ධෛර්යවන්තව සිටින්න
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිබඳ අපගේ නොසැලෙන ඇදහිල්ල අපගේ පියවරයන්ට මගපෙන්වන අතර අපට ප්‍රීතියද ලබාදෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ලෞකික ජීවිතයේ අවසාන දින වලදී, තම ප්‍රේරිතයන්ට විඳින්නට වන පීඩා සහ දුෂ්කරතා ගැන ඔවුන්ට පැවසුවා. 1 “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ: නුමුත් ධෛර්යවන්ත වෙයල්ලා; මම ලෝකයෙන් ජයගතිමි” (යොහාන් 16:33) උන්වහන්සේ මෙම ශ්‍රේෂ්ට පොරොන්දුව සමග එය අවසන් කළා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලු දරුවන්ට ගැලවුම්කරුවාණන්ගේ පණිවිඩය එයයි. අපගේ ලෞකික ජීවිතයේ අප සෑම කෙනෙකුටම ඇති මූලික ශුභාරංචිය එයයි.
“ධෛර්යවන්තව සිටින්න” යනු මරණයෙන් නැවත නැගිටිනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ තම ප්‍රේරිතයන්ව එවන ලද ලෝකයට අත්‍යවශ්‍ය සහතිකයක් වුණා. “අපි හැම අතින්ම මඩිනු ලබමුව,” ප්‍රේරිත පාවුල් පසුව කොරින්තිවරුන්ට පැවසුවේ, “එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව” (2 කොරින්ති 4:8–9).
අවුරුදු දෙදහසකට පසු අපිත් “සෑම පැත්තකින්ම කරදරයට පත්ව සිටින” අතර අපට එම පණිවිඩයම අවශ්‍ය වන්නේ බලාපොරොත්තු සුන්කරගැනීමට නොවේ නමුත් ධෛර්යවන්තව සිටීම සඳහායි. ස්වාමින්වහන්සේ තම වටිනා දියණියන් කෙරෙහි විශේෂ ප්‍රේමයක් හා සැලකිල්ලක් දක්වනවා. උන්වහන්සේ ඔබේ අවශ්‍යතා, ඔබේ වුවමනා සහ ඔබේ බිය ගැන දන්නවා. ස්වාමින්වහන්සේ සියල්ලෙන්ම බලවත්. උන්වහන්සේව විශ්වාස කරන්න.
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ උගන්වනු ලැබුවා “මෙම ක්‍රියාවන්ද, මෙම සැලසුම්ද, එමෙන්ම දෙවියන්වහන්සේගේ අරමුණුද නිෂ්ඵල කළ නොහැක්කේය, එලෙසම එය ශුන්‍යත්වයට පැමිණවිය නොහැක්කේය” (දහම සහ ගිවිසුම් 3:1). තම අරගල කරන දරුවන්ට ස්වාමින්වහන්සේ මේ මහත් සහතිකයන් දුන්නා:
“බලන්න, මෙය නුඹලා හට දෙවියන්වහන්සේගේ පොරොන්දුවය, අහෝ මාගේ සේවකයනි.
“එසේහෙයින්, ධෛර්යවන්තව සිටින්න, තවද බිය නොවන්න, මක්නිසාද ස්වාමින්වහන්සේ වන මම නුඹලා සමඟ වන්නෙමි, තවද නුඹලා සමඟ සිටින්නෙමි; තවද නුඹලා මා ගැන සාක්ෂි දරන්නෙහුය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මම, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන්නෙමි” (දහම සහ ගිවිසුම් 68:5–6).
ස්වාමින්වහන්සේ අප අසල සිටගෙන සිටිනවා, ඒවගේම උන්වහන්සේ මෙසේ පැවසුවා:
“තවද එක් අයෙකුට කියන්නේ කුමක්ද මම සියල්ලන්ටම පවසන්නෙමි, කුඩා දරුවෙනි, ධෛර්යවන්තව සිටින්න; මක්නිසාද මම නුඹලා මධ්‍යයේ වන්නෙමි, තවද මම නුඹලාව අත්හැර දමා නොමැත්තෙමි” (දහම සහ ගිවිසුම් 61:36).
“මක්නිසාද මහත් පීඩා වලින් පසු ආශිර්වාද පැමිණෙන්නේය” (දහම සහ ගිවිසුම් 58:4).
සහෝදරියනි, පීඩාවන් සහ පුද්ගලික ඛේදවාචකයන් මධ්‍යයේ ලබාදී ඇති මෙම පොරොන්දු අද ඔබ මුහුණදෙන කරදරකාරී තත්වයන් තුළ ඔබ එක් එක් අයට අදාළ වන බව මම සාක්ෂි දරනවා. ඒවා අනර්ඝ වන අතර ලෞකිකත්වයේ අභියෝගයන් තුළින් අපි ඉදිරියට ඇදෙද්දී ශුභාරංචියේ පූර්ණත්වය ගැන ප්‍රීති වන්නට සහ ධෛර්යවන්තව සිටීමට අප සෑම කෙනෙකුටම මතක්කර දෙනවා.
