එන්න, මා අනුගමනය කරන්න 2024
සැප්තැම්බර් 30–ඔක්තෝම්බර් 6: “ව්‍යවස්ථාවත්, ආලෝකයත් මම වෙමි.” 3 නෙපී 12–16


“සැප්තැම්බර් 30–ඔක්තෝම්බර් 6: ‘ව්‍යවස්ථාවත්, ආලෝකයත් මම වෙමි.’ 3 නෙපී 12–16,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“සැප්තැම්බර් 30–ඔක්තෝම්බර් 6. 3 නෙපී 12–16,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
යේසුස්වහන්සේ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාව පෙන්වමින්

ගැරී එල්. කැප් විසින්, Third Nephi: These Twelve Whom I Have Chosen [තෙවන නෙපී: මා තෝරාගත් මේ දොළොස්දෙනා]

සැප්තැම්බර් 30–ඔක්තෝම්බර් 6. “ව්‍යවස්ථාවත්, ආලෝකයත් මම වෙමි”

3 නෙපී 12–16

ගලීලයේ කන්ද උඩ දේශනාව ඇසීමට එක්රැස් වූ යේසුස්වහන්සේගේ ගෝලයන් මෙන්, බවුන්ටිෆුල් හි දේවමාළිගාවේ රැස්ව සිටි ජනයාත් මෝසෙස්ගේ නීතිය අනුව ජීවත් වුණා. ඔවුන් එය අනුගමනය කළේ එය ඔවුන්ගේ ප්‍රාණය ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමුකළ නිසයි (බලන්න යාකොබ් 4:5), දැන් ක්‍රිස්තුස්වහන්සේ උසස් ව්‍යවස්ථාවක් ප්‍රකාශ කරමින්, ඔවුන් ඉදිරියෙහි සිටගෙන සිටිනවා. නමුත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව කිසිවිටෙකත් ජීවත්නොවූ අප වැනි අයට පවා යේසුස්වහන්සේ සිය ගෝලයන් සඳහා නියම කළ ප්‍රමිතිය උසස් ව්‍යවස්ථාවක් බව වටහා ගන්න පුළුවන්. “නුඹලාත් පරිපූර්ණව සිටිය යුතු වීමට මම කැමැත්තෙමි” ලෙස උන්වහන්සේ ප්‍රකාශ කළා (3 නෙපී 12:48). මෙය ඔබට ප්‍රමාණවත් නොවන බවක් හැඟෙනවා නම්, යේසුස්වහන්සේ කී දෙය මතකතබාගන්න, “මා වෙතට පැමිණෙන්නාවූ ආත්මයෙන් දිළින්දෝ ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය” (3 නෙපී 12:3). මෙම උසස් ව්‍යවස්ථාව ආරාධනයක්—“මා වෙතට පැමිණ ගැලවීම ලබාගන්න” යනුවෙන් පැවසීමේ තවත් ක්‍රමයක් (3 නෙපී 12:20). මෝසෙස්ගේ ව්‍යවස්ථාව වගේ, මෙම ව්‍යවස්ථාවත් අපව ගලවා පරිපූර්ණ කළ හැකි එකම තැනැන්වහන්සේ වන—ක්‍රිස්තුස්වහන්සේ වෙතට අපව යොමු කරනවා. “බලන්න,” උන්වහන්සේ මෙසේ පැවසුවා, “ව්‍යවස්ථාවත්, ආලෝකයත් මම වෙමි. මා දෙස බලන්න, තවද අවසානය දක්වා දරාගන්න, තවද නුඹලා ජීවත්වන්නහුය” (3 නෙපී 15:9).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

3 නෙපී 12–14

රූපය
සෙමනේරි නිරූපකය
මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයෙක් වෙන්න පුළුවන්.

