2021
අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට අප සතුටින් සිටීම අවශ්‍යයි
ජූලි 2021


“අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට අප සතුටින් සිටීම අවශ්‍යයි,” ලියහෝනා, ජූලි 2021

මාසික ලියහෝනා පණිවිඩය, 2021 ජූලි

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට අප සතුටින් සිටීම අවශ්‍යයි

දෙවියන්වහන්සේගේ සතුට පිළිබඳ සැලසුම අප මතකතබාගන්නා විට, ජීවිතය දුෂ්කර වූ විට පවා අපට ප්‍රීතිය සොයාගත හැකිය.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ දරුවන් සමග

අප මිහිපිට ඉපදීමට පෙර, අපි සියල්ලෝ ම ස්වර්ගික පියාණන්වහන්සේගේ ආත්මීය දරුවන් ලෙස ජීවත් වූවෙමු. උන්වහන්සේ තම දරුවන්ට ඉගෙනීමට සහ වර්ධනය වීමට උපකාර කිරීමේ සැලසුමක් ඉදිරිපත් කළේය. උන්වහන්සේගේ සැලසුම තුළින්, අපට උන්වහන්සේ මෙන් වී සදාකාල ජීවනය භුක්ති විඳීමට සුදුසු විය හැකිය. මෙම සැලැස්ම ඉටුකළ හැකි වන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්දිගෙවීම ලෙස හඳුන්වන, අපගේ පාප උදෙසා දුක් විඳීමට පොළොවට පැමිණි නිසාය.

ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලසුම හඳුන්වනු ලැබෙන්නේ

මේවා සහ වෙනත් ශුද්ධලියවිලි පද පෙන්වන පරිදි, ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේට සමාන වී, උන්වහන්සේ වෙතට නැවත පැමිණ, සැබවින්ම සන්තෝෂ වීමයි (මෝසෙස් 1:39 බලන්න).

අපි පොළොවට පැමිණියේ ඉගෙනීමට සහ වර්ධනය වීමටයි

අපට භෞතික ශරීරයක් ලබාගත හැකිවන පොළොවට, දෙවියන්වහන්සේ අපව එවූ සේක (උත්පත්ති 1:26–27 බලන්න). පොළොවේ ජීවිතය අත්විඳීමට අපට ශරීර අවශ්‍ය විය.

දෙවියන්වහන්සේ අපට සෑම වේලාවකම සතුටක් නොදැනෙනු ඇති බව දැන සිටියේය. බලාපොරොත්තු සුන්වීම්, වේදනාවන්, සහ මරණය පවා අපි අත්විඳිමු. නමුත් ජීවිතයේ අභියෝග තුළින්, ඉගෙනීමට සහ වර්ධනය වීමට ස්වර්ගික පියාණන්වහන්සේ අපට උපකාර කරයි.

යහපත සහ නපුර අතර තෝරාගැනීමේ හැකියාවද, දෙවියන්වහන්සේ අපට ලබා දී ඇත. අප සිතන සහ කරන දේ අප විසින්ම තෝරාගැනීමට උන්වහන්සේ අපට ඉඩදෙයි. නිවැරදි දේ තෝරාගැනීමට ඉගෙනගැනීම සඳහා උපකාරී වීමට උන්වහන්සේ අපට ශුද්ධලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන් ලබාදී ඇත (ආබ්‍රහම් 3:25).

රූපය
ජීවන වෘක්ෂය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට උත්සාහ කරන්න

අනුගමනය කිරීමට ආදර්ශයක් නොමැතිව දෙවියන්වහන්සේ අපව පොළොවට එව්වේ නැත (යොහාන් 13:15 බලන්න). උන්වහන්සේ තම පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වේ අපට මාර්ගය පෙන්වීමටය. උන්වහන්සේව අනුගමනය කරන්නේ කෙසේද යන්න ඉගෙනගැනීමට, උන්වහන්සේ කවුද යන්න සහ උන්වහන්සේ මිහිපිට ජීවත් වූ කාලය තුළ කළ දේ ඉගෙනගැනීමට අපට ශුද්ධලියවිලි කියවිය හැකිය. දෙවියන්වහන්සේට කීකරු වීමෙන් සහ අන් අයට ප්‍රේම කිරීමෙන් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට අපට හැකි උපරිමය කළ හැකිය.

