පරාර්ථකාමී සේවයේ ප්‍රීතිය
අප අපගේ ස්වර්ගයේ පියාණන්වහන්සේට පොරොන්දු වී තිබෙනවා උන්වහන්සේට සහ අන් අයට ආදරයෙන් සේවය කරන බවට සහ සෑම දෙයකදීම උන්වහන්සේගේ කැමැත්ත කරන බවට.
පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් පසු, මිනිසුන් බොහෝ දෙනෙක් “ඔය පුටු සැප පහසුයිද?” යන එකම ප්‍රශ්නය මගෙන් ඇසුවා. ඒ හැම පාරකම මම ලබාදුන්නේ එකම පිළිතුරයි: “ඒ පුටු හරිම සැප පහසුයි ඔබට කතා කිරීමට නැති නම්.” ඒක ඇත්තක්, එහෙම නේද? මේ සම්මන්ත්‍රණයේදී මගේ පුටුව ඒ තරම්ම සැපපහසු නෑ, ඒත් මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා මේ සන්ධ්‍යාවේ ඔබට කතාකිරීමට ලැබුණු ආශිර්වාදයට සහ ගෞරවයට.
සමහර වෙලාවට අපි සේවය කරද්දී, අපිට වෙනස් පුටුවල වාඩිවෙන්න ලැබෙනවා. සමහර ඒවා සැප පහසුයි ඒ වගේම සමහර ඒවා සැප පහසු නෑ, නමුත් අපි අපේ ස්වර්ගයේ පියාණන්වහන්සේට පොරොන්දු වෙලා තියෙනවා උන්වහන්සේට සහ අන් අයට ආදරයෙන් සේවය කරන බවට සහ සෑම දෙයකදීම උන්වහන්සේගේ කැමැත්ත කරන බවට.
අවුරුදු කිහිපයකට ප්‍රථම, සභාවේ තරුණ පිරිස ඉගෙනගත්තා “ඔබ ‘දෙවියන්වහන්සේගේ සේවය ආරම්භ කරනවිට’, [දහම සහ ගිවිසුම 4:2], ඔබ එක්වන්නේ මෙතෙක් ගමන් කල හැකි හොඳම ගමනටයි. ඔබ දෙවියන්වහන්සේට උන්වහන්සේගේ කාර්යයන් ඉක්මන් කිරීමට උදවු කරනවා, ඒ වගේම එය ඉතා උසස්, ප්‍රීතිමත් සහ පුදුමාකාර අත්දැකීමක්.” එය - ඕනෑම වයසක - සෑම කෙනෙකුටම ලැබිය හැකි ගමනක්, සහ අපගේ ආදරණීය දිවැසිවරයා කතාකල “ගිවිසුම් ගත මාර්ගය” දිගේ අපව ගෙනයන ගමනක්.
අවාසනාවකට, කොහොමවෙතත්, අපි ජීවත් වන්නේ ආත්මාර්ථකාමී ලෝකයක, “අද මට උදවුකරන්න පුළුවන් කාටද?” කිය හෝ “මගේ කැඳවීම තුල ස්වාමින්වහන්සේට වඩා හොඳින් සේවය කරන්න පුළුවන් කොහොමද?” කියා හෝ “මම මගේ සියලුදේම ස්වාමින්වහන්සේට දෙනවාද?” කියා අසනවාට වඩා, එහි මිනිසුන් හැමවිටම අසන්නේ, “එහි මට මොනවද තියෙන්නේ?” කියලයි.
මගේ ජීවිතයේ පරාර්ථකාමී සේවයට සිටින හොඳම ආදර්ශය තමයි වික්ටෝරියා අන්ටෝනියෙටි සහෝදරිය. මම ආර්ජන්ටිනාවේ සිටින කාලයේදී මගේ ශාඛාවේ ප්‍රාථමිකයේ සිටි ගුරුවරියක් තමයි වික්ටෝරියා. සෑම අගහරුවාදා දහවලකම, අපි ප්‍රාථමිකය සඳහා එක්රැස් වනවිට, ඇය අපිට චොකලට් කේක් එකක් ගෙන එනවා. සෑම කෙනෙක්ම කේක් එකට ගොඩක් කැමතියි - ඇත්තටම, හැමකෙනෙක්ම හැබැයි මම ඇරෙන්න. මම චොකලට් කේක් වලට පොඩ්ඩක්වත් කැමති නෑ! ඇය මා සමඟ කේක් එක බෙදා ගන්න උත්සහ කරත්, මම හැමවිටම ඇයගේ පිරිනැමීම ප්‍රතික්ෂේප කළා.
