අත්පොත් සහ කැඳවීම්
22. තාවකාලික අවශ්‍යතා සැපයීම සහ ස්වාධීනත්වය ගොඩනැගීම


“22. තාවකාලික අවශ්‍යතා සැපයීම සහ ස්වාධීනත්වය ගොඩනැගීම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“22. තාවකාලික අවශ්‍යතා සැපයීම සහ ස්වාධීනත්වය ගොඩනැගීම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මිනිසෙකු වැඩ කරමින්

22.

තාවකාලික අවශ්‍යතා සැපයීම සහ ස්වාධීනත්වය ගොඩනැගීම

22.0

හැඳින්වීම

සභාවේ සාමාජිකයන් “එකිනෙකාගේ බර ඉසිලීමට ද, … ශෝකවන්නන් සමඟ ශෝකවීමට ද, … තවද සැනසිල්ල අවශ්‍ය අය සැනසීමට ද” ගිවිසුම් තබති (මොසායා 18:8–9).

ඉතා උනන්දුවෙන් වැඩ කිරීමෙන් සහ ස්වාමින්වහන්සේගේ උපකාරයෙන් ඔවුන්ගේම ස්වාධීනත්වය ශක්තිමත් කර ගැනීමට සභාවේ සාමාජිකයින්ට උපදෙස් දෙනු ලැබේ. ස්වාධීනත්වය යනු තමාටම සහ පවුලට ජීවිතයේ ආත්මික සහ ලෞකික අවශ්‍යතා සපයාගැනීමට ඇති හැකියාව, කැපවීම සහ උත්සාහයයි


තනි පුද්ගල සහ පවුලේ උත්සාහයන්


22.1

ස්වාධීනත්වය ගොඩනැගීම

ස්වාමින්වහන්සේගේ උපකාරය සමඟ, සාමාජිකයින් පහත දැක්වෙන ආකාරවලින් ස්වාධීනත්වය ගොඩනගා ගනිති:

  • අධ්‍යාත්මික, ශාරීරික සහ චිත්තවේගීය ශක්තිය වර්ධනය කරගැනීමෙන්.

  • අධ්‍යාපනය හා රැකියා ලබාගැනීමෙන්.

  • ලෞකික සූදානම වැඩි දියුණු කරගැනීමෙන්.

22.1.4

ලෞකික සූදානම

සූදානම් වී සිටීමේ වැදගත්කම ශුද්ධලියවිලි උගන්වයි (බලන්න එසකියෙල් 38:7; දහම සහ ගිවිසුම් 38:30). සාමාජිකයින්ට සූදානම් වීමට උපදෙස් දෙනු ලැබේ, එවිට ඔවුන්ට අවශ්‍ය අවස්ථාවන්හිදී තමන්ව, තම පවුලේ අයව සහ අනෙක් අයව රැකබලා ගැනීමට හැකි වේ.

සාමාජිකයින් ඔවුන්ගේ මූල්‍ය සූදානම වැඩි කරගන්නේ:

  • දසයෙන් කොටස සහ පිදුම් ගෙවීමෙන් (බලන්න මලාකි 3:8–12).

  • හැකිතාක් දුරට ණය ඉවත් කිරීමෙන් සහ වළක්වා ගැනීමෙන්.

  • අයවැයක් සකස් කිරීමෙන් සහ ඒ තුළ ජීවත් වීමෙන්.

  • අනාගතය සඳහා ඉතිරි කිරීමෙන්.

  • ඔවුන් වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුල් වලට උපකාර කිරීම සඳහා සුදුසු අධ්‍යාපනයක් ලබා ගැනීමෙන් (බලන්න 22.3.3).

හදිසි අවස්ථාවකදී මූලික අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සකස් කිරීම ද සූදානම් වී සිටීමට ඇතුළත් ය. ආහාර, ජලය සහ අනෙකුත් අවශ්‍යතා කෙටි කාලීනව සහ දිගු කාලීනව ගබඩා කර තිබීම සඳහා සාමාජිකයින්ව දිරිමත් කරනු ලැබේ.

