එන්න, මා අනුගමනය කරන්න 2024
ඔක්තෝම්බර් 14–20 “නුඹලා ගිවිසුමේ දරුවන්ය.” 3 නෙපී 20–26


“ඔක්තෝම්බර් 14–20: “නුඹලා ගිවිසුමේ දරුවන්ය.” 3 නෙපී 20–26,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ඔක්තෝම්බර් 14–20. 3 නෙපී 20–26,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2024 (2023)

රූපය
ක්‍රිස්තුස්වහන්සේ නෙපීවරුන්ට පෙනී සිටිමින්

ඇන්ඩෘ බොස්ලි විසින්, ක්‍රිස්තුස්වහන්සේ නෙපීවරුන්ට පෙනී සිටින නිදර්ශනය

ඔක්තෝම්බර් 14–20: “නුඹලා ගිවිසුමේ දරුවන්ය”

3 නෙපී 20–26

මිනිසුන් ඉශ්‍රායෙලයේ නිවැසියන් වැනි වචන භාවිතා කරනවා ඔබට ඇසෙන විට, ඔවුන් ඔබ ගැන කතා කරන බවක් ඔබට දැනෙනවාද? නෙපීවරු සහ ලාමන්වරු ඉශ්‍රායෙලයේ වචනාර්ථයෙන්ම පැවත එන්නන් වගේම, “ඉශ්‍රායෙල් ගසේ අත්තක්”, වූ නමුත් ඔවුන් “එහි ශරීරයෙන් ගිලිහී [ගියා]” (ඇල්මා 26:36; තවත් බලන්න 1 නෙපී 15:12). නමුත් ගැලවුම්කරුවාණන්ට ඔවුන්ව අහිමි නොවූ බව ඔවුන්ට දැන්වීමට උන්වහන්සේට අවශ්‍ය වුණා. “නුඹලා ඉශ්‍රායෙල් නිවැසියන්ය,” උන්වහන්සේ කිව්වා, “නුඹලා ගිවිසුමට අයත්ය” (3 නෙපී 20:25). අද උන්වහන්සේ ඔබටත් ඒ හා සමාන දෙයක් කියනවා, මොකද බව්තීස්ම වී උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගන්නා ඕනෑම කෙනෙක් ඉශ්‍රායෙල් වංශයේ, “ගිවිසුමේ” ජනතාවයි. වෙනත් වචන වලින් කියනවානම්, යේසුස්වහන්සේ ඉශ්‍රායෙල් නිවැසියන් ගැන කතා කරන විට, උන්වහන්සේ කතා කරන්නේ ඔබ ගැනයි. “පොළොවේ සියලු වර්ගයන්” ආශිර්වාද කිරීමේ උපදෙස් ලබා දී ඇත්තේ ඔබ වෙනුවෙන් (3 නෙපී 20:27). “නැවත අවදි වී, ඔබේ ශක්තිය පැළඳගන්න” යන ආරාධනය ලබා දී ඇත්තේ ඔබ වෙනුවෙන් (3 නෙපී 20:36). “මාගේ කරුණාව නුඹ කෙරෙන් පහව නොයන්නේය, මාගේ සමාදාන ගිවිසුම අහක් කරනු නොලබන්නේය” යන උන්වහන්සේගේ වටිනා පොරොන්දුව ලබා දී ඇත්තේ ඔබ වෙනුවෙන් (3 නෙපී 22:10).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

3 නෙපී 20–22

දෙවියන්වහන්සේ පසුදවස් වල පුදුමාකාර කාර්යයක් ඉටු කරනවා.

