දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම
ඔබේ ජීවිතයේ යම් ආකාරයක බලවත් කැළඹීමක් සිදුවූ සෑම අවස්ථාවකම, අධ්‍යාත්මික වශයෙන් ආරක්ෂිතම ස්ථානය ඔබේ දේවමාළිගා ගිවිසුම් තුළ ජීවත්වීමයි!
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මගේ හදවතේ හැඟීම් බෙදාගැනීමට අද උදෑසන ඔබ සමඟ සිටීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.
ඔබ දන්නා පරිදි, අපි ඓතිහාසික සෝල්ට් ලේක් දේවමාළිගයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් ඉන්නවා. සියවසකටත් වැඩි කාලයක් හොඳින් සේවය කළ එහි මුල් අත්තිවාරම විශාල වශයෙන් ශක්තිමත් කිරීම, මෙම සංකීර්ණ ව්‍යාපෘතියට ඇතුළත්. නමුත් මෙම දේවමාළිගාව බොහෝ කාලයක් පැවතිය යුතුයි. මැයි මස අවසානයේදී, මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රගතිය මම පරීක්ෂා කළා. මම සහ මගේ බිරිඳ වෙන්ඩි දුටු දේ දැකීමෙන් ඔබ එය අගය කරනු ඇතැයි මම සිතුවා. “How Firm a Foundation” 1 යන ගීතිකාව අපිට නව අරුතක් ගෙනදුන්නේ ඇයිදැයි ඔබ දකිනු ඇතැයි මම සිතනවා.
සෝල්ට් ලේක් දේවමාළිගාව ප්‍රතිසංස්කරණය කරන ස්ථානයේ වීඩියෝව: “අපි බලාසිටින්නේ සෝල්ට් ලේක් දේවමාළිගාවේ මුල් අත්තිවාරම දෙසයි. මම සිටගෙන සිටින්නේ ගෙවතු කාමරය ලෙස තිබූ ස්ථානයට පහළින් වූ ප්‍රදේශයකයි. මෙම මුළු ගොඩනැගිල්ලේම ශිල්පීයභාවය මම පරීක්ෂා කරන විට, පුරෝගාමීන් ඉටුකළ දේ ගැන මම පුදුම වෙනවා. සියවසකටත් වැඩි කාලයකට පෙර ඔවුන් සතුව තිබූ මෙවලම් හා තාක්ෂණයන්ගෙන් පමණක් ඔවුන් මෙම අපූරු දේවමාළිගාව ඉදිකළ බව සිතන විට මම මුළුමනින්ම විස්මයට පත්වී සිටිනවා.
“කෙසේවෙතත්, මෙවන් දශක ගණනාවකටත් පසු, අපි අත්තිවාරම හොඳින් පරීක්ෂා කර බැලුවහොත්, ඛාදනයේ බලපෑම්, මුල්ගල් වැඩ වල හිඩැස්, සහ පෙදරේරු වල ස්ථායිතාවයේ විවිධ අවස්ථා අපට දැකගන්නට පුළුවන්.
“දැන්, එම මුල් අත්තිවාරම ශක්තිමත් කිරීම සඳහා නවීන ඉංජිනේරුවන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන්ට, සහ ඉදිකිරීම් විශේෂඥයින්ට කළ හැකි දේ මම දකින විට, මම ඇත්තෙන්ම පුදුමයට පත්වෙනවා. ඔවුන්ගේ වැඩ පුදුම සහගතයි!
“ඕනෑම ගොඩනැගිල්ලක, විශේෂයෙන් මේ තරම් විශාල එකක අත්තිවාරම, භූමිකම්පා වලට, විඛාදනයට, අධික සුළං වලට, සහ සෑම ගොඩනැගිල්ලකටම බලපාන නොවැළැක්විය හැකි දේවල් වලට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු විය යුතුයි. දැන් කරගෙන යන ශක්තිමත් කිරීමේ සංකීර්ණ කාර්යය මගින් මෙම පූජනීය දේවමාළිගාව කාලයත් සමඟම ඇතිවන අභියෝග වලට එරෙහිව ස්ථාවර වීමට හැකියාව ලැබෙන ලෙස එහි අත්තිවාරම මගින් ශක්තිමත් කෙරෙනවා.”
