2010–2019
අපගේ ඇහිල්ලේ කදවුරු ගිනිමැලය
ඔක්තෝම්බර් 2018


අපේ ඇදහීමේ කඳවුරු ගිනිමැලය

ඇදහීමේ උදාවීම සොයන්න, ඉඩදෙන සහ එය සඳහා ජීවත්වන අයට, එය සමහර විට ටිකෙන් ටික එනු ලබයි හෝ නැවත එනු ලබයි.

දයාබර සහෝදර සහෝදරියනි, නිවසේදී සහ සභාවේදී, අපේ මුලු හදවතින්, මනසින් සහ ශක්තියෙන්, නව සහ ශුද්ධ අකාරයකින්,ජීවත් වීමට ආරාධනා කිරීමට සවර්ගයෙන් සභාපතී රසල් ඒම්. නෙල්සන්ට ට සහ අපේ සභාවේ නායකයන් තුළින් නොනැවතී එළිදරව් ලැබීම ආශ්චර්යවත් නොවේද?

ඔබට කවදා හෝ අවස්ථාවක් ලැබිල තියෙනවද සූදානම් නැති හෝ සුදුසු නැතැයි සිතෙන යමක් කිරීමට, නමුත් එම උත්සාහයට ඔබට ආශිර්වාද ලැබ තිබේනවා ද?

මට තිබෙනවා. මෙන්න එක උදාහරණයක්:

දොළොස් දෙනාගේ ඝනපූර්ණ සාමාජිකයෙකු වන වැඩිමහල් රිචර්ඩ් ජී. ස්කොට්, අවුරුදු කීපයකට පෙර “ගෙරිට්, ඔබ මා සමඟ දියසායම් කිරීමට කැමැති දැයි” කාරුණිකව ආරාධනය කළේය.

නිරීක්ෂණය සහ නිර්මාණය සඳහා චිත්‍රණය උදව් වන බව, වැඩිමහල් ස්කොට් කීය. “ප්‍රතිඵල ප්‍රමාණවත් නෙවුනත්, නිර්මාණය වීම සඳහා උත්සාහ කරන්න …. ජීවිතයට හා අපේ ජීවයට ස්වාමීන් පවසා ඇති දේ වලට කළගුණ සැලකීමේ ස්වභාවයක්, නිර්මාණයට ඇත. … ඔබ ඥානවන්තව තෝරා ගතහොත්, එයට වැඩි කාලයක් ගත වනු නැත.”

සභාපති හෙන්රි බි. අයිරින්, “ඔහුගේ කලාත්මක භාවනාව, “ප්‍රේමයේ හැඟීමකින්” පෙළඹවූවක් ලෙස විස්තර කරයි. එයට ඇතුළත් වෙනවා, “මැවුම්කරුවකුගේ ප්‍රේමයත් සහ උන්වහන්සේ දරුවනුත් උන්වහන්සේ වගේ වෙනව දකින්න උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා—නිර්මාණය කිරිමට සහ ගොඩනැගිමට.”සභාපති අයිරින්ගේ නිර්මාණාත්මක කාර්යයන් සදාදෙනවා “වෙනස්, ආත්මික දර්ශනයක් සාක්ෂි‍ය සහ විස්වාසය පිලිබදව”

සභාපති බොයිඩ් කේ.පැකර් ගේ චිත්‍රකලාව පැහැදිලි කරනව මූලික ශුභාරංචි පණිවුඩය: දෙවියන්වහන්සේ විසිනි සුවර්ගයන් සහ පොලොවත් සහ එහි ඇති සියල්ලත් නිර්මාණය කර ඇත,එම සියළු සොබාවධර්මයන් සාක්කි දරනව දිව්‍යමය මඟපෙන්නු මැවිම පිලිබද, මවන ලද බව සියලු ස්වභාව ධර්මයා, සහ ඒවගෙම ස්වභාවධර්මය සහ විද්‍යාව හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අතර සම්පූර්ණ සුසංයෝගයක් ද ඇති බවටත්.”

