අත්පොත් සහ කැඳවීම්
19. සංගීතය


“19. සංගීතය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“19. සංගීතය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
පියානෝව වාදනය කරන කාන්තාව සහ දරුවා

19.

සංගීතය

19.1

සභාවේ සංගීතයේ අරමුණ

පූජනීය සංගීතය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වැඩි කරයි. එමගින් ආත්මයාණන්ට ආරාධනා කරයි, එමෙන්ම දහම උගන්වයි. එය ගෞරවය පිළිබඳ හැඟීමක් ඇති කරයි, සාමාජිකයින්ව එක්සත් කරයි, සහ ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීමට මාර්ගයක් සපයයි.

19.2

නිවසේ සංගීතය

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් හරහා, පුද්ගලයන්ට සහ පවුල්වලට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී උසස් සංගීතය භාවිතා කිරීමට දිරිගන්වා ඇත.

සභාවේ සංගීතයේ පටිගත කිරීම් පහත මූලාශ්‍රවලින් ලබා ගත හැකිය:

19.3

සභා රැස්වීම්වල සංගීතය

19.3.1.

සභාවේ රැස්වීම් සඳහා සංගීතය සැලසුම් කිරීම

කොට්ඨාශ සහ ස්ටේක සංගීත සම්බන්ධීකාරකවරුන් නමස්කාර සේවා සඳහා සංගීතය සැලසුම් කිරීම සඳහා පූජකවරය දරන නායකයින් සමඟ කටයුතු කරති. ඔවුන් රැස්වීම්වලදී නමස්කාරයේ ආත්මය වැඩි දියුණු කරන සංගීතය තෝරා ගනිති.

19.3.2

සක්‍රමේන්තු රැස්වීමේ සංගීතය

සක්‍රමේන්තු රැස්වීමේ සංගීතයට රැස්වීම විවෘත කිරීමට සහ අවසන් කිරීමට සහ සක්‍රමේන්තුව ආශිර්වාද කිරීමට පෙර සභාව විසින් ගායනා කිරීම ඇතුළත් වේ. සක්‍රමේන්තු ගීතිකාව සක්‍රමේන්තුවටම හෝ ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගයට යොමු විය යුතුය.

රැස්වීමට පෙර සාමාජිකයන් රැස් වන විට පූර්විකා සංගීතය වාදනය වේ. අවසාන යාච්ඤාවෙන් පසු, සාමාජිකයින් රැස්වීමෙන් පිටව යන විට වාද්‍යමය පසු සංගීතයක් වාදනය කෙරේ.

සක්‍රමේන්තු රැස්වීමකට රැස්වීම මධ්‍යයේ ගායනා කරන අමතර සභා ගීතිකාවක් ද ඇතුළත් විය හැකිය—උදාහරණයක් ලෙස, කථන පණිවිඩ අතරතුර.

19.3.3

පන්ති සහ අනෙකුත් කොට්ඨාශ රැස්වීම්වල සංගීතය

ගුරුවරුන්ට ඔවුන්ගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම සඳහා ගීතිකා සහ වෙනත් පූජනීය සංගීතය භාවිතා කිරීමට නායකයින් ඔවුන්ව දිරිමත් කරති.

19.3.6

සංගීත භාණ්ඩ

සාමාන්‍යයෙන් පූර්විකා සහ පසු සංගීතය සඳහා සහ සභාවේ රැස්වීම්වලදී ගීතිකා වාදනය සඳහා භාවිතා වන්නේ සජීවී වාද්‍ය භාණ්ඩ ය. ඒවා ලබා ගත හැකි ස්ථාන වලදී සහ සාමාජිකයින්ට ඒවා වාදනය කළ හැකි ස්ථාන වලදී, ඕගනය සහ පියානෝව ඒ සඳහා සම්මත උපකරණ වේ. සභා ගායනය, පූර්විකා සහ පසු සංගීතය සඳහා සහ වෙනත් සංගීත තේරීම් සඳහා වෙනත් උපකරණ භාවිතා කිරීම සභානායකත්වයන්ට අනුමත කළ හැකිය.

පියානෝවක්, ඕගනයක් හෝ සහායක වාදකයෙකු නොමැති නම්, පටිගත කිරීම් භාවිතා කළ හැකිය (බලන්න 19.2).

