ධර්මිෂ්ඨ විනිශ්චයක් සහතික කිරීම
ධර්මිෂ්ඨ විනිශ්චයක් සහතික කිරීම සඳහා, ගැළවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම, නොදැනුවත්කමේ පඳුර සහ අන් අය නිසා ඇතිවන වේදනාකාරී කටු ඉවත්කරනු ඇත.
මෝර්මොන්ගේ පොත ක්‍රිස්තුස්වහන්සේගේ දහම උගන්වයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ, සභාපති රසල් එම්. නෙල්සන් “මෝර්මොන්ගේ පොතෙන් ලබාගත් දැනුම හදිසියේම උදුරාගත්තා නම්” අපේ ජීවිතය වෙනස් වන්නේ කොහොමද? 1 කියා සලකා බැලීමට අපට අභියෝග කළා. මම මෙම ප්‍රශ්ණය පිළිබඳව මෙනෙහි කළා, ඔබගෙන් බොහෝදෙනෙක් එලෙස කරන්නට ඇති කියා මට විශ්වාසයි. එක් සිතුවිල්ලක් නැවත නැවතත් පැමිණියා—මෝර්මොන්ගේ පොත සහ එහි ඇති ක්‍රිස්තුස්වහන්සේගේ දහම පිළිබඳ පැහැදිලිකම ඒ වගේම උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව නොමැතිව, සමාදානය මම ලබාගන්නේ කොතැනින්ද?
ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල, පසුතැවිලිවීම, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව, සහ අවසානය දක්වා විඳදරා ගැනීම යන ගැලවීමේ මූලධර්ම සහ වත්පිළිවෙත් වලින් සමන්විත — ක්‍රිස්තුස්වහන්සේගේ දහම— නැවත පිහිටවූ සියලුම ශුද්ධලියවිලි වල පාහේම කිහිප වතාවක්ම උගන්වා තිබෙන නමුත් මෝර්මොන්ගේ පොතේ විශේෂ බලයකින් උගන්වා තිබෙනවා.2 දහම ආරම්භ වන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලත් සමග වන අතර එහි ඇති සෑම අංගයක්ම රඳාපවතින්නෙ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව තුළ ඇති විශ්වාසය මතයි.
සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ ලෙස, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ගැන සොයාගැනීමට ඇති පූර්ණ සහ වඩාත් බල සහිත අවබෝධය මෝර්මොන්ගේ පොත විසින් සපයනවා.”3 ගැළවුම්කරුවාණන්ගේ දිව්‍යමය දීමනාව අප වඩාත් හොඳින් තේරුම්ගන්නා විට, අපගේ මනසින් සහ හදවතින්, අපට වඩාත් හොඳින්,4 “මෝර්මොන්ගේ පොතේ සත්‍යතාවයන්ට; සුව කිරීමට, සැනසවීමට, නැවත පිහිටුවීමට, උපකාර වීමට, දිරිමත් කිරීමට, අස්වැසීමට, අපගේ ආත්මය සතුටු කරවීමට බලය ඇත” යන සභාපති නෙල්සන්ගේ සහතික කිරීමේ සත්‍යතාව5 දැනගැනීමට පුළුවන්.
ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම යුක්තියේ සියලු ඉල්ලීම් සපුරාලනවා.
ගැළවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම පිළිබඳ අපගේ අවබෝධය සඳහා මෝර්මොන්ගේ පොතෙහි වැදගත් හා සාමය–ලබාදෙන දායකත්වයක් නම්, ක්‍රිස්තුස්වහන්සේගේ දයානුකම්පිත පූජාව යුක්තියේ සියලු ඉල්ලීම් සපුරාලන බව ඉගැන්වීමයි. ඇල්මා පැහැදිලි කළ ලෙස: “දයාවේ සැලැස්ම ගෙන ඒමට සහ සාධාරණත්වයේ ඉල්ලීම තෘප්තිමත් කිරීමට දෙවියන්වහන්සේ ලෝකයේ පාපය උදෙසා තමන්වහන්සේම වන්දිගෙවන සේක, එනම් දෙවියන්වහන්සේ පරිපූර්ණ, සාධාරණ දෙවියන්වහන්සේ, තවද එසේම කරුණාවන්ත දෙවියන්වහන්සේ වන පිණිසය.”6 ශුද්ධලියවිලි පවා සතුටේ සැලැස්ම8 හෝ ගැලවීමේ සැලැස්ම9 ලෙස හඳුන්වන— පියාණන්ගේ කරුණාවේ සැලැස්ම7—සාධාරණත්වයේ සියලුම ඉල්ලීම් සම්පූර්ණ කරන තුරු ඉටුකළ නොහැකියි.
නමුත් ඇත්තටම “සාධාරණත්වයේ ඉල්ලීම්” යනු කුමක්ද? ඇල්මාගේම අත්දැකීම ගැන සලකා බලන්න. තරුණයෙකු ලෙස, ඇල්මා “සභාව විනාශ කිරීමට” සෙවූ බව මතකතබාගන්න.10 ඇත්තවශයෙන්ම, ඇල්මා ඔහුගේ පුත්‍රයා වන හිලමන්ට පැවසුවේ “නිරයේ වේදනාව සමග වින්දෙමි” මක්නිසාද ඔහු සාර්ථක ලෙස “[දෙවියන්වහන්සේගේ] බොහෝ දරුවන් මරණයට පත්කළේ, ඔවුන්ව විනාශයට මගපෙන්වමින්ය.”11
ඇල්මා තවදුරටත් හිලමන්ට පැහැදිලි කරමින් මෙසේ පැවසුවා, අවසානයේදී සමාදානය ඔහු වෙත පැමිණියේ “ලෝකයේ පාපයට වන්දිගෙවීම උදෙසා … යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ … පැමිණීම පිළිබඳව” ඔහුගේ පියාගේ ඉගැන්වීම් මත “මනස බැඳෙමින් සිටියදීය.”12 කළ වරද ගැන දුක්වූ ඇල්මා ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව යැදූ පසු 13 ක්‍රිස්තුස්වහන්සේ තම පව් වලට සමාව ලබාදී යුක්තියට අවශ්‍ය සියල්ල ගෙවා ඇති බව තේරුම්ගත් විට ඔහුට ප්‍රීතිය සහ සහනය දැනුණා. නැවතත්, යුක්තිය ඇල්මාගෙන් ඉල්ලා සිටියේ කුමක්ද? ඇල්මා විසින්ම පසුකාලීනව ඉගැන්වූ ලෙස, “අපවිත්‍ර දෙයට දෙවියන්වහන්සේගේ රාජ්‍යට උරුමකම් කිව නොහැක.”14 මේ අනුව, ඇල්මාගේ සහනයේ කොටසක් නම්, දයාව මැදිහත් නොවන්නේ නම්, යුක්තිය ඔහුට ස්වර්ගික පියාණන්වහන්සේ සමග නැවත ජීවත්වීමට යාම වලක්වනු ඇත.15
අපට සුවකළ නොහැකි තුවාල ගැළවුම්කරුවාණන් විසින් සුවකරනනු ඇත.
නමුත් ඇල්මාගේ සතුට සම්පූර්ණයෙන්ම යොමුවූයේ තමන් වෙතද—ඔහුගේ දඬුවමින් මගහැරීම සහ ඔහුට ස්වර්ගයේ පියාණන්වහන්සේ වෙත නැවත යාමට හැකි වීම වෙතද? ඔහු සත්‍යයෙන් ඈත් කළ අය පිළිබඳවද ඇල්මා දුක්වූ බව අපි දන්නවා.16 නමුත් ඇල්මාට ඔහු විසින්ම සුවකිරීමට සහ ඔහු ඉවතට ගෙන ගිය සියලුදෙනාවම නැවත ගෙන ඒමට හැකිවුයේ නෑ. ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඉගෙනගැනීමටත් එහි ප්‍රීතිමත් ප්‍රතිපත්ති අනුව ජීවත් වීමෙන් ආශිර්වාද ලැබීමටත් ඔවුන්ට සාධාරණ අවස්ථාවක් ලබාදෙන බවට සහතික වීමට ඔහුට හැකිවුනේ නෑ. ඔහුගේ බොරු ඉගැන්වීම් වලින් අන්ධවී සිට මියගිය අයව නැවත ගෙන්වාගැනීමට ඔහුට හැකිවුනේ නෑ.
