2010–2019
ඔබ සුවය ලබන්නට කැමැත්තෙහිද?
ඔක්තෝම්බර් 2018


නුඹ සුවය ලබන්නට කැමැත්තෙහිද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දි ගෙවීම නිසා, අපි පසුතැවීම තෝරාගෙන සහ අපේ හදවත් සම්පුර්ණයෙන්ම ගැලවුම්කරුවාණන් වෙත හැරවුවොත්, උන් වහන්සේ ආත්මිකව අපව සුව කරනවා ඇත.

ඔහු ධර්මදුත සේවයේ යෙදී මාස කීපයකට පසු, අපේ බාලම පුතා සහ ඔහුගේ ධර්මදුත සහයකයා ඔවුන්ගේ පාඩම් කටයුතු අවසන් කරා පමණයි, අපේ පුතාට ඔහුගේ හිසෙහි දැඩි වේදනාවක් දැනුණා. ඔහුට අමුත්තක් දැනුනා; මුලින්ම ඔහු තම වම් අත මෙහෙයවිමට බැරි වුනා; පසුව ඔහුගේ දිව ගොළු වුනා. ඔහුගේ මුහුණ වම් පැත්තට ඇද වැටුණා. ඔහුට කතා කිරිමට දුෂ්කර වුනා.ඔහු දැනගත්තා යම් දෙයක් වැරදියි කියල. ඔහු නොදැන සිටිය ඔහුගේ මොළයේ ස්ථාන තුනක විශාල අබාධයකට ගොදුරු වෙමින් සිටින බව. ඔහුගේ ශරීරය අර්ධ වශයෙන් අකර්මණ්යතාවට පත් වු විට ඔහු බයවෙන්න පටන්ගත්තා. ආකර්මණ්‍යශීලී ආබාධයකට ගොදුරු වූ පුද්ගලයෙකුට කොපමණ ක්ෂණිකව සහය ලැබෙනවාද යන්න ඔහුගේ සුවයට විශාල බලපෑමක් ඇතිකරනව. ඔහුගේ විශ්වාසවන්ත ධර්මදුත මිතුරා තීරණාත්මක ලෙස ක්‍රියා කළා. 911 ඇමතීමෙන් පසු ඔහු ඔහුට ආශීර්වාදයක් ලබා දුන්නේය. ආශ්චර්යමත් ලෙස, ගිලන් රථය විනාඩි පහක් පමණ දුරින් විය.

අපේ පුතා රෝහලට ගෙන ගියාට පසුව, වෛද්‍යවරයා ඉක්මණින් මෙම තත්ත්වය ඇගයීමට ලක් කළේය සහ ඔවුන් හිතුවා ආක්රමණ්‍යශී ත්තවය ප්‍රතිරෝධය කිරීමට හැකි වන පරිදි අපගේ පුතාට ඖෂධයක් අනුගමනය කළ යුතුය කියා.1 කෙසේ වුවද, අපේ පුතාට ඇතිවුයේ ආඝාතය නොවේ නම්, එම ඖෂධයෙන් දරුණු ප්‍රතිවිපාක ඇති විය හැකි අතර, මොළයේ ලේ ගැලීම වැනි දේ සිදුවිය හැකිව තිබුනා. අපේ පුතාට තොරාගන්න වුනා. ඔහු ඖෂධ පිළිගැනීමට තීරණය කළේය. පූර්ණ ප්‍රකෘතිමත් වීමක් ලබාගැනීමට වැඩියෙන් ශල්‍යකර්ම කරන්න වුනා සහ මාස කීපයකට පසුව, අපේ පුතා අවසානයේ ආපසු ආවා සහ ඔහුගේ ධර්මදුත සේවය සම්පූර්ණ කළා අබාධයෙන් පසු ඔහු සැලකිය යුතු ලෙස ප්‍රතිවර්තනය වුනා.

අපගේ ස්වර්ගික පියාණන් සියලුම බලසම්පන්නය සහ සියල්ල දන්නේ ය. උන්වහන්සේ අපගේ භෞතික ගැටළු දනී. අසනීප, රෝග, වයස්ගත වීම, අනතුරු, හෝ උපතින් ඇති ආබාධ නිසා ඇතිවන අපේ ශාරීරික වේදනාව ගැන උන්වහන්සේ දන්නා සේක. උන්වහන්සේ දන්නවා පාළුව, තනිකම, ආතතිය, හෝ මානසික රෝග සම්බන්ධව සංවේදී අරගල ඇති බව. අසාධාරණයට ලක් වූ හෝ අපයෝජනයට ලක් වූ සෑම පුද්ගලයෙකුම උන්වහන්සේ දන්නවා. අපේ දුර්වලකම් උන්වහන්සේ දන්නවා සහ ප්‍රමුබත්වය සහ අපි සටන් කරන පරික්ෂාවන් උන්වහන්සේ දන්නවා.

