එන්න, මා අනුගමනය කරන්න 2024
සැප්තැම්බර් 16–22: “ඔබගේ හිස ඔසවා තවද හොඳින් ප්‍රීතිමත් වන්න.” 3 නෙපී 1–7


“සැප්තැම්බර් 16–22 ‘ඔබගේ හිස ඔසවා තවද හොඳින් ප්‍රීතිමත් වන්න.’ 3 නෙපී 1–7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“සැප්තැම්බර් 16–22. 3 නෙපී 1–7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
නෙපීවරුන් රාත්‍රියක් නැති දවසකට සාක්ෂි දරති

ජෝර්ජ් කොකෝ විසින්, One Day, One Night, and One Day [එක් දිනක්, එක් රාත්‍රියක් සහ එක් දිනක්]

සැප්තැම්බර් 16–22: “ඔබගේ හිස ඔසවා තවද හොඳින් ප්‍රීතිමත් වන්න”

3 නෙපී 1–7

සමහර ආකාරවලින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකු වීමට එය උද්යෝගිමත් කාලයක් වුණා. අනාවැකි ඉටුවෙමින් පැවතුණා—ජනයා අතර ගැලවුම්කරුවාණන් ඉක්මනින් උපත ලබන බව මහත් සලකුණු හා ප්‍රාතිහාර්යයන් මගින් පෙන්නුම් කළා. අනෙක් අතට, එය ඇදහිලිවන්තයන්ට කරදරකාරී කාලයක්ද වුණා, මොකද, සියලු ප්‍රාතිහාර්යයන් මධ්‍යයේ වුවත්, ගැලවුම්කරුවාණන්ගේ ඉපදීමට “කාලය ගෙවී ගොස් ඇති” බව නොඇදහිලිවන්තයන් කියා සිටියා (3 නෙපී 1:5). මෙම ජනයා “දේශය පුරා මහත් කලබලයක්” ඇති කළා (3 නෙපී 1:7) එමෙන්ම ලාමන්වරයෙකු වූ සාමුවෙල් විසින් අනාවැකි පැවසූ සලකුණ වන අන්ධකාරයෙන් තොර රාත්‍රියක්—නොපෙන්වන්නේ නම් සියලු ඇදහිලිවන්තයන්ව ඝාතනය කිරීමට දිනයක් නියම කෙරුණා.

මෙම අසීරු අවස්ථාවන්හිදී, නෙපී අනාගතවක්තෘවරයා “තම සෙනග වෙනුවෙන් තම දෙවියන්වහන්සේට තදින්ම හඬා වැලපුණා” (3 නෙපී 1:11). ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරය පීඩා හෝ සැකයන්ට මුහුණදෙන සහ ආලෝකය අන්ධකාරය ජයගන්නා බව දැනගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට ආශ්වාදජනකයි: “ඔබේ හිස ඔසවමින් තවද හොඳින් ප්‍රීතිමත් වන්න; … තවද එනම් මාගේ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කථා කරවීමට සැලැස්සුවාවූ එම සියල්ල මම සම්පූර්ණ කරන්නෙමි” (3 නෙපී 1:13).

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

3 නෙපී 1–7

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හැරීමට ඉවසීම සහ උත්සාහය අවශ්‍යයි.

ස්වාමින්වහන්සේ වෙත හැරුණු අය සහ එසේ නොවූ අය ගැන 3 නෙපී 1–7 විස්තර කරනවා. මෙම කණ්ඩායම් අතර වෙනස්කමට හේතු වුණේ මොනවාද? පහත ආකාරයේ වැනි වගුවක් ඔබේ සිතුවිලි සංවිධානය කිරීමට උදවු වෙන්න පුළුවන්:

හැරීම දුර්වල කරන දේවල්

හැරීම ශක්තිමත් කරන දේවල්

3 නෙපී 1:5–11

අනාගතවක්තෘවරයාගේ වචන විශ්වාස නොකිරීම සහ ධර්මිෂ්ඨ මිනිසුන්ට විහිළු කිරීම

අනාගතවක්තෘවරයාගේ වචන කෙරෙහි විශ්වාසය තබා උදවු ඉල්ලා යාච්ඤා කිරීම

3 නෙපී 1:29–30

3 නෙපී 2:1–3

3 නෙපී 3:12–16

3 නෙපී 4:8–10, 30–33

3 නෙපී 6:13–18

3 නෙපී 7:15–22

ඔබ අධ්‍යයනය කරද්දි පුද්ගලික ප්‍රශ්න අසන්න. උදාහරණයක් විදියට, මෙම වගුව සම්පූර්ණ කරන අතරතුර, ඔබට “මට මෙහි ඇති පාඩම මොකක්ද?” වැනි ප්‍රශ්න අසන්න පුළුවන්. මේ මගින් ශුද්ධාත්මයාණන්ගෙන් දේවානුභාවය ගෙන එනවා.

