2021
සමාව දීමට ශක්තිය සොයාගැනීම
2021 ජුනි


සමාව දීමට ශක්තිය සොයාගැනීම යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2021 ජුනි, 10–11.

එන්න, මා අනුගමනය කරන්න

සමාව දීමට ශක්තිය සොයාගැනීම

අන් අයට සමාව දෙන ලෙස ස්වාමින්වහන්සේ අපට ආඥා කර ඇත. මෙම ආඥාවද ඇතුළුව, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උන්වහන්සේ අපට උපකාර කරනු ඇත.

දහම සහ ගිවිසුම් 64:10

රූපය
කාන්තාවක් තමා දෙසට අත දිගු කරන අයෙකු දෙස බලා සිටිමින්

නිදර්ශනය ජේම්ස් මැඩ්සන් විසිනි

සමහර ආඥාවන් අනෙක් ඒවාට වඩා තබාගැනීම දුෂ්කර බවක් පෙනේද?

මෙන්න බොහෝ මිනිසුන් බිය ගන්වන එකක්: “ස්වාමින්වහන්සේ වන, මම, කමාව දෙන්නාට මම කමාවන්නෙමි, එහෙත් සියලු මනුෂ්‍යයන්ට කමාව දීම නුඹලාගෙන් අවශ්‍ය වන්නේය” (දහම සහ ගිවිසුම් 64:10).

නවතින්න. අපට වැරැදි කළ සෑම කෙනෙකුටම අප සමාව දිය යුතුද? එය කළ හැක්කක්ද?!

ඔබට නපුරු දෙයක් පැවසීම හෝ රාත්‍රී කෑම මේසයේ අන්තිම රෝල් එක ගැනීම ගැන යමෙකුට සමාව දීම එක දෙයකි. නමුත් ගැඹුරු තුවාල ගැන කුමක් කිව හැකිද? එම බරපතල වැරදි අපගේ ජීවිත ගමන කඩාකප්පල් කිරීමට හෝ වෙනස් කිරීමට පවා ඉඩ ඇත?

සමහරවිට අපට දරුණු ලෙස රිදවූ කෙනෙකුට සමාව දීමට ඇති හැකියාව අපට ලඟාවිය නොහැකි තරම් දෙයක් විය හැකිය.

සුභ පණිවිඩය මෙන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපකාරයෙන්, අප කිසිවිටෙකත් අපට තනිවම කළ හැකි දේවල් වලට සීමා නොවේ.

ඇයට අවශ්‍ය වූ උපකාරය

නෙදර්ලන්තයේ සැදැහැවත් කිතුනුවකු වන කෝරි ටෙන් බූම්, යමෙකුට සමාවදීමට ඇයට උපකාර කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටීමේ බලය ඇය විසින්ම සොයාගත්තාය.

ඇයව සහ ඇයගේ සහෝදරිය බෙට්සිව දෙවන ලෝක යුද්ධ සමයේ දේශපාලනය පිළිබඳ හිරකරුවන්ගේ බන්ධනාගාර වල සිරගත කර තිබුණි. කෝරි ඇතුළු පිරිස නාසි බන්ධනාගාර නියාමකයින්ගෙන් දරුණු අපයෝජනයන් විඳදරා ගත්හ. ඇගේ සොහොයුරිය වූ බෙට්සි එම අපයෝජන හේතුවෙන් මිය ගියාය. කෝරි දිවි ගලවා ගත්තාය.

යුද්ධයෙන් පසු, කෝරි අන් අයට සමාවදීමේ සුව කිරීමේ බලය සොයාගත්තාය. ඇය බොහෝ අවස්ථා වල ඇගේ පණිවිඩය පොදු හමුවීම් තුළ බෙදාගත්තාය. නමුත් එක් දිනක් ඇගේ වචන අවසාන පරීක්ෂාවට ලක්විය.

පොදු කථාවක් කිරීමෙන් පසුව, කඳවුරු වල සිටි කුරිරු බන්ධනාගාර නියාමකයන්ගෙන් කෙනෙකුව කෝරිට මුණගැසිණ.

යුද්ධයෙන් පසු තමා කිතුනුවකු වූ බවත් බන්ධනාගාර නියාමකයෙකු ලෙස තමා කළ බිහිසුණු දේවල් ගැන පසුතැවිලි වූ බවත් ඔහු කෝරිට පැවසුවේය.

ඔහු ඔහුගේ අත දිගු කරමින් මෙසේ ඇසුවේය, “ඔබ මට සමාව දෙනවාද?”