භෞතික ලෝකයේදි අපිව පරීක්ෂණයට ලක්කර බලනවා අපි නපුර වෙනුවට යහපතක් තෝරගනීවිද කියා. උන් වහන්සේගේ ආඥා පිළිපදින අය, උන් වහන්සේ සමග ජීවත් වනු ඇත “සදාකාල සතුටු තත්වෙක.”2 අපට උන්වහන්සේ මෙන් වීමට අපගේ වර්ධනයට උදව් කිරිමට, ස්වර්ගීය පියාණන් සියළුම බලය හා දැනුම ඔහුගේ පුත්‍රයා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ලබාදී ඇත. ක්‍රිස්තුස්වහන්සේට සුව කළ නොහැකි ශාරීරික, චිත්තවේගීය හෝ ආත්මික ආබාධයක් නොමැත.3

ගැලවුම්කරුවානන්ගේ පොළොවේ දේවසේවය අතරතුර, ශාරීරිකව දුක් විඳපු අය සුව කරන්න යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔහුගේ දිව්යමය බලය පාවිච්චි කළ ආශ්චර්යමත් සිද්ධීන් ගොඩක් ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා.

අවුරුදු 38 ක් තිස්සේ බෙලහීනව දුබලව ආබාධයක් විඳිමින් සිටි එක්තරා මිනිසෙකු පිළිබඳ කථාව ජෝන්ගේ සුභආරංචියේ කථා කරයි.

“යේසුස් ඔහු ඔත්පලව සිටිනව දුටු විට, ඔහු එම තත්වයේ බොහෝ කලෙක සිට බව දැනගෙන, නුඹ සුවය ලබන්නට කමත්තෙහිදැයි? ඔහුගෙන් ඇසු සේක”.

බෙලහීන මිනිසා එයට ප්‍රතිචාර දැක්වූයේ ඔහුට වඩාත්ම උපකාර අවශ්‍යය වූ විට ඔහුට උපකාර කිරීමට කිසිවෙකු වටා නොසිටි බවයි.

“නැඟිට ඔබේ යහන රැගෙන ගොස් ඇවිදින්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.

එකෙණෙහිම ඒ මිනිසා සුවපත්ව, සිය ඇඳ රැගෙන, ඇවිද ගියහ.”4

මේ මිනිසා තමාම කොච්චර කාලයක් දුක් වින්දාදැයි කියා කල්පනා කර බලන්න (අවුරුදු 38) සහ කොච්චර ඉක්මණට සුවය ලැබුවද ගැලවුම්කරුවාණන්ගේ මැදිහත්වීමෙන්? සුවය “ ක්ෂනික” විය.

තවත් අවස්ථාවකදී, වසර 12 ක රුධිරයේ ප්‍රශ්නයක් ඇති කාන්තාවක්, “ඇගේ මුළු ජීවිත කාලය පුරාම වෛද්‍යවරුන් මත යැපුනා, …උන්වහන්සේ පිටුපසින් පැමිණ, උන්වහන්සේගේ වස්ත්‍රරයේ සීමාව ස්පර්ශ කළේය: ක්ෂනිකවම ඇයගේ රුධිර සම්බන්ධ රෝගය[අවසන් විය]. …

“ජේසුස් වහන්සේ කතා කොට, කවුරුන් හෝ මා ස්පර්ශ කළේය: මක්නිසාද මා තුලින් මානුෂික ගුණාංගය ඉවතට ගෙන ඇත.

