එන්න, මා අනුගමනය කරන්න 2024
සැප්තැම්බර් 23–29: “නැගිට මා වෙතට එන්න.” 3 නෙපි 8–11


“සැප්තැම්බර් 23–29: ‘නැගිට මා වෙතට එන්න.’ 3 නෙපී–11,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“සැප්තැම්බර් 23–29. 3 නෙපී 8–11,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
යේසුස්වහන්සේ නෙපීවරුන්ට පෙනී සිටිමින්

ජේම්ස් ෆුලර් විසින්, I Am the Light of the World [මම ලෝකයේ ආලෝකය වෙමි]

සැප්තැම්බර් 23–29: “නැගිට මා වෙතට එන්න”

3 නෙපී 8–11

“බලව, ලෝකය තුළට පැමිණෙන්නේ යැයි අනාගතවක්තෘවරුන් සාක්ෂි දැරුවාවූ එම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මම වන්නෙමි” (3 නෙපී 11:10) මෙම වචන වලින්, මොර්මොන්ගේ පොතේ වසර 600 කට වඩා පැරණි අනාවැකි ඉටුකරමින්, මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් තමන්වහන්සේව හඳුන්වාදෙනවා. වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙහෙම ලිව්වා, “එම පෙනුම සහ එම ප්‍රකාශය, මොර්මොන්ගේ පොතේ සමස්ත ඉතිහාසයේ, උත්තරීතර මොහොතේ, කේන්ද්‍රීය ස්ථානය පිහිටවූයේය. සෑම නෙපීවර අනාගතවක්තෘවරයෙකුටම දැනුම්දුන් සහ ආනුභාවලත් ප්‍රකාශනය හා නියෝගය එයයි. … සෑම කෙනෙක්ම උන්වහන්සේ ගැන කතා කළෝය, උන්වහන්සේ ගැන ගායනා කළෝය, උන්වහන්සේ ගැන සිහින මැව්වෝය, උන්වහන්සේව දැකීම සඳහා යාච්ඤා කළෝය—නමුත් මෙන්න උන්වහන්සේ සැබවින්ම මෙහිය. දවස් වල දවස! සෑම අඳුරු රාත්‍රියක්ම උදෑසන ආලෝකය බවට හරවන දෙවියන්වහන්සේ පැමිණ තිබේ” (Christ and the New Covenant [1997], 250–51).

තවත් බලන්න දහම සහ ගිවිසුම් 84:19–22.

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

3 නෙපී 8–11

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ආලෝකයයි.

අඳුර සහ ආලෝකය සම්බන්ධ තේමාවන් 3 නෙපී 8–11 පුරාවටම පුනරාවර්තනය වී ඇති බව ඔබට පෙනෙනවා ඇති. අධ්‍යාත්මික අන්ධකාරය සහ ආලෝකය ගැන මෙම පරිච්ඡේදවලින් ඔබ ඉගෙන ගන්නේ මොනවාද? (උදාහරණ ලෙස බලන්න, 3 නෙපී 8:19–23; 9:18; 10:9–13). ඔබේ ජීවිතයට අන්ධකාරය ගෙන එන්නේ මොනවාද? ආලෝකය ගෙන එන්නේ මොනවාද? ඔබ සිතන ලෙස ගැලවුම්කරුවාණන් තමාව “ලෝකයේ ආලෝකය සහ ජීවනය” ලෙස හැඳින්වූයේ ඇයි? (3 නෙපී 9:18; 11:11).

3 නෙපී 9–11 තුළ විස්තර කර ඇති සිදුවීම් මොර්මොන්ගේ පොතේ වඩාත්ම පරිශුද්ධ සිදුවීම් අතර තිබෙනවා. ඒවා සෙමින් කියවන්න, ඒවගේම හොඳින් මෙනෙහි කරන්න. මෙන්න ඔබට උදවු කිරීමට ප්‍රශ්න කිහිපයක්. ඔබ වෙත පැමිණෙන හැඟීම් සටහන් කිරීම ගැන සලකා බලන්න.