22.2

ලෞකික හා චිත්තවේගීය අවශ්‍යතා ඇති අයට දේවසේවය කිරීම

ස්වාමින්වහන්සේගේ ගෝලයන්ට උගන්වනු ලබන්නේ “ප්‍රේම කිරීමට … සහ එකිනෙකාට සේවය කිරීමට” මෙන්ම “අවශ්‍යතා ඇතිව සිටින අයට … උපකාර කිරීමට” ය (මොසායා 4:15–16). සාමාජිකයින් අනෙක් අයට ආවේණික වූ ශක්තීන් සහ අවශ්‍යතා අවබෝධ කර ගනිමින්, ගැලවුම්කරුවාණන් අනෙක් අයව දකින ආකාරයටම ඔවුන්ව දැකීමට උත්සාහ කරති. මෙම අවශ්‍යතාවලට ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, රැකියාව, ශාරීරික සෞඛ්‍යය සහ චිත්තවේගීය යහපැවැත්ම ඇතුළත් විය හැකිය.

22.2.1.

ස්වාමින්වහන්සේගේ ගබඩාව

ලෞකික අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා සභාවේ ඇති සියලුම සම්පත් ස්වාමින්වහන්සේගේ ගබඩාව ලෙස හැඳින්වේ (බලන්න දහම සහ ගිවිසුම් 82:18–19). අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා සාමාජිකයින් ලබාදෙන කාලය, කුසලතා, අනුකම්පාව, ද්‍රව්‍ය සහ මූල්‍ය සම්පත් පිරිනැමීම් මේවාට ඇතුළත් වේ.

ස්වාමින්වහන්සේගේ ගබඩාව සෑම කොට්ඨාශයකම සහ ස්ටේකයකම පවතී. කොට්ඨාශ සහ ස්ටේක සාමාජිකයින් විසින් පිරිනමනු ලබන දැනුම, කුසලතා සහ සේවාව මත පදනම්ව පුද්ගලයන්ට සහ පවුල්වලට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා විසඳුම් සෙවීමට නායකයින්ට බොහෝ විට උපකාර කළ හැකිය.

22.2.2

නිරාහාර නීතිය සහ නිරාහාර පිදුම්

ස්වාමින්වහන්සේ තම සෙනඟට ආශිර්වාද කිරීමට සහ අවශ්‍යතා ඇති අයට සේවය කිරීමට මාර්ගයක් ලබා දීමට නිරාහාරය පිළිබඳ නීතිය සහ නිරාහාර පිදුම් ස්ථාපිත කර ඇත. සාමාජිකයන් මෙම නිරාහාර නීතිය අනුව ජීවත් වන විට ඔවුන් ස්වාමින්වහන්සේට සමීප වන අතර ආත්මික ශක්තියෙන් වැඩි වර්ධනය වෙති. (බලන්න යෙසායා 58:6–12; මලාකි 3:8–12.)

නිරාහාරව සිටීම ඕනෑම වේලාවක සිදු කළ හැකිය. කෙසේ වෙතත්, සාමාජිකයින් සාමාන්‍යයෙන් මාසයේ පළමු සබත් දිනය නිරාහාර දිනයක් ලෙස පවත්වති. නිරාහාර දිනයකට සාමාන්‍යයෙන් පහත සඳහන් දේ ඇතුළත් වේ:

  • යාච්ඤා කිරීම

  • පැය 24 ක කාලයක් ආහාර පාන නොමැතිව සිටීම (ශාරීරිකව හැකියාව තිබේ නම්)

  • ත්‍යාගශීලී නිරාහාර පිදුමක් ලබා දීම

නිරාහාර පිදුමක් යනු අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා ලබාදෙන පරිත්‍යාගයකි. සාමාජිකයන් නිරාහාරව සිටින විට, අවම වශයෙන් ඔවුන් ආහාරයට නොගත් ආහාර වේල් වල වටිනාකමට සමාන පිදුමක් ලබා දීමට ඔවුන්ට ආරාධනා කරනු ලැබේ.

