එන්න, මා අනුගමනය කරන්න 2024
ජනවාරි 29–පෙබරවාරි 4: “මම නුඹලාගේ ඉදිරි මාර්ගය පිළියෙල කරන්නෙමි.” 1 නෙපී 16–22


“ජනවාරි 29–පෙබරවාරි 4: ‘මම නුඹලාගේ ඉදිරි මාර්ගය පිළියෙල කරන්නෙමි.’ 1 නෙපී 16–22,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“ජනවාරි 29–පෙබරවාරි 4. 1 නෙපී 16–22,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
ලියාහෝනාව පරීක්ෂා කරන මිනිසුන්

ජනවාරි 29–පෙබරවාරි 4: “මම නුඹලාගේ ඉදිරි මාර්ගය පිළියෙල කරන්නෙමි”

1 නෙපී 16–22

ලෙහිගේ පවුල පොරොන්දු දේශය දෙසට ගමන් කරමින් සිටියදී, ස්වාමින්වහන්සේ ඔවුන්ට මෙම පොරොන්දුව දුන්නා: “එසේම නුඹලා මාගේ ආඥා පවත්වන්නාහු නම්, මම නුඹලාගේ ඉදිරි මාර්ගය පිළියෙල කරන්නෙමි” (1 නෙපී 17:13). පැහැදිලිවම, එම පොරොන්දුවෙන් ගමන පහසු වනු ඇතැයි අදහස් කෙරුණේ නෑ—පවුලේ සාමාජිකයන් එකඟ වුණේ නෑ, දුනු කැඩුණා, මිනිසුන් අරගල කර මියගියා, ඒත් ඔවුන්ට අමුද්‍රව්‍ය වලින් නැවක් සෑදීමටද සිදු වුණා. කොහොම වුනත්, මේ පවුලට දුෂ්කරතාවලට හෝ කළ නොහැකි කාර්යයකට මුහුණ දෙන්න වුණාම, ස්වාමින්වහන්සේ කිසිදා දුරස් වෙන්නෙ නැති බව නෙපී හඳුනාගත්තා. දෙවියන්වහන්සේ “උන්වහන්සේ [ඇදහිලිවන්තයන්ව] පෝෂණය කරන බවත්, ඒවගේම ඔවුන්ව ශක්තිමත් කරන බවත්, ඒවගේම උන්වහන්සේ ඔවුන්ට ආඥා කර ඇති දේ කිරීමට හැකිවන පරිදි උන්වහන්සේ ඔවුන්ට මාර්ගය සලසන බවත්” ඔහු දැනසිටියා (1 නෙපී 17:3). නෙපී සහ ඔහුගේ පවුලේ අය වැනි යහපත් මිනිසුන්ට අයහපත් දේ සිදුවන්නේ ඇයි කියා ඔබ කවදා හෝ කල්පනා කරනවානම්, ඔබට මෙම පරිච්ඡේද වලින් අවබෝධයක් ලබාගන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි, නරක දේවල් වුණාම, හොඳ මිනිසුන් කරන දේවල් ඔබට දකින්න පුළුවන්.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

රූපය
සෙමනේරි නිරූපකය

1 නෙපී 16–18

ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට ගැලවුම්කරුවාණන් මට උදවු කරනවා.

අපි සෑමකෙනෙක්ම වගේ—නෙපීගේ පවුලත් දැඩි අභියෝග කිහිපයකට මුහුණ දුන්නා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් විපත්තිවලට මුහුණ දීම ගැන නෙපීගෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් මොනවාද? 1 නෙපී 16:17–32; 16:34–39; 17:7–16; 18:1–4; සහ 18:9–22 තුළ ඔහුගේ අත්දැකීම් ගැන කියවන්න. පහත ඇති මාතෘකා යටතේ ඔබ සොයා ගන්නා දේ සටහන් කිරීම ගැන සලකා බලන්න: “අභියෝග,” “නෙපී ප්‍රතිචාරය දැක්වූ ආකාරය,” සහ “ස්වාමින්වහන්සේ උදවු කළ ආකාරය.” ඔබ මුහුණ දෙන අභියෝගවලට අදාළ වෙන ඔබ ඉගෙන ගන්නා දේවල් මොනවාද?

