දිව්‍යමය නොසන්සුන්තාව
දිව්‍යමය නොසන්සුන්තාවයට පුළුවන් ඇදහිල්ලෙන් ක්‍රියාකරන්නට අපව යෙදවීමට, යහපත කිරීමට ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය අනුගමනය කිරීමට සහ නිහතමානීව අපේ ජිවිත උන්වහන්සේට දීමට.
මම ප්‍රාථමික පාසලේ සිටි කාලයේ, අපි කඳුකරයේ පැත්තට තල්ලු කර සැකසු පාරක් මත ඇවිදගෙන ගෙදර ගියා. එහි තව මාර්ගයක් තිබුනා, “පිරිමි ළමයින්ගේ” මාර්ගය. පිරිමි ළමයින්ගේ මාර්ගය’ එය කෙලින්ම කන්ද මුදුනටම යන ගොඩක් නරක තත්වෙක තිබුන එකක් වුනා. ඒක ගොඩක් කෙටියි නමුත් ගොඩක් බෑවුම් සහිතයි. තරුණ ගැහැණු ළමයෙක් විදිහට, මම දැනගෙන හිටියා පිරිමි ළමයි යන ඕනෑම මාර්ගයක මටත් යන්න පුළුවන් බව. වඩාත් වැදගත්ව, මම දැනගත්තා මම ජීවත් වෙන්‍නේ පසුදවස්වල නිසා මම අනිවාර්යෙන්ම අමාරු දේවල් කරන්න ඕන බව, පුරෝගාමීන් කලාක් මෙන්—සහ මට ඕන වුනා සුදානම් වෙලා ඉන්න. දැන් සහ හැමවිටම, මං මගේ යාළුවන් පිරිසගේ පිටුපසින් බෑවුම් සහිත මාර්ගයේ හිටගත්තා, මගේ සපත්තු ගලවගත්තා, සහ පිරිමි ළමයින්ගේ මාර්ගයේ සපත්තු නැතිව ඇවිදගෙන ගියා. මම උත්සහ කලා මගේ දෙපා ශක්තිමත් කරගන්න.
තරුණ ප්‍රාථමික දැරියක් ලෙස, මා සූදානම් වීමට නම් එයැයි කල යුතු කියා මම සිතුවා. දැන් මම වෙනස් විදිහක් දන්නව! සපත්තු නැතිව කදුකර මාර්ගයේ ඇවිදිනවට වඩා, ශුද්ධාත්මයාණන්ගේ ආරාධනයන් වලට ප්‍රතිචාර දැක්වීම මගින් ගිවිසුම් මාර්ගය මත ගමන් කිරීමට මගේ පාද සකස් කළ හැකි බව මම දන්නවා. ස්වාමින්වහන්සේ, උන්වහන්‍සේගේ දිවැසිවරු මාර්ගයෙන්, කතා කර අප සෑම කෙනෙකුටම ජීවත්වන්න සහ රැකබලා ගන්න කියනව “ඉහළින් හා ශුද්ධ ආකාරයකින්” සහ “ඉදිරියට උසස් පියවරක් ගන්න කියාත් කියනවා.”
මෙම අනාවැකි ක්‍රියාකිරිමට කැඳවීම් කරනව, අපගේ සහජ හැකියාවන් සමග එකතු වී අපට එය කල හැකි සහ වඩා වැඩිදියුණු විය හැකි බව හිතනව, සමහර වෙලාවට අපි තුලින්ම නිර්මානය වන දේ නීල් ඒ. මැක්ස්වෙල් නම් කරනව “දිව්‍යමය නොසන්සුන්භාවය” ලෙස. දිව්‍යමය නොසන්සුන්තාව පැමිනෙන්නේ අපි කවුද යන තැන සිට අපට “කවුරු වෙන්නට බලයක් තියෙනවද” යන්න සංසන්දනය කරන විටයි. අපි සෑමදෙනාම අවංකව නම්, කොතැනද සහ අපි කවුද, සහ කොතැනද සහ කවුද වෙන්න අවශ්‍ය දෙක අතර පරතරයක් අපිට හැගේවී. අපි විශාල පෞද්ගලික හැකියාවන්ට ආශා කරනවා. අප දෙවියන්වහන්සේගේ දූවරුන් හා පුත්‍රයන් වන බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය සහිතව ඉපිද වැටීම් සහිත ලෝකයක ජීවත් වෙනවා. හදිසි අවශ්‍යතාවයක ක්‍රියා කිරීමට සඳහා මෙම හැඟීම් දෙවියන්වහන්සේ නිර්මාණය කරදී තිබෙනවා.