සාමාජිකයින්ට ඔවුන්ගේ නිරාහාර පිදුම සහ සම්පූර්ණ කරන ලද දසයෙන් කොටස සහ වෙනත් පිදුම් පෝරමය සභානායකවරයාට හෝ ඔහුගේ උපදේශකයෙකුට ලබා දිය හැකිය. සමහර ප්‍රදේශවල, ඔවුන්ට ඔවුන්ගේ පිදුම් අන්තර්ජාලය හරහා ද කළ හැකිය.


නායක උත්සාහයන්


22.3

ස්වාධීනත්වය ගොඩනැගීම සහ අවශ්‍යතා ඇති අයට දේවසේවය කිරීමේ රටාව

22.3.1.

අවශ්‍යතා ඇති අයව සෙවීම

අවශ්‍යතා ඇති අයව සොයා බලා ඔවුන්ව රැකබලා ගැනීමේ පරිශුද්ධ වගකීමක් සභානායකවරයාට ඇත (බලන්න දහම සහ ගිවිසුම් 84:112). මෙම වගකීම සඳහා සභානායකවරයාට උපකාර කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන අනෙකුත් අය වන්නේ:

  • දේවසේවා සහෝදර සහෝදරියන්.

  • සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන්.

  • සභානායකවරයාගේ උපදේශකයින්.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභාවේ අනෙකුත් සාමාජිකයින්.

22.3.2

සාමාජිකයින්ට කෙටි කාලීන අවශ්‍යතා තක්සේරු කිරීමට සහ විසඳීමට උදවු කිරීම

සාමාජිකයින් තම මූලික අවශ්‍යතා සපුරාගැනීමට උත්සාහ කරන්නේ ඔවුන්ගේම උත්සාහයෙන් සහ පවුලේ ලඟම අයගේ උපකාරයෙනි. මෙය ප්‍රමාණවත් නොවන විට, සාමාජිකයින්ට වෙනත් මූලාශ්‍රවලින් උපකාර අවශ්‍ය විය හැකිය, ඒවා නම්:

  • රාජ්‍ය සහ ප්‍රජා සම්පත් (බලන්න 22.12).

  • සභාවේ උපකාර.

සභාවේ උපකාරයට ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, නිවාස හෝ වෙනත් මූලික අවශ්‍යතා වැනි කෙටි කාලීන අවශ්‍යතා සඳහා උපකාර ඇතුළත් විය හැකිය. මෙම අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සභානායකවරුන්ට නිරාහාර පිදුම් භාවිතා කළ හැකිය. සභානායකවරුන්ගේ ඇණවුම් ලබා ගත හැකි ස්ථානවලදී, සභානායකවරුන් සාමාන්‍යයෙන් ආහාර සහ අනෙකුත් මූලික භාණ්ඩ සැපයීම සඳහා ඒවා භාවිතා කරයි (බලන්න “Leader and Clerk Resources [LCR] හි Bishops’ Orders and Referrals”).

22.3.3

සාමාජිකයින්ට දිගුකාලීන ස්වාධීනත්වයක් ගොඩනගා ගැනීමට උදවු කිරීම

දිගු කාලීන අභියෝගවලට මුහුණ දීම සඳහා සාමාජිකයින්ට අඛණ්ඩ සහාය අවශ්‍ය විය හැකිය. අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව හෝ වෙනත් සම්පත් වලට ඔවුන්ට ස්වාධීනත්වය ගොඩනගා ගැනීම සඳහා සහ ඔවුන්ගේ දිගුකාලීන අවශ්‍යතා සඳහා උපකාර කළ හැකිය.