වැඩි වැඩියෙන් අවදානමට ලක්ව ඇති, මෙම බොහෝ වයසැති දේවමාළිගාවට, සහශ්‍රය දක්වාම ස්වාභාවික බලවේගයන්ට ඔරොත්තු දෙන අත්තිවාරමක් ලබාදීමට හැකිවන කිසිඳු උත්සාහයක් අපි අත්හරින්නේ නෑ. ඒ හා සමානව, අපේ පෞද්ගලික අධ්‍යාත්මික අත්තිවාරම් ශක්තිමත් කරගැනීම සඳහා—අපි සෑම කෙනෙකුටම සමහරවිට අපි කෙදිනකවත් කර නැති තරමින්ම—අසාමාන්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට—කාලය පැමිණ තිබෙනවා. පෙර නොවූ විරූ කාලයන් පෙර නොවූ විරූ පියවර ඉල්ලා සිටිනවා.
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මේ තමයි පසුදවස්. ඉදිරියට එන අන්තරායන්ට හා පීඩන වලට ඔබත් මමත් ඔරොත්තු දෙන්නට නම්, අපගේ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පර්වතය මත ස්ථිර අධ්‍යාත්මික අත්තිවාරමක් ගොඩනගාගැනීම අප සැමදෙනාගේම අනිවාර්ය අවශ්‍යතාවයක් වෙනවා. 2
ඉතින්, මම ඔබ සෑම කෙනෙකුගෙන්ම අසන්නම්, ඔබේ අත්තිවාරම කෙතරම් ස්ථිරද? ඒවගේම ශුභාරංචිය පිළිබඳ ඔබේ තේරුම්ගැනීමට සහ සාක්ෂිය සඳහා අවශ්‍ය කුමන ආකාරයේ ශක්තිමත් කිරීමක්ද?”
ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ දහම දේවමාළිගාවේ හදවත වන බැවින්, අපේ ඇදහිල්ල සහ අධ්‍යාත්මික ස්ථිරභාවය ශක්තිමත් කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙසද දේවමාළිගාව නැගී සිටිනවා. දේවමාළිගාවේ උගන්වන සෑම දෙයක්ම, උපදෙස් සහ ආත්මයාණන් තුළින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ අවබෝධය වැඩි කරනවා. උන්වහන්සේගේ අත්‍යවශ්‍ය නියෝගයන් පූජනීය පූජකවර ගිවිසුම් තුළින් අපව උන්වහන්සේට බැඳ තබනවා. ඉන්පසුව, අපි අපේ ගිවිසුම් තබන විට, උන්වහන්සේගේ සුවකිරීම, ශක්තිමත් කිරීමේ බලය මගින් උන්වහන්සේ අපව බලයෙන් සරසවනවා. 3 ඒවගේම, ඉදිරි දින වලදී අපට උන්වහන්සේගේ බලය කෙතරම් නම් අවශ්‍ය වෙනවාද.
අපට මෙසේ පොරොන්දුවක් ලැබී තිබෙනවා, “[අපි] සූදානම් වී ඇත්නම් [අපි] බිය වියයුතු [නෑ].” 4 මෙම සහතිකයට අද ගැඹුරු සම්බන්ධතා තිබෙනවා. අද දින පවතින පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ වුවද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත තම අත්තිවාරම් ගොඩනගාගෙන, එමෙන්ම උන්වහන්සේගේ බලය ලබාගැනීමට ඉගෙනගත් අය, මෙම යුගයේ අද්විතීය කනස්සල්ලට ගොදුරු වියයුතු නැති බව ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
දේවමාළිගා නියෝග හා ගිවිසුම් පැරණියි. ආදම් සහ ඒවට යාච්ඤා කරන ලෙසත් ගිවිසුම් ඇතිකරගෙන, පූජා ඔප්පු කරන ලෙසත් ස්වාමින්වහන්සේ උපදෙස් දුන්නා. 5 ඇත්තෙන්ම, “ස්වාමින්වහන්සේගේ වචනයට අවනත වන ජනතාවක් මිහිපිට සිටින ඕනෑම විටක, දේවමාළිගා ඉදිකරන ලෙස ඔවුන්ට ආඥා කර තිබෙනවා.” 6 දේවමාළිගා ඉගැන්වීම්, ඇඳුම් පැළඳුම්, භාෂාව, සහ තවත් බොහෝ දේ ගැන ශුද්ධලියවිලි පිරී තිබෙනවා. 7 අපි විශ්වාස කරන සෑමදෙයක්ම සහ දෙවියන්වහන්සේ තම ගිවිසුම් ජනතාවට දුන් සෑම පොරොන්දුවක්ම දේවමාළිගාවේදී එකට එකතු වෙනවා. දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගෙන ඒවා තබාගන්නා අය, ගිවිසුමේ දරුවන් යන වටිනා සත්‍යය, සෑම යුගයකදීම දේවමාළිගාව අවධාරණය කර තිබෙනවා.