3 නෙපී 12–14 තුළ ගැලවුම්කරුවාණන් ඉගැන්වූ දේ අධ්‍යයනය කිරීමට හා අදාළ කරගැනීමට එක් ක්‍රමයක් මෙන්න: පද සමූහයක් තෝරාගන්න, ඉන්පසු “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් …” ලෙස ආරම්භ වන එක් වාක්‍යයකින් එම පදවල උගන්වන දේ සාරාංශගත කළ හැකි දැයි බලන්න, උදාහරණයක් ලෙස, 3 නෙපී 13:1–8 දක්වා සාරාංශය “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් විනිශ්චය කරන්නේ නැත” වගේ සටහන් කරන්න පුළුවන්. මෙම ඡේද සමඟ එය උත්සාහ කරන්න:

  • 12:3–16:

  • 12:38–44:

  • 13:19–24:

  • 14:1–5:

  • 14:21–27:

  • ඔබව දේවානුභාවයක් ලබාදෙන වෙනත් පද

මෙම පද කියවීමෙන් පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා ඔබට දේවානුභාවයක් දැනෙන්නේ මොනවා කිරීමටද?

3 නෙපී 12:48 තුළ ඇති ආඥාව අතිමහත් බවක් පෙනෙනවා—කළ නොහැක්කක් ලෙස පවා පේනවා. ඔබට මෙම පදයේ ඇති ගැලවුම්කරුවාණන්ගේ වචන තේරුම් ගැනීමට උදවු කරන කුමක්, වැඩිහිටි ජෙෆ්‍රි ආර් හොලන්ඩ්ගේ “අවසානයේදී—නුඔලා සර්වසම්පූර්ණ වන්න” (ලියහෝනා, නොවැ. 2017, 40–42) යන පණිවිඩයෙන් ඔබ ඉගෙන ගන්නේද? මොරෝනි 10:32–33 ට අනුව, ගැලවුම්කරුවාණන් මෙන් පරිපූර්ණ වීමට හැකියාව ලැබෙන්නේ කොහොමද?

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න. හුරුපුරුදු වස්තූන් ගැන සඳහන් කරමින් ගැලවුම්කරුවාණන් ගැඹුරු සත්‍යයන් කථා කළා. ඔබේ පවුලේ අය 3 නෙපී 12 කියවද්දි, ඔබටත් ඒ හා සමාන දෙයක් කරන්න පුළුවන්. ලුණු ස්වල්පයක්, ඉටිපන්දමක් හෝ කබායක් දෙස බැලීමෙන් හෝ අල්ලාගෙන සිටීමෙන් ගැලවුම්කරුවාණන් ඉගැන්වූ සදාකාලික සත්‍යයන් පිළිබඳ සාකච්ඡාවක් වැඩි දියුණු කරන්න පුළුවන්.

3 නෙපී 12:1–215:23–2416:1–6

නොපෙනෙන නමුත් විශ්වාස කරන අය භාග්‍යවන්තයෝය.

බවුන්ටිෆුල් හි සිටි මිනිසුන් මෙන්, ගැලවුම්කරුවාණන්ව දැක, උන්වහන්සේගේ හඬ අසා ඇත්තේ දෙවියන්වහන්සේගේ දරුවන්ගෙන් ඉතා ස්වල්ප දෙනෙක් පමණයි. අපෙන් බොහෝ දෙනෙක් 3 නෙපී 12:2; 15:23; සහ 16:4–6 තුළ විස්තර කර ඇති මිනිසුන්ට සමානයි. මෙම පදවල එවැනි අයට දී ඇති පොරොන්දු මොනවාද? මෙම පොරොන්දු ඔබේ ජීවිතයේ ඉටු වී තිබෙන්නේ කොහොමද?

තවත් බලන්න යොහාන් 20:26–29; 2 නෙපී 26:12–13; ඇල්මා 32:16–18.

3 නෙපී 12:21–30; 13:1–8, 16–18; 14:21–23

මගේ සිතේ අභිප්‍රායන් පිරිසිඳු කරගැනීමට මට උත්සාහ කරන්න පුළුවන්.

අපගේ ක්‍රියාවන් වලින් පමණක් නොවේ නමුත් අපේ හදවත් තුළින්ද ධර්මිෂ්ඨ වීම සඳහා—උසස් නීතියකට අනුව ජීවත්වීම ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය බව මෙම පරිච්ඡේද වල ඔබට කියවිය හැකි එක් තේමාවක්. ස්වාමින්වහන්සේ තර්ක (3 නෙපී 12:21–26), දුරාචාරය (3 නෙපී 12:27–30), යාච්ඤාව (3 නෙපී 13:5–8), සහ නිරාහාර ශීලය (3 නෙපී 13:16–18), ගැන කථා කරද්දි මෙම තේමාව සොයන්න. ඔබට සොයාගත හැකි වෙනත් උදාහරණ මොනවාද? ඔබේ හදවතේ ඇති අභිප්‍රායන් පවිත්‍ර කිරීමට ඔබට කරන්න පුළුවන් මොනවාද?