සාමාජිකයින්ට ඔවුන්ගේ ශක්තීන් සහ අවශ්‍යතා හඳුනා ගැනීමට ස්වාධීනත්ව සැලැස්ම උපකාරී වේ. ප්‍රයෝජනවත් උපකාරක හඳුනා ගැනීමට ද එය ඔවුන්ට උපකාර කරයි. සභාවේ ආධාර ලබාදීම සලකා බලන සෑම අවස්ථාවකදීම මෙම සැලැස්ම භාවිතා කළ යුතුය.

22.3.4

චිත්තවේගීය අවශ්‍යතා ඇති අයට දේවසේවය කිරීම

බොහෝ සාමාජිකයින් චිත්තවේගීය අභියෝගවලට මුහුණ දෙති. මෙම අභියෝග සඳහා සාමාජිකයින්ට උපකාර කිරීමට දේවසේවා සහෝදර සහෝදරියන් සහ කොට්ඨාශ නායකයින් උපකාරී වෙති.

22.4

සභාවේ උපකාර සැපයීම සඳහා මූලධර්ම

ස්වාමින්වහන්සේගේ උපකාරයෙන්, සාමාජිකයන් ඔවුන් වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සැපයීමට උත්සාහ කරති.

සභාවේ උපකාර ලබාදීම යන්නෙන් අදහස් කරන්නේ සාමාජිකයන්ට යැපෙන්නට නොව ස්වාධීනත්වය වර්ධනය කරගැනීමට උපකාර කිරීමයි. ලබා දෙන ඕනෑම උපකාරයක් ස්වාධීන වීමට සාමාජිකයින්ගේ උත්සාහයන් ශක්තිමත් කළ යුතුය.

22.4.1

පුද්ගලික සහ පවුල් වගකීම් දිරිමත් කිරීම

පුද්ගලයන්ගේ සහ පවුල්වල ලෞකික, චිත්තවේගීය සහ අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා මූලික වගකීම ඇත්තේ ඔවුන්ටම බව නායකයෝ උගන්වති.

සභාවේ උපකාරය සැපයීමට පෙර, සභානායකවරයා (හෝ ඔහු පවරන වෙනත් නායකයෙකු හෝ සාමාජිකයෙකු) ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන් භාවිතා කරන සම්පත් මොනවාද යන්න සාමාජිකයින් සමඟ සමාලෝචනය කරයි.

22.4.2

අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා තාවකාලික ආධාර සැපයීම

සභාවේ උපකාර ලබාදීමේ ඉලක්කය වන්නේ සාමාජිකයින් ස්වාධීන වීමට උත්සාහ කරන අතරතුර එම මූලික අවශ්‍යතා තාවකාලිකව සපුරාලීමයි.

ලබා දෙන උපකාරයේ ප්‍රමාණය සහ කාලසීමාව සලකා බැලීමේදී සභානායකවරුන් හොඳින් ඒ ගැන සලකා බැලිය යුතු අතර අධ්‍යාත්මික මගපෙන්වීමක් ලබා ගත යුතුය. යැපීමක් ඇති නොකරන අතරතුරම ඔවුන් දයානුකම්පිත හා ත්‍යාගශීලී විය යුතුය.

22.4.3

මුදල් වෙනුවට සම්පත් හෝ සේවා සැපයීම

හැකි නම්, සභානායකවරයා මුදල් ලබා දීමෙන් වැළකී සිටිය යුතුය. ඒ වෙනුවට, ඔහු සාමාජිකයින්ට සිල්ලර බඩු හෝ සේවාවන් සැපයීම සඳහා නිරාහාර පිදුම් හෝ සභානායකවරුන්ගේ ඇණවුම් භාවිතා කළ යුතුය. සාමාජිකයින්ට ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා සඳහා ගෙවීමට තම මුදල් භාවිතා කළ හැකිය.

මෙය ප්‍රමාණවත් නොවන විට, අත්‍යවශ්‍ය බිල්පත් තාවකාලිකව ගෙවීමට නිරාහාර පිදුම් භාවිතා කිරීමෙන් සභානායකවරයාට සහාය විය හැකිය (බලන්න 22.5.2).