මේ අනුව, ආබ්‍රහම්, ඊසාක්, සහ යාකොබ් දෙවියන්වහන්සේ සමඟ කළ ගිවිසුම් අපටත් ස්වාමින්වහන්සේගේ ගෘහයේදී සිදුකරන්නට පුළුවන්. එමෙන්ම ඒ ආශිර්වාදම අපටත් ලබාගන්නට පුළුවන්!
එහි මුල් අවධියේ සිටම දේවමාළිගා මෙම කාලපරිච්ඡේදයේ කොටසක් වුණා. 8 එලයිජා විසින් කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී ජෝසෆ් ස්මිත්ට මුද්‍රා තැබීමේ අධිකාරියේ යතුරු භාරදුන්නා. පූජකවරයේ පූර්ණත්වය නාවූ දේවමාළිගාවේදී නැවත පිහිටුවනු ලැබුවා. 9
ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගය සිදුවන තුරුම, බලයෙන් සැරසීමේ සහ මුද්‍රා කිරීමේ නියෝග නැවත පිහිටුවීම සඳහා තවදුරටත් ජෝසෆ් ස්මිත් දිගින් දිගටම එළිදරව් ලබාගත්තා. 10 කෙසේවෙතත්, තවදුරටත් ශෝධනයක් අවශ්‍ය බව ඔහු හඳුනාගත්තා. 1842 මැයි මාසයේදී බ්‍රිගම් යන්ග්ගේ බලයෙන් සැරසීමෙන් පසු, ජෝසෆ් බ්රිගම්ට මෙසේ පැවසුවා: “මෙය නිවැරදි ලෙස සැලසුම් කර නෑ, නමුත් අපව තබා ඇති වාතාවරණය යටතේ අපි කළ හැකි උපරිමය කළ අතර, ඔබ මේ කාරණය අතට ගෙන මෙම සියලු වත්පිළිවෙත් ක්‍රමානුකූලව සංවිධානය කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.” 11
අනාගතවක්තෘවරයාගේ මරණයෙන් පසු, සභාපති යන්ග් නාවූ දේවමාළිගාව නිමකිරීම අධීක්ෂණය කළ අතර 12 පසුව යූටා ප්‍රදේශයේ දේවමාළිගා ඉදිකළා. ශාන්ත ජෝර්ජ් දේවමාළිගාවේ පහළ කොටස කැපකිරීමේදී, “මම මේ විෂය ගැන සිතන විට, ගිගුරුම් හතක දිව මගින් ජනතාව අවදි කරවීම මට අවශ්‍යයි” යනුවෙන් පැවසූ විට, සභාපති බ්‍රිගම් යන්ග් විවිධ වූ දේවමාළිගා කාර්යය කිරීමේ හදිසිභාවය දැඩිලෙස ප්‍රකාශ කළා. 13
එතැන් පටන් ඉදිරියට, දේවමාළිගා නියෝග ක්‍රමයෙන් පිරිපහදු වුණා. ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවන ලස සභාව තුළ ක්‍රියා-පටිපාටි, ප්‍රතිපත්ති, සහ දේවමාළිගා නියෝග ක්‍රියාත්මක කිරීම පවා වෙනස් වීමට හේතු සභාපති හැරල්ඩ් බී. ලී පැහැදිලි කළා. සභාපති ලී මෙසේ පැවසුවා: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්ම දිව්‍යමය ඒවායි. සභාවේ මූලධර්ම සහ [දහම] ස්වාමින්වහන්සේගේ එළිදරව් මගින් හැර අන් කිසිවෙක් ඒවා වෙනස් කරන්නේ නෑ. එහෙත් නියමිත වේලාවල් වල නායකත්වය දෙන අයට දේවානුභාවයෙන් මගපෙන්වීම් පැමිණෙන විට ක්‍රම වෙනස් වෙනවා.” 14
වසර ගණනාවක් පුරා සක්‍රමේන්තුව ක්‍රියාත්මක කිරීම වෙනස් වී ඇති ආකාරය සලකා බලන්න. පෙර දිනවල, සක්‍රමේන්තුවේ ජලය එක් විශාල භාජනයකින් සභාව වෙත බෙදාදෙනු ලැබුවා. හැමෝම එයින් බිව්වා. දැන් අපි ඉවත දැමිය හැකි තනි කෝප්ප භාවිතා කරනවා. ක්‍රියා-පටිපාටිය වෙනස් වුණා, නමුත් ගිවිසුම් එලෙසම පවතිනවා.
