එන්න, මා අනුගමනය කරන්න 2024
පෙබරවාරි 5–11: “ශ්‍රේෂ්ඨ මැදිහත්කරුවාණන් තුළින් නිදහස හා සදාකාල ජීවනය තෝරා ගැනීමට ඇති නිදහස.” 2 නෙපී 1–2


“පෙබරවාරි 5–11 ‘ශ්‍රේෂ්ඨ මැදිහත්කරුවාණන් තුළින් නිදහස හා සදාකාල ජීවනය තෝරා ගැනීමට ඇති නිදහස.’ 2 නෙපී 1–2,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා:: මොර්මොන්ගේ පොත 2024 (2024)

“පෙබරවාරි 5–11. 2 නෙපී 1–2,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
ආදම් සහ ඒව ඒදන් උයනෙන් පිටත්වීම

ඩග්ලස් ෆ්‍රයර් විසින්, Adam and Eve [ආදම් සහ ඒව]

පෙබරවාරි 5–11: “ශ්‍රේෂ්ඨ මැදිහත්කරුවාණන් තුළින් නිදහස හා සදාකාල ජීවනය තෝරා ගැනීමට ඇති නිදහස”

2 නෙපී 1–2

ඔබේ ජීවිතය අවසානයකට පැමිණෙන බව ඔබ දැනගෙන ඉන්නවා නම්, ඔබ වඩාත්ම ආදරය කරන අය සමඟ බෙදාගැනීමට ඔබට අවශ්‍ය අවසාන පණිවිඩ මොනවාද? අනාගතවක්තෘ ලෙහිට ඔහු තම ජීවිතයේ අවසානය කරා ළඟා වෙමින් සිටි බව හැඟුණු විට, ඔහු අවසන් වරට තම පවුල එක්රැස් කළා. දෙවියන්වහන්සේ ඔහුට එළිදරව් කළ දේ ඔහු ඔවුන් සමඟ බෙදාගත්තා. ඔහු මෙසියස්වහන්සේ පිළිබඳ සාක්ෂි දැරුවා. ඔහු විසින් වටිනාකමක් දුන් එම ශුභාරංචි සත්‍යයන් ඔහුට වටිනා පුද්ගලයන් හට ඔහු ඉගැන්නුවා. ඔහු නිදහස, කීකරුකම, ආදම් සහ ඒවගේ වැටීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් මිදීම සහ ප්‍රීතිය ගැන කතා කළා. ඔහුගේ සියලු දරුවන් ඔහු ඉගැන්වූ දේවල් අනුව ජීවත් වීමට තීරණය කළේ නෑ—අප කිසි කෙනෙකුට අපගේ ආදරණීයයන් සඳහා එවැනි තේරීම් කරන්න බැහැ. නමුත් “නිදහස හා සදාකාල ජීවනය තෝරා ගැනීමට” අපට නිදහස ලබාදෙන ගැලවුම්කරුවාණන් ගැන ඉගැන්වීමට සහ සාක්ෂි දැරීමට අපිට පුළුවන් (2 නෙපී 2: 26–27).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

2 නෙපී 1:13–29.

“අවදි වන්න! සහ දූවිල්ලෙන් නැගිටින්න” මට පුළුවන්.

2 නෙපී 1:13–29 තුළ, ලාමන් සහ ලැමුවෙල්ගේ අධ්‍යාත්මික තත්ත්වය විස්තර කිරීමට ලෙහි භාවිතා කළ වචන සැලකිල්ලට ගන්න. ආත්මික “ගැඹුරු නින්දකින්” අවදි වීමට ඔබට උදවු වෙන්නේ මොනවාද? ඔබේ ජීවිතයේ ආත්මික “දම්වැල්” සොලවන්නට ඔබට උදවු වෙන්නේ මොනවාද? 15 වෙනි පදය තුළ ලෙහිගේ සාක්ෂිය සහ 23 වෙනි පදය තුළ ඔහුගේ ආරාධනය ගැන සිතන්න. මෙම පදවල ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබට දෙන පණිවිඩය කුමක්ද?

දෘෂ්‍ය ආධාර භාවිතා කරන්න. දෘශ්‍ය ආධාර භාවිතා කිරීම ඉගෙන ගන්නන්ට ශුභාරංචි සත්‍යයන් තේරුම් ගැනීමට සහ ඒවා දිගු කාලයක් මතක තබා ගැනීමට උදවු වෙනවා. ඔබ මෙම දළ සටහනෙන් ඉගැන්වීමට සූදානම් වෙද්දි, ඔබට භාවිතා කළ හැකි දෘෂ්‍ය ආධාර මොනවාදැයි සලකා බලන්න. උදාහරණයක් ලෙස, සමහරවිට කඩදාසි දාමයක් 2 නෙපී 1:13 හෝ 2 නෙපී 2:27 තුළ ලෙහිගේ වචන තේරුම් ගැනීමට ඉගෙන ගන්නන්ට උදවු වෙන්න පුළුවන්.

රූපය
සෙමනේරි නිරූපකය

2 නෙපී 2

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මට “නිදහස සහ සදාකාල ජීවනය තෝරා ගැනීමට නිදහස තිබෙනවා.”

ලෙහිගේ පවුල දැන් සිටින්නේ අලුත් හැකියාවන්ගෙන් පිරිපුන් නව ප්‍රදේශයකයි. මෙම නව ස්ථානයේ ඔවුන් කරන ලද තෝරාගැනීම් ඔවුන්ගේ සාර්ථකත්වය සහ සතුට සඳහා වැදගත් වෙනවා. 2 නෙපී 2 තුළ තෝරා ගැනීමේ නිදහස හෝ තෝරා ගැනීමක් කිරීමට ඇති හැකියාව ගැන ලෙහි තම පුත් යාකොබ්ට ඉගැන්වූයේ මේ නිසා වෙන්න පුළුවන්. ඔබ 11–30 පද අධ්‍යයනය කරද්දි, මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න:

  • සමහර අය තෝරා ගැනීමේ නිදහස වේදනාවක් ගෙනෙදෙන ආකාරයෙන් භාවිතා කළත්, ස්වර්ගික පියාණන්වහන්සේට එය එතරම් වැදගත් වන්නේ ඇයි?

  • විරුද්ධවාදියා ඔබේ තෝරාගැනීමට ඇති නිදහස දුර්වල කිරීමට හෝ විනාශ කිරීමට උත්සාහ කරන්නේ කොහොමද?

  • “නිදහස සහ සදාකාල ජීවනය තෝරා ගැනීමට” ගැලවුම්කරුවාණන් ඔබට උදවු කරන්නේ කොහොමද (27 වෙනි පදය)?

2 නෙපී 2 තුළ තෝරා ගැනීමට ඇති නිදහස ගැන ඉගෙන ගැනීමට තවත් ක්‍රමයක් මෙන්න: අපට තෝරාගැනීමට ඇති නිදහස ඇතිකර ගැනීමට සහ අපගේ දිව්‍යමය හැකියාවන් කරා ළඟා වීමට අත්‍යවශ්‍ය දේවල් සොයන්න. උදාහරණයක් ලෙස:

මෙම දේවල් එකක් හෝ කිහිපයක් අතුරුදහන් වුවහොත් අපගේ තෝරාගැනීමේ නිදහසට මොකක් වෙයිද?

යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් සඳහා මාර්ගෝපදේශය තුළ කොටස් හයෙන් සෑම එකකම “ආරාධනා” සහ “පොරොන්දු වූ ආශිර්වාද” අඩංගු වෙනවා. මෙම අංශවලින් එකක් හෝ කිහිපයක් දෙස බලා, ඔබ ඔබේ ජීවිතයට බලාපොරොත්තු වන පොරොන්දු වූ ආශිර්වාදයක් තෝරාගන්න. මෙම ආශිර්වාදය ලබා ගැනීමට ඔබට ක්‍රියා කිරීමට අවශ්‍ය ආරාධනය මොකක්ද? මෙම ආරාධනා පිළිපැදීමෙන් ඔබට ලැබුණු ආශිර්වාද යමෙකු සමඟ බෙදා ගැනීම ගැන සලකා බලන්න.

2 නෙපී 2:1–4, 6–25

දෙවියන්වහන්සේට මගේ පරීක්ෂාවන් ආශිර්වාද බවට පත්කරන්න පුළුවන්.

තම කුඩා පුත් යාකොබ් ඔහුගේ ළමා කාලය තුළ “පීඩා” සහ “බොහෝ ශෝකයට” ගොදුරු වන බව ලෙහි දැන සිටියා (2 නෙපී 2:1). ඔබ සිතන ආකාරයට 2 නෙපී 2:1–3, 6–25 තුළ ලෙහිගේ සාක්ෂිය යාකොබ්ට වටින්නේ ඇයි? මෙය ඔබට වටින්නේ ඇයි? ඔබට විශේෂයෙන් බලවත් යැයි හැඟෙන වචන සහ වාක්‍ය ඛණ්ඩ සොයන්න. ඔබේ ලාභය සඳහා දෙවියන්වහන්සේ ඔබේ දුක් වේදනා කැප කර ඇත්තේ කෙසේද? (බලන්න 2 නෙපී 2:2.)

තවත් බලන්න රෝම 8:28; ඩේල් ජී. රෙන්ලන්ඩ්, “කෝපයට පත් අසාධාරණය,” ලියහෝනා, 2021 මැයි, 41–45.

2 නෙපී 2:15–29

වැටීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම කියන්නෙ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ අත්‍යවශ්‍ය කොටස්.

වැටීම ඛේදවාචකයක් පමණක් බව, සහ ඒව සහ ආදම් පලතුරු අනුභව කිරීමට තෝරා ගත් විට ස්ථිර වැරැද්දක් කළ බව බොහෝ අය විශ්වාස කරනවා. 2 නෙපී 2:15–28 තුළ, ලෙහි වැටීම ගැන සහ ක්‍රිස්තුස්වහන්සේ තුළින් මිදීම ගැන අමතර සත්‍යන් උගන්වනවා. ඔබ මෙම පද සොයද්දි, ඒදන් උයනේ සිදු වූ සත්‍යන් පිළිබඳ ලැයිස්තුවක් සාදන්න. මෙවැනි ප්‍රශ්න උදවු වෙන්න පුළුවන්:

  • වැටීම අවශ්‍ය වුණේ ඇයි?

  • වැටීමේ බලපෑම් ජයගැනීමේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉටුකළ කාර්යභාරය මොකක්ද?

  • වැටීම නිවැරදිව වටහා ගැනීම මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අවශ්‍යතාවය අපට වඩා හොඳින් තේරුම් ගැනීමට උදවු කරන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

හොවර්ඩ් ලයෝන් විසින්, Let Not Your Heart Be Troubled [ඔබේ හදවත කැළඹීමට ඉඩ නොදෙන්න]

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

2 නෙපී 1:13, 15, 23

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පාපයේ ප්‍රතිවිපාක ජය ගැනීමට මට උදවු කරනවා.

  • ඔබේ දරුවන්ට පාපයේ “දම්වැල් සොලවන්න” යන ලෙහිගේ ආරාධනය තේරුම් ගැනීමට උදවු කිරීම සඳහා, ඔබට එකට එකතු වී කඩදාසි කැබලිවලින් දම්වැලක් හදන්න පුළුවන්. කුඩා කඩදාසි තීරු මත, සාතන් අපව පොළඹවන සමහර දේවල් ලිවීමට ඔබට උදවු වෙන්න ඔබේ දරුවන්ට පුළුවන්. එවිට ඔබට එකට එකතු වී 2 නෙපී 1:13, 15, 23 කියවන අතරතුර කඩදාසි දාමය සෙලවීම ඇතුළුව—මෙම පදවල ඇති සමහර වාක්‍ය ඛණ්ඩ රඟපාන්න පුළුවන්. පාපය දම්වැලක් වගේ වෙන්නෙ කොහොමද? පාපයේ “දම්වැල් සොලවන්නට” යේසුස්වහන්සේ අපිට උදව් කරන්නේ කොහොමද?

2 නෙපී 1:20

දෙවියන්වහන්සේගේ ආඥාවලට මම කීකරු වෙද්දි මට ආශිර්වාද ලැබෙනවා.

  • පාවහන්, තොප්පි, අත්වැසුම් හෝ අපව ආරක්ෂා කරන වෙනත් දේවල් සමඟ දෙවියන්වහන්සේගේ ආඥා සැසඳීම එය තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට උදවු වෙයිද? ආඥා අපව ආරක්ෂා කරන ආකාරය ගැන ