එන්න, මා අනුගමනය කරන්න 2024
ජනවාරි 15–21: “පැමිණ, මේ ඵලය අත්විඳින්න.” 1 නෙපි 6–10


“ජනවාරි 15–21: ‘පැමිණ, මේ ඵලය අත්විඳින්න.’ 1 නෙපී 6-10,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ජනවාරි 15–21. 1 නෙපී 6–10,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
ජීවන වෘක්ශය පිළිබඳ ලෙහිගේ දර්ශනය

ස්ටීවන් ලොයිඩ් නීල් විසින්, Lehi’s Dream [ලෙහිගේ සිහිනය]

ජනවාරි 15–21: “පැමිණ, මේ ඵලය අත්විඳින්න”

1 නෙපී 6–10

එම යකඩ අත්වැට, අන්ධකාරයේ මීදුම, විශාල ගොඩනැගිල්ල සහ “වඩාත්ම මිහිරි” ඵලය ඇති වෘක්ශය සහිත ලෙහිගේ සිහිනය—ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමයේ සහ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ ආශිර්වාද සඳහා දේවානුභාවයෙන් කෙරෙන ආරාධනයක්. කෙසේවෙතත්, ලෙහිට මෙය ඔහුගේ පවුලේ අය ගැන දර්ශනයක්ද වුණා: “මක්නිසාද මා දුටු දේවල් නිසා, නෙපී සහ සෑම් නිසා මට ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවීමට කාරණයක් ඇත. … නමුත් බලන්න, ලාමන් සහ ලැමුවෙල්, මක්නිසාද නුඹලා ගැන මම බෙහෙවින් බියවෙමි” (1 නෙපී 8:3–4). ලෙහි තම දර්ශනය විස්තර කිරීම අවසන් කළ විට, “එනම් ඔවුන් ඔහුගේ වචන වලට ඇහුම්කන්දීමට, එනම් ස්වාමින්වහන්සේ ඔවුන්ට කරුණාවන්ත වන පිණිස” ඔහු ලාමන් සහ ලැමුවෙල්ට ආයාචනා කළා (1 නෙපී 8:37). ඔබ ලෙහිගේ දර්ශනය බොහෝ වාර ගණනක් අධ්‍යයනය කර තිබුණත්, මේ වතාවේ ලෙහි කළ ආකාරයටම සිතන්න—ඔබ ආදරය කරන කෙනෙකු ගැන සිතන්න. ඔබ එසේ කරද්දි, යකඩ අත්වැටෙහි ආරක්ෂාව, විශාල ගොඩනැගිල්ලේ අන්තරායන් සහ ඵලයේ මිහිරි බව නව අරුතක් ගනියි. මෙම විශිෂ්ට දර්ශනය ලැබූ “මුදු මොළොක් දෙමව්පියෙකුගේ සියලු හැඟීම්” ගැන ඔබ වඩාත් ගැඹුරින් තේරුම්ගනියි.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

1 නෙපී 7:6–21

මට අන් අයට සමාව දෙන්න පුළුවන්.

1 නෙපී 7:6–21 තුළ නෙපීගේ ආදර්ශය ගැන ඔබව විශ්මයට පත් කරන්නේ කුමක්ද? අපි එකිනෙකාට “අවංකව සමාව” දෙද්දි අපි ආශිර්වාද ලබන්නේ කොහොමද? “ස්වාමීන්වහන්සේ නෙපිව ඔහුගේ කැරලිකාර සහෝදරයන්ගෙන් ගලවයි” (ශුභාරංචි පුස්තකාලය) යන වීඩියෝව ඔබේ අධ්‍යයනයන්ට ප්‍රයෝජනවත් විය හැක.

1 නෙපී 8

දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලා ගැනීමෙන් මාව ගැලවුම්කරුවාණන් වෙතට ගෙන යන අතර උන්වහන්සේගේ ප්‍රේමය දැනීමට මට උදවු කරනවා.

ගැලවුම්කරුවාණන් මෙන් වීම සඳහා වූ ඔබගේ පුද්ගලික ගමනේදී ඔබ සිටින ස්ථානය ගැන මෙනෙහි කිරීමට ලෙහිගේ දර්ශනය ආරාධනයක් ලබා දෙනවා. සභාපති බොයිඩ් කේ. පැකර් මෙම දර්ශනය ගැන මෙසේ පැවසුවා: “ඔබ එහි සිටී; අප සියල්ලෝම එහි සිටිති. ලෙහිගේ සිහිනය හෝ යකඩ අත්වැට පිළිබඳ දර්ශනයෙහි … පසුදවස් වල ශුද්ධවන්තයෙකු ජීවිතයේ පරීක්ෂණය පිළිබඳ තේරුම්ගත යුතු සෑම දෙයක්ම එහි ඇත” (“Lehi’s Dream and You,” New Era, Jan. 2015, 2).

ඔබ අධ්‍යයනය කරද්දි, මෙවැනි ප්‍රස්ථාරයක් පිරවීම ගැන සලකා බලන්න.

ලෙහිගේ දර්ශනයේ සංකේත

තේරුම්

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

ලෙහිගේ දර්ශනයේ සංකේත

වෘක්ශය සහ එහි ඵලය (1 නෙපී 8:10–12)

තේරුම්

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

දෙවියන්වහන්සේගේ ප්‍රේමයට හවුල්වීමට අන් අයට ආරාධනා කිරීමට මා කරන්නේ මොනවාද?

ලෙහිගේ දර්ශනයේ සංකේත

ගංගාව (1 නෙපී 08:13)

තේරුම්

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

ලෙහිගේ දර්ශනයේ සංකේත

යකඩ අත්වැට (1 නෙපී 8:19–20, 30)

තේරුම්

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

ලෙහිගේ දර්ශනයේ සංකේත

අන්ධකාරයේ මීදුම (1 නෙපී 8:23)

තේරුම්

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

ලෙහිගේ දර්ශනයේ සංකේත

බලවත් සහ විශාල ගොඩනැගිල්ල (1 නෙපී 8:26–27, 33)

තේරුම්

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

ලෙහි දුටු පුද්ගලයන් කණ්ඩායම් හතරක් ගැන දැන ගැනීමට ඔබට පහත සඳහන් පද තුළින් සොයන්න පුළුවන්: 1 නෙපී 8:21–23, 24–28, 30, සහ 31–33. මෙම කණ්ඩායම් අතර ඔබ දකින වෙනස්කම් මොනවාද? සමහර මිනිසුන් වෘක්ශය අසලට පැමිණ එහි ඵල රස විඳීමෙන් පසුවත් හැරීගියේ ඇයි (බලන්න 24–28 දක්වා පද)? මෙම අත්දැකීමෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

කෙවින් ඩබ්. පියර්සන්ගේ, “ගස ළඟ සිටින්න,” ලියාහෝනා, මැයි 2015, 114–16; සහ ශුභාරංචි පුස්තකාලයයේ “ලෙහී ජීවන වෘක්ෂයේ දර්ශනයක් දකියි” (වීඩියෝව), ද බලන්න.

ඔබට ලෙහිගේ දැක්ම ගැන ඉගෙන ගැනීමට උපකාර වන අන්තර්ක්‍රියාකාරී අත්දැකීමක් සඳහා, මෙහි ක්ලික් කරන්න.

අධ්‍යයනය කරන්නන්ට ඔවුන්ගේම සොයාගැනීම් බෙදා ගැනීමට ඉඩ දෙන්න. අධ්‍යයනය කරන්නන්ට තමන් සොයා ගන්නා සත්‍යයන් සඳහා ශුද්ධලියවිලි පද තනියම සෙවීමට ආරාධනා කිරීම සලකා බලන්න. උදාහරණයක් ලෙස, ඉහත ප්‍රස්ථාරයේ ඇති ශුද්ධලියවිලි පාඨ තමන් විසින්ම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් සෙවීමට ඔබට ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන්. ඔවුන් සොයා ගන්නා සත්‍යයන් ඔවුන් මතක තබාගෙන ඒවා අගය කරයි.

රූපය
ජීවන වෘක්ෂයට යන යකඩ අත්වැට අල්ලාගෙන සිටින මිනිසුන්

කෙල්සි සහ ජෙසේ බැරට් විසින්, Common Thread [පොදු ආකාර]

1 නෙපී 10:2–16

පුරාණ අනාගතවක්තෘවරු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මදූත සේවය ගැන දැන සිටි අතර උන්වහන්සේ ගැන සාක්ෂි දැරුවා.

ඔබ සිතන ආකාරයට 1 නෙපී 10:2–16 තුළ දක්නට ලැබෙන සත්‍යයන් ලෙහිගේ පවුල—සහ අප සියල්ලන්ම—දැන ගැනීම, ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි? ගැලවුම්කරුවාණන්ට ඔවුන්ගේ ජීවිතයට ආරාධනා කිරීමට ඔබේ ආදරණීයයන්ට උදවු කරන්න පුළුවන් කොහොමද කියා සලකා බලන්න.

1 නෙපී 10:17–19

රූපය
සෙමනේරි නිරූපකය
දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් මට සත්‍යය හෙළි කරනවා.

ඔබට නොතේරෙන ශුභාරංචි මූලධර්මයක් ක්‍රියාත්මක කිරීමට ඔබෙන් ඉල්ලා සිටිද්දි ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ලෙහිගේ දර්ශනයට නෙපී ප්‍රතිචාර දැක්වූ ආකාරය (බලන්න 1 නෙපී 10:17–19; 11:1) සහ ලාමන් සහ ලැමුවෙල් ප්‍රතිචාර දැක්වූ ආකාරය (බලන්න 1 නෙපී 15:1–10) අතර ඇති වෙනස්කම් සැලකිල්ලට ගන්න. ඔහු කළ ආකාරයටම ප්‍රතිචාර දැක්වීමට ඔහුව පෙලඹවූ නෙපී තේරුම් ගත් සත්‍යයන් මොනවාද?

නෙපීගේ ආදර්ශය මනසේ තබාගෙන, ඔබ වඩාත් හොඳින් තේරුම් ගැනීමට කැමති ශුභාරංචි මූලධර්ම ලැයිස්තුවක් සාදන්න. ඔබ විසින්ම පිළිතුරු සොයා ගැනීමට ඔබට කරන්න පුළුවන් මොනවාද?

නෙපී තම පියාගේ වදන් සත්‍ය බව තමන් විසින්ම සොයාගත්තා සේම, නූතන අනාගතවක්තෘවරුන්ගේ සහ ප්‍රේරිතවරුන්ගේ වචන ඇසෙද්දි අපටත් ඒවගේම කරන්න පුළුවන්. මෑත කාලීන ප්‍රධාන සම්මන්ත්‍රණවලදී අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිවරුන් අපට ඉගැන්වූයේ මොනවාද? ඔවුන් ඉගැන්වූ දේවල් පිළිබඳව ඔබ පෞද්ගලික සාක්ෂියක් ලබාගත්තේ කොහොමද?

 තවත් බලන්න 1 නෙපී 2:11–19; දහම සහ ගිවිසුම් 8:1–3

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

1 නෙපී 8

දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලාගෙන සිටීමෙන් මාව ගැලවුම්කරුවාණන් වෙතට ගෙන යන අතර උන්වහන්සේගේ ප්‍රේමය දැනීමට මට උදවු කරනවා.

  • ඔබ එකට එක්ව 1 නෙපී 8 කියවද්දි ඔබේ දරුවන්ට ලෙහිගේ දර්ශනයේ චිත්‍රයක් ඇඳීමෙන් සතුටු වෙන්න පුළුවන්. ඔවුන්ට ඔවුන්ගේ පින්තූර පෙන්වීමට ඉඩදී සිහිනයේ ඇති සංකේත නියෝජනය කරන්නේ මොනවාදැයි සොයා ගැනීමට ඔවුන්ට උදවු කරන්න (බලන්න 1 නෙපී 11:21–22; 12:16–18; 15:23–33, 36 සහ මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව). මෙම ප්‍රශ්නයට ඔවුන්ට හැකි තරම් පිළිතුරු බෙදා ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න: ලෙහිගේ දර්ශනයෙන් අප ඉගෙන ගන්නේ මොනවාද?