3 නෙපී 20–22 තුළ, ගැලවුම්කරුවාණන් තම ගිවිසුම් සෙනඟගේ අනාගතය ගැන අනාවැකි පළ කළා (විශේෂයෙන් බලන්න 3 නෙපී 20:30–32, 39–41; 21:9–11, 22–29). ඔබ මෙම පද කියවද්දි, සභාපති රසල් එම්. නෙල්සන් පැවසූ දේ මතක තබාගන්න: “අපි ස්වාමින්වහන්සේගේ ගිවිසුම් සෙනඟ අතරේ සිටින්නෙමු. මෙම පොරොන්දු ඉටුකිරීම සඳහා පුද්ගලිකව සහභාගී වීමේ වරප්‍රසාදය අපගේය. මේ ජීවත්වීමට මොන තරම් ප්‍රීතිමත් කාලයක්ද!” (“The Gathering of Scattered Israel,” Liahona, Nov. 2006, 79). ඔබට විශේෂයෙන් සිත්ගන්නාසුලු අනාවැකි මොනවාද? ඒවා ඉටු කිරීමට උදවු කිරීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

පෙළඹවීම් ඇති කළ හැකි වචන සහ පාඨ සොයන්න. ශුද්ධලියවිලිවල ඇති ඇතැම් වචන සහ වාක්‍ය ඛණ්ඩ ඔබ වෙනුවෙන්ම ලියා ඇති බවක් දැ​ක එය ඔබව මවිත කරන්නට සමත් විය හැකිය. ඒවා ඔබේ ශුද්ධලියවිලි වල සලකුණු කිරීම හෝ අධ්‍යයන පොතක ලිවීම සලකා බලන්න.

3 නෙපී 2224

දෙවියන්වහන්සේ වෙත ආපසු එන මිනිසුන්ට උන්වහන්සේ දයාවන්තයි.

3 නෙපී 22 සහ 24 තුළ, ගැලවුම්කරුවාණන් යෙසායා සහ මලාකිගේ විචිත්‍ර රූප සහ සැසඳීම්වලින් පිරුණු—ගින්නෙහි ගල් අඟුරු, පවිත්‍ර කළ රිදී, විවාහය, ස්වර්ගයේ කවුළු වැනි වචන උපුටා දක්වනවා (විශේෂයෙන් බලන්න 3 නෙපී 22:7–8, 10–17; 24:10–12, 17–18). මෙම සැසඳීම් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ සමඟ ඇති සම්බන්ධය සහ ඔබ සමඟ උන්වහන්සේගේ සම්බන්ධතාවය ගැන ඔබට උගන්වන්නේ මොනවාද? මෙම පරිච්ඡේදවල පොරොන්දු ඔබේ ජීවිතයේ හෝ ඔබේ පවුල් ජීවිතයේ ඉටු වී තිබෙන්නේ කොහොමද?

3 නෙපී 23:6–13

අධ්‍යාත්මික අත්දැකීම් සටහන් කිරීමෙන් මගේ පවුලට ආශිර්වාද ලබන්න පුළුවන්.

3 නෙපී 23:6–13 තුළ ගැලවුම්කරුවාණන් නෙපී සමඟ අන්තර්ක්‍රියා කිරීම ගැන ඔබව විශ්මයට පත් කරන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන් ඔබ තබා ඇති සටහන් පරීක්ෂා කර බැලුවොත්, උන්වහන්සේ ඔබෙන් ඇසිය හැකි ප්‍රශ්න මොනවාද? ඔබ සටහන් කළ යුතු වැදගත් සිදුවීම් හෝ අධ්‍යාත්මික අත්දැකීම් මොනවාද? එසේ කිරීම වැදගත් වන්නේ ඇයි? (බලන්න 3 නෙපී 26:2).

3 නෙපී 23; 26:1–12

මම ශුද්ධලියවිලි උවමනාවෙන් කියවීම ගැලවුම්කරුවාණන්ට අවශ්‍යයි.

ඔබ 3 නෙපී 20:10–12; 23; 26:1–12 කියවද්දි, ගැලවුම්කරුවාණන්ට ශුද්ධලියවිලි පද ගැන හැඟෙන්නේ කොහොමද කියා මෙනෙහි කරන්න. ශුද්ධලියවිලි පද උවමනාවෙන් කියවීම සහ ඒවා සරලව කියවීම අතර වෙනස මොකක්ද? (බලන්න 3 නෙපී 23:1).

3 නෙපී 24:7–12

රූපය
සෙමනේරි නිරූපකය
දසයෙන් කොටස ගෙවීම ස්වර්ගයේ කවුළු විවෘත කරනවා.