ඇල්මා මෙසේ සාක්ෂි දරයි. “දෙවිකෙනෙක් ඇති බව සියල්ල හඟවති.” ප්‍රාථමීක දරුවන් ගායනා කරන “කුරුල්ලෙකු ගයන විට, හෝ නිල් අහස දෙස බලන විට, … ස්වර්ගීය පියාණන් මා වෙනුවෙන් සෑදූ මේ ලස්සන ලෝකයේ ජීවත් වීම ගැන සතුටු වෙමි.” හිරුගේ සිට කූඩිත්තා … දක්වා, ක්ෂය කළ නොහැකි මේ සම්පූර්ණත්වයේ ඇති ප්‍රානීන් සහ දේවල් අතර ඇති ප්‍රාතිහාර්යවත් සම්බන්ධකම් ගැන ගත්කරු වික්ටර් හියුගෝ පවසයි. පියාඹන සියලු කුරුල්ලන්, ඔවුන්ගේ නිය තුළ, සදාකාලයේ රැහැන් දරති. කුඩා වලාකුළු, තරු ගුලකි.”

සහ එය ගෙන එනවා අපව නැවතත්, වැඩිමහල් ස්කොට්ගේ ආරාධනාවට.

මා පිළිතුරු දුන්නේය, “වැඩිමහල් ස්කොට්, මා කැමතියි වැඩි පරීක්ෂාකාරී සහ වැඩි නිර්මාණාත්මක වීමට. මහා තරංග වලාකුලු සහ අහසේ සහ ජලයේ සෑම පැහැයක්, සවර්ගීය පියාණන් විසින් පාට කිරීම ගැන මා ප්‍රීති ප්‍රමෝදයට පත් වෙමි. “නමුත්”— දිගු නිහඩතාවයකින් පසු—“වැඩිහිටි ස්කොට්,” “මම පැවසුව, “මට දියසායම් ගැන දක්ෂතාවයක් නැත. මට ඉගැන්වීමට උත්සාහ කිරීමට ගොස්, ඔබට නිෂ්පල බවක් දැනේවි දැයි මා කනස්සලු වෙමි.”

වැඩිහිටි ස්කොට් සිනාසී අපට හමුවීමට පිළිවෙලක් යෙදීය. නියම දින ඔහු කඩදාසි, පාට, සහ බුරුසු සූදානම් කර තිබුණි. ඔහු කටු සටහන් ඇඳ සහ කඩදාසිය තෙමා මට උදව් කළේය.

රූපය
කදවුරුගිනි මැලය හිරු බැසයාමේදි

අපි අන්තර්ගතය ලෙස ඔහුගේ අලංකාර දියසායමට හිරු බැසයන විට කඳවුරු ගිනිමැලය යොදාගත්තා. පාට කරන අතරතුරදී, අපි ඇදහීම—ගැන කතා කළා කඳවුරු ගිනිමැලයේ ආලෝකයට හා උණුසුමට මුහුණ දෙන විට, අන්ධකාරය හා අවිනිශ්චිතභාවය අප පිටුපසට දමන ආකාරය ගැන, සමහර විට තනි වූ දිගු රාත්‍රියේ දී, අපේ ඇදහීමේ කඳවුරු ගිනිමැලයට, අපට බලාපොරොත්තු සහ සහතික දීමට ඇති හැකි කම ගැන. හිමිදිරිය පැමිණෙන්නේය. අපේ ඇදහීමේ ගිනිමැලය තුළට තුළින් අපේ මතකයන්, අත්දැකීම් සහ අපේ ජීවිතයේ ඇති දෙවියන්වහන්සේගේ යහපත සහ මෘදු දයාවේ ඇදහීම ඇති උරුම බව, අපට රාත්‍රිය තුළදී ශක්තිමත් කළේය.

