එන්න, මා අනුගමනය කරන්න 2024
ජනවාරි 1–7: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි. මොර්මොන්ගේ පොතේ හඳුන්වාදීමේ පිටු


“ජනවාරි 1–7: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි. මොර්මොන්ගේ පොතේ හඳුන්වාදීමේ පිටු,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“ජනවාරි 1–7. මොර්මොන්ගේ පොතේ හඳුන්වාදීමේ පිටු,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
මොර්මොන් රන් තහඩු මත ලියමින්

ජනවාරි 1–7: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි

මොර්මොන්ගේ පොතේ හඳුන්වාදීමේ පිටු

ඔබ 1 නෙපී 1 වෙනි පරිච්ඡේදය කියවීමටත් කලින්, මොර්මොන්ගේ පොත සාමාන්‍ය පොතක් නොවන බව ඔබට පැහැදිලි වෙයි. දේවදූතයන්ගේ බැහැදැකීම්, පුරාණ වාර්තාවක් ශතවර්ෂ ගණනාවක් තිස්සේ කඳු බෑවුමක තැන්පත් කර තිබීම සහ දෙවියන්වහන්සේගේ බලයෙන් එම වාර්තාව පරිවර්තනය කරන කුඩා පිරිමි ළමයෙක් යන දේවල් ඇතුළුව—එහි හඳුන්වාදීමේ පිටු වෙනත් කිසිම තැනකට වඩා පසුබිමක් විස්තර කරනවා. මොර්මොන්ගේ පොත කියන්නෙ පුරාණ අමෙරිකානු ශිෂ්ටාචාර වල ඉතිහාසයක් පමණක් නොවේ. එය “යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ” බවත් (මොර්මොන්ගේ පොතේ මුල් පිටුව), එය ලියා, සංරක්ෂණය කර, අපට ලබා දුන් ආකාරය දෙවියන්වහන්සේ විසින්ම මෙහෙයවන ලද බවත් සියලු දෙනාටම ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා. මේ අවුරුද්දේ, ඔබ මොර්මොන්ගේ පොත කියවද්දි, ඒ ගැන යාච්ඤා කරද්දි, සහ එහි ඉගැන්වීම් අදාළ කර ගද්දි, ඔබ ගැලවුම්කරුවාණන්ගේ බලයට ඔබේ ජීවිතයට ආරාධනා කරනවා. එතකොට සාක්ෂිකරුවන් තිදෙනා ඔවුන්ගේ සාක්ෂියේදී කළා වගේ, “එය [මගේ] ඇස්වලට පුදුමාකාරය” කියා කීමට තරම් ඔබට හැඟෙන්නට ඉඩ තිබෙනවා.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

මොර්මොන්ගේ පොතේ මුල් පිටුව

මොර්මොන්ගේ පොත අධ්‍යයනය කිරීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ල ශක්තිමත් කරන්න පුළුවන්.

මොර්මොන්ගේ පොතේ මුල් පිටුව මාතෘකාවකට වඩා වැඩි යමක් සපයනවා. වෙනත් දේ අතර, එය මෙම ශුද්ධ වූ වාර්තාවේ අරමුණු කිහිපයක් ලැයිස්තුගත කරනවා. මාතෘකා පිටුවේ මෙම අරමුණු සොයා බලන්න. ඔබ මෙනෙහි කරද්දි මෙවැනි ප්‍රශ්න ඔබට උදවු වෙන්න පුළුවන්: අපට මොර්මොන්ගේ පොත ලබා දී තිබෙන්නේ ඇයි? මොර්මොන්ගේ පොත අනෙකුත් පොත්වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

මේ වසරේ මොර්මොන්ගේ පොත කියවීම සඳහා පුද්ගලික හෝ පවුල් සැලැස්මක් සෑදීමට, දැන් හොඳ කාලයක්. ඔබ කියවන්නේ කවදාද සහ කොහේදීද? ඔබේ අධ්‍යයනයට ඔබ ආත්මයාණන්වහන්සේට ආරාධනා කරන්නේ කොහොමද? ඔබ අධ්‍යයනය කරද්දි ඔබ සොයන විශේෂිත යමක් තිබෙනවාද? උදාහරණයක් වශයෙන්, මුල් පිටුවේ ඔබ සොයාගත් අරමුණු ඉටු කර ගැනීමට හැකිවන ඡේද ඔබට සොයන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ගොඩනගන පද ලැයිස්තුවක් ඔබට තබාගන්න පුළුවන්.

තවත් බලන්න 2 නෙපී 25:26; මොසායා 3:5–8; ඇල්මා 5:48; 7:10–13; හිලමන් 5:12; 3 නෙපී 9:13–18; 11:6–14; මොරෝනි 10:32–33.