දෙවියන්වහන්සේගේ සෙනඟට දසයෙන් කොටස ගෙවීමට සෑම විටම ආඥා කර තිබෙනවා (බලන්න උත්පත්ති 14:17–20; මලාකි 3:8–11). ඔබ 3 නෙපී 24:7–12 අධ්‍යයනය කරද්දි, දෙවියන්වහන්සේ තම සෙනඟගෙන් දසයෙන් කොටස ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ ඇයි කියා සිතා බලන්න. මෙම ප්‍රශ්න ඔබේ අධ්‍යයනයට මගපෙන්වයි:

  • දසයෙන් කොටසේ නීතිය කියන්නෙ මොකක්ද? (බලන්න දහම සහ ගිවිසුම් 119. මෙම එළිදරව්වේ “පොළිය” කියන්නේ ආදායම. ආදායම් ඇති සියලුම සාමාජිකයින් දසයෙන් කොටස ගෙවිය යුතුයි.) දසයෙන් කොටස අනෙකුත් පරිත්‍යාගවලට වඩා වෙනස් වන්නේ කොහොමද?

  • දසයෙන් කොටස භාවිතා කරන්නේ කුමක් සඳහාද? සභාවේ සාමාජිකයන් දසයෙන් කොටස ගෙවන නිසා ඔබ ආශිර්වාද ලබා ඇත්තේ කුමන ආකාරවලින්ද?

  • දසයෙන් කොටසේ නීතියට අනුව ජීවත් වන මිනිසුන්ට ලැබෙන ආශිර්වාද මොනවාද? (බලන්න 3 නෙපී 24:7–12). විශේෂයෙන්ම මුදල්මය නොවන ආශිර්වාද ගැන බලන්න. ඔබේ ජීවිතයේ මෙම ආශිර්වාද ඔබ දැක තිබෙන්නේ කොහොමද?

3 නෙපී 25:5–6

මාගේ හදවත මාගේ මුතුන්මිත්තන් වෙතට හරවන පිණිස ස්වාමින්වහන්සේ විසින් එලයිජාව එව්වා.

අපේ කාලයේ, දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු තුළින් අපගේ හදවත් “[අපගේ] පියවරුන් වෙතට හැරී” තිබෙනවා. ඔබට මෙය සිදු වී තිබෙන්නේ කොහොමද? ඔබ 3 නෙපී 25:5–6 සහ දහම සහ ගිවිසුම් 110:13–16 කියවද්දි, මෙය දෙවියන්වහන්සේගේ සැලැස්මේ එතරම් වැදගත් කොටසක් වන්නේ ඇයි කියා මෙනෙහි කරන්න.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

3 නෙපී 23:1, 5

මට උනන්දුවෙන් සහ උවමනාවෙන් ශුද්ධලියවිලි කියවන්න පුළුවන්.

  • ශුද්ධලියවිලි ගැලවුම්කරුවාණන්ට කොතරම් වැදගත්ද කියා, 3 නෙපී 23 තුළ උන්වහන්සේගේ උපදෙස් පෙන්වා දෙනවා. මෙය සොයාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම සඳහා, ඔබට 3 නෙපී 23:1, 5 ශබ්ද නගා කියවා, තුන් වරක් නැවත නැවත කියවෙන වචනයට සවන් දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. උනන්දුවෙන් කියවීම, කියවීමට වඩා වෙනස් වන්නේ කොහොමද?

  • සමහරවිට ඔබටත් ඔබේ දරුවන්ටත් ප්‍රියතම බයිබල් පදයක් ලියා එය සඟවා තබන්න පුළුවන්. එවිට ඔබට මාරුවෙන් මාරුවට එකිනෙකාගේ සැඟවුණු ශුද්ධලියවිලි පද සොයා ගැනීමටත්, ඒවා එකට එකතු වී කියවන්නටත්, මෙම පද අර්ථවත් වන්නේ ඇයි කියා කතා කරන්නටත් පුළුවන්.

3 නෙපී 24:8–12

දසයෙන් කොටස ගෙවීම ස්වර්ගයේ කවුළු විවෘත කරනවා.