මාගේ සාක්ෂිය, සොයන්නන්ට හා ඉඩදෙන්නන්ට, එය සඳහා ජීවත් වෙන්නට. ඇදහීමේ හිමිදිරිය සමඟ වෙලාවට ටිකෙන් ටික පැමිණේ. නැතහොත් නැවත පැමිණේ. අපි ආශාවෙන් සොයන විට, අපි දෙවියන්වහන්සේගේ පනතට ඉවසීමෙන් සහ කීකරුවන විට, අපි දෙවියන්වහන්සේගේ දයාවට, සුව කිරීමට සහ ගිවිසුමට අවනත වන විට, ආලෝකය පැමිණෙන්නේය.

අපි පාට කිරීමට පටන් ගත් විට, වැඩිහිටි ස්කොට් ධෛර්යමත් කළා “ගෙරිට්, එක පාඩමකින් හෝ ඔබට මතක තබාගත හැකි සහ තියා ගැනීමට යමක් පාට කරන්න‍.” වැඩිහිටි ස්කොට් නිවැරදිය. වැඩිහිටි ස්කොට් මට පාට කිරීමට උපකාර කළ අපේ ඇදහීමේ කඳවුරු ගිනි මැලය වූ දියසායම් චිත්‍රය මම උතුම් කොට සලකමි. මගේ කලා දක්ෂතාවය තවමත් සීමා සහිතය. නමුත් අපේ ඇදහීමේ කඳවුරු ගිනිමැලයේ මතකය, පස් ආකාරයකට අපව ධෛර්යවත් කරන්නේය.

පලවැන්න. සම්පූර්ණ නිර්මාණත්වය තුළ, සතුට සෙවීමට අපව ධෛර්ය කිරීමට, අපේ ඇදහීමේ කඳවුරු ගිනිමැලයට හැක.

සිතීමෙන්, ඉගෙනීමෙන් සහ වැදගත් අලුත් යමක් කරනා විට එහි සතුටක් ඇත. අප සවර්ගීය පියාණන් සහ එතුමන්ගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපේ විශ්වාසය හා ඇදහීම ගැඹුරු කරන විට, එ‍ය විශේෂයෙන්ම සත්‍යයක් වන්නේය. අපව බේරා ගැනීම සඳහා, ප්‍රමාණවත් ලෙස අපට ප්‍රේම කිරීමට අපට අපහසුය. නමුත්, අප අපව හඳුනනවාට වඩා, අප අපට ප්‍රේම කරනවාට වඩා සවර්ගීය පියාණන් අපට ප්‍රේම කරන සේක හඳුනන සේක. අපි අපේ තේරුම්ගැනීම් මත ගැලවෙනවාට වඩා, අපට ස්වාමීන් විශ්වාස කළ හැක.

යමෙකුගේ උපන්දින සාදයකට ආරාධනා නොලැබූ, එකම පුද්ගලයා ඔබ වූවාද?

කණ්ඩායමක් තොරාගැනිමේදි අන්තිමට තෝරාගත් හෝ තෝරා නොගත් පුද්ගලයා ඔබ වූවාද?

ඔබ සූදානම් වූ පාසැලේ විභාගයකට, රැකියා සම්මුඛ පරීක්ෂණයකට හෝ ඔබට ඉතා අවශ්‍ය වූ අවස්ථාවක, ඔබ අසමත් යැයි දැනුනාද?

ඔබ සබඳතාවයක් වෙනුවෙන් යාඥා කර, කුමන හේතුවක් හෝ නිසා, එය බිඳී ගියා ද?

ඔබ කල්ගිය අසනීපයකට මුහුණ දුන්නා ද, විවාහකයා හැර ගියාද, හෝ ඔබේ පවුල වෙනුවෙන් බලවත් වේදනා විඳිනවා ද?

