2021
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව පාපයෙන් සහ මරණයෙන් ගලවාගත් සේක
2021 අප්‍රියෙල්


“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව පාපයෙන් සහ මරණයෙන් ගලවාගත් සේක,” ලියහෝනා, 2021 අප්‍රියෙල්

මාසික ලියහෝනා පණිවිඩය, 2021 අප්‍රියෙල්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව පාපයෙන් සහ මරණයෙන් ගලවාගත් සේක

උන්වහන්සේගේ පරිත්‍යාගය නිසා, සදාකාලික සාමය සහ ප්‍රීතිය සොයාගැනීමට අප සැමට අවස්ථාව තිබේ.

රූපය
අවසාන රාත්‍රී භෝජනය

ක්‍රිස්තුස්වහන්සේ පොළොව මැවීම, රොබර්ට් ටී. බැරට් විසිනි

අපගේ ගැලවුම්කරුවාණන් ලෙස අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හඳුන්වමු. එයට හේතුව උන්වහන්සේ අපගේ පාප වලට වන්දිගෙවා මරණයේ බලය ජයගත් බැවිනි. උන්වහන්සේ අපිව මුදවාගත් සේක! වන්දිගෙවීම ලෙස හැඳින්වෙන, උන්වහන්සේ අප වෙනුවෙන් කළ පරිත්‍යාගය, මෙතෙක් සිදුවූ වැදගත්ම සිදුවීමයි. උන්වහන්සේ නිසා, මරණය යනු අවසානය නොවේ. උන්වහන්සේ නිසා, අපට අපගේ පව් වලට සමාව ලබාගත හැකිය, නැවත පවිත්‍ර විය හැකිය, සහ සෑම දිනකම යහපත්ව වර්ධනය විය හැකිය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුළුදුල් දරුවා විය

පොළොවට පැමිණීමට පෙර, අපි ජීවත් වූයේ අපගේ ස්වර්ගීය දෙමාපියන් සමඟයි. කුළුදුල් දරුවා ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ සුන්දර ලෝකය මැවීමට උදව් කළ සේක. උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් ලෙස තෝරාගෙන පොළොවෙහි ඉපදීමට එකඟ වූ නිසා උන්වහන්සේට පරිපූර්ණ ආදර්ශයක් තැබීමටත්, උන්වහන්සේගේ ශුභාරංචිය ඉගැන්වීමටත්, අප වෙනුවෙන් වන්දිගෙවීම සම්පූර්ණ කිරීමටත් හැකි විය.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනිහි යාච්ඤා කරමින්

අහෝ මාගේ පියාණෙනි, සයිමන් ඩුවී විසින්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාප වලට වන්දි ගෙවීය

තමා ඉක්මනින් මියයන බව යේසුස්වහන්සේ දැනගත් විට, උන්වහන්සේ යාච්ඤා කිරීම සඳහා ගෙත්සෙමන නම් වත්තකට ගියේය. එම යාච්ඤාව අතරතුර, උන්වහන්සේ අපගේ පාප වලට වන්දිගෙවීමට පටන් ගත්තේය. අප පසුතැවිලි වුවහොත්—අපට එසේ කිරීමට අවශ්‍ය නොවන පරිදි උන්වහන්සේ කැමැත්තෙන් දුක්වින්දේය. අප අපගේ පාප වලින් ඈත් වී ඒ වෙනුවට ගැලවුම්කරුවාණන්ව අනුගමනය කරන විට, අපට සමාව සහ සුවය සොයාගත හැකිය. ගෙත්සෙමනේ උන්වහන්සේ අත්විඳි දේ නිසා, අප සෑම කෙනෙකුම මෙන් වීම කෙසේදැයි යේසුස්වහන්සේ හරියටම තේරුම්ගනී. අපගේ දුක, අසනීප, සහ වේදනා සියල්ල උන්වහන්සේට දැණුනි. වන්දිගෙවීමෙහි පළමු කොටස මෙයයි.

