2022
එසකියෙල්ගේ පොරොන්දු ඉටු විය
2022 ඔක්තෝම්බර්


“එසකියෙල්ගේ පොරොන්දු ඉටු විය,” මාසික මිතුරා පණිවිඩය, 2022 ඔක්තෝම්බර්

“එසකියෙල්ගේ පොරොන්දු ඉටු විය”

මාසික මිතුරා පණිවිඩය, 2022 ඔක්තෝම්බර්

එසකියෙල්ගේ පොරොන්දු ඉටු විය

රූපය
එසකියෙල් ලියමින්

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

එසකියෙල් යනු අනාගතවක්තෘවරයෙක්. තවම සිදු නොවූ අනාගතය පිළිබඳ බොහෝ දේ දෙවියන්වහන්සේ ඔහුට පෙන්වූවා. එසකියෙල් ඒවා ලියා තැබුවා.

රූපය
බයිබලය සහ මොර්මොන්ගේ පොත

කවදා හෝ මුද්‍රණය කිරීමට නියමිත පොත් දෙකක් ගැන එසකියෙල් ලිව්වා. එක් පොතක් වූයේ බයිබලයයි. අනෙක් පොත මොර්මොන්ගේ පොතයි.

රූපය
පළමු මුද්‍රණ යන්ත්‍රයේ බයිබලය මුද්‍රණය කිරීම

අවුරුදු ගාණකට පසුව බයිබලය මුද්‍රණය කළා.

රූපය
ජෝසෆ් ස්මිත්, ලේඛිකාවක් ලෙස එමා ද සමඟ මොර්මොන්ගේ පොත පරිවර්තනය කරමින්

තවත් වසර ගණනාවකට පසු, ජෝසෆ් ස්මිත් මොර්මොන්ගේ පොත පරිවර්තනය කළා. එසකියෙල්ගේ දර්ශනය සැබෑ වුණා!

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

අද අපට බයිබලය සහ මොර්මොන්ගේ පොත කියවන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්වීමට ඒවා එකට එක්ව ක්‍රියා කරනවා.

රූපය
පවුලක් ශුද්ධලියවිලි කියවමින්

මම ශුද්ධලියවිලි කියවන විට, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගන්නවා.

පාට කරන පිටුව

මට ශුද්ධලියවිලි කියවන්න පුළුවන්

රූපය
ප්‍රාථමිකයේ ළමුන් සහ ගුරුවරුන්

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

ඔබ වඩාත් කැමති කුමන ශුද්ධලියවිලි කතාවටද?

මුද්‍රණය කරන්න