3 නෙපී 1:1–23

රූපය
seminary icon
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මට “ධෛර්යමත්ව සිටින්න” පුළුවන්.

ඔබේ ජීවිතයට දුෂ්කර, ඒවගේම බිය උපදවන අවස්ථා ඇතුළත් වන බව ඔබේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නවා. නමුත් ඔබ ප්‍රීතිය අත්දකිනවාටත් උන්වහන්සේ කැමතියි. ඇදහිලිවන්ත නෙපීවරුන්ට බිය වීමට තිබූ හේතු ගැන දැනගැනීමට 3 නෙපී 1:1–23 කියවන්න. “ධෛර්යමත්ව සිටින්නට” ස්වාමින්වහන්සේ ඔවුන්ට දුන් හේතුව කුමක්ද?

ගැලවුම්කරුවාණන් “ධෛර්යමත්ව සිටින්න” යන වාක්‍ය ඛණ්ඩය අවස්ථා කිහිපයකදී භාවිතා කර තිබෙනවා—උදාහරණ ලෙස බලන්න මතෙව් 14:24–27; යොහන් 16:33; දහම සහ ගිවිසුම් 61:36; 78:17–19. මෙම ආරාධනා ගැන ඔබව පුදුමයට පත් කරන්නේ මොනවාද? ගැලවුම්කරුවාණන් මෙම වචන කීවේ කුමන තත්වයන් යටතේද යන්න තේරුම් ගැනීමට ඔබට ඒ අවට පද කියවන්න පුළුවන්. සෑම අවස්ථාවකදීම, මිනිසුන්ට ඔවුන්ගේ බියට මුහුණ දීමට උදවු කිරීමට උන්වහන්සේ දුන් හේතු මොනවාද? උන්වහන්සේ ඔබ වෙනුවෙන් මෙය කර තිබෙන්නේ කොහොමද?

සමහර විට ඔබට කැමරාවක් හෝ වෙනත් කාචයක් නාභිගත කිරීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීම සමඟ සසඳන්න පුළුවන්. ඔබ උන්වහන්සේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ කොහොමද?

3 නෙපී 1:4–21; 5:1–3

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාලය තුළදී උන්වහන්සේගේ සියලු වචන ඉටු කරනවා.

3 නෙපී 1:4–7 කියවා ඔබ එම ඇදහිලිවන්තයන්ගෙන් කෙනෙකු වූවේ නම් ඔබට කෙසේ හැඟෙන්නට තිබුණාද කියා සිතන්න. ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට ඔවුන් කළේ මොනවාද? (බලන්න 3 නෙපී 1:4–21 සහ 5:1–3). සාමුවෙල්ගේ වචන ඉටු වුණේ කොහොමද? (බලන්න 3 නෙපී 1:19–21). ස්වාමින්වහන්සේ ඔබේ ජීවිතය තුළ උන්වහන්සේගේ වචන ඉටු කර තිබෙන්නේ කොහොමද?

3 නෙපී 1:4–15; 5:12–26; 6:10–15; 7:15–26

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක්.

මොර්මොන් මෙහෙම කිව්වා, “බලන්න, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක් වෙමි” (3 නෙපී 5:13). මෙම වැකියෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ගේ ගුණාංග, විශ්වාසයන් සහ ක්‍රියාවන් සොයමින්, 3 නෙපී 1:4–15; 5:12–26; සහ 6:10–15 කියවීම සලකා බලන්න.

3 නෙපී 2:11–12; 3:1–26

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරනකොට, මම බිය විය යුතු නෑ.