3 නෙපී 14:7–11

මා ඉල්ලද්දි, සොයද්දි, ඒවගේම තට්ටු කරද්දි ස්වර්ගීය පියාණන්වහන්සේ මට යහපත් දේ ලබාදෙනවා.

3 නෙපී 14:7–11 තුළ තිබෙන, ඉල්ලීමට, සෙවීමට හා තට්ටු කිරීමට වූ, ස්වාමින්වහන්සේගේ ආරාධනය ඔබ කියවද්දි, උන්වහන්සේ කැමති වන්නේ ඔබ කුමන ආකාරයේ “යහපත් දේ” ඉල්ලනවාට දැයි මෙනෙහි කරන්න. පහත සඳහන් අමතර ශුද්ධලියවිලි පද ඔබට ඇසිය යුතු, සෙවිය යුතු හා තට්ටු කළ යුතු ආකාරය තේරුම්ගැනීමට උදවු වෙනවා. සමහර යාච්ඤාවන්ට අපි බලාපොරොත්තු වන ආකාරයට පිළිතුරු ලැබෙන්නේ නැත්තේ ඇයි කියාත් මේවා විස්තර කරනවා: යෙසායා 55:8–9; හිලමන් 10:4; මොරෝනි 7:26–27, 33, 37; සහ දහම සහ ගිවිසුම් 9:7–9; 88:64. මෙම ඡේද ඔබ අසන, සොයන සහ තට්ටු කරන ආකාරය කෙරෙහි බලපාන්නේ කොහොමද?

තවත් බලන්න මිල්ටන් කමර්ගෝ, “අසන්න, සොයන්න, සහ තට්ටු කරන්න,” ලියහෝනා, නොවැ. 2020, 106–8.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

3 නෙපී 12:14–16

යේසුස්වහන්සේව අනුගමනය කිරීමෙන් මට හොඳ ආදර්ශයක් වෙන්න පුළුවන්.

  • සමහර අවස්ථාවලදී දරුවන්ට ඔවුන්ගේ ආදර්ශයන් අන් අයට කොතරම් ආශිර්වාද කළ හැකිද යන්න තේරුම් ගන්නට බැහැ. ඔවුන්ගේ ආලෝකය බැබළවීමට ඔවුන්ව දිරිමත් කිරීම සඳහා 3 නෙපී 12:14–16 භාවිතා කරන්න. නිදසුනක් වශයෙන්, ඔබ මෙම පදවල “ඔබ” හෝ “ඔබේ” යන වචන කියවද්දි, ඔවුනොවුන් වෙත අත දිගු කරන ලෙස ඔබේ දරුවන්ට කියන්න. දරුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරද්දි ඔබ ඔවුන් තුළ දකින ආලෝකය සහ උන්වහන්සේව අනුගමනය කිරීමට එය ඔබව පොළඹවන ආකාරය ගැනත් ඔවුන්ට කියන්න.

  • ඔබේ දරුවන්ට ඔවුන්ගේ ආලෝකය සඟවා නොගැනීමට දිරිගැන්වීම සඳහා (බලන්න 3 නෙපී 12:15), පහනක් හෝ වෙනත් ආලෝකයක් සැඟවීමට හෝ ආවරණය කිරීමට ඔවුන්ට මාරුවෙන් මාරුවට ඉඩ දෙන්න. අන් අයට හොඳ ආදර්ශයක් වීමට ඔවුන්ට කළ හැකි දෙයක් නම් කරන සෑම අවස්ථාවකම ඔවුන්ට ඒ ආලෝකය අනාවරණය කරන්න පුළුවන්.

3 නෙපී 13:19–21

“ස්වර්ගයේ ඔබ වෙනුවෙන් වස්තු රැස්කරගන්න.”