නෙපී සහ ඔහුගේ පවුලේ අයගෙන් ඉගෙනීමෙන් පසු, ඔබට මෙම මාතෘකා යටතේ අමතර අදහස් සටහන් කරන්න පුළුවන්: “මගේ අභියෝග,” “මම ප්‍රතිචාර දක්වන්නේ කොහොමද,” සහ “ස්වාමින්වහන්සේට මට උදවු කරන්න පුළුවන් කොහොමද.” ඔබ එසේ කරද්දි, ඔබට මෙවැනි ශුද්ධලියවිලි වලට යොමු වෙන්න පුළුවන්: මතෙව් 11:28–30; යොහන් 14:26–27; මොසායා 24:13–15.

තවත් බලන්න ඇන්තනී ඩී. පර්කින්ස්, “අහෝ අප දෙවියන්වහන්ස, ඔබේ දුක්විඳින ශුද්ධවන්තයන්ව සිහිකරන්න,” ලියහෝනා නොවැ. 2021, 103–5.

1 නෙපී 16:10–16, 23–31; 18:11–22

ස්වාමින්වහන්සේ කුඩා හා සරල ආකාර වලින් මට මගපෙන්වනවා.

දෙවියන්වහන්සේ ලෙහිගේ පවුල වනාන්තරයට ගෙන යන අතරේ, උන්වහන්සේ ගමනේ සෑම විස්තරයක්ම පෙන්වන සිතියමක් ඔවුන්ට ලබාදුන්නේ නෑ. ඒ වෙනුවට, උන්වහන්සේ ඔවුන්ට ලබාදුන්නේ ඔවුන්ට දිනපතා මගපෙන්වීම සඳහා ලියහෝනාවක්. ඔබ 1 නෙපී 16:10–16, 23–31, සහ 18:11–22, කියවද්දි, දෙවියන්වහන්සේ තම දරුවන්ට මගපෙන්වන ආකාරය පෙන්වන මූලධර්ම ලැයිස්තුවක් සැකසීම ගැන සලකා බලන්න (නිදසුනක් වශයෙන්, 1 නෙපී 16:10 තුළින් දෙවියන්වහන්සේ සමහර අවස්ථා වලදී අනපේක්ෂිත ආකාර වලින් අපට මගපෙන්වන බව උගන්වනවා). ලියහෝනාව සහ ශුද්ධාත්මයාණන්වහන්සේ අතර ඔබ දකින සමානකම් මොනවාද? උන්වහන්සේ ඔබේ ජීවිතයට “ශ්‍රේෂ්ඨ දේවල්” ගෙනා “කුඩා ආකාර” මොනවාද?

තවත් බලන්න ඇල්මා 37:7, 38–47; දහම සහ ගිවිසුම් 64:33–34.

රූපය
ලෙහි ලියහෝනාව භාවිතා කරමින්

ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, If Ye Are Prepared Ye Shall Not Fear [ඔබ සූදානම් නම් ඔබ බිය විය යුතු නැත]

1 නෙපී 17:1–6, 17–22

මගේ පීඩා ආශිර්වාදයක් වෙන්න පුළුවන්.

නෙපී සහ ඔහුගේ සහෝදරයන් වනාන්තරයේදී එකම අභියෝගවලට මුහුණ දුන්නත්, ඔවුන්ගේ අත්දැකීම් ඊට හාත්පසින්ම වෙනස්. සමහරවිට ඔබේ පවුලට නෙපීගේ පාළුකරයේ සංචාරයේ කථාව (බලන්න 1 නෙපී 17:1–6) ඔහුගේ සහෝදරයන්ගේ කථාව (බලන්න 1 නෙපී 17:17–22) සමඟ සසඳන්න පුළුවන්. නෙපී දැන සිටි හෝ කළ, ඔහුට ඇදහිලිවන්ත ඉදිරිදර්ශනයක් ඇති කර ගැනීමට උදවු වූ දේවල් මොනවාද? මෑතකාලීනව සිදු වූ හෝ දැන් සිදුවෙමින් ඇති අභියෝගයක් ගැන, ඇදහිල්ල සහ කෘතඥතාවයේ දෘෂ්ටිකෝණයකින් ලිවීම ගැන සලකා බලන්න. මෙයින් ඔබට හැඟෙන්නේ හෝ ඔබ ඉගෙනගන්නේ මොනවාද?

