත කාලය පුරාම බලාපොරොත්තුව, ප්‍රීතිය හා ශුභවාදී අත්දැකීම් වර්ධනය විය හැකියි. එම බලාපොරොත්තුව, ප්‍රීතිය හා ශුභවාදී හැඟීම ලබාගත හැක්කේ ශුද්ධ වූ දේවමාළිගාවල සිදුකරන නියෝගයන් පිළිගැනීම තුළින් පමණයි. මරණයෙන් පසුවද සදාකාලයටම පවතින ප්‍රේමණීය පවුල් සබඳතා පිළිබඳ සහතිකය අපට ලැබිය හැක්කේ දේවමාළිගාවේදී පමණයි. …

ඒවගේම අපගේ සදාකාලික සන්තෝෂය රඳා පවතින්නේ අපට හැකි තරම් අපගේ ඥාතීන්ට එම ස්ථිර කල්පවතින සතුට ලබාදීමට අප උපරිමයෙන් කටයුතු කිරීම මත බව අපි දනිමු.

දේවමාළිගාවේ මුද්‍රා තැබීමේ නියෝගයන් ලැබීමට හා ඒවාට ගෞරවය කරමින් ජීවත්ව සිටින පවුලේ සාමාජිකයින්ට ආරාධනා කිරීමෙහිලා සාර්ථක වීමට ඇති එම එකම ආශාව මට දැනෙයි. එය අන්තිම දවස්වල තිරය දෙපසම ඊශ්‍රායෙලය රැස්වන බවට වූ පොරොන්දුවේ කොටසකි.

රූපය
සෝල්ට් ලේක් දේවමාළිගාවේ ප්‍රතිසංස්කරණය

මුද්‍රණය කරන්න