අත්පොත් සහ කැඳවීම්
15. සෙමනේරි සහ ආගමික ආයතනික පන්ති


“15. සෙමනේරි සහ ආගමික ආයතනික පන්ති,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“15. සෙමනේරි සහ ආගමික ආයතනික පන්ති,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
තරුණ ගැහැණු ළමයෙක් පන්තියේ අත ඔසවමින්

15.

සෙමනේරි සහ ආගමික ආයතනික පන්ති

15.0

හැඳින්වීම

සෙමනේරි සහ ආගමික ආයතනික පන්ති (S&I) මගින් යෞවනයන්ට සහ තරුණ වැඩිහිටියන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල වැඩි කරගැනීමට උපකාර කිරීම සඳහා දෙමාපියන්ට සහ සභාවේ නායකයින්ට උපකාර කරයි.

S&I වැඩසටහන් පරිපාලනය කිරීමට නායකයින්ට උපකාර කිරීම සඳහා එක් එක් ස්ටේක සඳහා S&I නියෝජිතයෙකුව පත්කරනු ලැබේ.

15.1

සෙමනේරිය

සෙමනේරිය යනු වසර හතරක වැඩසටහනක් වන අතර, යෞවනයන් විසින් ශුද්ධලියවිලිවල සහ පසුදවස්වල අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම්වල දක්නට ලැබෙන පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අධ්‍යයනය කරනු ලබයි. සෙමනේරි සිසුන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 14–18 අතර වේ.

සභානායකත්වය, යෞවන නායකයින්, සහ ගණපූරණ සහ පන්ති සභාපතිත්වයන් සෑම යෞවනයෙකුටම සෙමනේරියට සම්පූර්ණයෙන් සහභාගී වන ලෙස දිරිගන්වයි.

15.1.1.

ගුරුවරුන්

සෙමනේරි ගුරුවරුන් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිබඳ සාක්ෂියක් ඇති සභා සාමාජිකයන් විය යුතුය. ඔවුන් උගන්වන ප්‍රතිපත්ති අනුව ජීවත් විය යුතු අතර යෞවනයින් සමඟ හොඳින් වැඩ කළ යුතුය. හැකි විට, ගුරුවරුන්ට වත්මන් දේවමාළිගා නිර්දේශයක් තිබිය යුතුය.

ස්ටේක සභාපතිත්වයේ සාමාජිකයෙකු හෝ පවරා ඇති උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකු විසින් ස්ටේක සෙමනේරි ගුරුවරුන්ව සහ ස්ටේක අධීක්ෂකවරුන්ව කැඳවා, වෙන් කර, නිදහස් කරනු ලබයි.

ගුරුවරුන්ව සහ සිසුන්ව ආරක්ෂා කිරීම සඳහා, සෙමනේරි පන්තියක් උගන්වන ගොඩනැගිල්ලේ හෝ නිවසේ වැඩිහිටියන් දෙදෙනෙකු සිටිය යුතුය.

15.1.2

සෙමනේරි විකල්ප

සෑම සතියේ දිනකම සිසුන්ට ගුරුවරයෙකු හමුවිය හැකි විට සෙමනේරිය වඩාත් ඵලදායී වේ. කෙසේ වෙතත්, ආරක්ෂක ගැටළු, ගමන් දුර සහ වෙනත් සාධක හේතුවෙන් මෙය කළ නොහැකි විය හැකිය.

කුමන විකල්පය තෝරාගත යුතු දැයි තීරණය කිරීමට සභාවේ නායකයින් විසින් ඔවුන්ගේ S&I නියෝජිතයා සමඟ සාකච්ඡා කරනු ලබයි:

  • සිසුන්ට ශුභාරංචිය ඉගෙන ගැනීමට සහ ආත්මිකව වර්ධනය වීමට හොඳම උපකාරය.

  • සිසුන්ව ආරක්ෂිතව තබාගැනීම.

  • අනවශ්‍ය ලෙස පවුල්වලට පීඩනයක් නොදීම.

පන්ති ඉරිදා දිනවල නොපැවැත්විය යුතුය.

15.1.3

ගොඩනැගිලි, උපකරණ සහ ද්‍රව්‍ය

රැස්වීම් මධ්‍යස්ථාන හෝ සාමාජිකයින්ගේ නිවෙස් වැනි ස්ථාන සෙමනේරි පන්ති සඳහා ලබා ගත හැකි ද යන බව ස්ටේක සහ කොට්ඨාශ නායකයින් විසින් සහතික කරනු ලබයි.

S&I නියෝජිතයා විසින් එක් එක් පන්තියේ ගුරුවරුන් සහ සිසුන් සඳහා ද්‍රව්‍ය සපයයි. සිසුන් තමන්ගේම ශුද්ධලියවිලි, මුද්‍රිත හෝ ඩිජිටල් ලෙස රැගෙන ආ යුතුය.

15.1.5

ලකුණු සහ සාර්ථකව සම්පූර්ණ කිරීම

සෙමනේරි සිසුන්ට ඔවුන් ක්‍රමවත්ව පන්තියට පැමිණෙන්නේ නම්, ඒවාට සහභාගි වන්නේ නම් සහ පන්තියෙන් පිටත ශුද්ධලියවිලි අධ්‍යයනය කරන්නේ නම් වඩාත් ඵලදායී ලෙස ඉගෙන ගැනීමට සහ ඔවුන්ගේ හැරීම ගැඹුරු කරගැනීමට හැකියාව ඇත. ඔවුන් මේ දේවල් කරන විට, ඔවුන් සෑම වසරකම සෙමනේරි ලකුණු ද උපයා ගන්නා අතර ඔවුන්ට සෙමනේරිය සාර්ථකව සම්පූර්ණ කළ හැකිය.

සෙමනේරිය සාර්ථකව සම්පූර්ණ කිරීමට නම්, ශිෂ්‍යයෙකු වසර හතරක ලකුණු උපයා ගත යුතු අතර සභානායකත්වයේ සාමාජිකයෙකුගෙන් ආගමික අනුමැතිය ලබා ගත යුතුය.

15.2

ආයතනික පන්ති

ආයතනික පන්ති මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල සහ සාක්ෂිය ශක්තිමත් කරන ශුභාරංචි අධ්‍යයන පන්ති සතියේ දින තුළදී සපයයි. වයස අවුරුදු 18–30 අතර සිටින සියලුම තරුණ තනි වැඩිහිටියන්ව, ඔවුන් පාසල් ගියත් නැතත් ආයතනික පන්තිවලට සහභාගි වීමට උනන්දු කළ යුතුය.

15.3

සභා පාසල් සහ සභා අධ්‍යාපන පද්ධතිය

සභාවේ ප්‍රාථමික සහ ද්විතියික පාසල්, BYU-Pathway Worldwide, සහ උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු සඳහා, බලන්න CES.ChurchofJesusChrist.org. සිසුන්ට මෙම පාසල්වලට පැමිණීම සඳහා ආගමික අනුමත කිරීම් සම්පූර්ණ කිරීම පිළිබඳ තොරතුරු ද එහි සපයා ඇත.

මීට අමතරව, CES Ecclesiastical Clearance Office [CES සභා නිෂ්කාශන කාර්යාලය] හරහා, සභාවේ රැකියා සඳහා ආගමික නිෂ්කාශන පිළිබඳ තොරතුරු සොයා ගත හැකිය help.ChurchofJesusChrist.org.

මුද්‍රණය කරන්න