22.4.4

රැකියා හෝ සේවා අවස්ථා ලබාදීම

තම හැකියාවෙන් වැඩ කිරීමට හෝ සේවය කිරීමට සභානායකවරු එම ආධාර ලබන්නන්ට ආරාධනා කරති. සාමාජිකයින්ට ගෞරවය පිළිබඳ හැඟීමක් පවත්වා ගැනීමට මෙය උපකාරී වේ. එය ඔවුන්ගේ ස්වාධීන වීමේ හැකියාව ද වැඩි කරයි.

22.4.5

සභාවේ උපකාර පිළිබඳ තොරතුරු රහසිගතව තබාගැනීම

සභාවේ සහාය අවශ්‍ය විය හැකි සාමාජිකයින් පිළිබඳ ඕනෑම තොරතුරක් සභානායකවරයා සහ අනෙකුත් කොට්ඨාශ නායකයින් රහසිගතව තබා ගනිති. මෙය සාමාජිකයින්ගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කරයි.

22.5

සභාවේ උපකාර සැපයීම සඳහා ප්‍රතිපත්ති

ආහාර සහ අනෙකුත් මූලික භාණ්ඩ සඳහා නිරාහාර පිදුම් හෝ සභානායකවරුන්ගේ ඇණවුම් හරහා උපකාර සැපයීමේදී සභාවේ නායකයින් විසින් මෙම කොටසේ දක්වා ඇති ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය.

22.5.1

සභාවේ ආධාර ලබන්නන් සම්බන්ධ ප්‍රතිපත්ති

22.5.1.1

කොට්ඨාශයේ සාමාජිකයින් සඳහා උපකාර

සාමාන්‍යයෙන්, සභාවේ උපකාර ලබන සාමාජිකයින් එම කොට්ඨාශයේ මායිම්වල ජීවත් විය යුතු අතර ඔවුන්ගේ සාමාජික වාර්තාව එම කොට්ඨාශයේ තිබිය යුතුය. එම සාමාජිකයා නිතිපතා සභාවේ රැස්වීම්වලට සහභාගි වන්නේද නැතහොත් සභාවේ ප්‍රමිතීන් අනුගමනය කරන්නේද යන්න නොසලකා උපකාර ලබාදිය හැකිය.

22.5.1.2

සභානායකවරුන්ට සහ ස්ටේක සභාපතිවරුන්ට උපකාර කිරීම

සභානායකවරයෙකුට ඔහු වෙනුවෙන් හෝ ඔහුගේ පවුල වෙනුවෙන් නිරාහාර පිදුම් භාවිතා කිරීමට හෝ සභානායකවරුන්ගේ ඇණවුම් අනුමත කිරීමට පෙර ස්ටේක සභාපතිවරයාගේ ලිඛිත අනුමැතිය අවශ්‍ය වේ.

22.5.1.4

සභාවේ සාමාජිකයන් නොවන පුද්ගලයින්ට උපකාර කිරීම

සභාවේ සාමාජිකයන් නොවන පුද්ගලයින්ව සාමාන්‍යයෙන් උපකාර ලබාගැනීම සඳහා ප්‍රාදේශීය ප්‍රජා සම්පත් වෙත යොමු කරනු ලැබේ. දුර්ලභ අවස්ථාවන්හිදී, ආත්මයාණන් විසින් මගපෙන්වනු ලබන පරිදි, සභානායකවරයාට නිරාහාර පිදුම් හෝ සභානායකවරුන්ගේ ඇණවුම් භාවිතා කරමින් ඔවුන්ට උපකාර කළ හැකිය.

22.5.2

නිරාහාර පිදුම් භාවිතා කිරීම පිළිබඳ ප්‍රතිපත්ති

22.5.2.1

වෛද්‍ය සහ අනෙකුත් සෞඛ්‍ය සේවා

සභාවේ එක් එක් ප්‍රදේශය සඳහා වෛද්‍ය, දන්ත හෝ මානසික සෞඛ්‍ය වියදම් ගෙවීම සඳහා නිරාහාර පිදුම් භාවිතා කිරීම සඳහා අනුමත සීමාවන් ස්ථාපිත කර ඇත.