මෙම සත්‍යයන් තුන ගැන මෙනෙහි කරන්න:
-
නැවත පිහිටුවීම යනු ක්‍රියාවලියක් මිස, සිද්ධියක් නොවන අතර, ස්වාමින්වහන්සේ නැවත පැමිණෙන තුරු එය එසේ වෙමින් පවතිනවා.
-
ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේ අවසාන අරමුණ 15 නම් දේවමාළිගාවේ ආශිර්වාද දෙවියන්වහන්සේගේ ඇදහිලිවන්ත දරුවන්ට ලබාදීමයි.
-
එම අරමුණ වඩාත් ඵලදායීව සාක්ෂාත් කරගන්නේ කෙසේදැයි අපි සොයන විට, ස්වාමින්වහන්සේ වැඩි අවබෝධයක් හෙළිකරයි. දැනට සිදුවෙමින් පවතින නැවත පිහිටුවීම සඳහා අඛණ්ඩ එළිදරව් අවශ්‍යයි.
පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය විසින්, මෙම දේවමාළිගා ආශිර්වාද උන්වහන්සේගේ ඇදහිලිවන්ත දරුවන් වෙතට ගෙන ඒමට වඩා හොඳ ආකාර තිබේදැයි නිරතුරුවම ස්වාමින්වහන්සේගෙන් විමසා තිබෙනවා. භාෂාවේ සහ සංස්කෘතියේ වෙනස්කම් තිබියදීත්, දේවමාළිගා උපදෙස්, ගිවිසුම්, සහ නියෝග වල ලෝක ව්‍යාප්ත නිරවද්‍යතාවය සහ අනුකූලතාව සහතික කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපි නිතරම මගපෙන්වීම් සොයනවා.
ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම යටතේ සහ අපගේ යාච්ඤා වලට පිළිතුරු වශයෙන්, මෑතකදී සිදුකරන ලද ක්‍රියාපටිපාටි සකස් කිරීම් සිදුකර තිබෙනවා. ඔබ ගිවිසුම් කිරීමට යන්නේ කුමක් කිරීමටද යන්න ඉතා පැහැදිලි ලෙස ඔබට අවබෝධ කරදීමට අවශ්‍ය උන්වහන්සේටයි. උන්වහන්සේගේ ශුද්ධ වූ නියෝග ඔබ මුළුමනින්ම අත්විඳිනවාට කැමති උන්වහන්සේයි. ඔබේ වරප්‍රසාද, පොරොන්දු, සහ වගකීම් ඔබ අවබෝධ කරගැනීම අවශ්‍ය වන්නේ උන්වහන්සේටයි. ඔබට පෙර නොතිබූ අධ්‍යාත්මික අවබෝධයක් සහ පිබිදීමක් ඔබට ලබාදීමට අවශ්‍ය වන්නේ උන්වහන්සේටයි. සියලුම දේවමාළිගා අනුග්රහකයින්, ඔවුන් කොහේ ජීවත් වුවත්, මෙය උන්වහන්සේගේ කැමැත්තයි.