  • මෙම පද කියවීමෙන් අප නිධානයක් ලෙස සලකන දේවල් ගැන සංවාදයක් ඇති කරගන්න පුළුවන්. සමහරවිට ඔබට ඔබේ දරුවන්ට සදාකාලික වටිනාකමක් ඇති නිධන් ගැන මතක් කර දෙන දේවල් සොයා ගැනීමට ඔවුන්ව නිධන් සෙවීමේ ක්‍රීඩාවකට යොමු කරන්න පුළුවන්.

3 නෙපී 14:7–11

ස්වර්ගික පියාණන්වහන්සේ මාගේ යාච්ඤාවලට පිළිතුරු දෙනවා.

  • ඔබ 3 නෙපී 14:7 කියවද්දි, මෙම පදයේ ගැලවුම්කරුවාණන්ගේ එක් එක් ආරාධනා නියෝජනය කරන ක්‍රියා ඔබේ දරුවන්ට කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, ඔවුන්ට තම දෑත් ඔසවන්නට (ඉල්ලීමට), තම දෑතින් දුරදක්න සෑදීමට (සොයන්නට) හෝ දොරට තට්ටු කරනවා සේ කිරීමට (තට්ටු කිරීමට) පුළුවන්. ඔබේ දරුවන්ට ඔවුන්ගේ යාච්ඤාවලදී පැවසිය හැකි සහ ඉල්ලා සිටිය හැකි දේවල් ගැන සිතීමට උදවු කරන්න.

  • ඔබේ දරුවන්ට ඔවුන් යමක් ඉල්ලා සිටිද්දි, සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් ලබා ගන්නා ක්‍රීඩාවක් භුක්ති විඳින්න පුළුවන්. 3 නෙපී 14:7–11 තුළ, ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වූයේ, අපි ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ ගැන කුමක් දැනගන්නවාටද?

3 නෙපී 14:21–27; 15:1

ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ මම උන්වහන්සේ උගන්වන දේ අසා එය කිරීමයි.

  • මෙම පදවල ඇති උපමාව දෘශ්‍යමාන කිරීමට ඔබේ දරුවන්ට උදවු කළ හැකි ක්‍රම ගැන සිතන්න. සමහරවිට ඔවුන්ට පින්තූර ඇඳීමට, ක්‍රියාවන් කිරීමට හෝ ඝන සහ වැලි සහිත අත්තිවාරම් මත දේවල් ගොඩනැගීමට පුළුවන්. ඔවුන් 3 නෙපී 14:24–27 කියවද්දි ඔවුන්ගේ නම් වෙනුවට ඔවුන්ට “ප්‍රඥාවන්ත මිනිසා” ලෙස ආදේශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් 3 නෙපී 14:21–27 සහ 15:1 තුළ “කරන” යන වචනය ඇසෙන සෑම අවස්ථාවකම ඔවුන්ට නැඟී සිටින්න පුළුවන්.

  • මෙන්න ඔබට උත්සාහ කළ හැකි භාණ්ඩ යොදාගන්නා පාඩමක්: ඔබේ දරුවන්ගේ එක් පාදයක් ගැලවුම්කරුවාණන්ගේ වචන ඇසීම නියෝජනය කරන බවත් අනෙක ගැලවුම්කරුවාණන් ඉගැන්වූ දේ කිරීම නියෝජනය කරන බවත් සිතන ලෙස ඔවුන්ට කියන්න. ඔවුන්ගේ “ඇසෙන” කකුල මත පමණක් සමබර වීමට උත්සාහ කිරීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. දැඩි සුළඟක් කාමරය හරහා හමා ගියහොත් කුමක් සිදුවේද? එවිට ඔබට සහ ඔබේ දරුවන්ට ගැලවුම්කරුවාණන් අපට කිරීමට ඉගැන්වූ නිශ්චිත දේවල් සොයා බලන්න පුළුවන්: බලන්න 3 නෙපී 12:3–12, 21–26; 13:5–8.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යේසුස්වහන්සේ නෙපීවරුන්ට උගන්වමින්

ග්ලෙන් එස්. හොප්කින්සන් විසින්, The Savior’s Visit to the People in America [අමෙරිකාවේ ජනතාව වෙත ගැලවුම්කරුවාණන්ගේ බැහැදැකීම]

මුද්‍රණය කරන්න