සාතන්ගේ ව්‍යාජ—අකාලික අධෛර්යමත් කිරීම් අදුනාගන්නා අතරේ, අපිව උසස් ආකාරයකින් කැඳවන දිව්‍යමය නොසන්සුන් හැඟීම් අපි පිළිගන්නෙමු. සාතන් ඉතා ඉක්මනින් පනින්න කැමති මෙය, වටිනා අවකාශයකි. අපට තෝරාගන්න පුළුවන් ඉහළ මාර්ගයක ගමන් කරන්න එය අපට මගපෙන්වාවි සොයන්න දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ සාමය සහ කරුණාව නැතහොත් අපට හැකියි අප කිසි විටෙකත් ප්‍රමාණවත් නොවේ, ප්‍රමාණවත් තරම් පොහොසත් නොවේ, ප්‍රමාණවත් තරම් බුද්ධිමත් නොවේ, ප්‍රමාණවත් තරම් ලස්සන නොවේ, ප්‍රමාණවත් තරම් දෙයක් නොවේ, වැනි නරක පණිවිඩ දෙන සාතන්ට ඇහුන්කන් දෙන්න. අපේ නොසංසුන්තාව දිව්‍යමය හෝ විනාශකාරී විය හැකිය.
ඇදහිල්ලෙන් ක්‍රියාකිරිම
සාතන්ගේ බොරුවෙන් දිව්‍යමය නොසන්සුන්තාව හදුනා ගතහැකි එක් මාර්ගයක් තමා දිව්‍යමය නොසන්සුන්තාව අපව මෙහෙය වනවා ඇදැහිලිවන්ත ක්‍රියාවන්ට. දිව්‍යමය නොසන්සුන්තාව අපට ආරක්ෂිත කලාපයේ රැදෙන්න දුන් ආරාධනාවක් නොවේ, ඒවගේම එය අපව විනාශය කරා ගෙන නොයාවි. මම එය ඉගෙනගෙන තියෙනවා මට අවශ්‍ය නොවන, හැම සිතුවිල්ලකම මම සීමාරහිතව ගැලී ඉන්නා විට, මම වර්ධනය වෙන්නෑ, සහ මම දැනගත්තා එවිට ශුද්ධාත්මයාණන්වහන්සේ දැනීම සහ අනුගමනය කිරිම ඉතා අමාරුයි කියා.
තරුණ පිරිමි ළමයෙක් විදිහට, ජෝසෆ් ස්මිත් බලවත් ලෙස පරිස්සම් වුනා ඔහුගේ දුර්වලතා පිලිබදව සහ “ඔහුගේ සදාකාලික ආත්මයේ සුභසිද්ධිය” පිලිබඳව ඔහු තැවුනා. ඔහුගේම වචනයෙන් එය පැවසුවා, “මගේ මනස ඉතා ආතතියට පත්වුනා, මගේ පව් වෙනුවෙන් මම වැරදිකරු වුනා, සහ … මට මගේම පව් වෙනුවෙන් සහ ලෝකයේම පව් වෙනුවෙන් මොරගසන්නට සිතුණා.” මෙය ඔහුව “බැරෑරූම් ප්‍රතිරූපයකට සහ වඩා තැවුලට” ගෙන ගියා. මෙය අපට සමීපද? ඔබත් ඔබගේ දුර්වලතා නිසා තැවුලට නැත්නම් ආතතියට පත් වෙනවද?