රූපය
ක්‍රිස්තුවහන්සේගේ භූමදානය

ක්‍රිස්තුවහන්සේගේ භූමදානය, කාර්ල් හෙන්‍රිච් බ්ලොච් විසිනි

යේසුස් ක්‍රිස්තුවහන්සේ මරණය පරාජය කළ සේක

ගෙත්සෙමනේ උන්වහන්සේගේ යාච්ඤාවෙන් පසු, යේසුස්වහන්සේව පාවාදී, අත්අඩංගුවට ගෙන, කුරුසියේ ඇණ ගසා මරණ දඬුවම නියම කරන ලදි. උන්වහන්සේ සර්වබලධාරී වුවත්, උන්වහන්සේව කුරුසියේ මියැදීමට යේසුස්වහන්සේ ඉඩහැරියේය. උන්වහන්සේගේ අනුගාමිකයන් ප්‍රේමණීයව උන්වහන්සේගේ දේහය සොහොනක තැන්පත් කළහ. උන්වහන්සේගේ ශරීරය මියගොස් තිබුණද, උන්වහන්සේගේ ආත්මය ආත්මික ලෝකයේ තවමත් ජීවත්ව සිටින බව ඔවුන් වටහාගත්තේ නැත. දවස් තුනකට පසු, යේසුස්වහන්සේ නැවත ජීවනයට පැමිණ ඔවුන්ව බැහැදැක, මරණය ජයගත හැකි බව ඔප්පු කළේය. මෙය වන්දිගෙවීම සම්පූර්ණ කළේය. යේසුස්වහන්සේ නැවත නැඟිටුවනු ලැබූ නිසා, අප මියගිය පසු අප සෑම කෙනෙක්ම නැවත ජීවත් වෙමු.

රූපය
ක්‍රිස්තුවහන්සේ සහ මරියා සොහොන අසල

උන්වහන්සේ ජීවත් වෙයි, සයිමන් ඩුවී විසිනි

නත්තල සහ පාස්කුව යන්නෙහි තේරුම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සිහිකිරීමට අපට උපකාරවත් වන නිවාඩු දින දෙකක් ලෝකයේ බොහෝ දෙනා සමරති. නත්තල් සමයේදී, අප වෙනුවෙන් දුක් විඳීම සහ මියයාම ඇතුළත් වුවද, පොළොවට පැමිණීමේ මෙහෙවර පිළිගැනීමට යේසුස්වහන්සේ කැමැත්තෙන් සිටි බව අපි කෘතඥතාවයෙන් සිහිපත් කරමු. පාස්කුව පාපය සහ මරණයට එරෙහිව ගැලවුම්කරුවාණන්ගේ ජයග්‍රහණය සමරන අතර, එය සදාකාලික ප්‍රීතිමත් අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් ලබාදෙයි.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ පේත්‍රැස් සහ අන්ද්‍රේට කතා කරමින්

ක්‍රිස්තුස්වහන්සේ පේත්‍රැස් සහ අන්ද්‍රේට කතා කරමින්, ජේම්ස් ටේලර් හාර්වුඩ් විසිනි

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම පිළිබඳව ශුද්ධලියවිලි වල පවසන්නේ කුමක්ද?

යේසුස්වහන්සේ අපව හොඳින් හඳුනන නිසා, අපට “පිහිට” වීමට, හෝ උපකාර කිරීමට උන්වහන්සේට හැකිය (ඇල්මා 7:11–12 බලන්න).

ගැලවුම්කරුවාණන් අපගේ දුක සහ ශෝකය තේරුම්ගනී (යෙසායා 53:2–5 බලන්න).

දෙවියන්වහන්සේ අප එකිනෙකාට ප්‍රේම කරන නිසා අපව ගලවා ගැනීමට දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව ලබාදුන් සේක (යොහාන් 3:16–17 බලන්න).

යේසුස්වහන්සේ අප ඇතුළු තම අනුගාමිකයන්ට නපුරෙන් ආරක්ෂා වන ලෙසත් උන්වහන්සේ සහ ස්වර්ගික පියාණන්වහන්සේ සමග එක්සත්ව සිටින ලෙසත් යාච්ඤා කළේය (යොහාන් 17 බලන්න).

අපගේ ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කරන්නේ උන්වහන්සේව අනුගමනය කර නැවත උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙසයි (දහම සහ ගිවිසුම් 19:16–19, 23–24; 132:23 බලන්න).

මුද්‍රණය කරන්න