පීඩාවන් සහ අභියෝග යනු ලෞකිකත්වයේ පොදු අත්දැකීම්. විරුද්ධතාවය යනු අපට වර්ධනය වීමට උපකාර කිරීම සඳහා 2 වූ දිව්‍ය සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එම ක්‍රියාවලිය මධ්‍යයේ, සදාකාලික විරුද්ධත්වය පිළිබඳ දීර්ඝ දෘෂ්ටියෙන් අපව පරාද කිරීමට ඉඩනොදෙන බවට දෙවියන්වහන්සේගේ සහතිකය අපට තිබෙනවා. උන්වහන්සේගේ උපකාරයෙන් සහ අපගේ විශ්වාසවන්තකම සහ විඳදරාගැනීම තුළින් අපි ජයගන්නවා. ඒවා කොටසක් වූ ලෞකික ජීවිතය මෙන්, සියලු පීඩා තාවකාලිකයි. විනාශකාරී යුද්ධයකට පෙර ඇතිවූ මතභේද වලදී, එක්සත් ජනපද ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් “මෙයද, පහව යනු ඇත” යන පුරාණ ප්‍රඥාව ගැන ඔහුට ඇහුම්කන් දුන් අයට ඥානවන්තව මතක්කර දුන්නා. 3
ඔබ දන්නා පරිදි, සමහර විට COVID-19 වසංගතයේ සමහර විනාශකාරී බලපෑම් වලින් දැන් අරගල කරන මිලියන ගණනක් වැනි බොහෝ අය මෙන්—මා කථා කරන ලෞකික විපත්—ධෛර්යවන්තව සිටීම දුෂ්කර කරනවා. ඒ හා සමානව, එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් ජනාධිපතිවරණයට සමගාමීව පෙනෙන සතුරුකම් හා මතභේදයන්ගෙන් පීඩා විඳිනවා, නමුත් මේ කාලය අපෙන් පැරණිතම බොහෝ දෙනෙකුට මතක තබාගත හැකි දරුණුතම අවස්ථාවයි.
පෞද්ගලිකව, අප සෑම කෙනෙකුම අපගේ හෝ අනෙක් අයගේ—දිලිඳුකම, වර්ගවාදය, රෝගාතුර වීම, රැකියා අහිමිවීම හෝ බලාපොරොත්තු සුන්වීම්, හිතුවක්කාර දරුවන්, නරක විවාහයන් හෝ විවාහයන් සිදුනොවීම සහ පාපයේ ප්‍රතිඵල වැනි ලෞකිකත්වයේ බොහෝ විපත් සමඟ තනි තනිව අරගල කරමින් ඉන්නවා.
එහෙත්, මේ සියල්ල මධ්‍යයේ, ධෛර්යවන්තව සිටීමටත්, ශුභාරංචියේ මූලධර්ම හා පොරොන්දු හා අපගේ ශ්‍රමයේ ඵල ගැන ප්‍රීතිය සොයාගැනීමටත් අපට එම ස්වර්ගීය උපදෙස් තිබෙනවා. 4 එම උපදෙස සෑමවිටම අනාගතවක්තෘවරුන්ට සහ අප සියලුදෙනාටමත් එසේ වී තිබෙනවා. අපගේ පූර්වගාමීන්ගේ අත්දැකීම් වලින් සහ ස්වාමින්වහන්සේ ඔවුන්ට පැවසූ දෙයින් අපි මෙය දන්නවා.
ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ තත්වයන් මතකතබා ගන්න. විපත්තියේ කාච තුළින් බැලූ විට ඔහුගේ ජීවිතය දුප්පත්කම, පීඩා, කලකිරීම්, පවුල් ශෝකය සහ අවසාන ප්‍රාණ පරිත්‍යාගයන්ගෙන් යුත් එකක්. ඔහු සිරගතව සිටියදී, ඔහුගේ බිරිඳ සහ දරුවන් සහ අනෙක් ශුද්ධවන්තයින්ව මිසුරි නගරයෙන් පලවා හරිනු ලැබීම නිසා ඔවුන්ට ඇදහිය නොහැකි තරම් දුෂ්කරතා වලට මුහුණදීමට සිදුවුණා.
ජෝසෆ් සහනයක් ඉල්ලා සිටි විට ස්වාමින්වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා:
“මාගේ පුත්‍රය, ඔබේ ආත්මයට සැනසීම ලැබේවා; ඔබේ විපත්තිය හා දුක් පීඩා සුළු මොහොතකට පමණි;
“එසේනම්, ඔබ එය හොඳින් විඳදරාගන්නේ නම්, දෙවියන්වහන්සේ ඉහලදී ඔබව උත්කෘෂ්ඨත්වයට පත්කරනු ඇත” (දහම සහ ගිවිසුම් 121:7–8).