තවත් බලන්න ඒමි. ඒ. රයිට්, “ක්‍රිස්තුස්වහන්සේ බිඳුණු දේ සුව කරයි,” ලියහෝනා, මැයි 2022, 81–84.

නිහඬව ආවර්ජනය කිරීමේ කාලය. සිතීමට, මෙනෙහි කිරීමට, ආවර්ජනය කිරීමට හෝ ලිවීමට කාලය ගත කිරීම දේවානුභාවයන් ලැබීමට හේතු වෙන්න පුළුවන්. ශුභාරංචියේ දහම් සහ මූලධර්ම අපගේ ජීවිතයට සම්බන්ධ වන්නේ කෙසේදැයි බැලීමට එමගින් අපිට උදවු වෙන්න පුළුවන්. ඔබ අනෙක් අයට උගන්වද්දි, ඔවුන්ගේ හැඟීම් ආවර්ජනය කිරීමට සහ ලිවීමට ඔවුන්ට කාලය ලබා දෙන්න. මේ මගින් ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් අනෙක් අය සමඟ බෙදා ගැනීමට ඇති කැමැත්ත ද වැඩි වෙන්න පුළුවන්.

1 නෙපී 19:22–24; 20–22

මට “සියලු ශුද්ධලියවිලි මා හට අදාළ කරගන්න” පුළුවන්.

ශුද්ධලියවිලි බොහෝ කලකට පෙර ලියා තිබෙන නිසා, ඒවා අද අපට අදාළ නොවන බව පෙනී යන්න පුළුවන්. නමුත් නෙපී වඩාත් හොඳින් දැන සිටියා. නෙපී මෙහෙම කිව්වා, “මම සියලු ශුද්ධලියවිලි අපට අදාළ කළේ, ඒවා අපගේ ලාභය හා ඉගෙනීම සඳහා වන පිණිසය” (1 නෙපී 19:23). ශුද්ධලියවිලිවල එතරම් අධ්‍යාත්මික බලයක් නෙපී සොයා ගැනීමට මෙය එක් හේතුවක් වුණා.

ඔබ 1 නෙපී 20–22 කියවද්දි පහත සඳහන් ප්‍රශ්න සලකා බලන්න:

1 නෙපී 20:1–9.යෙසායාගේ කාලයේ සිටි පුද්ගලයින් ගැන මෙම පද උගන්වන්නේ මොනවාද? ඔබ දකින ඔබට අදාළ වන දේවල් මොනවාද?

1 නෙපී 20:17–22.යෙසායාගේ කාලයේ පුද්ගලයින්ව ස්වර්ගික පියාණන්වහන්සේ මෙහෙයවූ ආකාරය ගැන මෙම පද උගන්වන්නේ මොනවාද? උන්වහන්සේව අනුගමනය කිරීමට උන්වහන්සේ ඔබට ආරාධනා කරන්නේ කෙසේද?

1 නෙපී 20–22 තුළ ඔබට “අදාළ” කරගන්න පුළුවන් තවත් දේවල් මොනවාද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

1 නෙපී 16:10, 28–29; 18:8–13, 20–22

මම ආඥා පිළිපදිද්දි, ස්වාමින්වහන්සේ මට මගපෙන්වනවා.