යේසුස් වහන්සේ අපගේ තත්වයන් දන්නා සේක. දෙවියන්වහන්සේ දුන් නිදහස් කැමැත්ත ක්‍රියාවේ යොදමින් සහ නිහතමානී බවට හා ඇදහීමට අපි මුළු ශක්තියෙන් නියැලෙන විට, අපේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවිතයේ අභියෝගයන්ට හා ප්‍රමෝදයන්ට මුහුණ දීමට උපකාර වන සේක. ඇදහිල්ලට ආශාවක් සහ තේරීමක් ඇතුළත් වේ. අපි උන්වහන්සේගේ ගිවිසුම් මඟ අනුගමනය කරන විට, අපට ආශිර්වාද කිරීමට ලබා දී ඇති දෙවියන්වහන්සේගේ අනපනත් වලට කීකරු වීමෙන් ඇදහීම ලැබෙන්නේය.

අපට මෙිවා දැනී, හෝ දැනෙන විට, අවිනිශ්චිත, තනිවූ, භංගත්වයෙන්, තරහ, මඟහැරුනු, හෝ දෙවියන්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ නැවත පිහිටුවූ සභාවෙන් වෙන්විමක්, උන්වහන්සේගේ ගිවිසුම් මඟට නැවත ඇතුලු වීම සඳහා, වැඩි උත්සාහයක් සහ ඇදහීම අවශ්‍ය කෙරේ. නමුත්, එය වටින්නේය! කරුණාකර නැවත පැමිණෙන්න, හෝ නැවත පැමිණෙන්න ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ! වෙත. ලෞකීකව හෝ ආත්මීකව, දෙවියන්වහන්සේගේ ප්‍රේමය, මරණයේ රැහැන් වලට වඩා ශක්තිමත්ය.අපේ ගැලවුම්කරුවානන්ගේ වන්දිගෙවීම , අනන්තය හා සදාකාලිකය. අපි සෑම කෙනෙක්ම අයාලේ යති සහ වැටෙති. සමහර විට, ටික කලකට අපේ මාර්ගය නැතිකර ගනී. අපි කුමන දේ කලත්, හැරී ඒමට හැකි බව, දෙවියන්වහන්සේ අපට ප්‍රේමයෙන් සහතික වන සේක. අපව වැළඳ ගැනීමට උන්වහන්සේ ලැහැස්තියෙන් සිටින සේක.

දෙවැන්න, ඇදහීමේ කඳවුරු ගිනිමැලය අපව දිරිමත් කරනව නව, උසස් සහ පූජනීයව ආත්මයාණන්ගෙන් පරිපූර්ණ මාර්ගයකින් දේවසේවය කරන ලෙස.

එවැන්නි දේවසේවයන් ප්‍රාතිහාර්ය සහ ගිවිසුම් හිමිකමේ ආශිර්වාද ගෙන දෙන්නේය - සහ එහි අපට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනේ සහ එම ආත්මයාණන්ගෙන් පූර්ණව අන් අයට උපස්ථාන කිරිමට සොයන්නේය.

ලඟකදී සහෝදරී ගොන් සහ මට පියකු සහ ඇදහිලිවත් පූජකවර සහෝදරයෙකුගෙන් ආශිර්වාද ලත් පවුලක් මුණගැසුනි පූජකවර සහෝදරයා ඔවුන්ගේ සභානායකතුමා හමුව තමට(පූජකවර සහෝදරයාට) පියා සමඟ නිවාස ගුරුවරයකු වීමට හැකි දැයි ඇසීය. පියා ක්‍රියාකාරී නැත සහ නිවාස ගුරුවරයෙකු වීමට කැමැත්තක් නොතිබුණි. නමුත් පියාගේ හදවත වෙනස් වී, ඔවුන් දෙදෙනා “තම පවුල්” බැහැදැකීමට ගියෝය. එවැනි බැහැදැකීමකදී සභාවට නොයන ඔහුගේ බිරිඳ— කාරනා සිදු වන්නේ කෙසේ දැයි ඇසූ විට, “මට යමක් දැනෙන්න ඇති” යැයි පියා පිළිතුරු දී, බියර් එකක් ගැනීමට මුළුතැන්ගෙට ගියේ ය.