වරක් සභාපති බොයිඩ් කේ. පැකර් ඉගැන්වූ ලෙස: “ඇල්මා බේරාගත් සිතුවිල්ල වූයේ … මෙයයි: ඔබට යථා තත්වයට පත් කළ නොහැකි දේ යථා තත්වයට පත් කිරීම, ඔබට සුව කළ නොහැකි තුවාලය සුව කිරීම, ඔබ විසින් කැඩූ දෙය සහ ඔබට නැවත සෑදිය නොහැකි දෙය සෑදීම ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ අරමුණයි.”17 ඇල්මාගේ මනස හා බැඳුණු ප්‍රීතිමත් සත්‍ය නම් ඔහුට ඔහුව පමණක් පවිත්‍ර කරගැනීමට හැකිවීම නොවේ, නමුත් ඔහු හානි පැමිණවූ අයට පවා සුවය ලබා සම්පූර්ණ වියහැකි වීමයි.
ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය ධර්මිෂ්ඨ විනිශ්චයක් සහතික කරයි.
මෙම සැනසිලිදායක දහම ඇල්මා බේරාගැනීමට වසර ගණනාවකට පෙර, බෙන්යමින් රජතුමා ගැළවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පූජාව පිරිනමන සුවකිරීමේ ධාරිතාවය පිළිබඳව ඉගැන්වූවා. “බලවත් ප්‍රීතියක් උපදවන සතුටුදායක ආරංචියක්” ඔහුට “දෙවියන්වහන්සේගේ දූතයෙකු විසින්” ලබාදුන් බව බෙන්යමින් රජතුමා ප්‍රකාශ කළා.18 “මනුශ්‍ය දරුවන් අතරට ධර්මිෂ්ඨ විනිශ්චයන් පැමිණීම” සහතික කිරීම පිණිස ක්‍රිස්තුස්වහන්සේ වේදනා විඳ මියයනු ඇති බව එම සතුටුදායක ආරංචි අතරින් එකක්.19
“ධර්මිෂ්ඨ විනිශ්චයක්” අවශ්‍ය වන්නේ කුමක්ද සඳහාද? ධර්මිෂ්ඨ විනිශ්චයක් සහතික කිරීම සඳහා, ගැළවුම්කරුවාණන්ගේ රුධිරය “ආදම්ගේ පාපය උදෙසා වැටුණු වූවන්” සහ “ඔවුන් වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්දැයි නොදැන මරණයට පත්වූවන්” හෝ “නොදන්නා කමෙන් පවුකළ වූවන්” උදෙසා වන්දිගෙවූ බව බෙන්යමින් රජතුමා ඊලඟ පදයෙන්, පහදා දුන්නා.20 කුඩා දරුවන්ගේ පාපයන් උදෙසා “ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයෙන් වන්දිගෙවීම” ධර්මිෂ්ඨ විනිශ්චයක් සඳහා තවදුරටත් අවශ්‍ය වූ බව ඔහු ඉගැන්වූවා.21
මෙම ශුද්ධලියවිලි ශ්‍රේෂ්ඨ දහමක් උගන්වනවා—ගැළවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පූජාව, නොමිලේ දීමනාවක් ලෙස, නොදැනුවත්කමින් පවු කරන අය, එනම් යාකොබ් පැවසූ පරිදි “ව්‍යවස්ථාවක් ලබාදී නැති” පුද්ගලයන්ව සුවකරනවා.22 පාප වල වගකීම, අපට ලබාදී ඇති ආලෝකය මත යැපෙන අතර අපගේ තෝරාගැනීමට ඇති නිදහස ක්‍රියාත්මක කිරීමට අපට ඇති හැකියාව මත රඳාපවතිනවා.23 මෙම සුවකිරීමේ සහ සැනසිලිදායකකමේ සත්‍යය පිළිබඳව අප දැනුවත් වී ඇත්තේ මෝර්මොන්ගේ පොත සහ අනෙකුත් නැවත පිහිටවූ ශුද්ධලියවිලි නිසා පමණි.24