  • ඔබට මාලිමාවක්, සිතියමක් හෝ අපගේ මාර්ගය සොයා ගැනීමට උදවු වන වෙනත් යමක් තිබේ නම්, ඔබට එය ඔබේ දරුවන්ට පෙන්වන්න පුළුවන්. 1 නෙපි 16:10, 28–29 තුළ ඔබට කියවිය හැකි ලියහෝනාව පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට මෙය හොඳ ක්‍රමයක් වෙන්න පුළුවන්. මාලිමාවක් හෝ සිතියමක් ක්‍රියා නොකළ හැකි හේතු මොනවාද? ලියාහෝනාව සමහර අවස්ථා වල ලෙහිගේ පවුල වෙනුවෙන් වැඩ නොකළේ ඇයි? (බලන්න1 නෙපී 18:9–12, 20–22). අපව නැවත උන්වහන්සේ වෙතට මගපෙන්වීමට ස්වර්ගීය පියාණන්වහන්සේ අද අපට දී ඇත්තේ මොනවාද?

  • 1 නෙපි 16:10, 26–31; 18:8–22 තුළ ලියහෝනාව ගැන ඉගෙන ගන්නා දේ අදාළ කර ගැනීමට ඔබේ දරුවන්ට උදවු කිරීමට, වැදගත් හෝ දුෂ්කර තීරණයක් ගැන සිතා බැලීමට ඔබට ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන්. අද අපට මගපෙන්වීමට, දෙවියන්වහන්සේ අප වෙනුවෙන් දී ඇති ලියහෝනාව මෙන් ක්‍රියා කරන දේවල් මොනවාද? (උදාහරණ සඳහා බලන්න, ඇල්මා 37:38–44.) ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට මගපෙන්වූ පෞද්ගලික අත්දැකීමක් බෙදාගැනීම ගැන සලකා බලන්න.

1 නෙපී 16:21–32

මට මගේ පවුලට හොඳ ආදර්ශයක් වෙන්න පුළුවන්.

  • ඔබ එකට එකතු වී 1 නෙපී 16:21–32 කියවද්දි, නෙපීගේ ආදර්ශය ඔහුගේ පවුලට ආශිර්වාද කළ ආකාරය සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. අපිට නෙපී වගේ වෙන්න පුළුවන් කොහොමද වැනි සාකච්ඡාවකට මෙයින් මගපෙන්වන්න පුළුවන්. පවුලේ අනෙකුත් සාමාජිකයින්ට හොඳ බලපෑමක් වීමට ඔවුන්ට කළ හැකි එක් දෙයක් සැලසුම් කිරීමට ඔබේ දරුවන් ආරාධනා කරන්න.

1 නෙපී 17:7-19; 18:1-4

මට අපහසු දේවල් කිරීමට උදව් කරන්න ස්වර්ගික පියාණන්වහන්සේට පුළුවන්.

  • දරුවන් කතන්දර කියනවාට කැමතියි. බෝට්ටුවක් තැනීමට නෙපීට අණ කළ කතාව පැවසීමට ඔබට උදවු කරන ලෙස ඔබට ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන් (බලන්න 1 නෙපී 17:7–19; 18:1–4. බෝට්ටුව සෑදීමට උත්සාහ කිරීම ගැන නෙපීගේ සහෝදරයන් ඔහුට සමච්චල් කළ විට ඔහුට ධෛර්යමත් වීමට උදවු වුණේ මොනවාද?

  • නෙපී බෝට්ටුවක් තැනීම ගැන දැනගෙන සිටියේ නෑ, ඒ නිසා ඔහු ස්වාමින්වහන්සේගේ උපදෙස් මත විශ්වාසය තැබුවා. 1 නෙපී 18:1 කියවීමෙන් පසු, ඔබේ දරුවන්ට ඔබ සමඟ මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව සම්පූර්ණ කරන්න පුළුවන්. ඔවුන් එසේ කරද්දි, නෙපීට උදව් කළාක් මෙන්, අපහසු ක්‍රියාවන් කිරීමට ස්වර්ගික පියාණන්වහන්සේ අපට උදවු කරන්නේ කෙසේද කියා ඔවුන් සමඟ කතා කරන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
නෙපී සහ ඔහුගේ පවුලේ අය බෝට්ටුවක

වෝල්ටර් රනේ විසින්, They Did Treat Me with Much Harshness [ඔවුන් මට ඉතා දැඩි ලෙස සලකන ලදි]

මුද්‍රණය කරන්න