ජෝසෆ් අනාගතවක්තෘවරයාට ඔහුගේ සහජ ප්‍රීතිමත් ස්වභාවය සහ ඔහුගේ ජනතාවගේ ආදරය හා පක්ෂපාතිත්වය පවත්වාගැනීමට උදව් කළ, පුද්ගලික හා සදාකාලික උපදෙස මෙයයි. මෙම ගුණාංග තුළින් ඉන්පසු සිටි නායකයින් සහ පුරෝගාමීන් ශක්තිමත් වූ අතර, ඒවාට ඔබවද ශක්තිමත් කළ හැකියි.
එම මුල් සාමාජිකයන් ගැන සිතන්න! නැවත නැවතත්, ඔවුන්ව තැනින් තැනට පලවා හරිනු ලැබුවා. අවසානයේදී ඔවුන් තම නිවෙස් සහ සභාව පාළුකරයක පිහිටුවීමේ අභියෝගයන්ට මුහුණදුන්නා. 5 ආරම්භක පුරෝගාමීන් කණ්ඩායම ඒ මහා සෝල්ට් ලේක් නිම්නයට පැමිණ වසර දෙකකට පසුවත්, එම සතුරු ප්‍රදේශයේ පැවැත්ම පිළිබඳ පුරෝගාමීන්ගේ ග්‍රහණය තවමත් අස්ථිර වුණා. බොහෝ සාමාජිකයින් තවමත් තැනිතලා හරහා ගමන් කරමින් සිටියා හෝ එසේ කිරීමට සම්පත් ලබාගැනීමට වෙහෙසෙමින් සිටියා. එහෙත් නායකයින් සහ සාමාජිකයන් තවමත් බලාපොරොත්තුවෙන් හා ධෛර්යවන්තව සිටියා.
ශුද්ධවන්තයින් ඔවුන්ගේ නව නිවෙස් වල පදිංචි නොවූවත්, 1849 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ස්කැන්ඩිනේවියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ දකුණු පැසිෆික් කලාපයට නව ධර්මදූතයින් පිරිසක්ව යැව්වා. 6 ඔවුන්ගේ පහත් මට්ටම යැයි සිතිය හැකි දෙය තුළ පුරෝගාමීන් නව උසකට නැග්ගා. අවුරුදු තුනකට පසු, තවත් 98 දෙනෙකුව විසිරී ගිය ඊශ්‍රායෙලය එක්රැස් කිරීම සඳහා කැඳවනු ලැබුවා. සභාවේ නායකයෙක් පැහැදිලි කළේ මෙම ධර්මදූත “සාමාන්‍යයෙන් දිගු කාලයක් නොවිය යුතු බවයි; ඕනෑම මිනිසෙකු තම පවුලෙන් බැහැරව සිටින කාලය අවුරුදු 3 සිට 7 දක්වා පැවතුනා.” 7
සහෝදරියනි, පළමු සභාපතිත්වය ඔබගේ අභියෝග ගැන සැලකිලිමත් වෙනවා. අපි ඔබට ආදරය කරන අතර ඔබ වෙනුවෙන් යාච්ඤා කරනවා. ඒ අතරම, භූමිකම්පා, ගින්න, ගංවතුර සහ සුළි කුණාටු හැරුණු විට අපගේ භෞතික අභියෝග සාමාන්‍යයෙන් අපේ පූර්වගාමීන් මුහුණදුන් තත්වයන්ට වඩා බොහෝවිට අඩු නිසා අපි ස්තූතිවන්ත වෙනවා.