නමුත් එක් දෙයකින් තව දෙයක් පැමිනෙනවා: මෘදු අත්දැකීම්, දේවසේවාව, හදවත් වෙනස් කිරීම්, දේවමාලිගා සූදානම් පන්ති, සභාවට පැමිණීම, ශුද්ධ වූ දේවමාලිගයේ පවුලක් ලෙස මුද්‍රා තැබීම. මිතුරෙකු ලෙස හා තම පියා සමඟ සගයෙක් ලෙස, ප්‍රේම කිරීම හා අන් අයට උපස්ථාන කිරීමට පැමිණීම ගැන දරුවන් සහ මුණුබුරු මිණිබිරියන් තම දෙමාපියන්ට සහ උපස්ථාන සහෝදරයාට කොපමණ කළගුණ සලකනේදැයි සිතන්න.

ඇදහීම ධෛර්යවත් කරවන, තුන්වැනි අපේ කඳවුරු ගිනිමැලය: අපේ මුළු හදවතින් සහ ආත්මයෙන් ස්වාමීන්ට සහ අන් අයට ප්‍රේම කිරීමට සොයන විට, නිර්මාණාත්මක ශුභාරංචි සතුට හා ආශිර්වාද ලැබෙන්නේය.

ශුද්ධ ලියවිලි අපට ආරාධනා කරනව සේවයේ සහ ආදරයේ අල්තාරය වෙන්න එක් ආකාරයකට රැස්වෙන්න කියා. අපේ මුළු හදවතින්, ආත්මයෙන් සහ ශක්තියෙන් “නුබේ ස්වාමීන් වූ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම” පිණිස, පරන ගිවිසුමේ ද්විතීය නීති සන්ග්‍රහය අපට නියම කරයි.“නුඹේ දෙවි වූ ස්වාමීන්ට ප්‍රේම කරනු, … එතුමාගේ මාර්ගයේ ඇවිදිනු … එතුමන්ගේ පනත් තබනු, … එතුමා වෙත බැඳෙන්න, …ඔබේ මුළු හදවතින් සහ ආත්මයෙන් සේවය කරනු” යයි, ජොෂුවා අනුසාසනා කරයි.”

අලුත් ගිවිසුමේ, අපේ ගැලවුම්කරුවාණන්, ශ්‍රේෂ්ඨ පනත් දෙක සඳහන් කරන සේක. “නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේට, නුඹේ මුළු හදවතින් සහ නුඹේ මුළු ආත්මයෙන් සහ මුළු ශක්තියෙන් ප්‍රේම කරනු, සහ නුබට මෙන් නුඹේ අසල්වැසියාට ද.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක් වන මෝමන් පොතේ බෙන්ජමින් රජු, “ඔහුගේ ශරීරයේ මුළු ශක්තිය හා මුළු ආත්මයේ චිත්‍රප්‍රභවය යොදා මහන්සි වී” රටේ සාමය තහවුරු කළේය.ධර්මය සහ ගිවිසුම පොතේ, සියලූම ධර්මදූතයන් දන්නා පරිදි, “අපේ මුළු හදවතින්, ශක්තියෙන්, සහ සිතෙන්, හා බලයෙන්” උන්වහන්සේට සේවය කිරන ලෙස, ස්වාමීන්වහන්සේ අපට කියන සේක. සාන්තුවරයන් ජැක්සන් ජනපදයට ගිය විට, සබත් දවස පූජනීයව තබන ලෙස ස්වාමින්වහන්සේ අණ කළා ආදරය තුලින් “ස්වාමී වූ නුඹගේ දෙවියන්වහන්සේට නුඹේ මුළු හදවතින්, මුළු බලයෙන්, සිතෙන් සහ ශක්තියෙන්; සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සේවය කිරීමට ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණ කළ සේක.”

