“පාවුලු පසුතැවිලි වෙයි,” මිතුරා, 2021 ජූලි
“පාවුලු පසුතැවිලි වෙයි”
මාසික මිතුරා පණිවිඩය, 2021 ජූලි
පාවුලු පසුතැවිලි වෙයි
යේසුස් වහන්සේ මියගිය පසු, උන්වහන්සේගේ ගෝලයින් මිනිසුන්ට උගන්වමින් සිටියා. නමුත් සෑම කෙනෙකුම ඔවුන් ඉගැන්වූ දේවල් වලට කැමති වුණේ නෑ. පාවුලු නම් මිනිසෙක් යේසුස් වහන්සේව අනුගමනය කළ අයට විශේෂයෙන් නරක ලෙස සැලකුවා.
දිනක් පාවුලු ගමන් කරමින් සිටින අතරේ, ඔහු ස්වර්ගයෙන් දීප්තිමත් ආලෝකයක් දුටුවා. ඔහුට යේසුස් වහන්සේගේ හඬ ඇසුණා! පසුතැවිලි වී උන් වහන්සේව අනුගමනය කරන්නැයි යේසුස් වහන්සේ පාවුලුට පැවසුවා.
එම දීප්තිමත් ආලෝකය පාවුලුව අන්ධ කළා. අනනියස් නම් වූ ශුද්ධ මිනිසෙක් පාවුලුගේ දෑස් සුවකළා. පාවුලු බව්තීස්ම වීමට තීරණය කළා.
ඊට පසුව, පාවුලු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මිනිසුන්ට ඉගැන්නුවා. ඔහු විශිෂ්ට ධර්මදූතවරයෙක්, ගුරුවරයෙක්, සහ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නායකයෙක් වුණා.
මට නරක ලෙස සලකනවා වෙනුවට කරුණාවන්ත වීමට තෝරාගත හැකියි. මට සෑමවිටම යේසුස් වහන්සේව අනුගමනය කිරීමට තෝරාගත හැකියි.
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, July 2021 හි පරිවර්තනයකි. Sinhala. 17471 408