2021
පවුල් ඉතිහාසය අපගේ මුතුන් මිත්තන්ට උපකාර කරයි
2021 දෙසැම්බර්


“පවුල් ඉතිහාසය අපගේ මුතුන් මිත්තන්ට උපකාර කරයි,” ලියහෝනා, දෙසැම්බර් 2021

මාසික ලියහෝනා පණිවිඩය, 2021 දෙසැම්බර්

පවුල් ඉතිහාසය අපගේ මුතුන් මිත්තන්ට උපකාර කරයි

පවුලේ ඉතිහාසය යනු අපගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ සොයාගැනීම සහ ඉගෙනගැනීමයි. අපි අපේ මුතුන් මිත්තන් ගැන තොරතුරු රැස් කරන්නේත් එමගින් ඔවුන් උදෙසා දේවමාළිගා කාර්යයන් කරන්නට හැකි බැවිනි.

රූපය
විකල්ප පෙළ

ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්මට පවුල් මූලික වේ. උන්වහන්සේ පවුල් සඳහා සදහටම පවතින්නට මාර්ගයක් සූදානම් කර ඇත. අපි අපේ පවුල් ඉතිහාස සහ දේවමාළිගා කාර්යය කරන විට, අපි ජීවත්ව සිටින සහ මියගිය අපගේ පවුලේ සාමාජිකයන්ව එකට එකතු කිරිමට උදව් කරමු. (“දේවමාළිගා කාර්යය” යන්නෙන් අදහස් කරන්නේ අපගේ සහකරු හෝ සහකාරියට මුද්‍රා තැබීම වැනි දේවමාළිගාවේ නියෝග අප වෙනුවෙන් ලබාගැනීම මෙන්ම අපගේ මුතුන්මිත්තන් සඳහා දේවමාළිගාවේ නියෝග ඉටුකිරීමයි.)

පවුල් ඉතිහාසය සහ දේවමාළිගා කාර්යය

පොළොවේ ජීවත් වූ හෝ ජීවත් වන සෑම පුද්ගලයෙකුටම ශුභාරංචියේ නියෝග අවශ්‍ය වේ. අපේ මුතුන් මිත්තන්ට එවැනි අවස්ථාවක් නොතිබුනේ නම්, අපට ඔවුන් වෙනුවෙන් දේවමාළිගාවේ නියෝග ඉටුකළ හැකිය. එම නියෝග වලින් එකක් නම් පවුලේ සාමාජිකයින්ට මුද්‍රා වීමයි. “මුද්‍රා වීම” යන්නෙන් අදහස් කරන්නේ අප ධර්මිෂ්ඨ නම් අපගේ පවුල් සමඟ සදාකලයටම ජීවත් වීමට අපට හැකිවනු ඇති බවයි. අපිට අපේ පවුල් සමඟ මුද්‍රා වීමට හැක්කේ දේවමාළිගා වල පමණයි.

පවුලේ ඉතිහාස කටයුතු වල ආශිර්වාද

රූපය
පවුල

අපගේ ජීවත්වන පවුල් සාමාජිකයන් සමඟ අපගේ සබඳතා ශක්තිමත් කිරීමට පවුල් ඉතිහාසය අපට උපකාර කරයි. අපි කතන්දර, ඡායාරූප, සහ වෙනත් මතකයන් එකිනෙකා සමඟ බෙදාගන්නා විට, අපි පවුල් බැඳීම් ඇතිකර ගන්නෙමු. අපි එකිනෙකා කෙරෙහි ඇති ආදරයද ශක්තිමත් කරගන්නෙමු. අපගේ පවුල් ඉතිහාස කාර්යයන් කිරීමෙන් අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප කරන බවට අනාගතවක්තෘවරුන්ද පොරොන්දු වී ඇත.

අපේ මුතුන් මිත්තන් සොයාගැනීම

රූපය
චීන භාෂාවෙන් වාර්තා

අපගේ වර්තමාන පවුල් වලට සහ අපගේ මුතුන් මිත්තන්ට අපව මුද්‍රා තැබීමට ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍යය. අපිව අපේ මුතුන් මිත්තන්ට මුද්‍රා තැබීමට පෙර, අපි ඔවුන් පිළිබඳ තොරතුරු සොයාගත යුතු අතර පසුව ඒවා සුරැකිය යුතුය. නමුත් පවුල් ඉතිහාසය යනු නම්, දිනයන්, සහ ස්ථාන ගැන සොයාබැලීම පමණක් නොවේ. අපි අපේ මුතුන් මිත්තන් ගැන ඉගෙනගන්නා විට, ඔවුන් සමඟ වඩාත් සම්බන්ධ වී සිටින බවක් අපට දැනෙනු ඇත.

මුද්‍රණය කරන්න