  • පහත වාක්‍යය සම්පූර්ණ කිරීමට ක්‍රම සොයා ගැනීමට 3 නෙපී 24:8–12 පද උනන්දුවෙන් කියවීමට ඔබේ දරුවන්ට උදවු කරන්න: මම දසයෙන් කොටස ගෙවනවා නම්, ස්වාමින්වහන්සේ … . ඔබ දසයෙන් කොටස ගෙවූ නිසා ඔබට ආශිර්වාද ලැබුණු අත්දැකීමක් ද ඔබට බෙදාගන්න පුළුවන්. ප්‍රයෝජනවත් නම්, මුදල් ප්‍රමාණයන් කිහිපයක් ලිවීම සහ ඒ එක් එක් මුදල සඳහා කොපමණ දසයෙන් කොටසක් (සියයට 10 ) ලබා දිය යුතුද යන්න ගණනය කිරීමට ඔබේ දරුවන්ට උදවු කිරීම ගැන සලකා බලන්න.

  • මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව තුළින් ඔබේ දරුවන්ට ස්වාමින්වහන්සේ තම සභාවේ සාමාජිකයන්ට ආශිර්වාද කිරීමට දසයෙන් කොටස භාවිතා කරන ආකාරය ගැන කතා කිරීමට උදවු කරන්න පුළුවන්. සමහර විට දසයෙන් කොටස දීමෙන් ඔවුන්ට ආශිර්වාද ලැබෙන ආකාරය ගැන පින්තූර අඳින්න (හෝ සභා සඟරාවලින් පින්තූර සොයා ගැනීමට) ඔවුන්ට පුළුවන්.

3 නෙපී 25:5–6

මම මගේ මුතුන් මිත්තන් ගැන ඉගෙන ගන්නවාට ස්වර්ගික පියාණන්වහන්සේ කැමතියි.

  • ඔබේ දරුවන්ට ඔවුන්ගේ මුතුන් මිත්තන් ගැන සෙවීමට සහ ඔවුන් ගැන ඉගෙන ගැනීමට ඔබ ඔවුන්ව පොළඹවන්නේ කොහොමද? ඔබේ දරුවන් වැඩිහිටි වූ විට ඔවුන්ගේ මුතුන්මිත්තන් වෙනුවෙන් නියෝග කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න පුළුවන් කොහොමද? අවසාන දිනවල සිදුවීමට නියමිත දෙයක් සොයා ගැනීමට 3 නෙපී 25:5–6 පද උනන්දුවෙන් කියවීමට ඔවුන්ට උපකාර කිරීම ගැන සලකා බලන්න. ඔබ මෙම පද කියවන විට “හදවත” යන වචනය ඇසෙන සෑම අවස්ථාවකම කුඩා දරුවන්ට ඔවුන්ගේ හදවත මත අත තියන්න පුළුවන්. දහම සහ ගිවිසුම් 110:13–16 තුළ මෙම අනාවැකිය ඉටු වූ ආකාරය ගැන ද ඔබට කියවන්න පුළුවන්. ඔබේ හදවත ඔබේ මුතුන් මිත්තන් වෙත හැරී ඇති ආකාරය ගැන ඔබේ දරුවන්ට කියන්න. නිදසුනක් වශයෙන්, ඔබ ඔබේ මුතුන් මිත්තන් ගැන ඉගෙන ගෙන ඔවුන් වෙනුවෙන් දේවමාළිගාවේ නියෝග ඉටුකර ඇති ඕනෑම අත්දැකීමක් ඔබට බෙදාගන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ ආච්චිලා සීයලාගේ නම් සහිත පවුල් ගසක් පිරවීමට උදව් කරන්න. ඔබේ මුතුන් මිත්තන්ගෙන් කෙනෙක් ගැන ඔබට බෙදාගත හැකි කථා මොනවාද? හැකි නම් පින්තූර පෙන්වන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යේසුස්වහන්සේ නෙපීවරුන්ගේ වාර්තා නෙපී සමඟ කියවමින්

ගැරී එල්. කැප් විසින්, Bring Forth the Record [වාර්තාව ඉදිරියට ගෙන එන්න]

මුද්‍රණය කරන්න