ඉතින් ජෝසෆ් දෙයක් කළා. ඔහු එය මෙසේ බෙදාගත්තා, “මම නිතරම මගෙන් ඇසුව: කුමක් ද කල යුතු දේ?” ජෝසෆ් විස්වාසය තුල ක්‍රියා කලා. ඔහු ශුද්ධ ලියවිලි වෙත හැරුණ, යාකොබ් 1:5 තුල තිබු ආරධනාව කියෙව්වා සහ උදව් ලබාගැනීමට දෙවිපියාණන් වෙතට හැරුණා. එහි ප්‍රතිථලය වුනේ නැවත පිහිටිම සදහා දර්ශනයක් උදා කිරිමයි. මම ජෝසෆ්ගේ දිව්‍යමය නොසන්සුන්තාව අගය කරනවා. ඔහුගේ අසීරු සහ ව්‍යාකූල කාලපරිච්ඡේදය ඇදහිලිවන්ත ක්‍රියාවකට ඔහුව යොමු කලා.
යහපත් දේ කිරීමට පෙලඹවීම් අනුගමනය කරන්න
ලෝකය බොහෝ විට නොසන්සුන්තාවේ හැඟීම ස්වයං-අවශෝෂණය සඳහා නිදහසට කරුණක් ලෙස භාවිතා කරනවා, මම කවුද, මම කවුරු නොවන්නේද, සහ මොනාද මට ඕන, යන අපගේ සිතුවිලි අභ්‍යන්තරට සහ ආපස්සට හරවමින් තනිවම වාසය කරනවා. දිව්‍යමය නොසන්සුන්තාව අපව දිරිගන්නනවා ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කරන්න, උන්වහන්සේ “හොඳ දේ කිරිම සදහා ගියා.” අපි අනුගාමික මාර්ගයේ ගමන් කරන විට, අන්අයට ලංවිමට අපට ආත්මික තල්ලුවක් ලැබේවි.
කලකට පෙර මට ඇසුනු කතාවක් මට උදව් වුනා ශුද්ධාත්මයාණන් හදුනාගන්න සහ මග පෙන්වීම යටතේ ක්‍රියා කිරිමට. කාන්තා සහන සමිතියේ හිටපු සභාපතිනිය සහෝදරි බොනී ඩී. පර්කින් මෙම කතාව බෙදාගත්තා:
සුසැන් දක්ෂ ඇදුම් මසන්නියක්. සභාපති [ස්පෙන්සර් ඩබ්.] කිම්බල් ජීවත් වුනේත් ඇගේ ශාඛාවේමයි. ඉරිදා දිනක ඇය දැක්කා ඔහුගේ අලුත් සූට් එක. ඇයගේ පියා මෑතකදී … ඇයට විශිෂ්ට සිල්ක් රෙද්දක් ගෙනත් තිබුනා. සුසැන් හිතුව එම රෙද්දන් කඩවසම් ටයි එකක් නම් සභාපති කිම්බල්ගේ අලුත් සූට් එකට ගැලපේවි කියා. ඉතින් සඳුදා ඇය ටයි එකක් හැදුවා. ඇය එය ටිශූ කඩදාසියක ඔතාගෙන සභාපති කිම්බල්ගේ ගෙදරට ඇවිදගෙන ගියා.
ඇය ඉදිරිපස දොරට යන මාර්ගයේ එක පාරටම නතර වෙලා මෙහෙම හිතුවා “දිවැසිවරයාට ටයි එකක් මහන්න මම කවුද? ඔහුට ටයි ගොඩක් ඇති. තමා වැරද්දක් කලා යැයි තීරනය කරමින් ඇය යන්නට හැරුණා.