මංකොල්ලකරුවන්ගේ කණ්ඩායම් සමඟ නෙපීවරුන්ගේ අත්දැකීම් වල, ඔබ මුහුණ දෙන අධ්‍යාත්මික අන්තරායන් සඳහා ඔබට උදවු කළ හැකි පාඩම් තිබෙන්න පුළුවන්. ඔබ 3 නෙපී 2:11–12 සහ 3:1–26 කියවද්දි මෙම පාඩම් ගැන සොයා බලන්න. උදාහරණයක් විදියට, ඔබට 3 නෙපී 3:2–10 තුළ ගිඩියන්හිගේ වචන සොයන්න පුළුවන්, ඒවගේම සාතන් ඔබව රැවටීමට උත්සාහ කළ හැකි ක්‍රම සමඟ ඒවා සසඳන්න පුළුවන්. ලකෝනියස්ගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

3 නෙපී 1:4–15, 19–21

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදුණු විට නව තාරකාවක් දිස් වුණා.

3 නෙපී 1:4–21

අනාගතවක්තෘවරුන්ගේ වචන සැමවිටම ඉටු වෙනවා.

  • ඔබ සහ ඔබේ දරුවන් 3 නෙපී 1:4–10 කියවද්දි, ඒ කාලයේ ජීවත් වූ ඇදහිලිවන්තයන්ගෙන් කෙනෙකුට දැනෙන්නට ඇති ආකාරය ගැන කතා කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න. ඉන්පසුව, ඔවුන් 11–15 පදවල එම කතාවේ ඉතිරි කොටස කියවද්දි, ඔවුන්ට මෙම වාක්‍යය සම්පූර්ණ කිරීමට ක්‍රම යෝජනා කරන්න පුළුවන්: “මේ කතාවේ මා වෙනුවෙන් තිබෙන පාඩම තමයි …”

  • දෙවියන්වහන්සේ තම අනාගතවක්තෘවරයා මාර්ගයෙන් දුන් පොරොන්දු ඉටු කළ වෙනත් අවස්ථා ගැන සිතීමට ඔබේ දරුවන්ට ඔබට උදවු කරන්න පුළුවන්. එකට එකතු වී 3 නෙපී 1:20 කියවා, මෙම සත්‍යයන් පිළිබඳ ඔබේම සාක්ෂිය බෙදාගන්න.

3 නෙපී 2:11–12; 3:13–14, 24–26

අපි එකට එකතු වූ විට අපි ශක්තිමත් වෙනවා.

  • නෙපීවරුන් එකට රැස් වූයේ ඇයි කියා සහ 3 නෙපී 2:11–12 සහ 3:13–14, 24–26 තුළින් ඔවුන්ට ලැබුණු ආශිර්වාද සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. අද අපි අපේ පවුල්වල සහ සභාවේ රැස්වීම වැදගත් වන්නේ ඇයි?

  • එකමුතුකමේ ශක්තිය ගැන උගන්වන භාණ්ඩ යොදාගන්නා පාඩමක් ගැන ඔබ දන්නවාද? සමහර විට ඔබේ දරුවන්ට එක කෝටුවක් සහ ඉන්පසු කෝටු මිටියක් කැඩීමට හෝ එක් කඩදාසි කැබැල්ලක් සහ කඩදාසි මිටියක් ඉරා දැමීමට උත්සාහ කරන්න පුළුවන්. අපි ඒ කෝටු හෝ කඩදාසි වගේ වෙන්නෙ කොහොමද?

3 නෙපී 5:12–26; 6:14; 7:15–26

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක්.

  • එකට එක්ව 3 නෙපී 5:13 කියවීමෙන් පසු, “මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක්” යන වාක්‍ය ඛණ්ඩය නැවත නැවත කීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි දැන ගැනීමට, එකට එක්ව මෙම උදාහරණ වලින් කිහිපයක් කියවන්න: හැරුණු ලාමන්වරු (බලන්න 3 නෙපී 6:14), මොර්මොන් (බලන්න 3 නෙපී 5:12–26), සහ නෙපී (බලන්න 3 නෙපී 7:15–26).

  • කඩදාසි කැබැල්ලක, ඔබේ දරුවන්ට ඔවුන්ගේ අත්ල තබා එය වටා ඇඳගෙන එය කපා ගැනීමට උදවු කරන්න. “මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක්” කියා එක් පැත්තකින් ලියා, අනෙක් පැත්තෙන් ගෝලයෙකු වීමට ඔවුන්ට කළ හැකි දෙයක් ඇඳීමට ඔවුන්ට ආරාධනා කරන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
නෙපීවරුන් රාත්‍රියක් නැති දවසකට සාක්ෂි දරති

වෝල්ටර් රනේ විසින්, A Day, a Night, and a Day [දිනයක්, රාත්‍රියක් සහ දිනයක්]

මුද්‍රණය කරන්න