  • මම මේ ජනතාව අතර හිටියා නම් මට කොහොම හැඟෙන්න තිබුණාද?

  • මෙම පරිච්ඡේදවල ගැලවුම්කරුවාණන් ගැන මා සිත්ගත් දේ කුමක්ද?

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගේ ගැලවුම්කරුවාණන් බව මම දන්නේ කොහොමද?

  • උන්වහන්සේ මගේ ජීවිතයට ආලෝකයක් වුණේ කොහොමද?

තවත් බලන්න ශැරන් ඉයුබැන්ක්, “ක්‍රිස්තුස්වහන්සේ: අඳුරේ දිදුලන ආලෝකය,” ලියහෝනා, මැයි 2019, 73–76.

අදහස් සටහන් කරන්න. ඔබ ඔබට ලැබෙන අධ්‍යාත්මික හැඟීම් ලියා තබද්දි, ඔබට ඒවා බොහෝ සේ ලැබීමට ඉඩ තිබෙනවා.

3 නෙපී 9–10

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමාව දීමට උනන්දු වෙනවා.

වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ සඳහන් කළා, “ගැලවුම්කරුවාණන්ට අපගේ පව්වලට සමාව දෙන්න පුළුවන් ඒවගේම උන්වහන්සේ අපගේ පව් වලට සමාව දෙන්න උනන්දුවෙන් සිටින බව මම සාක්ෂි දරනවා” (“Repent … That I May Heal You,” Liahona, Nov. 2009, 40). 3 නෙපී 9–10 තුළ ක්‍රිස්තුස්වහන්සේගේ දයාව සහ සමාව දීමට උන්වහන්සේ දක්වන උනන්දුව පිළිබඳ සාක්ෂි සොයන්න. නිදසුනක් වශයෙන්, ඔබ 3 නෙපී 9:13–22; 10:1–6 තුළ සොයාගන්නා ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය හා දයාව දැනීමට ඔබට උදවු කරන දේවල් මොනවාද? උන්වහන්සේ ඔබව “රැස්” කර “පෝෂණය” කරන බව ඔබට දැනුණේ කවදාද? (බලන්න 3 නෙපී 10:4).

3 නෙපී 1:19–22

ස්වාමින්වහන්සේට “බිඳුණු සිතක් සහ පසුතැවිලි වූ ආත්මයක්” අවශ්‍යයි.

ගැලවුම්කරුවාණන්ගේ පැමිණීමට පෙර, සත්ව පූජාවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගයේ සංකේතයක් වුණා (බලන්න මෝසෙස් 5:5–8). 3 නෙපී 9:20–22 තුළ ගැලවුම්කරුවාණන් දුන් නව ආඥාව මොකක්ද? එය අපව උන්වහන්සේ දෙසට සහ උන්වහන්සේගේ පරිත්‍යාගය දෙසට යොමු කරන්නේ කොහොමද?

බිඳුණු හදවතක් සහ පසුතැවිලි වූ ආත්මයක් පූජා කිරීම යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන්ට ඔබෙන් මෙම පූජාව අවශ්‍ය බව ඔබට හැඟෙන්නේ ඇයි?

3 නෙපී 11:1–8

රූපය
seminary icon
දෙවියන්වහන්සේගේ හඬ ඇසීමට සහ තේරුම්ගැනීමට මට ඉගෙනගන්න පුළුවන්.

දෙවියන්වහන්සේ ඔබට කතා කරද්දි ඔබ දැනගන්නේ කොහොමද? 3 නෙපී 11:1–8 තුළ ඇති මිනිසුන්ගේ අත්දැකීම් මගින් දෙවියන්වහන්සේගේ හඬ ඇසීමේ සහ තේරුම්ගැනීමේ මූලධර්ම තේරුම්ගැනීමට ඔබට පුළුවන් වෙනවා. මිනිසුන් ඇසූ දෙවියන්වහන්සේගේ හඬේ ලක්ෂණ සහ එය වඩා හොඳින් තේරුම්ගැනීමට ඔවුන් කළ දේ ඔබට සටහන් කරගන්න පුළුවන්.