දේවමාළිගාවේ ක්‍රියා-පටිපාටි වල වර්තමාන ගැලපීම්, සහ අනුගමනය කරන අනෙකුත් ඒවා, ස්වාමින්වහන්සේ තම සභාව ක්‍රියාකාරීව මෙහෙයවන බවට අඛණ්ඩ සාක්ෂියක්. අපේ ජීවිත උන්වහන්සේ මත හා උන්වහන්සේගේ දේවමාළිගාවේ නියෝග හා ගිවිසුම් මත කේන්ද්‍ර කරගනිමින්, අපගේ අධ්‍යාත්මික අත්තිවාරම් වඩාත් ඵලදායීව තහවුරු කරගැනීම සඳහා, උන්වහන්සේ අප සෑම කෙනෙකුටම අවස්ථා සලසනවා. ස්වාමින්වහන්සේගේ ඉගෙනගැනීමේ ගෘහයට, ඔබේ දේවමාළිගා නිර්දේශය, පසුතැවුණු හදවතක්, සහ සොයන මනසක් ඔබ ගෙන ආ විට, උන්වහන්සේ ඔබට උගන්වයි.
දුර, සෞඛ්‍ය අභියෝග, හෝ වෙනත් බාධක හේතුවෙන් යම් කාල සීමාවකට ඔබේ දේවමාළිගා යාම වැළැක්වුනොත්, ඔබ විසින් කර ඇති ගිවිසුම් ඔබේ මනස තුළ පෙරහුරු කිරීම සඳහා නිතිපතා වේලාවක් වෙන්කරගන්නා ලෙස මම ඔබට ආරාධනා කරනවා.
ඔබ තවමත් දේවමාළිගාවට යාමට අකමැති නම්, අඩුවෙන් නොව—නිතර නිතර යන්න. ස්වාමින්වහන්සේට, උන්වහන්සේගේ ආත්මය තුළින්, ඔබට එහිදී ඉගැන්වීමට හා අනුභාවය ලබාදීමට ඉඩදෙන්න. කාලයත් සමඟම දේවමාළිගාව ආරක්ෂාව, සැනසීම, සහ එළිදරව් ලබාදෙන ස්ථානයක් බවට පත්වන බවට මම ඔබට පොරොන්දු වෙනවා.
සෑම තරුණ වැඩිහිටියෙකු සමඟම මට එක එක්කෙනා බැගින් කතා කිරීමට හැකිනම්, දේවමාළිගාවේදී ඔබට මුද්‍රා විය හැකි සහයකයෙකු සොයාගන්නා ලෙස මම ඔබෙන් අයදිනවා. මෙය ඔබේ ජීවිතයේ කුමන වෙනසක් සිදුකරනු ඇත්දැයි ඔබ කල්පනා කරනවා වෙන්නට පුළුවන්. එය සෑම වෙනසක්ම සිදුකරනු ඇතැයි මම පොරොන්දු වෙනවා! ඔබ දේවමාළිගාවේදී විවාහ වී නැවත නැවත පැමිණෙන විට, ඔබේ තීරණ වලදී ඔබව ශක්තිමත් කර මගපෙන්වනු ලැබෙයි.
දේවමාළිගාවේ තවමත් මුද්‍රා තබා නැති සෑම ස්වාමිපුරුෂයෙකුටම සහ භාර්යාවකටම මට කථා කිරීමට හැකිනම්, එම උතුම්, ජීවිතය වෙනස් කරන නියෝගය ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ඔබෙන් අයදිනවා. 16 එය වෙනසක් ඇති කරයිද? ඒ ඔබට සදහටම දියුණු වී සදහටම එකට සිටීමට අවශ්‍ය නම් පමණයි. සදහටම එකට සිටීමට ප්‍රාර්ථනා කිරීමෙන් එය එසේ වන්නේ නෑ. වෙනත් කිසිඳු උත්සවයක් හෝ කොන්ත්‍රාත්තුවක් එය එසේ කරන්නේ නෑ. 17
විවාහය බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඔහුගේ හෝ ඇයගේ සදාකාලික සහකාරිය හෝ සහකරුවාව තවමත් සොයාගෙන නැති සෑම පුරුෂයෙකුටම හෝ ස්ත්‍රියකටම මට කථා කිරීමට හැකිනම්, ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ විවාහ වනතුරු බලයෙන් සැරසීමට බලා නොසිටින ලෙස මම ඔබට අවවාද කරනවා. පූජකවර බලයෙන් සන්නද්ධ වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඉගෙනගැනීමට හා අත්දැකීමට දැන් පටන්ගන්න.
