2022
අපි පොළොවට පැමිණීමට පෙර
2022 ජනවාරි


“අපි පොළොවට පැමිණීමට පෙර,” මාසික මිතුරා පණිවිඩය, 2022 ජනවාරි

“අපි පොළොවට පැමිණීමට පෙර”

මාසික මිතුරා පණිවිඩය, 2022 ජනවාරි

අපි පොළොවට පැමිණීමට පෙර

රූපය
ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පෙර ආත්මික ලෝකයේ

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

අපි ඉපදීමට පෙර, අපි අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ස්වර්ගයේ ජීවත් වුණා. උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ගැන උන්වහන්සේ අපට ඉගැන්නුවා.

රූපය
පිරිමි ළමයා අඬමින්, පාපන්දු බෝලයක් අතැති ගැහැණු ළමයා

ස්වර්ගික පියාණන්වහන්සේ පැවසුවේ අපි පොළොවට පැමිණෙන්නේ ශරීර ලබාගැනීමට කියායි. අපි ඉගෙනගෙන තේරීම් කරනවා. සමහර වෙලාවට අපි අතින් වැරදි වෙනවා. අපට ගැලවුම්කරුවෙකු අවශ්‍ය වෙනවා.

රූපය
පාපන්දු බෝලයක් අතැති ගැහැණු ළමයා අඬන පිරිමි ළමයා සනසවමින්

ගැලවුම්කරුවාණන් අපට ජීවත් විය යුතු ආකාරය පෙන්වා දෙනවා. එසේම අපි වැරදි තීරණයක් ගත්තොත්, අපිට පසුතැවිලි වෙන්න පුළුවන්.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පෙර ආත්මික ලෝකයේ

යේසුස්වහන්සේ මෙසේ පැවසුවා, “මෙන්න මම, මා යවනු මැනව.” ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන් ලෙස තෝරාගත්තා. අපව ගලවා ගැනීමට යේසුස්වහන්සේ පොළොවට පැමිණෙන බවට පොරොන්දු වුණා.

රූපය
ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සෙලෙස්ටියල් රාජ්‍යයේ

මට පුළුවන් යේසුස්වහන්සේව අනුගමනය කරන්න. කවදාහරි මට පුළුවන් ආපහු ගිහින් ස්වර්ගික පියාණන්වහන්සේ සමග ජීවත් වෙන්න.

පාට කරන පිටුව

මම දෙවියන්වහන්සේගේ දරුවෙක් වෙමි

රූපය
ළමයි තරු දිහා බලමින්

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

ස්වර්ගික පියාණන්වහන්සේගේ ආදරය ඔබට දැනෙන්නේ කෙසේද?

මුද්‍රණය කරන්න