“එම වෙලාවෙම කිම්බල් සහෝදරිය ඉදිරි දොර විවෘත කරමින් ‘ඕ සුසැන්!’ යැයි පැවසුවා
“ඇය පැටලිලි සහිතව මෙසේ කීවා, මම දැක්කා සභාපති කිම්බල්ගේ අලුත් සූට් එක ඉරිදා. තාත්තා මට විශිෂ්ට සිල්ක් රෙද්දක් ගෙනත් තිබුනා නිව් යෝර්ක් වලින් … ඉතින් මම ඔහුට ටයි එකක් මැහුවා.’
“සූසැන් තවත් කියන්නට පෙර කිම්බල් සහෝදරිය ඇය නවතා ඇගේ උරහිසෙන් අල්ලාගෙන මෙසේ කීවා: ‘සූසැන්, කවදාවත් ත්‍යාගශීලී චින්තනයක් යටපත් කරන්න එපා”’
මම එම කියමනට ආදරෙයි! “කවදාවත් ත්‍යාගශීලී චින්තනයක් යටපත් කරන්න එපා.” සමහර වෙලාවට මට කෙනෙකුට දෙයක් කිරිමට හැගිමක් ආවිට මම හිතනව ඒක පෙලඹවීමක්ද නැතිනම් ඒක මගේම සිතුවිල්ලක්ද කියල. නමුත් මට නැවත මතක් කරනු ලබනවා, ඒක තමා දෙවියන්වහන්සේ අඛණ්ඩව යහපත කරන්න; ආරාධනා සහ ආයාචනා කරනවා ඒ නිසා දෙවියන්වහන්සේට ආදරේ කරන්න, සහ උන්වහන්සේට සේවය කරන්න, යහපත කරන්න ආරාධනා සහා ආයාචනා පැමිනෙන්නේ දේවානුභාවයෙන්මය.
ඒක සෘජු මගපෙන්වීමක් හෝ උදව් කිරිමට අනුබලයක් වුවත්, හොද දෙයක් කවදාවත් නාස්ති වෙන්නෑ; “ප්‍රේමය කවදාවත් අසාර්ථක නොවේ” — සහ එය කවදාවත් වැරදි පිලිතුරක් නොවේ.
නිතරම කාලය සුදුසු නොවේ, සහ අපි දුලබව දන්නවා අපේ පොඩි සේවයේ ක්‍රියාව කොතරම් බලපානවද කියලා. නමුත් දැන් සහ ඉදිරියටත් අපි අදුනගන්නවා අපි දෙවියන්වහන්සේගේ හස්තයේ ක්‍රියාකරුවන් වෙලා ඉන්නව කියලා සහ අපි ස්තුතිවන්තව දැනගත්තා ශුධාත්මයාණන්වහන්සේ දෙවිපියාණන්ගේ කැමත්ත මත පෙන්නුම් කරනවා සහ අප තුලින් ක්‍රියාකරනවා කියලා.
සහෝදරියනී, පෙනෙන විදිහට එදිනෙදා වැඩ ලැයිස්තුව පිරී තිබුනත්, ඔබට සහ මට පුළුවන් “කල යුතු සියළු දේ” පෙන්වන්න කියා ශුද්ධාත්මයාණන්ගෙන් ඉල්ලන්න. අපිව මග පෙන්නුවිට, අපිට පුළුවන් භාජන ටික සින්ක් එක තුල දමා යන්න. නැත්නම් ඉන්බොක්ස් එක ලොකු බාධකයක් වී බැලීම අවශ්‍ය වන විට ඒ වෙනුවට දරුවෙකුට කිවීමක් කරන්න, යාළුවෙකු බැහැදකින්න, අසල්වැසියාගේ දරුවන්ව බලාගන්න, නැත්නම් දේවමාලිගාවේ සේවය කරන්න. වරදවා තේරුම් ගන්න එපා මම ලැයිස්තු සාදන්නියක්, දේවල් පරික්ෂා කර බලන්න මම කැමතියි, නමුත් ලොකු දෙයක් වීම අවශ්‍ය වෙන්නෑ සම්බන්ධ වෙන්න ලොකු දේවල් කරන්න කියලා දැනගත් විටයි සාමය පැමිනෙන්නේ. නොසන්සුන්තාවට පිලිතුරු වශයෙන් මගපෙන්විම් අනුගමනය කරන්න සිතන විට මම “මගේ කාලය” පිලිබද සිතන ආකාරය වෙනස් වුනා, මම මිනිස්සුන්ව කරදරයක් විදිහට දකින්නෑ, නමුත් මගේ ජීවිතේ අරමුණ ලෙස දකිනවා.