ඒවගේම දේවමාළිගා ගිවිසුම් සහ නියෝග තේරුම්ගැනීමට—යාච්ඤා කරමින් හා නිරතුරුවම උත්සාහ කරන ලෙස—දේවමාළිගාවේ ගිවිසුම් ඇතිකරගත් ඔබ සෑම කෙනෙකුගෙන්ම, මම ඔබෙන් අයදිනවා. 18 අධ්‍යාත්මික දොරටු විවෘත වේවි. ස්වර්ගය සහ පොළොව අතර තිරය වෙන්කරන්නේ කෙසේද, දෙවියන්වහන්සේගේ දේවදූතයන්ට ඔබ කෙරෙහි පැමිණෙන ලෙස ඉල්ලන්නේ කෙසේද, සහ ස්වර්ගයෙන් මගපෙන්වීම ඉතා හොඳින් ලබාගන්නේ කෙසේද කියා ඔබ ඉගෙනගනියි. එසේ කිරීම සඳහා ඔබ දරන දැඩි උත්සාහය ඔබේ අධ්‍යාත්මික අත්තිවාරම සවිගන්වා ශක්තිමත් කරයි.
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, සෝල්ට් ලේක් දේවමාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ විට, භූමි කම්පාවකදී සෝල්ට් ලේක් මිටියාවතේ එම දේවමාළිගාව තුළ තරම් ආරක්ෂිත ස්ථානයක් වෙන තිබෙන එකක් නෑ.
එසේම, ඔබේ ජීවිතයේ යම් ආකාරයක බලවත් කැළඹීමක් සිදුවූ සෑම අවස්ථාවකම, අධ්‍යාත්මික වශයෙන් ආරක්ෂිතම ස්ථානය ඔබේ දේවමාළිගා ගිවිසුම් තුළ ජීවත් වීමයි!
ඔබගේ අධ්‍යාත්මික අත්තිවාරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත දැඩි ලෙස ගොඩනගා ඇතිවිට, ඔබ බිය වියයුතු නැති බව මම කියන විට, කරුණාකර මාව විශ්වාස කරන්න. දේවමාළිගාවේදී සිදුකරන ලද ඔබේ ගිවිසුම් වලට ඔබ සත්‍යවන්ත වන විට, උන්වහන්සේගේ බලයෙන් ඔබව ශක්තිමත් කරනු ලැබෙයි. එවිට, අධ්‍යාත්මික භූමිකම්පා සිදුවූ විට, ඔබේ අධ්‍යාත්මික අත්තිවාරම ස්ථිර හා නිශ්චල බැවින් ඔබට ශක්තිමත්ව සිටීමට හැකිවෙනවා.
ආදරණීය සහෝදර සහෝදරියනි, මම ඔබට ආදරෙයි. මෙම සත්‍යයන් මම දන්නවා: අපගේ ස්වර්ගික පියාණන් වන දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ උන්වහන්සේ වෙත නිවසට පැමිණීමට තෝරාගැනීමයි. සදාකාලික දියුණුවේ උන්වහන්සේගේ සැලැස්ම සංකීර්ණ නොවන අතර, එය ඔබේ තෝරාගැනීමේ නිදහසට ගෞරව කරනවා. මතු ලෝකයේ ඔබ කවුරු වන්නේද—ඔබ සමඟ සිටින්නේ කවුද—යන්න තෝරාගැනීමට ඔබට නිදහස තිබෙනවා!
දෙවියන්වහන්සේ ජීවමානයි! යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි! ඔබේ දිව්‍යමය ඉරණම සපුරාලීම සඳහා නැවත පිහිටවූ උන්වහන්සේගේ සභාව මෙයයි. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.