එක දවසක් ඇය චොකලට් කේක් එක අනිත් ළමයි සමඟ බෙදා අවසන් වූ පසු, මම ඇයගෙන් ඇසුවා, “ඇයි ඔබ වෙනත් රසයක් තිබෙන කේක් එකක් ගෙන්නේ නැත්තේ - දොඩම් හෝ වැනිලා වගේ?”.
මදක් සිනහ වූ පසු, ඇය මගෙන් ඇසුවා, “ඇයි ඔබ පුංචි කෑල්ලක් කන්න උත්සහ කරන්නේ නැත්තේ? මේ කේක් එක හදලා තියෙන්නේ විශේෂ ද්‍රව්‍යක් යොදාගෙනයි, ඒ වගේම මම පොරොන්දු වෙනවා ඔබ උත්සහ කරලා බැලුවොත් ඔබ මේකට කැමැති වෙයි කියලා!” පැවසුවා.
මම වටපිට බැලුවා, මගේ පුදුමයට, සෑම කෙනෙක්ම කේක් කෑල්ල රසවිදිනවා. මම උත්සහ කිරීමට එකඟ වුනා. මොකක්ද වුනේ කියලා ඔබට අනුමාන කරන්න පුලුවන්ද? මම එයට කැමති වුනා! එක තමයි මම චොකලට් කේක් එකක් රසවින්ද පලවෙනි අවස්තාව.
සහෝදරි අන්ටෝනියෙටිගේ චොකලට් කේක් එකේ රහසිගත ද්‍රව්‍ය කුමක්ද කියලා මම දැනගත්තේ ඊට අවුරුදු ගානකට පසුවයි. මගේ දරුවන් සහ මම සෑම සතියකම මාගේ මව බැහැ දැකීමට යනවා. මෙවැනි එක හමුවකදී, අම්මා සහ මම චොකලට් කේක් කෑල්ලක රස බැලුවා, එවිට මම ඇයට පැවසුවා එම කේක් වලට පළමු වතාවට මම කැමති වුනේ කොහොමද කියලා. එවිට ඇය කතාවේ ඉතුරු කොටස මට අවබෝධ කර දුන්නා.
“බලන්න, ක්‍රිස්,” මගේ අම්මා කිවුවා, “වික්ටෝරියාට සහ ඇගේ පවුලට ගොඩක් දේවල් තිබුනේ නෑ, සෑම සතියකම ඇයටත් ඇයගේ ළමයින් හතරදෙනාටත් ප්‍රාථමිකයට පැමිණීමට යන බස් ගාස්තුව සහ ප්‍රාථමික පන්තියට ගෙනයාමට චොකලට් කේක් එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ගන්න යන වියදමත් අතරින් එකක් තෝරාගන්න සිදුවුනා. ඇය හැමවිටම තෝරාගත්තේ චොකලට් කේක් එකයි, ඒ නිසා ඇයට සහ ඇයගේ දරුවන්ට කාලගුණය කෙසේ වුවත් හැතැක්ම 2කක් පමණ [3 km] එක පැත්තකට පමණක් ඇවිදින්න සිදුවුනා”.
ඒ දවසේ මට ඇයගේ චොකලට් කේක් එකේ අගය වැඩියෙන් දැනුනා. ඒ හැමදේටම වැඩියෙන්, මම ඉගෙන ගත්තා වික්ටෝරියාගේ කේක් එකේ රහසිගත වට්ටෝරුව, ඇය සේවය කල අය වෙනුවෙන් ඇයට තිබූ ආදරය සහ අපි වෙනුවෙන් ඇයගේ පරාර්ථකාමී කැපකිරීම බව.
වික්ටෝරියාගේ කේක් එක ගැන හිතන විට මට මතක් වුනා දේවමාලිගාවේ භාණ්ඩාගාරය දෙසට ස්වාමින්වහන්සේ ඇවිදගෙන යන විට උන්වහන්සේගේ ගෝලයන්ට පරාර්ථකාමී පරිත්‍යාගය පිළිබඳව ඉගැන්වූ සදාකාලික පාඩම. ඔබ කතාව දන්නවා. වැඩිහිටි ජේම්ස් ඊ. ටැල්මෙජ් ඉගැන්වුවා එහි පෙට්ටි 13ක් තිබූ බව, “පෙට්ටි මත ඇති ලේඛන වල සඳහන් පරිදි විවිධ අරමුණු සඳහා මිනිසුන් ඔවුන්ගේ ආධාරයන් අදාළ පෙට්ටි තුලට දමනවා.” විවිධ ආකාර මිනිසුන්ගෙන් සැදුම්ලත් පෙලිගැසී සිටින දායකයන් දෙස යේසුස්වහන්සේ බලා සිටියා. සමහරුන් ඔවුන්ගේ තෑගී “අවංක අරමුණකින්” ලබා දුන් අතර සමහරුන් ඔවුන්ගේ ආධාරයන් අනිත් අයට පෙන්වීමේ, දැනුම්දීමේ සහ ප්‍රශංසාවට ලක්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් “රිදී සහ රත්තරන් මහත් රාශියක්” පෙට්ටි තුලට දැම්මා.
