ධර්මදූත කැඳවීම්
පළමු සභාපතිත්වයේ පණිවිඩය


“පළමු සභාපතිත්වයේ පණිවිඩය,” මාගේ ශුභාරංචිය දේශනා කරන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම සඳහා මාර්ගෝපදේශයක් (2023)

“පළමු සභාපතිත්වයේ පණිවිඩය,” මාගේ ශුභාරංචිය දේශනා කරන්න

පළවෙනි සභාපතිත්වයේ පණිවුඩය

හිතවත් සහෝදර ධර්මදූතවරුනි:

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ධර්මදූතවරයෙකු වීමට ඔබට ලැබී ඇති මහඟු අවස්ථාව ගැන අපි ඔබට සුබ පතන්නෙමු. ඊශ්‍රායෙලය එක්රැස් කිරීම තරම් බලගතු හෝ වැදගත් කාර්යයක් තවත් නැත.

මාගේ ශුභාරංචිය දේශනා කරන්න ලබා දී ඇත්තේ ඔබට වඩා හොඳින් සූදානම් වූ, වඩා අධ්‍යාත්මිකව පරිණත ධර්මදූතවරයෙකු වීමට උපකාර කිරීමටය. එය ඇත්තේ ඔබට වඩාත් ඵලදායී ගුරුවරයෙකු වීමට උපකාර කිරීමට ද වේ. ඔබගේ පුද්ගලික සහ සහයක අධ්‍යයනයේදී එය දිනපතා භාවිතා කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. ඔබගේ දිස්ත්‍රික්ක මන්ත්‍රණ සභා රැස්වීම් සහ කලාප සම්මන්ත්‍රණවලදී එය භාවිතා කරන ලෙසද අපි ඔබව දිරිමත් කරන්නෙමු. යොමු කිරීම් ලෙස ලබා දී ඇති ශුද්ධලියවිලි අධ්‍යයනය කර දහම සහ මූලධර්ම ඉගෙන ගන්න.

ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේගේ මෙම තේජාන්විත කාර්යයේදී උන්වහන්සේට උපකාර කිරීමට කැපවීමේ නව හැඟීමක් ඇති කරගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු. “මනුෂ්‍යයාගේ අමරණීයභාවය සහ සදාකාල ජීවනය ගෙන ඒම” (මෝසෙස් 1:39) යන උන්වහන්සේගේ කාර්යයේදී ස්වාමින්වහන්සේට උපකාර කිරීම සඳහා සෑම ධර්මදූතවරයෙකුටම වැදගත් කාර්යභාරයක් ඇත.

ඔබ නිහතමානීව ස්වාමින්වහන්සේට සේවය කිරීමට කැපවන විට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනු ඇත. ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන් අතර ඔබ සේවය කරන විට ඔබට මහත් ප්‍රීතියක් හා සතුටක් සොයාගැනීමට හැකි වේවා.

පළමු සභාපතිත්වය

මුද්‍රණය කරන්න