දුෂ්කරතා මධ්‍යයේ, සැමවිමට දිව්‍ය සහතිකය වන්නේ මෙයයි “ධෛර්යවන්තව සිටින්න, මක්නිසාද මම නුඹලාට මගපෙන්වන්නෙමි. රාජ්‍ය නුඹලාගේය තවද එහිවූ ආශිර්වාදයන්ද නුඹලාගේය, තවද සදාකාලික පොහොසත්කමද නුඹලාගේය” (දහම සහ ගිවිසුම් 78:18). මෙය සිදුවන්නේ කෙසේද? පුරෝගාමීන්ට එය සිදුවූයේ කෙසේද? අද දෙවියන්වහන්සේගේ ස්ත්රීන්ට එය සිදුවන්නේ කෙසේද? අපගේ අනාවැකිමය මගපෙන්වීම් අනුගමනය කිරීමෙන් “මක්නිසාද මෙම දේවල් කිරීම මගින් [අපට] විරුද්ධව නිරයේ දොරටු නොපවතින්නේය,” ලෙස 1830 අප්‍රියෙල් මාසයේ ස්වාමින්වහන්සේ එළිදරව්වක් මගින් පැවසුවා. “එසේය,” උන්වහන්සේ පැවසුවා, “… තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ අන්ධකාරයේ බලය නුඹලා ඉදිරියෙන් පලවාහරින සේක, තවද නුඹලාගේ යහපත සහ උන්වහන්සේගේ නාමයේ මහිමය උදෙසා ස්වර්ග සෙලවෙන්නට සලස්වන සේක” (දහම සහ ගිවිසුම් 21:6). “කුඩා රැළ, බියනොවන්න; යහපත කරන්න; නුඹලාට විරුද්ධව පොළොව හෝ නිරය එක්වුවත්; මක්නිසාද නුඹලා මාගේ පර්වතය මත ගොඩනැගී ඇත්නම්, ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැක්කේය” (දහම සහ ගිවිසුම් 6:34).
ස්වාමින්වහන්සේගේ පොරොන්දු සමඟ, අපි “අපගේ හදව[ත්] ඔසවා ප්‍රීති ප්‍රමුදිත වෙමු” (දහම සහ ගිවිසුම් 25:13), සහ “ප්‍රීතිමත් හදවතින් සහ ධෛර්යවන්ත මුහුණුවරෙන්” (දහම සහ ගිවිසුම් 59:15), අපි ගිවිසුම් මාවතේ ඉදිරියට යමු. නොදන්නා ඉඩමක පුරෝගාමී වීමට අපේ නිවෙස් අතහැර යාම වැනි යෝධ සමානුපාතික තීරණ වලට අපගෙන් බොහෝ දෙනෙක් මුහුණදෙන්නේ නෑ. අපගේ තීරණ බොහෝ දුරට ජීවිතයේ දෛනික චර්යාවන් තුළ සිදුවෙනවා, නමුත් ස්වාමින්වහන්සේ අපට පවසා ඇති පරිදි, “යහපත කිරීමේදී විඩාපත් නොවන්න, මක්නිසාද නුඹලා මහත් ක්‍රියාවක් උදෙසා අත්තිවාරම දමන්නෙහුය. තවද එනම් කුඩා දේවල් වලින් එම ශ්‍රේෂ්ඨ වූ දේ ඉදිරියට යන්නේය” (දහම සහ ගිවිසුම් 64:33).
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ මූලධර්ම වල අසීමිත බලයක් තිබෙනවා. එම දහම කෙරෙහි අපගේ නොසැලෙන ඇදහිල්ල අපගේ පියවරයන්ට මගපෙන්වන අතර අපට ප්‍රීතියද ලබාදෙනවා. එය අපගේ මනස ආලෝකවත් කරන අතර අපගේ ක්‍රියාවන්ට ශක්තිය හා විශ්වාසය ලබාදෙනවා. මෙම මගපෙන්වීම හා ඥානාලෝකය හා බලය අපගේ ස්වර්ගික පියාණන්ගෙන් අපට ලැබී ඇති පොරොන්දු වු ත්‍යාගයන්. පසුතැවීමේ දිව්‍ය ත්‍යාගය ඇතුළුව, අපගේ ජීවිත අවබෝධ කරගැනීමෙන් හා එම මූලධර්මයන්ට අනුකූල වීමෙන්, අපගේ සදාකාලික ඉරණම කරා යන මාවතේ අප ගමන් කරන විට—අපගේ ආදරණීය ස්වර්ගීය දෙමාපියන් සමඟ නැවත එක්වීම හා උසස් කිරීම තුළින් අපට සතුටු විය හැකියි.
වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් මෙසේ ඉගැන්වූවා “ඔබට විශාල අභියෝග වලට මුහුණදීමට සිදුවිය හැකියි.” “සමහරවිට ඒවා සංකේන්ද්‍රණය වී ඇති අතර, නොසැලකිලිමත් වන අතර, ඒවා පාලනය කිරීමට ඔබට හැකියාවක් නැති බව ඔබට හැඟෙයි. ලෝකයට තනිව මුහුණදෙන්න එපා. ‘ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න’ [ගීතාවලිය 3:5]. … එහි අරමුණ වූයේ ජීවිතය අභියෝගයක් වීම මිස, ඔබ අසමත් වීම නොවෙයි නමුත් ජයගැනීම තුළින් සාර්ථක වීමයි.” 8
ඒ සියල්ලම පියාණන් වන දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැලැස්මේ කොටසක්, ඒ සඳහා මම සාක්ෂි දරනවා, අප සියල්ලන්ම අපගේ ස්වර්ගීය ගමනාන්තය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් දිගටම පවතිනු ඇතැයි මම යාච්ඤා කරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.