“පාස්කුවෙහි කතන්දරය,” මිතුරා, අප්‍රියෙල් 2021
මාසික මිතුරා පණිවිඩය, 2021 අප්‍රියෙල්
පාස්කුවෙහි කතන්දරය
යේසුස්වහන්සේ තම මිතුරන්ට ප්‍රේම කළා. උන්වහන්සේ ඔවුන්ගේ පාද සේදුවා. ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට සක්‍රමේන්තුව ලබාදුන්නා. උන්වහන්සේ ඔවුන්ට උන්වහන්සේව මතක තබාගැනීමට පැවසුවා. උන්වහන්සේ එකිනෙකාට ප්‍රේම කිරීමට ඔවුන්ට පැවසුවා.
පසුව යේසුස්වහන්සේ වත්තකට ගියා. උන්වහන්සේ අප සියලුදෙනා වෙනුවෙන් යාච්ඤා කළා. අපගේ අසනීපවල වේදනාව උන්වහන්සේට දැනුණා. අපගේ පාපවල වේදනාව උන්වහන්සේට දැනුණා.
කෝප වූ අය යේසුස්වහන්සේව රැගෙන ගියා. ඔවුන් උන්වහන්සේට රිදවූවා. උන්වහන්සේ අප වෙනුවෙන් කුරුසියේ මියගියා. උන්වහන්සේගේ මිතුරන් උන්වහන්සේගේ දේහය සොහොනක තැන්පත් කළා.
දින තුනකට පසු, උන්වහන්සේගේ මිතුරන් නැවත පැමිණියා. සොහොන හිස්ව තිබුණා! දේවදූතයන් ඔවුන්ට මෙසේ පැවසුවා, “උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටා.” යේසුස්වහන්සේ නැවත ජීවතුන් අතර සිටියා! යේසුස්වහන්සේ නිසා, අපි සියල්ලෝම මියගිය පසු නැවත ජීවත් වෙනවා.
යේසුස්වහන්සේ මට ආදරෙයි. උන්වහන්සේව සිහිපත් කිරීමෙන් මට පාස්කු ඉරිදා විශේෂ කරන්නට පුළුවන්.
පාට කරන පිටුව
පාස්කු ඉරිදා යේසුස්වහන්සේ පිළිබඳවයි
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, April 2021 හි පරිවර්තනයකි. Sinhala. 17467 408