ඔබගේ දිව්‍යමය ස්වභාවය සහ සදාකාලික ඉරණම
ඔබගේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත කේන්ද්‍රගත කරගෙන තරුණ කාන්තා තේමාවේ මූලික සත්‍යයන් මතකතබාගැනීමට මම ඔබට ආරාධනා කරනවා.
ආදරණීය සහෝදරියනි, මෙහි සිටීම ගැන ඔබට ස්තූතියි. ප්‍රධාන සම්මන්ත්‍රණයේ මෙම කාන්තා සැසිවාරයට සහභාගී වීමට ලැබීම මට ගෞරවයක්. සමහර අවස්ථා වලදී තරුණ කාන්තා පන්ති වලට සහභාගි වීමේ වරප්‍රසාදයද මට හිමි වී තිබෙනවා. නමුත් මම පැහැදිලිවම පෙන්වා දෙන්නම්—මම තරුණ නෑ ඒවගේම මම කාන්තාවක් නෙවේ! කෙසේවෙතත්, තරුණ කාන්තාවන් සමඟ මට තරුණ කාන්තා තේමාව කියවීමට හැකි නම් මම අතරමං වෙලා නැති බවක් මට දැණුනා. තරුණ කාන්තා තේමාවෙන්1 ඉගැන්වෙන ගැඹුරු දහම තරුණියන්ට වැදගත් වන නමුත්, එය තරුණ කාන්තාවන් නොවන අප ඇතුළු සැමටම අදාළ වෙනවා.
තරුණ කාන්තා තේමාව පටන්ගන්නේ මෙහෙමයි, “මම දිව්‍යමය ස්වභාවයක් හා සදාකාලික ඉරණමක් සහිත ස්වර්ගීය දෙමාපියන්ගේ ආදරණීය දියණියකි.”2 මෙම ප්‍රකාශයේ වැදගත් සත්‍යයන් හතරක් අඩංගු වෙනවා. පළමුව, ඔබ ආදරණීය දියණියක්. ඔබ කරන හෝ—ඔබ නොකරන කිසිවකට—එය වෙනස් කළ නොහැකියි. ඔබ උන්වහන්සේගේ ආත්මික දියණියක් නිසා දෙවියන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. සමහර වෙලාවට අපිට උන්වහන්සේගේ ප්‍රේමය දැනෙන්නේ නෑ, නමුත් එය සැමවිටම පවතිනවා. දෙවියන්වහන්සේගේ ප්‍රේමය පරිපූර්ණයි.3 නමුත් ඒ ප්‍රේමය දැනීමට ඇති අපේ හැකියාව එසේ නෑ.
දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට සන්නිවේදනය කිරීමේදී ආත්මයාණන්වහන්සේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරනවා.4 ඒත්, ශුද්ධාත්මයාණන්ගේ බලපෑම “හරියට හැලපින්යෝ මිරිස් කන අතරතුර මිදි ගෙඩියක සියුම් රසය විඳීමට උත්සාහ කරනවා වගේ … ක්‍රෝධය, වෛරය, … [හෝ] භීතිය වැනි ප්‍රබල චිත්තවේගයන්ගෙන් වසන් වී පවතිනවා. … [එක රසයක්] සම්පූර්ණයෙන්ම අනෙක අභිබවා යනවා.”5 එසේම, පාපය ඇතුළුව,6 ශුද්ධාත්මයාණන්ගෙන් අපව ඈත් කරන හැසිරීම්, දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය වටහාගැනීම අපට දුෂ්කර කරවනවා.