“සියලු දෙනා අතරින් දිළිඳු වැන්දඹුවක් ඇවිත්, ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය; ඇයගේ දායකත්වයේ වටිනාකම ඇමෙරිකානු මුදල් සත භාගයකටත් වඩා අඩු අගයකි. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් හට උන්වහන්සේ දෙසට කතාකොට, ඔවුන්ගේ අවධානය දිළිඳුකමින් - පීඩිත වැන්දඹු සහ ඇයගේ ක්‍රියාව දෙසට යොමුකර, මෙසේ කීවේය: ‘සැබෑවක් නුඹලාට කියමි, ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය: මක්නිසාද ඒ සියල්ලෝ ඔවුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය; නමුත් මෑ වනාහි තමාගේ හිගකමෙන් තමාගේ රක්ෂා වීමට තිබුණු සියල්ලම දැමුවා යයි කී සේක’[මාක් 12:43–44].”
වැන්දඹුව ඇයගේ කාලයේදී සමාජයේ සැලකිය යුතු පිළිගැනීමක් ලද බවට පෙනීයන්නේ නැත. නමුත් ඇය ඇත්තටම වටිනා යමක් දරා සිටියා: ඇයගේ චේතනාව පිරිසිඳුයි, සහ ඇය සතුව තිබු සෑම දේම ඇය ලබා දුන්නා. සමහර විට ඇය ලබාදුන්නේ අනිත් අයට වඩා අඩුවෙන්, අනිත් අයට වඩා නිශ්ශබ්දව, අනිත් අයට වඩා වෙනස් ආකාරයෙන්. සමහර අයගේ ඇස් වලට, ඇය ලබා දුන් දෙය නොවැදගත්, නමුත් ස්වාමින්වහන්සේගේ දෑස් වලට, හදවතේ සිතුවිලි සහ අභිලාශයන් අවබෝධ කරගන්නා,” ඇය ඇය සතු සෑම දේම ලබා දුන්නා.
සහෝදරියනි, අපි අපේ සියලුදේම ස්වාමින්වහන්සේට ලබා දෙනවාද කිසිම වෙන්කිරීමකින් තොරව? නැගී එන පරපුරට ස්වාමින්වහන්සේට ආදරය කිරීමටත් උන්වහන්සේගේ අණපනත් රැකීමටත් ඉගෙනගත හැකි වන ලෙස අපි අපේ කාලය සහ තලෙන්ත පරිත්‍යාග කරනවාද? අප අවට සිටින සහ අපට පවරා ඇති යන දෙපිරිසටම සැලකිල්ලෙන් සහ උනන්දුවෙන් - වෙනත් ආකාරවලට භාවිතා කල හැකි කාලය සහ ශක්තිය පරිත්‍යාග කරමින් දේවසේවයේ යෙදෙනවාද? දෙවියන්වහන්සේට ආදරය කිරීම සහ උන්වහන්සේගේ දරුවන්ට ආදරය කිරීම යන ශ්‍රේෂ්ඨ අණපනත් දෙකම තුල අපි ජීවත්වෙනවාද? බොහෝ වෙලාවට මෙම ආදරය ප්‍රකාශ වන්නේ සේවය ලෙසයි.
සභාපති ඩාලින් එච්. ඕක්ස් ඉගැන්වුවා: “අපගේ ගැලවුම්කරුවාණන්වහන්සේ පරාර්ථකාමී සේවයක් තුල උන්වහන්සේව දුන්නා. උන්වහන්සේ ඉගැන්වුවා අන්අයට සේවය කිරීමට නම් අපි සෑම කෙනෙක්ම ආත්මාර්ථකාමී ආශාවන් අප විසින් ප්‍රතික්ෂේප කිරීම තුලින් උන්වහන්සේව අනුගමනය කල යුතු බව.”