දිවැසිවර පොරොන්දුවක්. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා, “ඔබ [මොර්මොන්ගේ පොතෙහි] අධ්‍යයනය කරන දේ ගැන මෙනෙහි කරද්දි, ස්වර්ගයේ කවුළු විවෘත වනු ඇති අතර, ඔබේම ප්‍රශ්නවලට පිළිතුරු සහ ඔබේ ජීවිතය සඳහා මගපෙන්වීම ලැබෙනු ඇතැයි මම පොරොන්දු වෙමි” (“මොර්මොන්ගේ පොත: එය නොමැතිව ඔබේ ජීවිතය කුමක් වේවිද?,” ලියහෝනා, නොවැ. 2017, 62–63).

රූපය
සෙමනේරි නිරූපකය

මොර්මොන්ගේ පොත සඳහා හැඳින්වීම; “සාක්ෂිකරුවන් තුන්දෙනාගේ සාක්ෂිය”; “සාක්ෂිකරුවන් අටදෙනාගේ සාක්ෂිය

මට මොර්මොන්ගේ පොත පිළිබඳ සාක්ෂිකරුවෙකු වෙන්න පුළුවන්.

සාක්ෂිකරුවන් තිදෙනා සහ සාක්ෂිකරුවන් අටදෙනා මෙන් රන් තහඩු ඔබ දැක නොමැති වුවත්, මොර්මොන්ගේ පොත සත්‍ය බවට ඔබට සාක්ෂි දැරීමට ශුද්ධාත්මයාණන්වහන්සේට පුළුවන්. ඔබ ඔවුන්ගේ වචන කියවද්දි, ඔවුන්ගේ සාක්ෂි ඔබේ සාක්ෂිය ශක්තිමත් කරන ආකාරය ගැන සිතන්න.

මෙම සාක්ෂිකරුවන් මොර්මොන්ගේ පොත ගැන ඔවුන්ගේ සාක්ෂිය බෙදාගත් ආකාරය පිළිබඳව ඔබව පොළඹවන්නේ මොනවාද? මොර්මොන්ගේ පොත පිළිබඳ ඔබේ සාක්ෂිය—විශේෂයෙන්ම එහි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂිය ඔබට බෙදාගත හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න. උදාහරණයක් වශයෙන්, ඔබ මීට පෙර මොර්මන්ගේ පොත ගැන අසා නැති මිතුරෙකු සමඟ කතා කරන බව සිතන්න. ඔබ ඔහුට හෝ ඇයට ඒ ගැන කියන්නේ මොනවාද? එය කියවීමට ඔබේ මිතුරාව පොළඹවා ගැනීමට ඔබ උත්සාහ කරන්නේ කොහොමද? මොර්මොන්ගේ පොතේ හැඳින්වීම සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න. ඔබේ මිතුරා සමඟ බෙදා ගැනීමට ප්‍රයෝජනවත් විය හැකි විස්තර ඔබට එහි සොයාගන්න පුළුවන්.

මොර්මොන්ගේ පොත ගැන ඔබ මිතුරෙකු සමඟ බෙදා ගන්නා දේවල් ලැයිස්තුවක් සෑදීම ගැන සිතන්න. මොර්මොන්ගේ පොතේ යෙදුම භාවිත කර මොර්මොන්ගේ පොත බෙදාගැනීමට උත්සහ කරන්න.

තවත් බලන්න රොනල්ඩ් ඒ. රස්බෑන්ඩ්, “මේ දවස,” ලියහෝනා, ඔක්. 2022, 25–28.

රූපය
ජෝසෆ් ස්මිත් සහ සාක්ෂිකරුවන් තුන්දෙනා එකට යාච්ඤා කරමින්

සාක්ෂිකරුවන් තුන්දෙනා මොර්මොන්ගේ පොත පිළිබඳව සාක්ෂි දැරුවා.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය

මොර්මොන්ගේ පොත එළියට පැමිණීම ප්‍රාතිහාර්යක්.

මොර්මොන්ගේ පොත පැමිණියේ කොහෙන්දැයි යමෙක් ඔබෙන් ඇසුවොත් ඔබ කියන්නේ කුමක්ද? අපට මොර්මොන්ගේ පොත ලබා දීමට දෙවියන්වහන්සේගේ මැදිහත්වීම ඔබ විස්තර කරන්නේ කොහොමද? ඔබ ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය කියවද්දි, ඔහු එය විස්තර කළ ආකාරය ගැන අවධානය යොමු කරන්න. ඔබ කියවන දේ මත පදනම්ව, ඔබට හැඟෙන ආකාරයට, මොර්මොන්ගේ පොතේ වැදගත්කම ගැන දෙවියන්වහන්සේට හැඟෙන්නේ කොහොමද?

තවත් බලන්න උලිසෙස් සෝරෙස්, “මොර්මොන්ගේ පොතේ එළිදැක්වීම,” ලියහෝනා, මැයි 2020, 32–35.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොර්මොන්ගේ පොතේ මුල් පිටුව

මොර්මොන්ගේ පොත කියවීමෙන් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිකරගැනීමට උදවු වෙනවා.