ඒ හා සමානව, අභියෝගාත්මක තත්වයන් සහ වෙනත් දේ අතර ශාරීරික හෝ මානසික රෝග නිසා දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ අපගේ හැඟීම හීන වෙන්න පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම, විශ්වාසවන්ත නායකයින්ගේ හෝ වෘත්තිකයන්ගේ උපදෙස් බොහෝවිට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. “දෙවියන්වහන්සේ කෙරෙහි මගේ ප්‍රේමය නියතද නැතිනම් මට හොඳ දවස් ඇති විට මම උන්වහන්සේට ප්‍රේම කරනවාද, නමුත් මට නරක දවස් ඇති විට එය ඒ තරම් නැත්ද?” යනුවෙන් අපෙන්ම ඇසීමෙන් අපිට දෙවියන්වහන්සේගේ ප්‍රේමයට අපේ පිළිගැනීම වැඩිදියුණු කරගන්නට උත්සාහ කරන්න පුළුවන්.
දෙවන සත්‍යය තමයි අපට ස්වර්ගීය දෙමාපියන්, පියෙක් සහ මවක් සිටිනවා.7 ස්වර්ගීය මවකගේ මූලධර්මය එළිදරව්වෙන් පැමිණෙන අතර පසුදවස් වල ශුද්ධවන්තයන් අතර එය සුවිශේෂී විශ්වාසයක්. සභාපති ඩැලන් එච්. ඕක්ස් මේ සත්‍යයේ වැදගත්කම පැහැදිලි කළා: “අපගේ දේවවේදය ආරම්භ වන්නේ ස්වර්ගීය දෙමාපියන්ගෙන්. අපේ ඉහළම ප්‍රාර්ථනාව ඔවුන් වගේ වීමයි.”8
ස්වර්ගයේ මව ගැන හෙළිදරව් වී ඇත්තේ බොහොම ටිකයි, නමුත් අප දන්නා දේ අපගේ ශුභාරංචි පුස්තකාල යෙදුමේ ඇති ශුභාරංචි මාතෘකා වල සාරාංශ කරලා තිබෙනවා.9 ඔබ එහි ඇති දේ කියවූ පසු, මේ කාරණාව ගැන මා දන්නා සෑම දෙයක්ම ඔබත් දැනගනී. මම මීට වඩා දැන සිටියා නම් හොඳයි. ඔබටත් තවමත් ප්‍රශ්න තිබෙන අතර තවත් පිළිතුරු සෙවීමට අවශ්‍ය වෙන්න පුළුවන්. වැඩි අවබෝධයක් ලබාගැනීම අපගේ අධ්‍යාත්මික සංවර්ධනයේ වැදගත් අංගයක්, නමුත් කරුණාකර ප්‍රවේශම් වන්න. හේතුව මගින් එළිදරව්ව ප්‍රතිස්ථාපනය කරන්න බැහැ.
සමපෙක්ෂණය වැඩි අධ්‍යාත්මික දැනුමක් කරා ගෙන යන්නේ නැති නමුත් එයට අපව රැවටීමට හෝ එළිදරව් වී ඇති දෙයින් අපගේ අවධානය වෙනතකට යොමුකරන්න පුළුවන්.10 නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට මෙසේ ඉගැන්වූවා, “මාගේ නාමයෙන් නිතරම පියාණන්වහන්සේට යාච්ඤා කරන්න.”11 අපි මේ රටාව අනුගමනය කරමින් අපේ නමස්කාරය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට යොමුකරමු, ඒවගේම ස්වර්ගීය මවට යාච්ඤා කරන්න එපා.12
දෙවියන්වහන්සේ අනාගතවක්තෘවරුන් පත්කළ දා සිට, උන්වහන්සේ වෙනුවෙන් කතා කිරීමට ඔවුන්ට බලය ලැබී තිබෙනවා. නමුත් ඔවුන් “[ඔවුන්ගේ] මනසින්”13 ගොතන ලද දහම ප්‍රකාශ කරන්නේවත් එළිදරව් නොකළ දේවල් උගන්වන්නේවත් නෑ. මෝවබ්වරුන්ට ප්‍රයෝජන ගැනීම සඳහා ඊශ්‍රායෙල්වරුන්ට ශාප කිරීමට අල්ලසක් ලබාදුන්, පැරණි ගිවිසුමේ අනාගතවක්තෘ බාලාම්ගේ වචන සලකා බලන්න. බාලාම් මෙසේ පැවසුවා, “[මෝවබ්හි රජු] තමාගේ ගෙය පුරවා ඇති රන් රිදී මට දෙතත්, අඩුව හෝ වැඩිව හෝ කරන්නට, මට මාගේ දෙවිවූ ස්වාමින්වහන්සේගේ වචනය ඉක්මවා යා නොහැක්කෙමි.”14 පසුදවස් වල අනාගතවක්තෘවරුන්වත් ඒ හා සමානව සීමාකර තිබෙනවා. දෙවියන්වහන්සේගෙන් බලෙන් එළිදරව්වක් ඉල්ලා සිටීම මානාදිකයි මෙන්ම ඵලදායී නෑ. ඒ වෙනුවට, අපි උන්වහන්සේ ස්ථාපිත කර ඇති මාධ්‍යයන් තුළින් උන්වහන්සේගේ සත්‍යයන් හෙළිකිරීමට ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ කාලසටහන මත බලා සිටිය යුතුයි.15
තරුණ කාන්තා තේමාවේ ආරම්භක ඡේදයේ තුන්වන සත්‍යය තමයි අපට “දිව්‍ය ස්වභාවයක්” ඇති බව. මෙය අප කවුරුන්ද යන්නට ඉතා වැදගත් දෙයක්. එය ආත්මිකව “ජානමය” දෙයක් සහ එය අපගේ ස්වර්ගික දෙමාපියන්ගෙන් උරුම වූවක්16 වන අතර ඒ සඳහා අපේ පැත්තෙන් කිසිඳු උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නෑ. අපි අපව හඳුන්වන්නට අපි වෙනත් කුමන ආකාර තෝරාගත්තත්, මෙය තමයි අපේ වැදගත්ම අනන්‍යතාවය. මෙම ගැඹුරු සත්‍යය අවබෝධ කරගැනීම සෑම කෙනෙකුටම වැදගත් වන නමුත් ඓතිහාසික වශයෙන් කොන් කරන ලද, පීඩාවට පත් වූ, හෝ යටපත් වූ කණ්ඩායම් වලට අයත් පුද්ගලයන්ට මෙය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඔබගේ වැදගත්ම අනන්‍යතාවය දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස ඔබගේ දිව්‍යමය ස්වභාවයට සම්බන්ධ බව මතකතබාගන්න.
අපිට තියෙන හතරවන සත්‍යය තමයි අපිට “සදාකාලික ඉරණමක්” ඇති බව. එවැනි ඉරණමක් අප මත බලෙන් පැටවෙන්නේ නෑ. මරණයෙන් පසු, අපි ලබාගන්නේ අපි විසින් සුදුසුකම් ලබන දේ වන අතර, “[අපි] භුක්ති විඳිනු ලබන්නේ අපි ලබන්නට කැමති දේවල් [පමණයි]”.17 ඒවගේම අපි අපේ සදාකාලික ඉරණම අපේ තේරීම් මත රඳා පවතින බව අවබෝධ කරගන්නවා. ඒ සඳහා පරිශුද්ධ ගිවිසුම් ඇතිකරගැනීම සහ තබාගැනීම අවශ්‍ය වෙනවා. මෙම ගිවිසුම් මාර්ගය අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන මාර්ගය වන අතර එය පරම සත්‍යය සහ සදාකාලික, නොවෙනස්වන නීතිය මත පදනම් වෙනවා. අපිට අපේම මාර්ගයක් නිර්මාණය කරගෙන දෙවියන්වහන්සේගේ පොරොන්දු වූ ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකියි. උන්වහන්සේගේ ආශිර්වාද ලබාදීමට පනවා ඇති සදාකාලික නීති අනුගමනය නොකර18 උන්වහන්සේගේ ආශිර්වාද අපේක්ෂා කිරීම වැරදි මගපෙන්වීමක්, හරියට අපි උණුසුම් උඳුනක් ස්පර්ශ කරමින් පිළිස්සීමෙන් වළකින්නට “තීරණය” කරනවා වගේ.