“ඒ ස්ත්‍රීය එය දුටු විට ඇය සැඟවී නොසිට, ඇය ... සියලු දෙනා ඉදිරියෙහි ... උන් වහන්සේට පැවසුවා තමාක්ෂණිකවසුව වූ ආකාරය.”5

උන්වහන්සේගේ දේවසේවය තුළින්, ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූයේ උන්වහන්සේට ශාරීරයට ඉහලින් බලය ඇති බවය. අපගේ ශාරීරික ආබාධ සම්බන්ධයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ සුවපත් කිරීමට ගතවන කාලය අපට පාලනය කළ නොහැක. සුව කිරීම උන් වහන්සේගේ කැමැත්ත හා ප්‍රඥාව අනුව සිදු වේ. ශුද්ධ ලියවිලිවල, සමහර අය දශක ගණනාවක් දුක් විඳ ඇත; අන් අය, ඔවුන්ගේ මුළු ජීවිත කාලයම දුක්විඳිනවා. අපහසුතාවන්ගෙන් පිරුණු විට අප දෙවියන් වහන්සේ මත රඳා සිටීම වැඩිදියුණු කළ හැකිය. නමුත් අප ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වීමට ඉඩ දෙන විට, ඔහු අපව සෑමවිටම ආත්මිකව ශක්තිමත් කරයි එවිට අපගේ බර උසුලන්නට වැඩි ශක්තියක් ලැබෙනු ඇත.

අන්තිමේ දී, අපි දන්නවා සෑම ශාරීරික රෝග තත්වයක්ම, රෝග, හෝ අසම්පූර්ණකම නැවත නැඟිටිමේදි සුවකරනු ලබන බව. එය ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් මුළු මනුෂ්‍ය වර්ගයාටම ලැබුණූ ත්‍යගයකි.6

යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපගේ භෞතික ශරීර පමණක් නොව සුව කළ හැක්කේ. උන්වහන්සේට අපේ ආත්මයන් සුව කළ හැකිය. ශුද්ධ ලියවිලි පුරාවටම අපි ඉගෙන ගත්තා ක්‍රිස්තුස් වහන්සේ කෙසේද එම දුර්වල ආත්මවලට උපකාර කළේ සහ ඒඅයව සුව කළ ආකාරයත්.7මෙම අත්දැකීම් ගැන අපි සිතන විට, අපේ ජීවිතයට ආශීර්වාද කිරීමට ගැළවුම්කාරුවාණන්ට ඇති බලය ගැන අපගේ බලාපොරොත්තුව හා ඇදහිල්ල වැඩි වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ හදවත් වෙනස් කළ හැකිය, අපි අත්දකින අසාධාරණය හෝ අපවාදවල බලපෑමෙන් අපව සුව කළ හැකිය, සහ අලාභ හා හිත් වේදනාව දරාගැනීමට අප සතු හැකියාව ශක්තිමත් කළ හැක, අපේ ජීවිතයේ පීඩා විඳදරාගැනීමට අපට උපකාර කිරීම සඳහා සාමය ගෙන දෙනවා. අපව චිත්තවේගීව සුවකරනවා.

අප පව් කරන විටදීත් ක්‍රිස්තුස්වහන්සේට අපට සුවකල හැකියි. අපි දෙවිපියාණන්ගේ නීති දැනගෙන කඩකරන විට අපි පව් කරන්නෙමු.8අප පව් කරන විට, අපගේ ආත්මය අපවිත්‍ර වෙයි. කිසිදු අපවිත්‍ර දෙයකට දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිය නොහැක.9“පාපයෙන් පවිත්‍ර වීම යනු ආත්මිකව සුවය ලැබීමයි.”10

දෙවි පියාණන් වහන්සේ අප පව් කරාවි කියලා දන්නවා, නමුත් ඔහු අපව මුදවා ගැනීමට මාර්ගයක් සකස් කර තිබේ. වැඩිහිටි ලින්ග් ජී. රොබින්ස් ඉගැන්නුවා: “පසුතැවිල්ල නම් අප අසමත්ව ඇති අවස්ථාවක [දෙවිපියාණන්ගේ] උපස්ථ සැලැස්ම නොවේ. පසුතැවීම යනු , අපි පව් කරන බව දැනගෙනම ඇති කළ උන්වහන්සේගේ සැලැස්මයි.”11 අප පව් කරන විට, නපුරෙන් යහපත තෝරා ගැනීමට අපට අවස්ථාව ලැබේ. අපි පව් කළ පසු අප පසුතැවිලි වී යහපත තෝරා ගනිමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා ඔහුගේ වන්දිගෙවිම මගින්, අපට අපගේ පාපවලින් මිදීමට හැකි වන අතර අපි පසුතැවිලි වනවා නම් පියාණන් වහන්සේ වෙතට නැවත යා හැක. ආත්මික සුවය එක් පැත්තකින් පමණක් නොවේ - එයට ගැලවුම්කරුවාගේ මිදීමේ ශක්තියට සහ පව්කාරයාගේ අවංක පසුතැවිල්ලේ කොටසද අවශ්‍ය කරනවා. පසුතැවීමට තෝරා නෙගන්නා අය, ක්‍රිස්තුස්වහන්සේගේ සුව කිරීම ප්‍රතික්ෂේප කරනව. ඔවුන් සඳහා මිදීමක් සිදු නොවනු ඇත.12