දෙවියන්වහන්සේට හා අප වටා සිටින්නන් වෙත, උසස් සහ පූජනීය ලෙස ප්‍රේම කිරීමට මඟ සෙවීම සඳහා අපේ මුළු ආත්මය කැප කිරීමට ආරාධනා කිරීම තුළ සහ අපේ හදවතේ සහ නිවාසවල සහ සභාවේ දී, සවර්ගීය පියාණන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපේ ඇදහීම ශක්තිමත් කිරීම ගැනත් අපි ප්‍රමෝදයට පත්වෙමු .

සතර වැන්න, ඇදහීම සහ ආත්මීකභාවය ගැඹුරු කරවන ක්‍රමවත් ධර්මිෂ්ඨ සැලැස්මයන් පිහිටුවා ගැනීමට, අපේ ඇදහීමේ කඳවුරු ගිනිමැලය අනුබලය දෙන්නේය.

මේ පූජනීය පුරුදු, ධර්මිෂ්ඨ චරියා හෝ යාඤා රටාවට ඇතුළු වෙනවා යාඤාව, ශුද්ධ ලියවිලි ඉගෙනීම; නිරාහාර ශීලය; සක්‍රමේන්තු මෙහෙය තුලින් අපගේ තුළින් අපේ ගැලවුම්කරුවාණන් සහ ගිවිසුම් මතක් කරමින්; ධර්මදූතය තුළින් ශුභාරංචි ආශිර්වාදය බෙදා ගැනීම, දේවමාලිගා සහ පවුල් ඉතිහාසය, සහ වෙනත් සේවා, කල්පනා සහිත පුද්ගලික සටහන් පොත තබා ගැනීම; සහ තවත් කාරණා.

ධර්මිෂ්ඨ රටා සහ ආත්මීක උවමනා එකතු වූ විට, කාලය සහ සදාකාලය එකට එකතු වේ. ක්‍රමවත් ආගමික චාරිත්‍ර අපව අප සවර්ගීය පියාණන්ට හා අපේ ගැලවුම්කරුවාණන් වෙතට ළඟා කරවන විට, ආත්මීක ආලෝකය හා ජිවිතය පැමිණෙන්නේය. අපි ආත්මයට හා නීතියේ අකුරට ප්‍රේම කරන විට, සවර්ගයේ පිනි මෙන් සදාකාලයේ කාරණා, අපේ ආත්ම මත පෙරෙන්නේය.දිනපතා කීකරුකමෙන් සහ ප්‍රාණවත් කරවන ජීවමාන ජලය මඟින්, අපට සොයාගත හැකි පිලිතුරු, සහ ඇදහීම, සහ දිනපතා අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිය සහ ශුභාරංචි ඉවසීම, පූර්වාදර්ශනය සහ සන්තෝෂයේ අවස්ථාවන්.

පස්වැන්න, අප දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට සඳහා අලුත් සහ භක්තිමත් මාර්ගය සොයන අතරතුර අපට සහ අන්අයට උන්වහන්සේව හමුවන්න උපකාර කරන්න, අපේ ඇදහීමේ ගිනිමැලයට හැකිවෙනවා සම්පූර්ණ කිරිම තිබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ ලග මිස, අප තුළ හෝ ලෝකයේ ශ්‍රේෂ්ඨත්වය තුළ නොව බව මතක් කිරීමට ධෛර්යමත් කරයි.

දෙවියන්වහන්වහන්සේගේ ආරාධනාවන් ප්‍රේමය සහ හැකියාවෙන් පිරී ඇත්තේය, මන්ද යත් “මාර්ගයද, සත්‍යයද සහ ජීවිතයද යේසුස් ක්‍රිස්තුස්වහනසේ වන නිසාය.” බර දරන්නට, උන්වහන්සේ ආරාධනා කරන සේක, “මා වෙතට පැමිණෙන්න,” සහ උන්වහන්සේ වෙත පැමිණෙන්නන්ට එතුමා මෙසේ පොරොන්දු වන සේක, “මා නුඹට සහනය දෙමි” ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න. දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න ඔබේ මුළු ශක්තියෙන්, සිතෙන් සහ බලයෙන්, එවිටය උන්වහන්සේගේ දයාව ඔබට ප්‍රමාණවත්ව ලැබෙනුයේය, උන්වහන්සේගේ දයාවෙන් නුඹ ක්‍රිස්තුස්වහන්සේ තුල සර්ව සම්පූර්ණ වන්නේය.”