අන් අයට සමාවදීම ගැන ඇය ඉගෙනගෙන සහ බෙදාගෙන තිබූ සියලු දේ එසේ තිබියදීත්, කෝරිට මෙම මිනිසාගේ අත පිළිගෙන ඔහුට සමාව දිය නොහැකි විය—කෙසේවෙතත්, ඇය විසින්ම ඇයට එය කළ නොහැකි විය.

පසුව ඇය මෙසේ ලිවීය, “කෝපාවිෂ්ට, පළිගැනීමේ සිතුවිලි මා තුළින් ඇවිස්සෙමින් තිබූ අතර, ඔවුන් කළ පාපය මම දුටුවෙමි. … ස්වාමින් වූ යේසුස්වහන්ස, මම යාච්ඤා කළෙමි, මට සමාව දී ඔහුට සමාව දීමට මට උදව් කළ මැනව.

“මම සිනාසීමට උත්සාහ කළ අතර, [එමෙන්ම] මම අත ඔසවන්නට වෑයම් කළෙමි. මට නොහැකි විය. මට කිසිවක් දැනුනේ නැත, උණුසුම හෝ පවිත්‍ර ප්‍රේමයේ සුළු ආලෝකයක්වත් මට නොදැණුනි. ඒ නිසා මම නැවතත් නිහඬ යාච්ඤාවක් කළෙමි. යේසුස්වහන්ස, මට ඔහුට සමාව දිය නොහැකියි. මට ඔබවහන්සේගේ සමාව ලබාදෙනු මැනව.

“මම ඔහුගේ අත ගත්විට වඩාත්ම ඇදහිය නොහැකි දෙයක් සිදුවිය. මගේ උරහිස සිට මගේ අත සහ මගේ අත හරහා ධාරාවක් මා වෙතින් ඔහු වෙතට යන බවක් දැනෙන්නට වූ අතර, මා බොහෝ සෙයින් යටපත් කළ මෙම ආගන්තුකයා කෙරෙහි මගේ හදවතට ආදරයක් ජනිත විය.

“ලෝකයේ සුවකිරීමට ප්‍රධාන හේතුව වන්නේ අපගේ යහපත්කම නැතිනම් ඊටත් වඩා අපගේම සමාව නොවන බවත්, නමුත් උන්වහන්සේ බවත් මම එවිට සොයාගත්තෙමි. අපේ සතුරන්ට ප්‍රේම කරන්න කියා උන්වහන්සේ අපට පැවසූ විට, එම ආඥාවත් සමඟම, උන්වහන්සේ ප්‍රේමයද ලබාදෙයි.”1

එය අපහසු අවස්ථා වලදී වුවත්—සමාව දීමේ ආඥාව ඇතුළුව උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට ඔබට උදව් කිරීමට දෙවියන්වහන්සේ සිටියි. ඔහු කෝරි ටෙන් බූම්ට උදව් කළාක් මෙන් උන්වහන්සේට ඔබටද උදව් කළ හැකිය.

ඔබ ලැබිය යුතු සුවකිරීම

ජීවිතය ව්‍යාකූලයි. එය අවුල් සහගතයි. එමෙන්ම එය දෙවියන්වහන්සේ විසින් ලබාදෙන ලද තෝරාගැනීමේ නිදහස ඇති පුද්ගලයින්ගෙන් පිරී ඇත.

කවුරුහරි ඔබට බරපතල වේදනාවක් ගෙන දෙන තේරීමක් කරන විට—හෝ අහම්බෙන් එසේ කළ විට—උපකාර ඉල්ලා යාච්ඤා කර සමාව දීමට උත්සාහ කරන විට ඔබට සුව කිරීමේ බලය ලබාගත හැකිය.

අන් අයට සමාව දීමෙන් ඔබේ ප්‍රාණයට සුවයක් ලැබේ. දෙවියන්වහන්සේගේ උදව්වෙන්, ඔබට වරදක් කළ කෙනෙකුට ඔබ සමාව දෙන විට, ඔබව ආපස්සට ඇද තබාගන්නා ඔබේ උරහිස් මත ඇති දරුණු බරක් ඔබ අතහැර දමනු ඇත. සැබෑ සුවය සඳහා මාර්ගය දුෂ්කර යැයි හැඟෙන විට පවා, දෙවියන්වහන්සේ සමඟ, ඔබට එහි කිසිවිටෙකත් තනිවම ගමන් කිරීමට අවශ්‍ය නොවේ.

සටහන්

  1. Corrie ten Boom, The Hiding Place (1971), 215.

  2. Jeffrey R. Holland, Oct. 2018 general conference (Ensign or Liahona, Nov. 2018, 79).

මුද්‍රණය කරන්න