පසුතැවිලි වීමට සොයන අන් අය සමග මා අදහස් බෙදාගන්නා විට, මා පුදුමයට පත්වුනා පාපයේ ජීවත්වන අයට තිබුණා නිවැරදි තීරණ ගැනීමට අපහසුවක්. ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් හැරදමනු ඇත, සහ ඔවුන් බොහෝ විට දෙවියන් වහන්සේ වෙතට ළං කරවන තේරීම් තෝරා ගැනීමට නිතර අරගල කරති. ඔවුන් මාස ගණනක් හෝ වසර ගණනාවක් හෝ පොරබැදීම් සිදු කරනු ඇත, ඔවුන්ගේ පාපයේ ලැජ්ජාවට නැතිනම් ප්‍රතිවිපාක ගැන බියට පත් වී ඇත. බොහෝවිට ඔවුන්ට හැගුණා ඔවුන්ට කිසිදාක වෙනස් විය නොහැකි බව නැතිනම් සමාව ලබාගත නොහැකි බව. මම බොහෝ විට අසා සිටියා ඔවුන්ගේ බෙදාගැනීම් ඔවුන්ට බය හැගුණා ඔවුන් ආදරය කරන අය ඔවුන් කළ දේවල් දැනගත්තෝතින්, එයාලට ඔවුන්ට ආදරය කරන එක නවතාවී හෝ ඔවුන් අත්හැර දමාවී කියා. මෙම චින්තනය අනුගමනය කළ විට, නිශ්ශබ්දව සිටිම හා ඔවුන්ගේ පසුතැවීම කල් දැමීමට ඔවුහු තීරණය කළහ. දැන් ඔවුන් පසුතැවීමට අවශ්‍ය නොවන බව වැරදි ලෙස සිතූහ එයින් ඔවුන් ආදරය කරන අයට තවදුරටත් රිදවීමට ඉඩ නොදෙනු ඇත. පසුතැවිලි වීමේ ක්‍රියාවලියට වඩා මේ ජීවිතයෙන් පසුව දුක් විඳීම ඔවුන්ගේ සිත් තුළට වඩා හොඳ විය. සහෝදර සහෝදරියනී, ඔබගේ පසුතැවීම කල්දමන එකකවදාවත් හොද අදහසක් නොවේ. විරුද්ධකාරයා නිතරම බිය යොදාගන්නව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල මත වහාම ක්‍රියා කිරීමෙන් අප වැළැක්වීමට.

ආදරය කරන අය පව්කාර හැසිරීම ගැන සත්‍යයට මුහුණපාන විට, ඔවුන් ගැඹුරින් තුවාල ලබන අතර, අවංකවම පසුතැවිලි වන පව්කාරයෙකු වෙනස් වි දෙවියන් වහන්සේ සමඟ නැවත එකතුකර විමට උපකාර කිරීමට ඔවුන් නිතරම කැමතිය. ඇත්ත වශයෙන්ම, පව්කාරයන් පාපොච්චාරණය කරන විට ආත්මික සුවය වේගවත් කරයි ඔවුන්ට ආදරය කරන අය විසින් ඔවුන්ගේ පව් අත්හැරීමට උදව් කරති. කරුණාකර මතක තබාගන්න උන් වහන්සේ වෙත හැරෙන අහිංසක පව්කාරයින් සුව කරන ආකාරය පිළිබඳව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත්ය.13

වැඩිහිටි බොයිඩ් කේ. පැකර් ප්‍රකාශ කලේ: “අපි වැරදි කරන විට අපේ ආත්මයට හානි වෙනවා සහ පව් කරනව. නමුත් අපගේ භෞතික ශරීරයේ තත්වය වෙනස්ය, පසුතැවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ විට, කිසිදු කැළලක් නැත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවිම නිසා. පොරොන්දුව වන්නේ: ‘බලන්න, සිය පව් ගැන පසුතැවිලි වූ තැනැත්තේ, එකම ලෙස සමාව ලබන්නේය, මම, සමිඳාණන් වහන්සේ, එය තවදුරටත් මතකතබාගන්නේ නැත’[දහම සහ ගිවිසුම 58:42].”14

අපි “මුළු හදවතින්ම අවංකව” පසුතැවිලි වන විට,15ක්ෂනිකවඅපගේ ජීවිත වලට අපගේ මිදීමේ සැලැස්ම ගෙන එනු” ලබයි.16 ගැළවුම්කාරයා අපව සුව කරයි.

