අත්පොත් සහ කැඳවීම්
16. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම


“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
යුවලක් යාච්ඤා කරමින්

16.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය දිව්‍යමය වශයෙන් නියම කර ඇති වගකීම් හතරක් කෙරෙහි අවධානය යොමු කරයි (බලන්න 1.2). ඉන් පළමුවැන්න යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත් වීමයි. අපි මෙසේ ශුභාරංචිය අනුව ජීවත් වෙන්නෙමු:

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමෙන්.

  • දිනපතා පසුතැවිලි වීමෙන්.

  • ගැලවීම සහ උත්කර්ෂවත් කිරීමට අදාළ නියෝග අපට ලැබෙන විට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීමෙන්.

  • ඒ ගිවිසුම් රකිමින් අවසානය දක්වා විඳදරා ගැනීමෙන්.

ශුභාරංචිය අනුව ජීවත්වීම මගින් ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට අදාළ අනෙකුත් අංගයන් ද ආවරණය කරයි.

මුද්‍රණය කරන්න