  • ඔබේ දරුවන්ට මොර්මොන්ගේ පොතේ පිටපතක් අතට ගෙන එය බැලීමට ඉඩ දෙන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි, යන උප මාතෘකාව මත ඇඟිල්ල තැබීමට ඔවුන්ට උදවු කරන්න. මාතෘකා පිටුවේ, “යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවත් උන්වහන්සේ සදාකාලික දෙවියන්වහන්සේ බවත් සියලු ජාතීන්ට ප්‍රකාශ වෙමින් ඒත්තු ගැන්වීමටය” යන වාක්‍ය ඛණ්ඩය ඔවුන්ට සොයා ගැනීමටද ඔබට උදවු කරන්න පුළුවන්. මෙයින් අදහස් කරන්නේ මොර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අපට උගන්වන බව, තේරුම්ගැනීමට ඔවුන්ට උදවු කරන්න. මොර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කර ඇති ආකාරය ඔවුන්ට කෙටියෙන් කියන්න. ඔවුන්ගේ ප්‍රියතම මොර්මොන්ගේ පොතේ කතන්දර ගැනද ඔබට ඔවුන්ගෙන් අසන්න පුළුවන්.

මොර්මොන්ගේ පොතෙහි හැඳින්වීම

මොර්මොන්ගේ පොත අපේ ආගමේ මුදුන් ගලයි.

  • මොර්මොන්ගේ පොතෙහි හැඳින්වීම තුළ සඳහන් “මොර්මොන්ගේ පොත අපේ ආගමේ මුදුන් ගලයි” යන ජෝසෆ් ස්මිත්ගේ වචන, මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව සහ පහත රූපය මගින් ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උදවු කරන්න පුළුවන්. ඉහළින් මුදුන් ගලක් සහිත ආරුක්කුවක් තැනීම හෝ ඇඳීම විනෝදජනක වෙයි. එම මුදුන් ගල ඉවත් කළහොත් කුමක් වෙයිද? අපට මොර්මොන්ගේ පොත නොතිබුනේ නම් කුමක් වෙයිද? මොර්මොන්ගේ පොතේ සත්‍යය පිළිගන්නා විට අප ඉගෙන ගන්නා තවත් දේවල් සොයා ගැනීමට ඔබට හැඳින්වීමේ අවසාන ඡේදය එකට එකතු වී කියවන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලේ මුදුන් ගල මොර්මොන්ගේ පොත බවට අප පත්කරන්නේ කොහොමද?

රූපය
මුදුන් ගලක් සහිත ගල් ආරුක්කුවක් එය රඳවා තබාගනී

මොර්මොන්ගේ පොත අපේ ආගමේ මුදුන් ගලයි.

සාක්ෂිකරුවන් තුන්දෙනාගේ සාක්ෂිය”; “සාක්ෂිකරුවන් අටදෙනාගේ සාක්ෂිය

මට මොර්මොන්ගේ පොත පිළිබඳ සාක්ෂිකරුවෙකු වෙන්න පුළුවන්.

  • සාක්ෂිකරුවෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උදවු කිරීම සඳහා, ඔවුන් දැක නැති, ඔබ දැක ඇති දෙයක් ගැන ඔවුන්ට විස්තර කරන්න ඔබට පුළුවන්. පසුව ඔබ වෙනුවෙනුත් එසේ කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. මෙය මොර්මොන්ගේ පොත පරිවර්තනය කළ රන් තහඩු දුටු මිනිසුන් 11 දෙනා ගැන සංවාදයකට තුඩු දෙන්න පුළුවන්. ඔබ එකට එකතු වී මෙම සාක්ෂි කියවද්දි, මෙම සාක්ෂිකරුවන්ට, ඔවුන්ගේ සාක්ෂි ගැන වෙනත් අය දැන ගැනීම අවශ්‍ය වූයේ ඇයි ද කියා ඔබට කතා කරන්න පුළුවන්. මොර්මොන්ගේ පොත ගැන අපට කියන්නට අවශ්‍ය කාටද?

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය

මොර්මොන්ගේ පොත අපට ලබා දී ඇත්තේ දෙවියන්වහන්සේගේ බලයෙන්.

  • දෙවියන්වහන්සේ මොර්මොන්ගේ පොත අපට ලබාදුන් ආකාරය ඉගෙන ගැනීමට ඔබේ දරුවන්ට උදවු කිරීම සඳහා, “අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය” ඔබට ඔවුන් වෙනුවෙන් කියවන්න පුළුවන්. එම කතාව කිහිප වතාවක් රඟපෑමෙන් ඔබේ දරුවන්ට සතුටු වෙන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ජෝසෆ් මොරෝනි වෙතින් රන් තහඩු ලබාගැනීම

ගැරී එල්. කැප් විසින්, Moroni Delivers the Golden Plates [මොරෝනි රන් තහඩු ලබාදෙයි]

මුද්‍රණය කරන්න