ධර්මදුත සහයකයා සහ වෛද්‍ය වෘත්තිකයන් අපේ ආඝතයට -ගොදුරුවූ පුතාගේ දූත මෙහෙවරේ දී ක්ෂණිකව ක්‍රියා කළා. අපේ පුතා අකල්මණ්‍යතාවට ප්‍රතිකාරය ලබා ගැනීමට තීරණය කළා. සිය ජීවිතයේ ඉතිරි කාලය වෙනුවෙන් ඔහුට අනුගමනය කළ හැකි ඔහුගේ ආඝාතයේ අකර්මණ්‍යතා බලපෑම් ආපසු හරින ලදි. ඒ හා සමානව, අපි ඉක්මනින් පසුතැවී සහ ක්‍රිස්තුස් වහන්සේගේ වන්දිගෙවිම අපගේ ජීවිත තුළට ගෙන ආ විට , හැකි ඉක්මනින් පාපයේ බලපෑමෙන් අපට සුවය ලැබිය හැක.

සභාපති රසල් එම්. නෙල්සන් මෙම ආරාධනය ඉදිරිපත් කලේය: “ඔබ මාර්ගයෙන් ඉවත් වී ඇත්නම්,.... මම ඔයාට ආරාධනා කරනවා … කරුණාකර නැවත එන්න. ඔබේ උත්සුකයන් කුමක් වුවත්, ඔබේ අභියෝගය කුමක් වුවත් ඒ සඳහා ඔබට ස්ථානයක් තිබේ, ස්වාමින්වහන්සේගේ සභාව. ඔබත් සහ පරම්පරාවත් තවමත් නොඉපිද වුනු දරුවනුත් ඔබේ ක්‍රියා නිසා ආශිර්වාද ලබාවී නැවතත් ගිවිසුම් මාර්ගය කරා පැමිණෙන්න.”17

අපේ ආත්මික සුවය අපට ලබාගැනිමට අපේ ජීවිතයෙන් අපගේ ගැළවුම්කරු විසින් සකස් කර ඇති කොන්දේසි වලට අප යටත් වෙනවා. අපි ප්‍රමාද නොකළ යුතුයි! අද අපි ක්‍රියා කළ යුතුයි! අධ්‍යාත්මික අංශභාගයෙන් ඔබේ සදාකාලික ප්‍රවර්ධනය වළක්වා ගැනීම සඳහා දැන් ක්‍රියා කරන්න. මා කතා කරමින් සිටියදී, ඔබ වැරදි කළ පුද්ගලයෙකුගෙන් සමාව ඉල්ලා සිටීමට අවශ්‍යතාව ඔබට දැනුණි නම්, මම ඔබට ආරාධනා කරන්න කැමතියි ක්‍රියා කරන්න. ඔබ කළ දේ ඔවුන්ට කියන්න. ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින්න. ඔබේ දේව මාලිගාවට බලපාන පාපයක් ඔබ කර ඇත්නම්, මම ආරාධනා කරනවා අදම ඔබගේ බිෂොප් වරයා හමුවන්න. ප්‍රමාද නොකරන්න.

මගේ සහෝදර සහෝදරියනී, දෙවියන් වහන්සේ අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේය. උන්වහන්සේ සියලු බලය ලබා දී තියෙනවා උන් වහන්සේගේ ප්‍රේමවන්ත පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට. උන් වහන්සේ නිසා, මුළු මිනිස් වර්ගයාම එක් දිනක සෑම ශාරීරික අසනීපයකින්ම සුව වනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා, අපි පසුතැවීම තෝරාගතහොත්,සහ අපගේ හදවත් සම්පූර්ණයෙන්ම ගැළවුම්කාරුවාණන් වෙත හැරවුවෝතින්, උන් වහන්සේ ආත්මිකව අපව සුව කරනවා ඇත. සුවය ඉක්මනින් ආරම්භ කළ හැකිය. තේරීම අපේ ය.අප සුවය ලබනවාද?