දිව්‍යමය නෙසන්සුන්තාව අපව ක්‍රිස්තුස්වහන්සේ ලගට ගෙනියනවා
දිව්‍යමය නොසන්සුන්තාව නිහතමානීකම සදහා මගපෙන්වනවා, අපිට අඩු දේවල් පිලිබඳ නිතරම අපි සැසඳීම් කිරිම තුලින් එන තමා ගැන තැවීම් නැත්නම් අධෛර්යමත්වීම් වලට එය මග පෙන්වන්නෑ. තමා ගැන තැවීමෙන් එය රඳවාගෙන සිටිනවාට වඩා, අපේ අවශ්‍යතාවන් නිහතමානීව යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පෙන්වන විට අපගේ නොසන්සුන්තාව දිව්‍යමය වෙනවා.
ඇත්තවශයෙන්ම, අප සියලු දෙනාගෙම දිව්‍යමය වර්ධනය අඩුවෙලා, මෙහි යම් සත්‍යයක් තියෙනවා තේරුම් ගැනීමට තනිවම අපට ප්‍රමාණවත් විය නොහැක. එහෙත් සුභාරංචියේ හොඳ පණිවිඩය නම් දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, අප ප්‍රමාණවත්ය. ක්‍රිස්තුස්වහන්සේගේ උපකාරයෙන්, අපට සියල්ල කළ හැකිය. අවශ්‍යතා ඇති කාලයට උපකාර කිරීම සඳහා අපට “කරුණාව සොයාගත හැකි බව ශුද්ධ ලියවිලි අපට පොරොන්දු වේ.”
අප පුදුම වන සත්‍යය නම්, අපගේ දුර්වලකම් ආශීර්වාදයක් විය හැකිය, එය අපව නිහතමානී කර ක්‍රිස්තුස්වහන්සේ වෙතට හරවනවා. තමා ගැන තැවීමෙන් එය රඳවාගෙන සිටිනවාට වඩා, අපේ අවශ්‍යතාවන් නිහතමානීව යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පෙන්වන විට අපගේ නොසන්සුන්තාව දිව්‍යමය වෙනවා.
තව කරුණක්, යේසුස්වහන්සේගේ හාස්කම් නිතරම පටන්ගත්තේ වුවමනා, අවශ්‍යතා, අසමත්වීම්, නැතිනම් නිෂ්ප්‍රමාණාත්වය හඳුනාගැනිමෙන්. මතකද පාන් සහ මාළු? සෑම සුභාරංචි ලියන්නෙකුම කියනව කොහොමද යේසුස් වහන්සේ ආශ්චර්යමත් ලෙස උන්වහන්සේ පසුපස ආ දහස් ගානකට කන්න දුන්නේ කියලා. නමුත් කතාව අරම්භ වෙන්නේ ගෝලයන් ඔවුන්ගේ අඩුකම දැකීම තුලින්; එයාලා හදුනගත්තා ඔවුන්ට ඇත්තේ “ පාන් පහක් පමනත්, සහ පොඩි මාළු දෙදෙනෙක් පමණයි කියලා: එම විශාල පිරිසට එයින් කුමක් කල හැකිද? ගෝලයන් හරි දේ කිව්වා: ඔවුන්ට අවශ්‍ය තරම් කෑම තිබුන්නෑ, නමුත් ඔවුන්ට තිබු දේ ඔවුන් යේසුස්වහන්සේට දුන්නා සහ ඉන්පසු උන්වහන්සේ හාස්කමක් සැපයෙව්වා.
