එන්න, මා අනුගමනය කරන්න 2024
ජනවාරි 22–28: “ධර්මිෂ්ඨකමින් හා දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ වී” 1 නෙපී 11–15


“ජනවාරි 22–28: ‘ධර්මිෂ්ඨකමින් හා දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ වී.’ 1 නෙපී 11–15,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“ජනවාරි 22–28. 1 නෙපී 11–15,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
මිනිසුන් ජීවන වෘක්ෂයේ ඵල අනුභව කරමින්

සබ්රිනා ස්කුවයස් විසින්, The Love of God [දෙවියන්වහන්සේගේ ප්‍රේමය]

ජනවාරි 22–28. “ධර්මිෂ්ඨකමින් හා දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ වී”

1 නෙපී 11–15

දෙවියන්වහන්සේට උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා ලවා කිරීමට ඉතා විශේෂ කටයුත්තක් ඇති විට, උන්වහන්සේ බොහෝ විට එම අනාගතවක්තෘවරයාට ඉතා විශේෂ දර්ශනයක් ලබා දෙනවා. මෝසෙස්, යොහාන්, ලෙහි සහ ජෝසෆ් ස්මිත් යන සියලුදෙනාම—ඔවුන්ගේ මනස පුළුල් කළ සහ දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් ඇත්තෙන්ම කොතරම් ශ්‍රේෂ්ඨ සහ විශ්මයජනකද යන්න දැකීමට ඔවුන්ට උදවු කළ, එවැනි දර්ශන දැක්කා.

නෙපීටත් මෙවැනි ජීවිතය වෙනස් කරන දර්ශනයක් ලැබුණා. ඔහු ගැලවුම්කරුවාණන්ගේ දේවසේවය, පොරොන්දු දේශයේ ලෙහිගේ පරම්පරාවේ අනාගතය සහ දෙවියන්වහන්සේගේ කාර්යයේ අවසාන දිනවල ඉරණම දැක්කා. මෙම දර්ශනයෙන් පස්සෙ, නෙපී ඉදිරි කාර්යය සඳහා වඩාත් හොඳින් සූදානම් වුණා. දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ඔබටත් කිරීමට කාර්යයක් තිබෙන නිසා—මෙම දර්ශනය ගැන කියවීම ඔබව සූදානම් කරගැනීමට ඔබටත් උදවු වෙන්න පුළුවන්. නෙපී දුටු “බැටළු පෝතකයාණන්ගේ සභාවේ ශුද්ධවන්තයන්” අතර ඔබත් සිටිනවා, ඒ වගේම නෙපී දැක්කා වගේ “ඔවුන් පොළොව පුරා විසිරී සිටි අතර; ඔවුහු ධර්මිෂ්ඨකමින් හා දෙවියන්වහන්සේගේ බලයෙන් මහත් තේජසින් සන්නද්ධ වී [සිටියා]” (1 නෙපී 14:14).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

1 නෙපී 11

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රකාශනයක් විදියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වා.

ලෙහිගේ දර්ශනයේ ඇති ගසේ තේරුම ගැන නෙපී දේවදූතයාගෙන් ඇසූ විට, දේවදූතයාට, “එය දෙවියන්වහන්සේගේ ප්‍රේමය සංඛේතවත් කරන” බව සරලවම පැවසිය හැකිව තිබුණා. නමුත් ඒ වෙනුවට, ඔහු ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ සංකේත සහ සිදුවීම් මාලාවක් නෙපීට පෙන්නුවා. ඔබ 1 නෙපී 11 කියවා මෙනෙහි කරද්දි මෙම සංකේත සහ සිදුවීම් සොයන්න. දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ අවසාන ප්‍රකාශය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නේ ඇයි කියා තේරුම් ගැනීමට ඔබට උදවු වෙන්නේ මොනවාද?

ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමය දැනීමට ගැලවුම්කරුවාණන් ඔබට උදවු වී තිබෙන්නේ කොහොමද?

තවත් බලන්න සුසෑන් එච්. පෝටර්, “දෙවියන්වහන්සේගේ ප්‍රේමය: ප්‍රාණයට බෙහෙවින් ප්‍රීතිදායකය,” ලියහෝනා, නොවැ. 2021, 33–35.

1 නෙපී 12–14

මට බලවත් මහිමයෙන් සහ “ධර්මිෂ්ඨ භාවයෙන් සන්නද්ධ” වෙන්න පුළුවන්.

නෙපී ඔහුගේ දර්ශනයේ දුටු බොහෝ දේ දැකීමට ජීවත් වෙන එකක් නෑ. ඔබ සිතන ආකාරයට නෙපී මේ දේවල් දැනගැනීම වටින්නේ ඇයි? මේ දේවල් දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි? ඔහුගේ දර්ශනයේ නෙපී දුටු දෙයක් ගැන ඔබ කියවන සෑම අවස්ථාවකම මෙම ප්‍රශ්න අසන්න (බලන්න 1 නෙපී 12–14). ස්වාමින්වහන්සේගේ “ශ්‍රේෂ්ඨ සහ … පුදුමාකාර කාර්යයේ” ඔබගේ භූමිකාව ගැන ඔබට එන හැඟීම් මොනවාද? (1 නෙපී 14:7). උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර ඇති සමහරක් ශ්‍රේෂ්ඨ සහ පුදුමාකාර දේවල් මොනවාද?

1 නෙපී 14:14 තුළ ඇති පොරොන්දුව විශේෂයෙන් සලකා බලන්න. මෙම පොරොන්දුව ගැලවුම්කරුවාණන් විසින් ඔබගේ ජීවිතයේ ඉටුකර තිබෙන්නේ කොහොමද? (සමහර උදාහරණ සඳහා, බලන්න ඩේවිඩ් ඒ. බෙඩ්නාර්, “ශ්‍රේෂ්ඨ මහිමයේ දෙවියන්වහන්සේගේ බලය සමඟ,” ලියහෝනා, නොවැ. 2021, 28–30, විශේෂයෙන්ම අවසාන කොටස් දෙක බලන්න.)

1 නෙපී 13:1–9; 14:9–11

නෙපී දුටු “ශ්‍රේෂ්ඨ හා පිළිකුල් සහගත සභාව” කියන්නෙ මොකක්ද?

සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ විස්තර කළා, නෙපී විසින් විස්තර කරන ලද “ශ්‍රේෂ්ඨ හා පිළිකුල් සහගත සභාව” නියෝජනය කරන්නේ “දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට විරුද්ධ ඕනෑම දර්ශනයක් හෝ සංවිධානයක්. මෙම ‘සභාව’ ශුද්ධවන්තයන් වෙත ගෙන ඒමට උත්සාහ කරන ‘වහල්භාවය’ ව්‍යාජ අදහස්වල වහල්භාවය තරම් භෞතික සිරගත කිරීමක් නොවනු ඇත” (“Stand as Witnesses of God,” Ensign, Mar. 2015, 32). බොරු අදහස්වල වහල්භාවයෙන් වැළකී සිටීමට—සහ එයින් ගැලවීමට—ගැලවුම්කරුවාණන් ඔබට උදවු කරන්නේ කොහොමද?

1 නෙපී 15:1–11

මම ඇදහිල්ලෙන් ඇසුවහොත් දෙවියන්වහන්සේ මට පිළිතුරු දෙනවා.

