“මට යේසුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍යයි,” මිතුරා 2021 මාර්තු
යේසුස්වහන්සේගේ කතාන්දර
මට යේසුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍යයි
එක දවසක් යේසුස්වහන්සේ බෝට්ටුවකට නැග්ගා. එය වතුරට දියත් කරන ලෙස ඔහු ධීවරයින්ට කිව්වා. ඔහු බෝට්ටුව මත නැගලා වෙරෙළේ ඉන්න මිනිසුන් පිරිසකට ඉගැන්වූවා.
ඊට පස්සේ පේදුරු කියන ධීවරයාට ඔහුගේ දැල පහතට දාන්න කියලා යේසුස්වහන්සේ කිව්වා. මුළු දවසම ඔහුට එක මාලුවෙක්වත් අල්ලගන්න බැරිවුනත්, ඔහු ආයෙත් උත්සහ කරන්නම් කියා පේදුරු කිව්වා. මේ වෙලාවෙ, පේදුරු බෝට්ටු දෙකක් පිරෙන තරම් මාලු අල්ලගත්තා!
ඔවුන්ගේ බෝට්ටු අතහැර දමා යේසුස්වහන්සේ පසුපස එන්න කියා ඔහු ධීවරයින්ට කිව්වා. ඔහුට අවශ්‍ය වූයේ ඔවුන්ව ඔහුගේ ගෝලයන් කරගන්නයි.
ඔහු ස්වර්ගයේ පියාණන් ගැන උගන්වද්දී යේසුස්වහන්සේගේ ගෝලයන් අහගෙන උන්නා. යේසුස්වහන්සේ ලෙඩුන්ව සුව කරන විදියත් ඒවගේම අන් අයට ආදරේ පෙන්වන විදියත් ඔවුන් බලාගෙන උන්නා. යේසුස්වහන්සේ මැරුනට පස්ස්සෙ, යේසුස්වහන්සේ කරනවා ඔවුන් දැකලා තිබුණු දේවල් ඔවුන් කළා. ඔවුන් ඉගැන්වූවා, සුවකළා, ඒවගේම ආදරේ කළා.
මම කියන සහ කරන දේවල් වලින් මට අනෙක් අයට යේසුස්වහන්සේ ගැන උගන්වන්න පුලුවන්. මට අනෙක් අයගේ රිදුනු හිත් කරුණාවෙන් සුවකරන්න පුලුවන්. අසනීප සහ දුප්පත් අයට උදව් කරන්න මට පුලුවන්. මම යේසුස්වහන්සේ වගේ මගේ ආදරේ පෙන්නනවා.
පාට කරන පිටුව
මම යේසුස්වහන්සේව අනුගමනය කළාම සතුටු වෙනවා
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, March 2021 හි පරිවර්තනයකි. Sinhala. 17466 408