දෙවියන්වහන්සේගේ හඬ හෝ උන්වහන්සේගේ ආත්මයේ බලපෑම විස්තර කරන වෙනත් ශුද්ධලියවිලි පද ගවේෂණය කිරීමට ද එය උදවු වෙන්න පුළුවන්. මෙන්න ඒවායින් කිහිපයක්. සමහර විට, මේවා කියවීමෙන් පසු, ඔබට එළිදරව් හඳුනා ගැනීම සඳහා මාර්ගෝපදේශ කිහිපයක් ලියන්න පුළුවන්: 1 රාජාවලිය 19:11–12; ගලාති 5:22–23; ඇල්මා 32:27–28, 35; හිලමන් 10:2–4; ඊතර් 4:11–12; දහම සහ ගිවිසුම් 9:7–9; 11:11–14.

වර්තමාන අනාගතවක්තෘවරුන්ගේ, ප්‍රේරිතවරුන්ගේ සහ දෙවියන්වහන්සේගේ හඬට සවන් දීම සහ එය අනුගමනය කිරීම පිළිබඳ අත්දැකීම් ඇති අනෙකුත් සභා නායකයින්ට සවන්දීමෙන්ද ඔබට ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.

 දෙවියන්වහන්සේගේ හඬ වඩාත් පැහැදිලිව ඇසීමට සහ එය හඳුනාගැනීමට ඔබ ඉගෙනගත් දේවල් ඔබ අදාළ කරගන්නේ කොහොමද?

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා, මැයි 2020, 88–92. 

රූපය
යේසුස්වහන්සේ තම දෑතේ ඇති සලකුණු නෙපීවරුන්ට පෙන්වමින්

වෝල්ටර් රනේ විසින්, One by One [එකිනෙකා බැගින්]

3 නෙපී 11:8–17

උන්වහන්සේ පිළිබඳව පෞද්ගලික සාක්ෂියක් ලබාගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට ආරාධනා කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දර්ශනය වෙද්දි 2,500 ක් පමණ මිනිසුන් බවුන්ටිෆුල් හි දේවමාළිගාවට රැස්ව සිටියා (බලන්න 3 නෙපී 17:25). මෙම විශාල සංඛ්‍යාව සිටියදීත්, ගැලවුම්කරුවාණන් තම අත් සහ පාද වල ඇණ සලකුණු ස්පර්ශ කර බලන ලෙස “එක් එක්කෙනාට” ආරාධනා කළා (3 නෙපී 11:14–15). ඔබ එය කියවද්දි, එහි සිටීම කෙබඳු විය හැකිදැයි සිතා බලන්න. ගැලවුම්කරුවාණන් ඔබට “නැගිට උන්වහන්සේ වෙතට එන්න” කියා ආරාධනා කරන්නේ කුමන ආකාර වලින්ද? (3 නෙපී 11:14).

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මෙම ඉරිදා මාසයේ පස්වන ඉරිදා බැවින්, ප්‍රාථමිකයේ ගුරුවරුන් “උපග්‍රන්ථය ඹ්: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිත කාලයක් සඳහා දරුවන් සූදානම් කිරීම” හි ඇති ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කිරීමට දිරිමත් කරනු ලැබේ.

3 නෙපී 8–9

මම අන්ධකාරයේ සිටිද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මගේ ආලෝකය වෙන්න පුළුවන්.

  • 3 නෙපී 8–9 තුළ විස්තර කර ඇති අත්දැකීම් සමඟ ඔබේ දරුවන්ට උදවු කිරීම සඳහා, අඳුරු වූ කාමරයක සිට මෙම පරිච්ඡේද වල කොටස් නැවත පැවසීමට හෝ ඒවාට සවන්දීමට ඔබට පුළුවන්. දවස් තුනක් අන්ධකාරයේ සිටීම කෙබඳු විය හැකිදැයි සාකච්ඡා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමන්ව ලෝකයේ ආලෝකය ලෙස හැඳින්වූයේ ඇයි කියා ඔබට ඉන්පසු කතා කරන්න පුළුවන් (බලන්න 3 නෙපී 9:18). යේසුස්වහන්සේට අපේ ආලෝකය වෙන්න පුළුවන් වෙන විදියට, ජනතාවට, ඒවගේම අපට උන්වහන්සේ ආරාධනා කරන්නේ කුමක් කරන්නටද? (බලන්න 3 නෙපී 9:20–22).