අනිවාර්‍යයෙන්ම, ව්‍යවස්ථාවක් ලබාදී ඇත්නම්, දෙවියන්වහන්සේගේ කැමැත්ත ගැන දැනුවත් නම්, අප වගකිව යුතුය. බෙන්යමින් රජතුමා අවධාරණය කළ ලෙස: “ඔහුට, එනම් දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගසන බවට දන්නා අයට දුකවේ! මක්නිසාද මෙවැනි ආකාරයේ අයෙකුට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සහ පසුතැවිල්ල තුළින් මිස ගැලවීම නොමැත්තේය.”25
මෙයද ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ සතුටුදායක ආරංචියකි. ගැළවුම්කරුවාණන් සුවකරන්නේ සහ යථා තත්වයට පත්කරනු ලබන්නේ නොදැනුවත්කමින් පවු කරන අය පමණක් නොවේ, ආලෝකයට විරුද්ධව පවු කරන අයට, ගැළවුම්කරුවාණන් සුවකිරීම පිරිනමනු ලබන්නේ උන්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල සහ පසුතැවිලිවීමේ තත්වය මතයි.26
මෙම සත්‍යයන් දෙකෙන්ම ඇල්මා “බැදී තිබෙන්නට” ඇති. ක්‍රිස්තුවහන්සේ ඔහුව බේරාගත් නමුත් ඔහු විසින් සත්‍යයෙන් ඉවතට ගෙනගිය අයව සදහටම හානිවූ තත්වයේම තිබෙන්නට හැරියේ නම් ඔහු විසින් විස්තර කරන “තදබල … ප්‍රේමය”27 ඇල්මා හට ඇත්තටම දැනෙණු ඇත්ද? අනිවාර්‍යයෙන්ම නැහැ. ඇල්මා හට සම්පූර්ණ සැනසීම ලැබෙන්නට නම්, ඔහු විසින් හානි කළ අයටද සම්පූර්ණ වීමට අවස්ථාවක් අවශ්‍ය වෙනවා.
නමුත් හරියටම ඔවුන්—නැතිනම් අප විසින් හානි පමුණුවන අය— පරිපූර්ණ වන්නේ කොහොමද? ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පූජාව සුවපත් කර යථා තත්වයට පත් කරන පරිශුද්ධ යාන්ත්‍රණය අපට සම්පූර්ණයෙන් නොතේරුනත්, ධර්මිෂ්ඨ විනිශ්චයක් සඳහා, නොදැනුවත්කමේ පඳුර සහ අන් අය නිසා ඇතිවන වේදනාකාරී කටු ගැළවුම්කරුවාණන් විසින් ඉවත්කරන බව අපි දන්නවා.28 මෙයින් ඔහු සහතික කරන්නේ දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට පැහැදිලි දැක්මක් සහිතව, උන්වහන්සේව අනුගමනය කිරීමට තෝරාගැනීමටත් උසස් සතුටේ සැලැස්ම පිළිගැනීමටත් අවස්ථාව ලබාදෙන බවයි.29
අප විසින් බිඳදැමූ සියල්ල්ල ගැළවුම්කරුවාණන් විසින් සපුරාළනු ඇත.