අනුමත මුදල සහ මාර්ගෝපදේශ සඳහා, බලන්න “Use of Fast Offerings for Medical Expenses.”

22.5.2.3

නිරාහාර පිදුම් ආපසු ගෙවීම

සාමාජිකයින් සභාවෙන් ලබාගන්නා නිරාහාර පිදුම් උපකාර ආපසු ගෙවන්නේ නැත.

22.5.2.4

කොට්ඨාශයේ නිරාහාර පිදුම් වියදම් ප්‍රමාණය

සභානායකවරුන් විසින් කොට්ඨාශයේ සාමාජිකයින් සඳහා ලබාදෙන නිරාහාර පිදුම් උපකාර කොට්ඨාශය තුළ එකතු කරන පරිත්‍යාග ප්‍රමාණයට සීමා කිරීම අවශ්‍ය නොවේ.

22.5.3

ගෙවීම් සිදුකිරීම පිළිබඳ ප්‍රතිපත්ති

හැකි නම්, භාණ්ඩ හා සේවා සපයන ව්‍යාපාරවලට සෘජුවම ගෙවීම් කළ යුතුය.

22.5.4

සභානායකවරයෙකුට හෝ ස්ටේක සභාපතිවරයෙකුට ප්‍රතිලාභ ලැබෙන ගෙවීම් පිළිබඳ ප්‍රතිපත්ති

සාමාජිකයින්ට නිරාහර පිදුම් හරහා උපකාර ලබා දෙන විට, සභානායකවරයෙකුට ඔහුට පුද්ගලිකව ප්‍රතිලාභ ගෙන දෙන ආකාරයෙන් භාණ්ඩ හෝ සේවා සඳහා ගෙවීමට අරමුදල් භාවිතා කළ නොහැකිය.

සාමාජිකයෙකු සඳහා ගෙවන නිරාහාර පිදුමක් නිසා ස්ටේක සභාපතිවරයාට හෝ ඔහු සතු ව්‍යාපාරයකට ප්‍රතිලාභ ලබා දෙන්නේ නම්, ප්‍රාදේශීය සභාපතිත්වයේ අනුමැතිය අවශ්‍ය වේ.

22.6

කොට්ඨාශ නායකයින්ගේ භූමිකාවන්

22.6.1.

සභානායකවරයා සහ ඔහුගේ උපදේශකයින්

ලෞකික අවශ්‍යතා ඇති අය ගැන සොයා බලා ඔවුන්ව රැකබලා ගැනීමට සභානායකවරයාට දිව්‍යමය නියෝගයක් ඇත (බලන්න දහම සහ ගිවිසුම් 84:112). ඔහු මෙම කාර්යයෙන් වැඩි කොටසක් සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන්ට පවරයි. කෙසේ වෙතත්, ඇතැම් රාජකාරි ඉටු කරනු ලබන්නේ සභානායකවරයා විසින් පමණි. උදාහරණයක් ලෙස, සභානායකවරයා:

  • සපයන ඕනෑම ලෞකික උපකාරයක වර්ගය, ප්‍රමාණය සහ කාලසීමාව තීරණය කරයි.

  • නිරාහාර පිදුම් උපකාර (බලන්න 22.4 සහ 22.5) සහ ආහාර සහ අනෙකුත් මූලික භාණ්ඩ සඳහා සභානායකවරුන්ගේ ඇණවුම් අනුමත කරයි (බලන්න 22.13).

  • සාමාජිකයින්ගේ ස්වාධීනත්ව සැලසුම් පුද්ගලිකව සමාලෝචනය කරයි. අවශ්‍ය පරිදි එම සැලසුම් පසු විපරම් කිරීමට ඔහු අනෙකුත් කොට්ඨාශ නායකයින්ට පවරයි.