3 නෙපී 10:4–6

කිකිළියක් ඇගේ පැටවුන් ආරක්ෂා කරන ආකාරයට යේසුස්වහන්සේ උන්වහන්සේගේ සෙනඟව ආරක්ෂා කරනවා.

  • කිකිළියක් ඇගේ පැටවුන් එක්රැස් කිරීම නිරූපණය කිරීම ගැලවුම්කරුවාණන්ගේ චරිතය සහ ධර්මදූතය තේරුම්ගැනීමට දරුවන්ට උදවු කිරීමට ප්‍රබල ඉගැන්වීමේ මෙවලමක් වෙන්න පුළුවන්. ඔබේ පවුලේ අය කිකිළියක් හා පැටවුන්ගේ පින්තූරයක් දෙස බලන අතරතුර ඔබට 3 නෙපී 10:4–6 කියවන්න පුළුවන්. කිකිළියකට ඇගේ පැටවුන් එකතු කරගැනීමට අවශ්‍ය ඇයි? ගැලවුම්කරුවාණන් අපව උන්වහන්සේ සමීපයට එක්රැස් කරගැනීමට කැමති ඇයි? ආරක්ෂාව සඳහා අපි උන්වහන්සේ වෙතට පැමිණෙන්නේ කොහොමද?

3 නෙපී 11:1–15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට උන්වහන්සේ වෙතට එන ලෙස ආරාධනා කරනවා.

  • ඔබ එකට එක්ව 3 නෙපී 11:1–15 කියවද්දි ඔබ ඔබේ දරුවන්ට ආත්මයාණන්ව දැනෙන්නට උදවු වෙන්නේ කොහොමද? සමහරවිට ඔවුන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට උදවු වන යමක් මෙම පදවල සොයාගත් විට ඒවා ඔබට පවසන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. ඔබ මෙම සිදුවීම් කියවා මෙනෙහි කරද්දි ඔබට හැඟෙන ආකාරය ගැන ඔබේ දරුවන්ට කියන්න. ඔවුන්ටත් ඔවුන්ගේ හැඟීම් බෙදා ගැනීමට ඉඩ දෙන්න.

3 නෙපී 11:1–8

දෙවියන්වහන්සේ මට කතා කරන්නේ මෘදු, කුඩා කටහඬකින්.

  • සමහරවිට ඔබට මෙම පද සමහරක් මෘදු “කුඩා හඬකින්” කියවන්න පුළුවන් (3 නෙපී 11: 3). ස්වර්ගයේ හඬ තේරුම්ගැනීමට මිනිසුන්ට කළ යුතුව තිබුණේ මොනවාද? (බලන්න 5–7 පද). ඔවුන්ගේ අත්දැකීම් වලින් අප ඉගෙනගන්නේ මොනවාද?

3 නෙපී 11:21–26

මම බව්තීස්ම වෙනවාට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කැමතියි.

  • ඔබ 3 නෙපී 11:21–26 කියවද්දි, බව්තීස්ම යන වචනය ඇසෙන සෑම අවස්ථාවකම නැගී සිටින ලෙස ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. යේසුස්වහන්සේ බව්තීස්මය ගැන ඉගැන්වූයේ මොනවාද? ඔබේ දරුවන් මීට පෙර බව්තීස්මයක් දැක තිබෙනවා නම්, ඔවුන් දුටු දේ විස්තර කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. අපි බව්තීස්ම වෙනවාට යේසුස්වහන්සේ කැමති ඇයි?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යේසුස්වහන්සේ නෙපීවරුන්ට පෙනී සිටිමින්

හොවාර්ඩ් ලියොන් විසින්, One Shepherd [එක් එඬේරෙක්]

මුද්‍රණය කරන්න