දෙවියන්වහන්සේ ඔබ සමඟ කතා නොකරන බවත්—එමනිසා ඔබට පුද්ගලික එළිදරව්වක් නොලැබෙන බවත් ඔබට කවදා හෝ දැනී තිබෙනවාද? තම සහෝදරයන්ට මේ ආකාරයෙන් හැඟෙද්දි නෙපී ඔවුන්ට දුන් උපදෙස් මොනවාද? (බලන්න 1 නෙපී 15:1–11.) නෙපීගේ උපදෙස් ඔබේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

රූපය
සෙමනේරි නිරූපකය

1 නෙපී 15:23–25

දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලාගෙන සිටීම සාතන්ගේ බලපෑමට එරෙහි වීමට මට උදවු කරනවා.

නෙපීට බොහෝවිට ඔහුගේ සහෝදරයන්ට පැවසීමට අත්‍යවශ්‍ය දේවල් තිබුණා. නමුත් 1 නෙපී 15:23–25 තුළ ඔහු ඔවුන්ට පැවසූ දේ ගැන ඔහු විශේෂයෙන් උද්‍යෝගිමත් වූ බවක් පෙනෙන්නට තිබුණා. නෙපීගේ පණිවිඩය මොකක්ද, ඒ වගේම ඔබට සිතෙන විදියට ඔහුට ඒ ගැන එතරම් තදින් දැනුණේ ඇයි?

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නාර් මෙහෙම ඉගැන්නුවා: “දෙවියන්වහන්සේගේ වචනය” ලෙස ශුද්ධලියවිලි, ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව වුණත් සඳහන් කරන්න පුළුවන්. ඔබට සිතෙන විදියට ශුද්ධලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන “දැඩිව අල්ලාගෙන සිටීම” යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේව “දැඩිව අල්ලාගෙන සිටීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක් වෙන්න පුළුවන්ද? වැඩිහිටි බෙඩ්නාර්ගේ “නමුත් අපි ඔවුන්ට සවන් නොදුන්නෙමු ” (ලියහෝනා, අප්‍රි. 2022, 14–16) යන පණිවිඩයෙන් ඔබට මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න පුළුවන්.

දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලාගෙන සිටීම විරුද්ධකාරයාට එරෙහි වීමට ඔබට උදවු කරන්නේ කොහොමද? මෙවැනි වගුවක් පිරවීම ඔබේ සිතුවිලි සංවිධානය කිරීමට උදවු වෙන්න පුළුවන්:

 … පරීක්ෂාවේ මීදුම ජය ගැනීමට මට උදවු කරන්නේ කොහොමද? (බලන්න 1 නෙපී 15:17)

 … ලෝකයේ නිෂ්ඵලකම සහ උඩඟුකමට “සවන් නොදීමට” මට උදවු කරන්නේ කොහොමද? (1 නෙපී 12:18)

ශුද්ධලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන දැඩිව අල්ලාගෙන සිටීම …

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැඩිව අල්ලාගෙන සිටීම …

තවත් බලන්න ජොර්ජ් එෆ්. සබාලොස්, “විරුද්ධවාදියාට ප්‍රතිරෝධී ජීවිතයක් ගොඩනැගීම,” ලියහෝනා, නොවැ. 2022, 50–52.

රූපය
පවුලක් ශුද්ධලියවිලි කියවමින්

ශුද්ධලියවිලි අපව ජීවන වෘක්ෂය වෙතට ගෙන යන යකඩ අත්වැටක් වගේ.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරා වල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

1 නෙපී 11:16-33

ස්වර්ගික පියාණන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වේ උන්වහන්සේ මට ප්‍රේම කරන නිසයි.

  • දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන නෙපීට ඉගැන්වීම සඳහා, දේවදූතයෙක් ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ සිදුවීම් නෙපීට පෙන්නුවා. ඔබේ දරුවන් වෙනුවෙන් ඔබටත් එහෙම කරන්න පුළුවන්—1 නෙපී 11:20, 24, 27, 31 සහ 33 තුළ නෙපී දුටු සිදුවීම්වල පින්තූර ඔවුන්ට ලබාදෙන්න. ඔබ මෙම පද කියවද්දි, එයට ගැලපෙන පින්තූරය සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. මෙම පද සහ පින්තූරවලින් යේසුස් ක්‍රිස්තුවහන්සේ ගැන අප ඉගෙනගන්නේ මොනවාද?

