“පාවුල්ගේ ලියුම,” ළමා පාඨකයන් සඳහා අලුත් ගිවිසුමේ කතා, 2019
“පාවුල්ගේ ලියුම”
මාසික මිතුරා පණිවිඩය, 2021 සැප්තැම්බර්
පාවුල්ගේ ලියුම
යේසුස්වහන්සේ ස්වර්ගයට ගිය පසු සභාවට නායකත්වය දීමට ප්‍රේරිත පාවුල් උදව් කළා. ඒ කාලයේ, දුරකථන හෝ අන්තර්ජාලය තිබුණේ නැහැ. එමනිසා පාවුල් සභාවේ සමාජිකයන්ට ලියුම් ලිවුවා.
පාවුල් කොරින්ති නගරයේ මිනිසුන්ට ලිවුවා. අන් අයට සමාවදෙන ලෙස ඔහු ඔවුන්ට පැවසුවා. ඔහු ඔවුන්ට ඉවසිලිවන්තව සිටින්න කියා පැවසුවා. ඔහු යේසුස්වහන්සේ ගැන ලිවුවා.
පාවුල් ගලාති නම් ස්ථානයේ සිටි මිනිසුන්ට ලිවුවා. ඔවුන්ගේ අසල්වැසියන්ට ආදරය කරන ලෙස ඔහු ඔවුන්ට පැවසුවා. ආත්මයාණන් දැනෙන ආකාරය ඔහු ඔවුන්ට පැවසුවා.
පාවුල්ගේ ලිපි ඉතා වැදගත් වූ නිසා ඒවා බයිබලයේ කොටසක් බවට පත්වුණා. ඔබට ඒවා අලුත් ගිවිසුමේ කියවිය හැකියි.
පාවුල්ගේ ඉගැන්වීම් වලින් මට ඉගෙනගත හැකියි. අනාගතවක්තෘවරයා සහ ප්‍රේරිතයන් අද උගන්වන දේට මම සවන්දෙනවා!
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, September 2021 හි පරිවර්තනයකි. Sinhala. 17471 408