2021
දෙවියන්වහන්සේගේ පූජකවරය
2021 අගෝස්තු


“දෙවියන්වහන්සේගේ පූජකවරය,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2021 අගෝ, 20–21.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2021 අගෝස්තු

දෙවියන්වහන්සේගේ පූජකවරය

දහම සහ ගිවිසුම් 84

පූජකවරය සහ ඒ සඳහා ඇති ඔවුන්ගේ සම්බන්ධය ගැන සෑම යෞවනයෙක්ම දැනගත යුතු දේ.

රූපය
යෞවනයින්

එක් වචනයක් ආකාර දෙකකින් භාවිතා කරන විට එය කෙතරම් ව්‍යාකූල විය හැකිදැයි ඔබ දැක තිබේද? උදාහරණයක් ලෙස, ඉංග්‍රීසියෙන් පොළොව යන වචනයෙන් අප ජීවත්වන ග්‍රහලෝකය සහ අපගේ පාද යට ඇති පස යන දෙකම අදහස් කරයි. දෙකම නිවැරදිය, නමුත් ඔබ මෙම පදය භාවිතා කරන විට ඔබ අදහස් කරන දෙය රඳා පවතින්නේ ඔබ ඒ මොහොතේ කතා කරන දේ මතය. එය වඩාත් ව්‍යාකූල කිරීම සඳහා, පොළොව යනු අපේ ග්‍රහලෝකය ලෙස අදහස් කරන විට, පස පිළිබඳ අදහසද එයට ඇතුළත් වේ, මන්ද පස ග්‍රහලෝකය මත පවතියි.

පූජකවරය යන යෙදුම නිර්වචනය කිරීම

සභාවේ අප දෙයාකාරයකින් භාවිතා කරන එක් යෙදුමක් වන්නේ පූජකවරයයි. මෙම යෙදුම දෙවියන්වහන්සේගේ පූර්ණ බලය හා අධිකාරිය ගැන සඳහන් කරයි. කෙසේවෙතත්, අපි පූජකවරය භාවිතා කරන්නේ වඩාත් සීමිත ආකාරයකින්—එනම්, “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ගැලවීම සඳහා අවශ්‍ය සෑම කටයුත්තකදීම ක්‍රියා කිරීමට නියම කර ඇති පූජකවරය දරන්නන්ට දෙවියන්වහන්සේ ලබාදෙන බලය හා අධිකාරිය” ලෙසයි.1

මිනිසාට පවරා ඇති පූජකවරය දෙවියන්වහන්සේගේ සියලුම බලය නොවේ. පහත වගුවෙන් මෙම කරුණ පෙන්වාදෙයි.

මෙම වගුවේ අසීමිත හා සීමාවන් නොමැති, දෙවියන්වහන්සේගේ බලය පිළිබඳ උදාහරණ කිහිපයක් ඔබට දැකිය හැකිය. ඒ තුළ, සුදුසු පිරිමින්ට ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළ සේවය කිරීම සඳහා, උන්වහන්සේ විසින් පවරා ඇති, හෝ ලබාදී ඇති, දෙවියන්වහන්සේගේ පූජකවරයේ බලය සහ අධිකාරිය සඳහා උදාහරණද ඔබට දැකගත හැකිය.

ඔබේ ජීවිතය තුළ පූජකවර අධිකාරියේ උදාහරණ

පූජකවරයේ සියලු ආශිර්වාද ස්වර්ගික පියාණන්වහන්සේගේ ආදරණීය දියණියන් හා පුතුන් සියලු දෙනාටම ලබාගත හැකිය. දෙවන ලැයිස්තුවෙන් සරලවම නියෝජනය වන්නේ පූජකවරයේ යතුරු දරන හෝ පූජකවර බලය ඔවුන් මත පවරා ඇති අයෙකු හරහා ඔබට ලැබෙන ආශිර්වාදයි.

දෙවියන්වහන්සේ තම සභාව මිහිපිට සංවිධානය කිරීම හා පරිපාලනය කිරීම සඳහා පිහිටුවා ඇති පිළිවෙල මෙයයි. දෙවියන්වහන්සේගේ පූජකවර අධිකාරියේ වෙනත් උදාහරණ වලට, උපස්ථායකවරුන්ගේ හෝ ගුරුවරුන්ගේ ගණපූරණ සභාපතිවරයෙකුට ඔහුගේ ගණපූරණය මෙහෙයවීම සඳහා ඇති යතුරුද, නිවසකදී ලබාදෙන පියෙකුගේ ආශිර්වාදයද, එමෙන්ම දේවමාළිගා නියෝග සහ ගිවිසුම්ද ඇතුළත් වේ.

