2021
පූජකවරය යනු දෙවියන්වහන්සේගේ බලයයි
2021 අගෝස්තු


“පූජකවරය යනු දෙවියන්වහන්සේගේ බලයයි,” ලියහෝනා, 2021 අගෝස්තු

මාසික ලියහෝනා පණිවිඩය, 2021 අගෝස්තු

පූජකවරය යනු දෙවියන්වහන්සේගේ බලයයි

දෙවියන්වහන්සේ අපට පූජකවරයේ බලය තුළින් ආශිර්වාද කරයි. පූජකවර ආශිර්වාද සෑම කෙනෙකුටම ලබාගත හැකියි.

පූජකවරය යනු දෙවියන්වහන්සේගේ බලයයි. උන්වහන්සේ මෙම බලය යොදාගන්නේ තම සියලුම දරුවන්ට ආශිර්වාද කිරීමට සහ උන්වහන්සේ සමඟ නැවත ජීවත් වීමට නැවත පැමිණීම සඳහා ඔවුන්ට උපකාර කිරීමටයි. දෙවියන්වහන්සේ පොළොවේ සිටින තම දරුවන්ට පූජකවර බලය ලබා දී ඇත. මෙම බලයෙන්, පූජක නායකයින්ට සභාවට නායකත්වය දිය හැකි අතර, පූජකවරය දරන්නන් හට, අපට දෙවියන්වහන්සේට ලං වීමට උපකාර වන, බව්තීස්මය වැනි පාරිශුද්ධ නියෝග ක්‍රියාත්මක කළ හැකිය. සුදුස්සන් ලෙස පූජකවර නියෝග ලබන සහ එම ගිවිසුම් (පාරිශුද්ධ පොරොන්දු) තබන සෑම පුරුෂයෙකුටම හා ස්ත්‍රියකටම දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශය ඇත.

රූපය
සක්‍රමේන්තුව

පූජකවර බලය ජෝසෆ් ස්මිත්ට ලබාදෙන ලදි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොවේ සිටියදී, උන්වහන්සේ තම සභාවට නායකත්වය ලබාදුන්නේ පූජකවර බලයෙන්ය. උන්වහන්සේ මෙම බලය තම ප්‍රේරිතයන්ටද ලබාදුන්නේය. ඔවුන් මියගොස් සියවස් ගණනාවකට පසු, බොහෝ සාමාජිකයන් සභාවෙන් ඉවතට වැටුණි. ඔවුන් ශුභාරංචිය සහ සභාව ක්‍රියා කළ ආකාරය වැරදි ලෙස වෙනස් කළහ. දෙවියන්වහන්සේගේ පූජකවරය තවදුරටත් පොළොවේ නොවීය. 1829 දී, ජෝසෆ් ස්මිත්ට පූජකවරය ලබාදීම සඳහා යේසුස්වහන්සේ විසින් යොහාන් බව්තීස්ත සහ ප්‍රේරිත පේතෘස්, යාකොබ්, සහ යොහාන්ව එවූ සේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව යනු දෙවියන්වහන්සේගෙන් මෙම අධිකාරිය සහිතව පොළොවේ ඇති එකම සංවිධානයයි.

රූපය
මෙල්කිසදෙක් පූජකත්වයේ නැවත පිහිටුවීම

ලින්ඩා කර්ලි ක්‍රිස්ටෙන්සන් සහ මයිකල් ටී. මැල්ම් විසින්, පේත්‍රැස්, යාකොබ්, සහ යොහාන්ගේ හඬ