ඔබේ තලෙන්තු හා දීමනා ඉදිරියට ඇති කාර්ය සඳහා ඉතා කුඩා බව ඔබට කවදා හෝ දැනුනාද? මට එසේ වී තියෙනවා. ඒත් ඔබට සහ මට පුළුවන් අපිට තියෙන දේ ක්‍රිස්තුස්වහන්සේට දෙන්න, ඔබ දෙවියන්වහන්සේගේ කරුණාව මත රඳා සිටී නම් උන්වහන්සේ අපගේ උත්සාහයන් වැඩි කරනු ඇත. ඔබ ලබා දිය යුතු දේ ප්‍රමාණයටත් වඩා වැඩිය — ඔබේ මානව දුර්වලකම් හා දුර්වලතා පවා,
සත්‍ය නම්, එකිනෙකා දෙවියන්වහන්සේගේ දරුවන්, අපි සියළුදෙනා එක් පරම්පරාවක් දේවත්වයෙන් ඈත සිටී. සහ කාලය පුරාවටම උන්වහන්සේ අනාගතවක්තෘවරුන් සාමාන්‍ය මිනිසුන් හා කාන්තාවන්ට කර ඇති පරිදි, ස්වර්ගික පියාණන් අපව වෙනස් කිරීමට අදහස් කරයි.
සී. එස්. ලුවිස් දෙවියන්වහන්සේගේ බලය පරිවර්තනය වීම මෙසේ පැහැදිලි කළා: “ඔබ ඔබව ජීවත් වන නිවසක් ලෙස සිතන්න. එම නිවස නැවත ගොඩනැඟීමට දෙවියන් වහන්සේ පැමිණෙනව. පළමු අවස්ථාවේ දී, සමහර විට ඔබට කරන්නේ කුමක්දැයි යන්න තේරුම් ගත හැකිය. ඔහු වතුර කාණු සැකසීම වහලයේ කාන්දු වීම වැළැක්වීම වැනි තව දේවල් කරාවි; එම දේවල් කලයුතු බව ඔබ දැනගෙන සිටි නිසා ඔබ පුදුම වන්නේ නැත. නමුත් වර්තමානයේ උන්වහන්‍සේ ඉතා නරක හා රිදෙන ආකාරයෙන් කඩා දැමීම් ආරම්භ කර තියෙනව. …[ඔබ දකීවි] ඔබ සිතන ආකරයට වඩා උන්වහන්‍සේ ගොඩක් වෙනස් ආකාරයේ නිවසක් ගොඩනඟයි. …. ඔබ හිතුවෙ ඔබ හොඳ පුංචි නිවසක් බවට පත් වෙලා කියලා: නමුත් උන්වහන්‍සේ මාලිගාවක් ගොඩනගා ඇත. උන්වහන්සේම පැමිණීම එහි ජිවත්වීමට අදහස් කරන සේක.
අපගේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ කැපකිරීම නිසා, අපට ඉදිරි කාර්යයන් සමානව කළ හැක. අනාගතවක්තෘවරු එය උගන්වා ඇත. අපි ගෝලයෙකුගේ මාර්ගයේ පඩිපෙළ නගිනවිට, ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව මගින් අපිට ශුද්ධ විය හැක. දිව්‍යමය නොසන්සුන්තාව අපව ගෙන යනවා විස්වාසයෙන් ක්‍රියා කරන්න. යහපත කිරීමට ගැළවුම්කාරුවාණන්ගේ ආරාධනාව අනුගමනය කරන්න, සහ අපේ ජීවිතය නිහතමානීව උන්වහන්සේට බාරදෙන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.