පිරිමින්, කාන්තාවන්, සහ පූජකවරය

පූජකවරය සඳහා නියමවීම ලබාදී ඇත්තේ පිරිමින්ට පමණක් වුවද, පළමු සභාපතිත්වයේ පළමු උපදේශක සභාපති ඩැලන් එච්. ඕක්ස් වැදගත් මූලධර්මයක් පැහැදිලි කර ඇත: “පූජකවරය යනු උන්වහන්සේගේ දරුවන්ගේ යහපත සඳහා දෙවියන්වහන්සේගේ කාර්යයන් උදෙසා භාවිතා කිරීම පිණිස විශ්වාසයෙන් යුතුව ලබාදී ඇති දිව්‍යමය බලයක් සහ අධිකාරියකි. පූජකවරය යනු පූජක තත්වයකට පත්කර ඇති අය හෝ එහි අධිකාරිය ක්‍රියාත්මක කරන අය නොවේ. පූජකවරය දරන පිරිමින් යනු පූජකවරය නොවේ. … නියම කර ඇති පිරිමින් හට පූජකවරය ලෙස අප හැඳින්විය යුතු නැත.2

කාන්තාවන් පූජකවරය උදෙසා නියම නොවූවත්, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැහැදිලි කළේය, “පූජකවරයේ යතුරු ඇති අයෙකුගේ මගපෙන්වීම යටතේ ඔබ කැඳවීමක සේවය කිරීමට වෙන්වූ විට… එම කැඳවීම ක්‍රියාත්මක කිරීමට ඔබට පූජකවරයේ බලය ලැබේ.” මේ සඳහා උදාහරණ වන්නේ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති සභාපතිත්වයන්, ශුභාරංචිය දේශනා කරන ධර්මදූත සහෝදරියන්, ඉගැන්වීමට සහ නායකත්වය දැරීමට වෙන්කර ඇති කොට්ටාශ සහ ස්ටේක වල නායකයින්, සහ දේවමාළිගාවේ නියෝග ක්‍රියාත්මක කරන සේවිකාවන් වේ.

පූජකවර බලය සැමටම ආශිර්වාද කරයි

බව්තීස්මයේදී ඔබ කරන ගිවිසුම් හා දේවමාළිගාවේදී ඔබ කරන ගිවිසුම් තුළින් තරුණ පිරිමි ළමුන් සහ තරුණ ගැහැණු ළමුන් වන ඔබට ලැබෙන ආශිර්වාද ඔබේයි. ඔබේ නිවසේ පූජකවරය දරන්නෙකු ඔබට නොමැති වුවද, ඔබ දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගත් ගිවිසුම් රකින විට ඔබට ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ පූජකවර බලයෙන් තවමත් ආශිර්වාද ලැබිය හැකිය (1 නෙපි 14:14 බලන්න).

අපගේ ගිවිසුම් අනුව අප ජීවත් වන විට, අපව ශක්තිමත් කරන සහ ආශිර්වාද කරන ආශිර්වාද අපට ලැබේ. දෙවියන්වහන්සේගේ අසීමිත පූජකවරයේ බලය නිසා ලැබෙන ආශිර්වාද සහ දෙවියන්වහන්සේගේ සභාව තුළ පවරා ඇති සහ පිරිනමා ඇති පූජකවර අධිකාරිය හරහා ලැබෙන ආශිර්වාද වන—ඔබගේ ජීවිතයේ ඇති පූජකවරයේ ආශිර්වාද ගැන මෙනෙහි කරන්නැයි අපි ඔබට ආරාධනා කරන්නෙමු.

සටහන්

  1. Dale G. Renlund and Ruth Lybbert Renlund, The Melchizedek Priesthood: Understanding the Doctrine, Living the Principles (2018), 11.

  2. Dallin H. Oaks, “The Melchizedek Priesthood and the Keys,” Apr. 2020 general conference (Ensign or Liahona, May 2020, 69).

  3. President Russell M. Nelson, “Spiritual Treasures,” Oct. 2019 general conference (Ensign or Liahona, Nov. 2019, 78).

මුද්‍රණය කරන්න