සභානායකවරයාට සහ ඔහුගේ උපදේශකයින්ට පහත වගකීම් ඇත:

  • (1) ලෞකික සහ චිත්තවේගීය අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම සහ (2) ස්වාධීනත්වය ගොඩනැගීමට අදාළ ප්‍රතිපත්ති සහ ආශිර්වාද ඉගැන්වීම (බලන්න 22.1).

  • නිරාහාර නීතිය පිළිබඳ ඉගැන්වීම සහ ත්‍යාගශීලී නිරාහාර පිදුමක් ලබාදීම සඳහා සාමාජිකයින්ව දිරිමත් කිරීම (බලන්න 22.2.2).

  • නිරාහාර පිදුම් එකතු කිරීම සහ ගිණුම්කරණය අධීක්ෂණය කිරීම (බලන්න 34.3.2).

22.6.2

සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන්

සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ, සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන්ට කොට්ඨාශයේ අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඇත (බලන්න 8.2.2 සහ 9.2.2). මෙම නායකයින් කොට්ඨාශ සාමාජිකයින්ට උගන්වන්නේ:

  • අවශ්‍යතා ඇති අයට දේවසේවය කිරීමට.

  • නිරාහාර නීතිය අනුව ජීවත් වීමට.

  • ස්වාධීනත්වය ගොඩනැගීමට.

  • පුද්ගලික සහ පවුලේ සූදානම වැඩි කරගැනීමට.

22.6.3

දේවසේවා සහෝදර සහෝදරියන්

අධ්‍යාත්මික සහ ලෞකික අවශ්‍යතා සඳහා උපකාර කිරීම බොහෝ විට ආරම්භ වන්නේ දේවසේවා සහෝදර සහෝදරියන් මගිනි (බලන්න 21.1). දේවසේවා සම්මුඛ සාකච්ඡා අතරතුරදී සහ වෙනත් අවස්ථා වලදී, ඔවුන් සේවය කරන අයගේ අවශ්‍යතා ඔවුන්ගේ වැඩිහිටි ගණපූරණ හෝ සහන සමිති සභාපතිත්වයන්ට ඔවුන් වාර්තා කරති. පුද්ගලික අවශ්‍යතා ඔවුන්ට සෘජුවම සභානායකවරයා සමඟ බෙදා ගත හැකිය.

22.7

කොට්ඨාශ මන්ත්‍රණ සභාවේ කාර්යභාරය

කොට්ඨාශ මන්ත්‍රණ සභාවේ වැදගත් කාර්යභාරයක් වන්නේ අවශ්‍යතා ඇති අය රැකබලා ගන්නේ කෙසේද යන්න සැලසුම් කිරීම සහ ඔවුන්ට ස්වාධීන වීමට උපකාර කිරීමයි (බලන්න 4.4). මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් මෙම සැලසුම් පදනම් කරගනු ලබන්නේ දේවසේවා සම්මුඛ සාකච්ඡා සහ අවශ්‍යතා ඇති අය සමඟ ඔවුන්ගේ පුද්ගලික සම්බන්ධතා වලින් ලැබෙන තොරතුරු මත ය. සාමාජිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කිරීමේදී, රහස්‍යභාවය ඉල්ලා සිටින ඕනෑම අයෙකුගේ දැඩි උවමනාවන්ට මෙම මන්ත්‍රණ සභාව ගරු කරයි.

22.8

කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාවේ කාර්යභාරය

කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාවේ එක් අරමුණක් වන්නේ යෞවනයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැපවූ අනුගාමිකයන් වීමට උපකාර කිරීමයි (බලන්න 29.2.6).

සභානායකත්වයේ මගපෙන්වීම යටතේ, කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාව ඔවුන්ගේ කොට්ඨාශයේ සහ ප්‍රජාවේ අවශ්‍යතා ඇති අයට සේවය කිරීමට ක්‍රම සැලසුම් කරයි.

මුද්‍රණය කරන්න