ඇල්මාට සාමය ගෙනෙන්නට ඇත්තේ මෙම සත්‍යයන්ය. අපටද මහත් සාමයක් ගෙනදිය යුත්තේ මෙම සත්‍යයන්ය. ස්වාභාවික පුරුශයන් සහ කාන්තාවන් වශයෙන්, අප සියල්ලන්ම එකිනෙකා මත හැපී හෝ සමහරවිට කඩා වැටී හානියක් සිදුකරනවා. අපගේ වැරදි හා බැඳී ඇති වේදනාව බොහෝවිට අපගේම දඬුවම ගැන තිබෙන බිය නොව, නමුත් අපි අපගේ දරුවන්ගේ ප්‍රීතිය සීමාකර ඇති බව, නැතිනම් සත්‍යය දැකීමට හා තේරුම්ගැනීමට යම් ආකාරයකින් ඔවුන්ට බාධාවක් විය හැකිය යන බිය බව ඕනෑම දෙමාපියෙකුට සාක්ශි දැරීමට පුළුවන්. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පූජාවේ මහිමාන්විත පොරොන්දුව නම්, දෙමව්පියන් සම්බන්ධයෙන් අපගේ වැරදි ගැන සැලකිලිමත් වන විට, උන්වහන්සේ අපේ දරුවන් නිර්දෝෂී ලෙස තබාගෙන ඔවුන්ට සුවය ලබාදෙන බවට පොරොන්දු වීමයි.30 අප සියලුදෙනාම කරන්නාක් මෙන්—ආලෝකයට විරුද්ධව ඔවුන් පවු කරන විටදී පවා—උන්වහන්සේගේ කරුණාවේ දෑත් දිගහැරෙනවා31 ඒ වගේම ඔවුන් උන්වහන්සේ දෙස බලා ජීවත්වීමට කැමති නම් උන්වහන්සේ ඔවුන්ව මුදවා ගන්නවා.32
අපට නිවැරදි කළ නොහැකි දේ සකස් කිරීමට ගැලවුම්කරුවාණන්ට බලය තිබුණත්, අපගේ පසුතැවිල්ලේ කොටසක් ලෙස යථා තත්වයට පත්කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කරන්නැයි උන්වහන්සේ අපට ආඥා කරනවා.33 අපගේ පාප හා වැරදි දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය පමණක් නොව අන් අය සමග ඇති අපගේ සබඳතාද වෙනස්කරනවා. සමහරවිට සුවවීමේ සහ නැවත යථා තත්වයට පත්වීමේ උත්සහයන් සමාව ලබාගැනීම තරම් සරල වෙන්න පුළුවන්, නමුත් අනෙකුත් අවස්ථා වල නැවත පිහිටුවීමට වසර ගණනාවක නිහතමානී උත්සහයන් අවශ්‍ය වෙනවා.34 එහෙත්, අපගේ බොහෝ පාප සහ වැරදි නිසා, අප විසින් රිදවූ අය සම්පූර්ණයෙන් සුව කිරීමට අපට හැකියාවක් නැහැ. මෝර්මොන්ගේ පොතෙහි සහ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ විශ්මයජනක, සාමය–ලබාදෙන පොරොන්දුව නම් ගැලවුම්කරුවාණන් අප විසින් බිඳ දැමූ සියල්ල නිවැරදි කරනු ඇති බවයි.35 ඒ වගේම ඇදහිල්ලෙන් යුතුව සහ අපි විසින් පැමිණවූ හානිය ගැන පසුතැවිලි වෙමින් අපි උන්වහන්සේ වෙතට හැරුණු විට උන්වහන්සේ අපව අලුත්වැඩියා කරනවා.36 උන්වහන්සේ අප සියලුදෙනාටම පරිපූර්ණ ප්‍රේමයකින් ප්‍රේම කරන නිසා37 සහ යුක්තිය සහ කරුණාව යන දෙකටම ගරුකරණ ධර්මිෂ්ඨ විනිශ්චයක් සහතික වීමට උන්වහන්සේ කැපවී සිටින නිසා මෙම දීමනාවන් දෙකම උන්වහන්සේ විසින් අපට පිරිනමනවා. මෙය මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.