  • ලෙහිගේ දර්ශනයේ යකඩ අත්වැට නියෝජනය කළ හැකි පයිප්පයක් හෝ පොල්ලක් වැනි යමක් ඔබ සතුව තිබෙනවාද? ඔබ ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් දෙසට ඔවුන්ව ගෙන යාමට කාමරයක් වටා යද්දි එම පයිප්පය හෝ පොල්ල අල්ලාගෙන සිටීමට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න. ලෙහිගේ දර්ශනයේ යකඩ අත්වැට වැදගත් වන්නේ ඇයි? (බලන්න 1 නෙපී 8:20, 24, 30). යකඩ අත්වැට දෙවියන්වහන්සේගේ වචනයට සමාන වන්නේ කොහොමද?

  • 1 නෙපී 8:10–12 කියවා ලෙහි දුටු දේ විස්තර කිරීමට ඔබේ දරුවන්ගෙන් සමහරෙකුට ආරාධනා කරන්න. 1 නෙපී 11:20–23 කියවා නෙපී දුටු දේ විස්තර කිරීමට අනෙක් අයට ආරාධනා කරන්න. දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන ඉගැන්වීමට දේවදූතයා නෙපී හට ළදරු යේසුස්ව පෙන්වූයේ ඇයි? ඔබගේ දරුවන්ගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔවුන්ට දැනුණු ආකාරය ගැන ඔවුන් සමඟ කතා කරන්න.

1 නෙපී 10:17–19; 11;1

දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් මට සත්‍යය හෙළි කරනවා.

  • 1 නෙපී 10:19 තුළ නෙපී ඉගැන්වූ දේ තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න පුළුවන් කොහොමද? සමහරවිට ඔබට ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් හෝ වෙනත් විශේෂ වස්තුවක් පොරවනයක් තුළ නමා එය දිග හැරීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. ඔබ 1 නෙපී 10:19 කියවද්දි, “එළිදරව්” සහ “ශුද්ධාත්මයාණන්වහන්සේ” යන වචන ඇසෙද්දී ඔවුන්ට ඔවුන්ගේ අත් ඔසවන්න පුළුවන්. එවිට සත්‍යය සොයා ගැනීමට ශුද්ධාත්මයාණන් ඔබට උදවු කළ අත්දැකීමක් ඔබට බෙදා ගන්න පුළුවන්.

  • ප්‍රශ්නයකට පිළිතුරු සොයාගැනීමට ඔවුන් කරන දේවල් ගැන කතා කරන ලෙස ඔබේ දරුවන්ට කියන්න. ශුභාරංචිය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු සොයන්නේ කොහොමද කියා යමෙකු නෙපීගෙන් ඇසුවහොත් ඔහු කුමක් කියයිද? 1 නෙපී 10:17–19; 11:1 කියවීමෙන් පිළිතුරු සොයා ගැනීමට දරුවන්ව දිරිමත් කරන්න.

  • යමක් සත්‍යය බව දැනගැනීමට ශුද්ධාත්මයාණන් ඔවුන්ට උදවු කළ බවක් ඔබේ දරුවන්ට කවදා හෝ දැනී තිබෙනවාද? ඔවුන්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට ඉඩ දෙන්න. ඔහුට හෝ ඇයට ශුද්ධාත්මයාණන් මාර්ගයෙන් පිළිතුරු ලැබිය නොහැකි යැයි සිතන මිතුරෙකුට අපට කියන්නට පුළුවන් මොනවාද? 1 නෙපී 10:17–19 සහ 11:1 තුළින් එම මිතුරාට උදවු කළ හැකි දේවල් ලෙස අප සොයාගන්නේ මොනවාද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ලෙහිගේ දර්ශනය

ඒවොන් ඕක්සන් විසින්, The Tree of Life [ජීවනයේ වෘක්ෂය]

මුද්‍රණය කරන්න