19.3.7

ගීතිකා කණ්ඩායම්

19.3.7.1

කොට්ඨාශ ගීතිකා කණ්ඩායම්

ප්‍රමාණවත් සාමාජිකයන් සිටින විට, කොට්ඨාශ වලට සක්‍රමේන්තු රැස්වීම්වල ක්‍රමවත්ව ගායනා කරන ගීතිකා කණ්ඩායම් සංවිධානය කළ හැකිය.

කොට්ඨාශ ගීතිකා කණ්ඩායමට අමතරව, සභා රැස්වීම්වලදී ගායනා කිරීමට පවුල් වලට සහ කාන්තාවන්, පිරිමින්, යෞවනයින් හෝ ළමයින්ගෙන් යුත් කණ්ඩායම්වලට ආරාධනා කළ හැකිය.

19.4

කොට්ඨාශයේ සංගීත නායකත්වය

19.4.1.

සභානායකත්වය

කොට්ඨාශයේ සංගීතය සඳහා වගකීම ඇත්තේ සභානායකවරයාටය. ඔහුට මෙම වගකීම ඔහුගේ උපදේශකයින්ගෙන් කෙනෙකුට පැවරිය හැකිය.

19.4.2

කොට්ඨාශයේ සංගීත සම්බන්ධීකාරක

කොට්ඨාශ සංගීත සම්බන්ධීකාරක සේවය කරන්නේ සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ ය. ඔහුට හෝ ඇයට පහත වගකීම් ඇත:

  • සංගීත කටයුතු සම්බන්ධයෙන් සභානායකත්වයට සහ අනෙකුත් කොට්ඨාශ නායකයින්ට උපකාරයක් වීම.

  • සක්‍රමේන්තු රැස්වීම් සඳහා සංගීතය සැලසුම් කිරීම සඳහා සභානායකත්වය සමඟ වැඩ කිරීම (බලන්න 19.3.1 සහ 19.3.2).

  • සභානායකත්වය විසින් ඉල්ලා ඇති පරිදි, කොට්ඨාශ සංගීත කැඳවීම් වල සේවය කිරීමට සාමාජිකයින්ව නිර්දේශ කිරීම. මෙම කැඳවීම් වල සේවය කරන අයට අවශ්‍ය පරිදි සහාය, උපදෙස් සහ පුහුණුව ලබා දෙමින්, ඔවුන්ව පෙළගැස්වීම.

19.4.3

අතිරේක කැඳවීම්

සභානායකත්වයට පහත සඳහන් කැඳවීම් වල සේවය කිරීමට සාමාජිකයන්ව කැඳවිය හැකිය.

19.4.3.1

කොට්ඨාශ සංගීත මෙහෙයවන්නා

සංගීත නායකයා විසින් සක්‍රමේන්තු රැස්වීම සඳහා සහ අනෙකුත් කොට්ඨාශ රැස්වීම් සඳහා ඉල්ලා සිටින පරිදි සභා ගීතිකා මෙහෙයවයි.

19.4.3.2

කොට්ඨාශයේ වාදකයා

කොට්ඨාශ වාදකයා විසින් ඉල්ලා සිටින පරිදි සක්‍රමේන්තු රැස්වීමේදී සහ අනෙකුත් කොට්ඨාශ රැස්වීම්වලදී ගීතිකා සඳහා පූර්විකා සහ පසු සංගීතය සහ ගීතිකා වාදනය සපයයි.

19.7

අතිරේක ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ

19.7.2

පුහුණුවීම්, පුද්ගලික උපදෙස් ලබාගැනීම් සහ ප්‍රසංග සඳහා රැස්වීම් සභාවේ උපකරණ භාවිතය

සාධාරණ විකල්පයක් නොමැති විට, පුහුණුව, මුදල් ගෙවන පුද්ගලික උපදෙස්, සහ සභා ශාලාව භාවිතා කරන ඒකක වල සිටින සාමාජිකයින් සම්බන්ධ වන ප්‍රසංග සඳහා, සභා ශාලාවේ පියානෝ සහ ඕගන භාවිතා කිරීමට පූජකවරය දරන නායකයින්ට අවසර ලබාදිය හැකිය.

මුද්‍රණය කරන්න