මම සහතික කරනව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්දි ගෙවූ නිසා අපි හැමදෙනාටම සම්පූරණ විය හැක. නමුත් අපි ඔහු දෙන සුවපත් කිරීමේ ඖෂධ ලබා ගැනීමට තෝරා ගත යුතුය. අදම එය ගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. එම ඖෂධයේ නම tPA (tissue plasminogen activator)

  2. මොසායා 2:41.

  3. බලන්න මතෙව් 4:24. ක්‍රිස්තුස්වහන්සේ රෝගාතුරව සිටි සියලු රෝග සුව කරමින් ගියේය. නොයෙක් රෝග පීඩා වලින් “පීඩිතවූ සියලු රෝගීහුද”, “යක්ශාවෙෂවුවොද” , “මීමස්මොර රෝගීහුද.”

  4. බලන්න යොහාන් 5:5–9;අවධාරණය කර ඇත.

  5. බලන්න ලූක් 8:43–47; අවධාරණය කර ඇත.

  6. බලන්න ඇල්මා 40:23; හීලමන් 14:17.

  7. බලන්නලූක් 5:20, 23–25; බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්ථන, ලූක් 5:23 (ලූක් තුල 5:23, පාද සටහන්a:“ලෙඩුන් නැඟිට ඇවිදින්නටත් වඩා පව් කමා කිරීමට තවත් බලය අවශ්‍යයද?”

  8. බලන්න 1 යොහාන් 3:4.

  9. බලන්න 3 නෙපි 27:19.

  10. The Gospel of Jesus Christ,” Preach My Gospel: A Guide to Missionary Service, rev. ed. (2018), lds.org/manual/missionary.

  11. Lynn G. Robbins, “Until Seventy Times Seven,” Liahona, May 2018, 22.

  12. බලන්න මොසායා 16:5.

  13. බොහෝ අවස්ථාවල මම සාක්කි දරල තියෙනව පුද්ගලයන්ගේ වේගවත් සුව කිරීමට පවුලේ සාමාජිකයින්ගේ විශ්වාසභාවය සහ විශ්වාසභාවය බිඳ ඇති කෙනා වටා රැඳී සිට - ඔවුන්ගේ ජීවිත තුල උන්වහන්සේගේ සුවකිරීමේ බලය සඳාහා ගැලවුම්කාරයා වෙතට සම්පූර්ණයෙන්ම හැරීමට ඔවුන්ට උදවු කිරීමට අවශ්‍ය වෙනවා. අවංකව පසුතැවිලි වන ආත්මය අවංකවම වෙනස්විමට කිරීමට උත්සාහ කරයි නම් ශුභාරංචි අධ්‍යනයෙන්, අවංක යාච්ඤාව තුලින්, සහ ක්‍රිස්තුස්වහන්සේට සමාන සේවයේ කිරීමට උපකාර කිරීමට පවුලේ සාමාජිකයන්ට හැකිය, ඒ තුලින් පව්කාර ස්වභාවය වෙනස් කිරීමට පමණක් නොව, ඔවුන්ගේ ජීවිත තුල ගලවුම්කරුවානන්ගෙන් වැඩිදියුණු වූ සුවකිරීමකට දොර හැරෙනවා. දේවමාළිගාවට සුදුසු අහිංසක වින්දිතයින් එක්ව එකට අධ්‍යයනය කළ යුතු දෑ පිළිබඳව ස්වර්ගික මග පෙන්වීම සොයමින් පව්කාරයාට උපකාර කළ හැකිය ,සේවය කරන්නේ කෙසේද, පසුතැවිලි වන ආත්මය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙන් වහල්භාවයෙන් මිදි වෙනස් කිරීමට හා ප්‍රයෝජන ගැනීම සඳහා පවුලේ සාමාජිකයන් සම්බන්ධ කර ගත යුතුය.

  14. Boyd K. Packer, “The Plan of Happiness,” Liahona, May 2015, 28.

  15. 3 නෙපි 18:32.

  16. ඇල්මා 34:31;අවධාරණය කර ඇත.

  17. Russell M. Nelson, “As We Go Forward Together,” Liahona, Apr. 2018, 7.

මුද්‍රණය කරන්න