  • 1 නෙපී 11:22–23 තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන අප ඉගෙනගන්නා තවත් දේවල් මොනවාද?

දරුවන්ට ඉගෙනීමට උදවු කිරීම සඳහා පින්තූර භාවිතා කරන්න. ඔබ දරුවන්ට ශුද්ධලියවිලි කථාවක් උගන්වද්දි, එය මනසින් මවා ගැනීමට ඔවුන්ට උදවු කරන්න. ඔබට පින්තූර, වීඩියෝ, රූකඩ, ඇඳුම් පැළඳුම් ආදිය භාවිතා කරන්න පුළුවන්.

1 නෙපී 13:26–29, 35–36, 40

මොර්මොන්ගේ පොත අනර්ඝ සත්‍යයන් උගන්වනවා.

  • මොර්මොන්ගේ පොතේ ඇති “පැහැදිලි සහ අනර්ඝ” සත්‍යයන් අගය කිරීමට ඔබේ දරුවන්ට උදවු කිරීම සඳහා, ඔබට පින්තූරයක් ඇඳ, එම පින්තූරයේ කොටස් වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. බයිබලයේ ඇති දේවල් කාලයත් සමඟ වෙනස් වී ඒවා ඉවත් කර ඇති බව ඉගැන්වීමට ඔබට මෙය භාවිතා කරන්න පුළුවන්. එකට එකතු වී 1 නෙපී 13:40 කියවා බයිබලයෙන් (“පළමු” වාර්තා) නැති වූ “සරල සහ වටිනා දේවල්” තේරුම් ගැනීමට මොර්මොන්ගේ පොත (“මෙම අවසාන වාර්තා”) අපට උදවු කරන ආකාරය ගැන කතා කරන්න. මොර්මොන්ගේ පොතෙන් ඔබ ඉගෙනගෙන ඇති “පැහැදිලි සහ අනර්ඝ” සත්‍යයන් මොනවාද?

රූපය
විවිධ භාෂා වලින් මොර්මොන්ගේ පොතේ පිටපත්

මහා ඇදහිල්ලෙන් වැටීම අතරතුරදී නැතිවූ ශුභාරංචි සත්‍යයන් මොර්මොන්ගේ පොත මගින් නැවත පිහිටුවනවා.

1 නෙපී 15:23–24

දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලාගෙන සිටීම සාතන්ගේ බලපෑමට එරෙහි වීමට මට උදවු කරනවා.

  • ඔබේ දරුවන්ට ලෙහිගේ දර්ශනය ගැන මතක ඇති දේ බෙදා ගැනීමට අවස්ථාවක් ලබාදෙන්න. පසුගිය සතියේ දළ සටහනේ ඇති පින්තූරයක් වැනි පින්තූරයක් භාවිතා කිරීම එයට උදවු වෙන්න පුළුවන්. මිනිසුන් ගස ළඟට පැමිණීම වැළක්වූයේ කුමක්ද? එයට ළඟා වීමට ඔවුන්ට උදවු කළේ කුමක්ද? පින්තූරයේ ඇති යකඩ අත්වැට සොයා ගැනීමට ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. එකට එකතු වී 1 නෙපී 15:23–24 කියවා යකඩ අත්වැටෙන් නියෝජනය කරන්නේ මොකක්ද සහ එයට අපට උදවු කරන්න පුළුවන් කොහොමද කියා සොයාගන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
මරියා සහ යේසු බිළිඳුන් පිළිබඳ නෙපීගේ දර්ශනය

ජේම්ස් ජොන්සන් විසින්, Nephi’s Vision of Mary [මරියා පිළිබඳ නෙපීගේ දර්ශනය]

මුද්‍රණය කරන්න