2022
ආබ්‍රහම් සහ සාරා
2022 පෙබරවාරි


“ආබ්‍රහම් සහ සාරා,” මාසික මිතුරා පණිවිඩය, 2022 පෙබරවාරි

“ආබ්‍රහම් සහ සාරා”

මාසික මිතුරා පණිවිඩය, 2022 පෙබරවාරි

ආබ්‍රහම් සහ සාරා

රූපය
ආබ්‍රහම් සහ සාරා කූඩාරමක

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

ආබ්‍රහම් යනු අනාගතවක්තෘවරයෙක්. දෙවියන්වහන්සේ ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ සාරා සමඟ ගිවිසුමක් ඇතිකරගත්තා.

රූපය
ආබ්‍රහම් සහ සාරා දුකෙන් ඉන්නවා

දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්නට පොරොන්දු වුණා. ඔවුන්ට දරුවන් ලැබෙන බව උන්වහන්සේ ඔවුන්ට පැවසුවා. ආබ්‍රහම් සහ සාරා දෙවියන්වහන්සේව අනුගමනය කරන බවට පොරොන්දු වුණා.

රූපය
ආබ්‍රහම් සහ සාරා

ආබ්‍රහම් සහ සාරා ඔවුන්ගේ පොරොන්දුව ඉටුකළා. නමුත් ඔවුන්ට දිගු කලක් පුරාවට දරුවන් සිටියේ නෑ. ඔවුන් ටිකින් ටික වයසට ගියා.

රූපය
ආබ්‍රහම් සහ සාරා ළදරු ඊසාක් සමඟ

අන්තිමේදී, ආබ්‍රහම්ට වයස අවුරුදු 100දී සහ සාරාට අවුරුදු 90දී ඔවුන්ට පිරිමි දරුවෙක් ලැබුණා. ඔවුන් ඔහුට ඊසාක් යන නම තැබුවා. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළ බව ඔවුන් දැන සිටියා.

රූපය
දරුවෙකු බීජ පැළ කරමින්

මට දෙවියන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන්. සමහර අවස්ථා වලදී ආශිර්වාද එවෙලේම පැමිණෙන්නේ නෑ. ඒත් දෙවියන්වහන්සේ සෑමවිටම තම පොරොන්දු ඉටුකරනවා.

පාට කරන පිටුව

මට දෙවියන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන්

රූපය
දරුවෙකු යාච්ඤා කරමින්

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

ඔබ බියෙන් හෝ දුකෙන් සිටින විට ස්වර්ගික පියාණන් ඔබට උදව් කර ඇත්තේ කොහොමද?

මුද්‍රණය කරන්න