ඔහු තවදුරටත් පැවසුවේ:
“අන්අයට සේවය කිරීම තුලින් අපව අහිමි කරගැනීමට හුරුපුරුදු ආදර්ශයක් නම් … දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් කරන පරිත්‍යාගයයි. මවුවරුන් දරුවන් බිහිකිරීමට සහ හදාවඩා ගැනීමට වේදනා විදිමින්, පෞද්ගලික ප්‍රමුඛතාවයන් සහ සැපපහසුකම් අහිමිකරගනු ලබනවා. පියවරුන් පවුලට සහය වීම සඳහා තම ජීවිත සහ ප්‍රමුඛතාවයන් හැඩගසා ගන්නවා. …
“… ආබාධිත පවුල් සාමාජිකයන් සහ වයසක දෙමාපියන් රැකබලා ගන්නා අය පිළිබඳවද අපි සතුටට පත්වෙනවා. මෙම කිසිම සේවයක්, එහි මට ඇත්තේ කුමක්ද? කියා අසන්නේ නෑ. ඒ සෑම දෙයක් සඳහාම පෞද්ගලික පහසුකම් පසෙකලා පරාර්ථකාමී සේවයක් කිරීමට අවශ්‍ය වෙනවා. …
“මේ සෑම දෙයකින්ම විදහා පාන්නේ අප ලබා ගන්නා දේ සඳහා නොව, අපි ලබාදෙන දෙය වෙනුවෙන් ක්‍රියා කරන විට අප තව තවත් සතුටට සහ පරිපූර්ණත්වයට පත්වේ යන සදාකාලික මූලධර්මයයි.
“අපගේ ගලවුම්කාරයාණන්වහන්සේ අපට උගන්වනවා අන් අය වෙනුවෙන් කරන පරාර්ථකාමී සේවය තුලින් අපව අහිමි කර ගැනීමට අවශ්‍ය පරිත්‍යාගයන් කිරීම මඟින් උන්වහන්සේව අනුගමනය කරන ලෙසට”.
එලෙසම සභාපති තෝමස් එස්. මොන්සන් ඉගැන්වුවා “සමහර විට අපගේ මැවුම්කාරයාණන් සමඟ මුහුණට මුහුණ හමුවූ විට, අපෙන් අසනු ඇත්තේ ‘ඔබ කොපමණ තානාන්තර ඉසිලුවාද? කියා නොව, ‘කොපමණ මිනිසුන්ට ඔබ උදවු කලාද? කියාය. ඇත්ත වශයෙන්ම, උන්වහන්සේගේ මිනිසුන්ට සේවය කිරීම තුලින් උන්වහන්සේට සේවය කිරීමෙන් මිස ඔබට උන්වහන්සේට ප්‍රේම කල නොහැකිය.”
එනම්, සහෝදරියනි, අප රැස්වීමට සහභාගී වීමට බලවත් පරිශ්‍රමයක් දැරුවේ සුවපහසු පුටුවක වාඩිවීද නැතිනම් පසුපසම අසුනේ මල බැඳුණු නැමුණු පුටුවක වාඩිවීද යන්න වැදගත් නොවේ. අවශ්‍යතාවය මත අපි අඬන ළදරුවෙකු සැනසීමට විවේකාගාරයට වෙතට පා නැගුවාද යන්නද වැදගත් නොවේ. වැදගත් වන්නේ, අප පැමිණියේ සේවය කිරීමේ අරමුනින්ද යන්නයි, අපි දේවසේවයේ යෙදිය යුතු අය පිළිබඳව සැලකිලිමත් වී ඔවුන්ට ප්‍රීතිමත් ලෙස ආචාර කලාද යන්නයි, ඒ වගේම අපගේ නැමෙන පුටු පේලියේ සිටින ඇයට අපව හදුන්වා දීමයි - ඔවුන් වෙනුවෙන් දේවසේවයේ යෙදීමට අපට පවරා නැති වුවද මිත්‍රත්වයෙන් ලඟාවීමයි. අප කරන සෑම දෙයක්ම සේවයේ විශේෂ ද්‍රව්‍ය වන ආදරය සහ පරිත්‍යාගය කැටිව කිරීම අතිශයින්ම වැදගත් වේ.
මම දැනගත්තා සාර්ථක හෝ කැපවුණු ප්‍රාථමික ගුරුවරයෙකු වීමට අපට චොක්ලට් කේක් එකක් සෑදීමට අවශ්‍ය නෑ, මන්ද එය කේක් එක ගැන නොවන නිසා. එය ක්‍රියාව පිටිපස තිබූ ආදරයයි.
මම සාක්ෂි දරනවා පරිත්‍යාගය කරුනුකොටගෙන ආදරය උතුම් වන බවට - එය ගුරුවරයෙකුගේ පරිත්‍යාගය වුවද එයටත් වැඩියෙන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ අවසාන හා සදාකාලික පරිත්‍යාගය වුවද. මම සාක්ෂි දරනවා උන්වහන්සේ ජීවත් වන බවට! මම උන්වහන්සේට ආදරය කරනවා ඒ වගේම උන්වහන්සේ කලාක් මෙන් ආදරය කිරීමට සහ දේවසේවය කිරීමට අවශ්‍ය ආර්ත්මාර්තකාමී ආශාවන් අහක දැමීමට මම කැමතියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන්, ආමෙන්.