2021
දේවමාළිගා කාර්යයන්
2021 ඔක්තෝම්බර්


“දේවමාළිගා කාර්යයන්,” ලියහෝනා, 2021 ඔක්තෝබර්

මාසික ලියහෝනා පණිවිඩය, 2021 ඔක්තෝබර්

දේවමාළිගා කාර්යයන්

දේවමාළිගා යනු ස්වාමින්වහන්සේගේ ගෘහයයි . අපට දේවමාලිගා වලදී නියෝගයන් ලබාගෙන උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගත හැකිය. අපේ මුතුන් මිත්තන් සඳහා දේවමාළිගාවේ නියෝගයන් ඉටු කිරීමට ද අපට හැකියි.

රූපය
දේවමාළිගාව

බැරැන්කියුලා කොලොම්බියා දේවමාලිගාවේ ඡායාරූපයක් බෲනෝ ලීමා විසින්

ඉතිහාසය පුරාවටම ස්වාමින්වහන්සේ දේවමාලිගා ඉදිකරන ලෙස තම ජනතාවට නියෝග කර ඇත. දේවමාළිගා යනු දෙවියන්වහන්සේගේ ආදරය අපට දැනෙන, නියෝගයන් ලබා ගත හැකි හා උන්වහන්සේ සමඟ පොරොන්දු ඇතිකරගත හැකි ශුද්ධ වූ ස්ථානයන්ය. සභාව ලොව පුරා දේවමාලිගා ඉදි කරමින් සිටින බැවින් වැඩි වැඩියෙන් මිනිසුන්ට මෙම ආශිර්වාද ලබා ගත හැකිය.

රූපය
දේවමාලිගාව ඉදිරිපිට කාන්තාවක්

ඕකිර් මවුන්ටන් යූටා දේවමාලිගාව ඉදිරිපිට කාන්තාවගේ ඡායාරූපය නෙක්සියෝ සහ මැතිව් රියර් විසින්

බලයෙන් සැරසීම

ධර්මිෂ්ඨව ජීවත් වන සභාවේ සාමාජිකයන් නියෝගයන් ලබා ගැනීමට සහ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් හෝ පොරොන්දු ඇතිකරගැනීමට දේවමාලිගාවට යයි. දේවමාළිගාවේදී අප ලබාගන්නා එක් නියෝගයක් නම් බලයෙන් සැරසීමයි. බලයෙන් සැරසීම යන වචනයේ තේරුම “තෑග්ගක්” යන්නයි. දේවමාලිගාව තුල බලයෙන් සැරසීම දෙවියන්වහන්සේගෙන් ලද ත්‍යාගයකි. මෙම නියෝගයෙන් අපගේ ගැලවීම සඳහා ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම ගැන ඉගෙන ගන්නා අතර දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීම සඳහා අපි ගිවිසුම් ඇති කර ගනිමු. අපි ඇතිකරගන්නා ගිවිසුම් වලට අපි ඇදහිලිවන්තව සිටිනවා නම් දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරනවා ඇත.

රූපය
දේවමාළිගාව ඉදිරිපිට යුවලක්

මැනිලා පිලිපීනයේ දේවමාලිගාව අසලින් යුවළක් ඇවිද යන ඡායාරූපය ක්‍රිස්ටිනා ස්මිත් විසින්

පවුල් එකට මුද්‍රා තැබීම

දේවමාළිගාව තුල සිදුවන විවාහයක් මුද්‍රා තැබීම ලෙසද හැඳින්වේ. දේවමාළිගාව තුල යුවළක් මුද්‍රා තබා ඔවුන් තම ගිවිසුම් තබා ගන්නා විට ඔවුන් සදහටම විවාහ වනු ඇත. ඔවුන්ට දරුවන් සිටී නම් එම දරුවන් ද ඔවුන්ට මුද්‍රා වනු ඇත. දරුවන් ලැබීමෙන් පසු මුද්‍රා තබන දෙමාපියන්ට තම දරුවන් ඔවුන්ට මුද්‍රා තැබිය හැකිය. ඔවුන් ධර්මිෂ්ඨව ජීවත් වන්නේ නම්, ඔවුන් සදාකාලික පවුලක් වනු ඇත.

රූපය
ලිස්බන් පෘතුගාල දේවමාලිගා බව්තීස්ම ස්ථානය

ලිස්බන් පෘතුගාල දේවමාලිගා බව්තීස්ම ස්ථානයේ ඡායාරූපයක් ලෙස්ලි නිල්සන් විසින්

දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් සඳහා දේවමාලිගා කාර්යයන්

අපි අපගේ මුතුන් මිත්තන් ගැන සොයා බැලීමට පවුල් ඉතිහාස කාර්යයන් කරමු. පසුව අපි ඔවුන් වෙනුවෙන් දේවමාලිගා වැඩ කටයුතු කරමු. ජීවත්වන අයට අවශ්‍ය සියලුම නියෝග අපි ඔවුන් වෙනුවෙන් ඉටු කරමු:බව්තීස්මය, තහවුරු කිරීම, පූජකත්වය ලබාදීම (පිරිමින් සඳහා), බලයෙන් සැරසීම සහ මුද්‍රා තැබීම. එවිට ඔවුන්ට මෙම නියෝගයන් පිළිගැනීමට අවශ්‍යද යන්න තෝරා ගත හැකිය. මේ ආකාරයට, දෙවියන් වහන්සේගේ සියලු දරුවන්ට ශුභාරංචියේ ආශීර්වාද භුක්ති විඳිය හැකිය.

රූපය
දේවමාලිගාව ඉදිරිපිට පවුලක්

ෆිලඩෙල්ෆියා පෙන්සිල්වේනියා දේවමාලිගාව ඉදිරිපිට සිටින පවුලක ඡායාරූපයක් කෝඩි බෙල් විසින්

දේවමාලිගා කාර්යයන් සඳහා ආශිර්වාද

දේවමාළිගාව තුලදී අප ඇතිකරගන්නා ගිවිසුම් තබා ගන්නා විට අපට ආශීර්වාද ආරක්‍ෂාව සහ බලය ලැබෙනවා ඇත. පූජකත්වයේ බලය අප සමඟ තිබෙනවා ඇත. අපේ පවුල් සදහටම එකට සිටිනු ඇත.

දේවමාළිගාව සාමයේ සහ එළිදරව්වේ ස්ථානයක් ද වේ. අපි දේවමාළිගා කාර්යයන් කරන විට, අපට අධ්‍යාත්මික මඟ පෙන්වීමක් ලබා ගත හැකි අතර දෙවියන්වහන්සේගේ ආදරයද දැනෙනු ඇත.

මුද්‍රණය කරන්න