අප වැරදි කරන විට, අපි සමාව ඉල්ලා සිටින අතර වෙනස් වීමට අපට උපකාර කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම බලය ලබාගනිමු. සෑම දිනකම උන්වහන්සේ මෙන් වීමට අප උත්සාහ කරන විට අපට සතුටු විය හැකිය.

මරණය අවසානය නොවේ

අප මියයන විට අපගේ ආත්මයන් ආත්මීය ලෝකයට යයි. නැවත නැඟිටීමට සූදානම් වන විට එහිදී අපි දිගටම ඉගෙනගන්නෙමු.

නැවත නැඟිටීම අතරතුර, අපගේ ශරීර සහ ආත්මයන් නැවත එක්තැන් වනු ඇත. අපගේ ශරීර පරිපූර්ණ වනු ඇති අතර, අපි නැවත කිසිදිනෙක මරණයට හෝ රෝගයකට ගොදුරු නොවෙමු (ඇල්මා 11:44–45 බලන්න). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මියගොස් නැවත ජීවනයට පැමිණියාක් මෙන්, අපි සියල්ලෝම නැවත ජීවත් වෙමු.

දෙවියන්වහන්සේ අපව විනිශ්චය කරන විට, උන්වහන්සේ අපගේ ක්‍රියාවන් සහ අපගේ ආශාවන් සලකා බලනු ඇත. අප ස්වර්ගික පියාණන්වහන්සේට දුන් ආඥා සහ පොරොන්දු ඉටුකිරීමට උත්සාහ කර ඇත්නම්, අපට නැවත උන්වහන්සේ සමග ජීවත් විය හැකිය.

දෙවියන්වහන්සේ සහ අපගේ පවුල් සමග ස්වර්ගයේ ජීවිතය

සෙලෙස්ටියල් රාජධානියේදී අපි දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමග ජීවත් වෙමු. අපගේ පවුල් වලට අපව මුද්‍රා තැබුවහොත් අපට ඔවුන් සමඟ සදහටම එහි ජීවත් වීමටද හැකිවනු ඇත. අප සාමය, සතුට සහ විවේකය සොයාගනු ඇත (මොසායා 2:41 බලන්න).

මිහිපිට අපගේ ජීවිතය ඇතැම් විට දුෂ්කර විය හැකි නමුත්, අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරන්නේ නම්, අපට මෙම ජීවිතයේ ප්‍රීතිය සහ ඉදිරි ජීවිතයේ සදාකාලික සතුට සොයාගත හැකිය.

ප්‍රීතියේ සැලසුම පිළිබඳව ශුද්ධලියවිලි පවසන්නේ කුමක්ද?

අප අපගේ ජීවිත ගතකරන ආකාරය වැදගත්ය. අපගේ සිතුවිලි සහ ක්‍රියාවන්ට අනුව දෙවියන්වහන්සේ අපව විනිශ්චය කර ප්‍රතිඵල දෙනු ඇත (ඇල්මා 41:3 බලන්න).

සාතන් අපගේ සතුටට ඇති සතුරාය. මිහිපිට අපගේ ජීවිතය අනිසි ලෙස භාවිතා කිරීමට සහ පාප කිරීමට ඔහු අපව පොළඹවයි. ඔහුට අවශ්‍ය වන්නේ අප ඔහු මෙන් අභාග්‍ය වීමයි (2 නෙපි 2:27 බලන්න).

අප වෙනුවෙන් දෙවියන්වහන්සේට ඇති සැලසුම කෙරෙහි අපට විශ්වාසයක් ඇති විට, අප කුමන පීඩා වලට මුහුණදුන්නත් අපට සාමය ලබාගත හැකිය. දෙවියන්වහන්සේ සමග සදහටම ජීවත් වීමට අපට බලා සිටිය හැකිය (දහම සහ ගිවිසුම් 59:23 බලන්න).

සියලුම කලා කෘති ජේ. කිර්ක් රිචඩ්ස් විසිනි

මුද්‍රණය කරන්න