2021
යේසුස්වහන්සේ අපට සක්‍රමේන්තුව ලබාදුන්නා
2021 ජුනි


යේසුස්වහන්සේ අපට සක්‍රමේන්තුව ලබාදුන්නා,” මිතුරා, 2021 ජුනි

මාසික මිතුරා පණිවිඩය, 2021 ජුනි

යේසුස්වහන්සේ අපට සක්‍රමේන්තුව ලබාදුන්නා

ලූක් 22–24

රූපය
අවසාන රාත්‍රී භෝජනය

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

පොළොවේ උන්වහන්සේගේ කාලය ඉවරවෙන්න ලඟයි කියලා යේසුස්වහන්සේ දැනගෙන හිටියා. අන්තිම රාත්‍රී භෝජනය සඳහා උන්වහන්සේ තම ප්‍රේරිතයන්ව එක්රැස් කළා. උන්වහන්සේ ඔවුන්ට සක්‍රමේන්තුව ලබාදුන් අතර හැමවෙලාවෙම උන්වහන්සේව මතක තබාගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනි උයනේ

යේසුස්වහන්සේ යාච්ඤා කරන්නට වත්තකට ගියා. උන්වහන්සේ සෑම කෙනෙකුගේම ජීවිතයේ සියලු පව් සහ දුක නිසා වේදනා වින්දා. ඊටපස්සෙ උන්වහන්සේ කුරුසියක් මත මියගොස් සොහොන් ගෙයක තැන්පත් කරනු ලැබුවා.

රූපය
යේසුස්වහන්සේගේ සොහොන බලන්න යන කාන්තාවන්

යේසුස්වහන්සේ මියගිය පසු පැමිණි ඉරිදා උදෑසන, සමහර කාන්තාවන් සොහොනට පැමිණියා. දොර ලඟ තිබූ ගල පෙරළා දමා තිබූ අතර, සොහොන් ගෙය හිස් වෙලා තිබුණා! යේසුස්වහන්සේ කොහේද?

රූපය
යේසුස්වහන්සේ මරියා මග්දලේනා සමඟ කතා කරමින්

උන්වහන්සේ නැවත ජීවතුන් අතර සිටියා! මරියා මග්දලේනා යේසුස්වහන්සේව දැක්කා. උන්වහන්සේ නැවත ස්වර්ගයට ගිය පසු ප්‍රේරිතවරුන් ශුභාරංචිය ඉගැන්වීමට සූදානම්ව සිටිය යුතු නිසා, උන්වහන්සේ ඔවුන්ව බැලීමට ගියා.

රූපය
පවුලක් සක්‍රමේන්තුව ලබාගනිමින්

මම සක්‍රමේන්තුව ලබාගන්නා විට, මට යේසුස්වහන්සේව මතක්වෙනවා. උන්වහන්සේ ජීවත් වී මියගිය අතර මා උදෙසා නැවත නැඟිටුවනු ලැබූ බව මට මතක්වෙනවා!

පාට කරන පිටුව

මගේ පවුල විශේෂයි

රූපය
පවුලක් රෑ කෑම මේසය අසල

මුද්‍රණය කරන්න