පූජකවරයේ යතුරු

පූජකවර යතුරු යනු නියෝග ක්‍රියාත්මක කිරීමට අවසර දීම වැනි, පූජකවරය භාවිතා කිරීමට යොමුකිරීමේ අධිකාරියයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් පූජකවරයේ සියලු යතුරු දරයි. මුළු සභාවම මෙහෙයවීම සඳහා පූජකවර යතුරු භාවිතා කළ හැකි පොළොවේ සිටින එකම පුද්ගලයා සභාවේ සභාපතිවරයාය. ඔහුගේ මගපෙන්වීම යටතේ, අනෙක් අයට දෙවියන්වහන්සේගේ කාර්යය කිරීමට යම් යතුරු භාවිතා කළ හැකිය. සභානායකවරුන් සහ ස්ටේක සභාපතිවරුන් වැනි නායකයින් ඔවුන්ගේ කොට්ටාශ හා ස්ටේක වලට නායකත්වය දීම සඳහා පූජකවර යතුරු භාවිතා කරති. සේවය කිරීම සඳහා කැඳවීම් පැමිණෙන්නේ පූජකවර යතුරු සහිත නායකයන්ගෙන් වන නිසා, කැඳවීම වල සේවය කරන පිරිමින් සහ කාන්තාවන් තම යුතුකම් ඉටුකරන විට පූජකවර බලය ක්‍රියාත්මක කරති.

මෙල්කිසදෙක් පූජකවරය සහ ආරෝනික පූජකවරය

පූජකවරයට කොටස් දෙකක් තිබේ: මෙල්කිසදෙක් පූජකවරය සහ ආරෝනික පූජකවරය. සභාවේ නායකයන් ධර්මදූත සහ දේවමාළිගා කාර්යයන් වැනි සභාවේ සියලුම අධ්‍යාත්මික කටයුතු මෙල්කිසදෙක් පූජකවරය හරහා මෙහෙයවනු ලබයි. ආරෝනික පූජකවරය ක්‍රියාත්මක වන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වය යටතේය. බව්තීස්මය සහ සක්‍රමේන්තුව වැනි නියෝගයන් ක්‍රියාත්මක කිරීම සඳහා එය භාවිතා කරයි.

රූපය
බව්තිස්මය

පූජකවරයේ ආශිර්වාද

ගිවිසුම් හා නියෝග තුළින්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සියලු දරුවන්ට පූජකවර ආශිර්වාද ලබාගැනීමට සලස්වයි. මෙම ආශිර්වාද අතර බව්තීස්මය, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව, සක්‍රමේන්තුව, සහ දේවමාළිගා නියෝගයන් ඇතුළත් වේ. දේවමාළිගාව තුළ බලයෙන් සැරසෙන පුරුෂයන් හා ස්ත්‍රීන් ඔවුන්ගේ ගිවිසුම් තුළින් දෙවියන්වහන්සේගේ පූජකවරයේ බලයේ දීමනාවක් ලබාගනියි. සුවය ලැබීමේ, සැනසීමේ, සහ මගපෙන්වීම ලැබීමේ පූජකවර ආශිර්වාදද අපට ලබාගත හැකිය.

රූපය
දේවමාළිගාවේ අලුත විවාහ වූ යුවළක්

පූජකවරය ගැන ශුද්ධලියවිලි පවසන්නේ කුමක්ද?

පුරාණ කාලයේ පැවති පූජකවරය දැන් පවතින පූජකවරයේ ආකාරයම වේ (මෝසෙස් 6:7 බලන්න).

පූජකවරයේ යතුරු අපි ස්වාමින්වහන්සේගේ කාර්යය පිළිවෙළකට ඉටුකරන බවට සහතික කරගැනීමට උපකාරී වේ (දහම සහ ගිවිසුම් 42:11 බලන්න).

පූජකවරය උසුලන මිනිසුන්ට එය භාවිතා කළ හැක්කේ “ධර්මිෂ්ඨකමේ මූලධර්ම මත පමණි” (දහම සහ ගිවිසුම් 121:36).

පූජකවරය දරන්නන්ගේ සමහර වගකීම් දහම සහ ගිවිසුම් 20:38–67 හි විස්තර කර ඇත.

මුද්‍රණය කරන්න