මේ සහතිකය තුල “උන්වහන්සෙගේ දයාව මඟින්, නුඹ ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ වේවා” තවද එය සැනසීම, සාමය සහ එය පොරොන්දු වෙනවා අපිට අඛණ්ඩව ඇදහීමෙන් සහ විශ්වාසවන්තව අපි සිතු, බලාපොරොත්තු, ආකාරයට දේවල් සිදු නොවුනත්, සියල්ල හොඳින් කලත්, අපේ වරදක් නැතුව කඩ වී සහ අප සිතූ ආකාරයට නොවුනත්, අපේ උපරිමය කළාට පසුව ස්වාමින්වහන්සේ තුල ඉදිරියට යා හැකි බව.

නොයෙක් වෙලාවට අප සියලුදෙනාට දැනෙනවා, අපේ මදිකමක් හෝ අවිනිශ්චිත හෝ සමහර විට සුදුසු නැති කමක්. එහෙත්, දෙවිතුමාට ප්‍රේම කිරීමට සහ අපේ අසල්වැසියාට උපස්ථාන කිරීමට අප ගන්නා ඇදහිලිවත් උත්සාහයේ දී, ඔවුන්ගේ සහ අපේ ජීවිතයන්ට නව සහ වැඩි ධාර්මිකභාවයක් ලැබීම පිණිස දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඇති පොළඹවීමක් අවශ්‍ය වෙනුයේය.

දයාව ඇතිව, අපේ ගැලවුම්කරුවාණන් අපව ධෛර්යවත් කර, පොරොන්දු වෙනවා, “ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථීර භාවයේ සිට ඉදිරියට ගමන් කරන්න හා බලාපොරොත්තුවේ පූර්ණ ආලෝකය ඇතිව හා දෙවියන්වහන්සේට සහ සියලු ජනයාට ප්‍රේම කිරීමට අපට හැකි බවට.”ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය, අපේ හා ගැලවුම්කරුවාණන්ගේ වන්දි ගෙවීම සහ අපේ මුළු ආත්මය යොදා උන්වහන්සේගේ ගිවිසුම් මඟ අනුගමනය කිරීම අපට උපකාර වෙනවා, උන්වහන්සේගේ සත්‍ය දැන, අපව නිදහස් කිරීමට.

උන්වහන්සේගේ ශුභාරංචියේ පරිපූර්ණ බව හා උන්වහන්සේගේ ප්‍රීතියේ සැලස්ම නැවත පිහිටුවා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසු දවස්වල ශුද්ධවන්තයින් ගෙන් යුත් සභාවේ සහ ශුද්ධ වූ ලියවිලිවලද, සහ දිවැසිවරු, ජෝසෆ් ස්මිත්ගෙන් පටන් අද සිටින සභාපති රසල් එම්. නෙල්සන් තුලින් උගන්වන බවට මා සාක්ෂි දරමි. මම සාක්කි දරනව උන්වහන්සේගේ ගිවිසුම් මාර්ගය අපව ගෙනයනවා ආදරනීය ස්වර්ගික පියාණන් පොරොන්දුවු මහගු තාග්‍ය වෙත: “නුඔට සදාකාලික ජිවිතය හිමිවේ.”

අපේ ඇදහීම, නැමැති කදවුරු ගිනිමැලයේ, අපේ හදවත්, බලාපොරොත්තු සහ කැපවීම් උණුසුම් කර ගන්නා අතර, එතුමන්ගේ ආශිර්වාද සහ නොනැසෙන ප්‍රමෝදය අපේම වේවා. මා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පූජනීය සහ ශුද්ධ වූ නාමයෙන් යාඤා කරමි. ආමෙන්.

මුද්‍රණය කරන්න