හෘදයාබාධ ඇති රෝගීන්ට මම ප්‍රතිකාර කළ බව ඔබ දන්නවා ඇති. ඔවුන් සඳහා හොඳම ප්‍රතිඵල ලබාගැනීමට හැකිවුණේ ස්ථාපිත, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිකාර සැලසුම් අනුගමනය කිරීමෙන්. මෙය දැන සිටියත්, සමහර රෝගීන් වෙනත් ප්‍රතිකාර සැලැස්මක් සාකච්ඡා කිරීමට උත්සාහ කළා. “මට මෙතරම් ඖෂධ ලබාගැනීමට අවශ්‍ය නෑ” හෝ “මට මෙතරම් පසු-විපරම් පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය නෑ” යනුවෙන් ඔවුන් පැවසුවා. ඇත්තවශයෙන්ම, රෝගීන්ට තමන්ගේම තීරණ ගැනීමට නිදහස තිබෙනවා, නමුත් ඔවුන් යෝග්‍ය ප්‍රතිකාර සැලසුම් වලින් බැහැර වුවහොත්, ඔවුන්ගේ ප්‍රතිඵල වෙනස් වෙනවා. හෘදයාබාධ ඇති රෝගීන්ට බාල ක්‍රමයක් තෝරාගෙන පසුව ලැබෙන බාල ප්‍රතිඵල සඳහා ඔවුන්ගේ හෘද රෝග විශේෂඥයාට දොස් පැවරිය නොහැකියි.
අපිටත් එහෙමයි. ස්වර්ගීය පියාණන්වහන්සේගේ නියම කරන ලද මාර්ගය හොඳම සදාකාලික ප්‍රතිඵල වලට මගපෙන්වනවා. අපිට තෝරාගැනීමට නිදහස තිබෙනවා, නමුත් අපට හෙළිකළ මාර්ගය අනුගමනය නොකිරීමේ ප්‍රතිවිපාක තෝරාගන්නට බැහැ.19 ස්වාමින්වහන්සේ මෙසේ පවසා තිබෙනවා, “එනම් නීතියක් කඩන එම දේ, තවද නීතිය මගින් නොපවතින්නේද, එහෙත් ඒ සඳහාම ආවේනික වූ නීතියක් බවට පත්වීමට සොයන්නේද, … නීතිය මගින් හෝ දයාව මගින් හෝ, සාධාරණත්වය, හෝ විනිශ්චය මගින් පරිශුද්ධ කළ නොහැකිය.”20 අපට ස්වර්ගික පියාණන්වහන්සේගේ ක්‍රියාමාර්ගයෙන් බැහැරව බාල ප්‍රතිඵල සඳහා උන්වහන්සේට දොස් පැවරිය නොහැකියි.
තරුණ කාන්තා තේමාවේ දෙවන ඡේදයේ මෙසේ සඳහන් වෙනවා: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස, මම උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කරමි. මම උන්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන් පුද්ගලික එළිදරව් මත ක්‍රියාකරමින් අන්‍යයන්ට දේවසේවය කරමි.” ඇදහිල්ලෙන් ක්‍රියා කිරීමෙන් අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂිය වර්ධනය කරගත හැකියි.21 “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවත්, තවද එනම් ලෝකයේ පව් උදෙසා උන්වහන්සේව කුරුසිපත් කරන ලද බවත්, දැනගැනීමට” අපට එම ආත්මික දීමනාව ලබාගත හැකියි. එසේත් නැතිනම්, අප විසින්ම දැනගන්නා තුරු, දන්නා අයගේ වචන විශ්වාස කිරීමට අපට එම දීමනාව ලැබිය හැකියි.22 අපිට ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් අනුගමනය කළ හැකි අතර අන් අයට උන්වහන්සේ වෙතට පැමිණීමට උදව් කළ හැකියි. අපි උන්වහන්සේගේ කාර්යයට සම්බන්ධ වෙන්නේ මේ ආකාරයෙන්.23
තරුණ කාන්තා තේමාව තවත් මෙහෙම කියනවා, “මම සෑමවිටම සෑම දෙයෙහිම සහ සෑම ස්ථානයකම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස නැගී සිටිමි.” ක්‍රිස්තුස්වහන්සේගේ නාමයේ විශේෂ සාක්ෂිකරුවන් ලෙස ප්‍රේරිතවරුන් සහ හැත්තෑවරුන්ව පත්කර ඇතත්,24 සභාවේ සියලුම සාමාජිකයින්ව දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස අවශ්‍ය වෙනවා.25 ගෝල හිමියා පමණක් ඉලක්කය ආරක්ෂා කරන පාපන්දු තරගයක් ගැන සිතන්න. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගේ සහාය නොමැතිව, ගෝල රකින්නාට ප්‍රමාණවත් ලෙස ඉලක්කය ආරක්ෂා කිරීමට නොහැකි වන අතර කණ්ඩායම සැමවිටම පරාජයට පත්වෙයි. ඒ වගේම, ස්වාමින්වහන්සේගේ කණ්ඩායමට හැමෝවම අවශ්‍යයි.26
තරුණ කාන්තා තේමාවේ අවසාන පරිච්ඡේදය ආරම්භ වෙන්නේ මෙහෙමයි, “උසස් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට මම වෙහෙසෙද්දී, මම පසුතැවිලි වීමේ ත්‍යාගය අගය කොට සෑම දිනකම දියුණු වීමට උත්සාහ කරමි.” ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසා, අපිට පසුතැවිලි වීමට, අපේ වැරදි වලින් ඉගෙනගැනීමට, සහ ඒවා විසින් හෙළාදැකීමට පත්නොවීමට පුළුවන්. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා: “බොහෝ අය පසුතැවීම දඬුවමක් ලෙස සලකනවා. … නමුත් දඬුවම් ලැබීමේ මෙම හැඟීම ඇතිකරනු ලබන්නේ සාතන් විසින්. විවෘත දෑත් සමඟ සිටිනා, සුවකිරීමට, සමාවදීමට, පිරිසිඳු කිරීමට, ශක්තිමත් කිරීමට, පූජනීය කිරීමට, සහ කැපකිරීමට බලාසිටිනා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අපව අවහිර කිරීමට ඔහු උත්සහ කරනවා.”27
අපි අවංකව පසුතැවිලි වන විට, අප කුමක් කළත්, එය කොතරම් බරපතළ වුවත්, කොපමණ වාර ගණනක් නැවත නැවතත් කර තිබුණත්, ආත්මික කැළලක් ඉතිරි වෙන්නේ නෑ.28 අප පසුතැවිලි වී, සැබෑ චේතනාවෙන් සමාව ඉල්ලා සිටින විට, අපට සමාව ලැබිය හැකියි.29 එය අපේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ලැබුණු මොනතරම් විශිෂ්ට තෑග්ගක්ද!30 අපිට සමාව ලැබී ඇති බවට ශුද්ධාත්මයාණන්ට සහතික විය හැකියි. අපට ප්‍රීතිය සහ සාමය දැනෙන විට,31 වරදකාරිත්වය අතුගා දමනු ලබන අතර,32 අපේ පාපයෙන් අපිට තවදුරටත් වධ හිංසා පැමිණෙන්නේ නෑ.33
කෙසේවෙතත්, අවංක පසුතැවිල්ලෙන් පසුව පවා, අපි පැකිලෙන්න පුළුවන්. පැකිලීම යන්නෙන් අදහස් කරන්නේ පසුතැවිලි වීම ප්‍රමාණවත් නොවන බව නොවේ, නමුත් එය හුදෙක් මිනිස් දුර්වලකම පිළිබිඹු කරනවා. “ස්වාමින්වහන්සේ කැරලිගැසීමට වඩා දුර්වලකම් වෙනස් ලෙස දකින” බව දැනගැනීම මොනතරම් සහනයක්ද? “ස්වාමින්වහන්සේ දුර්වලකම් ගැන කතා කරන විට, එය සැමවිටම දයාවෙන්” වන නිසා අපේ දුර්වලතා සමඟ අපට උපකාර කිරීමට ගැලවුම්කරුවාණන්ට ඇති හැකියාව ගැන අපි සැක නොකළ යුතුයි.34
තරුණ කාන්තා තේමාව මෙසේ අවසන් වෙනවා, “ඇදහිල්ලෙන්, මම මාගේ නිවස සහ පවුල ශක්තිමත් කරමි, පූජනීය ගිවිසුම් ඇතිකර ගනිමි, ශුද්ධ වූ දේවමාළිගාවේ නියෝග සහ ආශිර්වාද ලබාගනිමි.” නිවස සහ පවුල ශක්තිමත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඇදහිලිවන්තකමේ දාමයක පළමු සම්බන්ධකය ගොඩනැගීමෙන්, ඇදහිල්ලේ උරුමයක් රැගෙන යාම හෝ එය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.35 කෙසේවෙතත්, ශක්තිය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සහ පරිශුද්ධ ගිවිසුම් ඇතිකර ගැනීමෙන්.
දේවමාළිගාවේදී, අපි කවුද සහ අපි සිටියේ කොහේදැයි අපි ඉගෙනගන්නවා. රෝම දාර්ශනික සිසෙරෝ මෙසේ පැවසුවා, “ඔබ ඉපදීමට පෙර සිදුවූ දේ නොදැන සිටීම යනු සැමවිටම දරුවෙකු ලෙස සිටීමයි.”36 ඇත්තවශයෙන්ම ඔහු ලෞකික ඉතිහාසය ගැන සඳහන් කළ නමුත් ඔහුගේ තීක්ෂණ නිරීක්ෂණ පුළුල් කරන්න පුළුවන්. දේවමාළිගා වලින් ලබන සදාතනික දෘෂ්ටිය අපි නොසලකා සිටියොත් අපි ජීවත් වන්නේ දරුවන් ලෙසයි. එහිදී අපි ස්වාමින්වහන්සේ තුළ වර්ධනය වී, “ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය ලබා,”37 එමෙන්ම ගැලවුම්කරුවාණන්ගේ ගෝලයන් ලෙස වඩාත් පූර්ණ ලෙස කැපවෙනවා.38 අපි අපේ ගිවිසුම් රකින විට, අපිට අපේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ බලය ලැබෙනවා.39
ඔබගේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත කේන්ද්‍රගත කරගෙන තරුණ කාන්තා තේමාවේ මූලික සත්‍යයන් මතකතබාගැනීමට මම ඔබට ආරාධනා කරනවා. ඔබ කැමති නම්, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට මගපෙන්වයි. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ උන්වහන්සේගේ උරුමක්කාරයෙක් වී උන්වහන්සේ සතු සියල්ල ලබාගැනීමයි.40 උන්වහන්සේට ඔබට තවත් දේ පිරිනැමිය නොහැකියි. උන්වහන්සේට ඔබට තවත් දේ පොරොන්දු විය නොහැකියි. ඔබ දන්නා ප්‍රමාණයටත් වඩා උන්වහන්සේ ඔබට ප්‍රේම කරන අතර, ඔබ මේ ජීවිතයේ සහ මතු ජීවිතයේදී සතුටින් සිටීම උන්වහන්සේට අවශ්‍යයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.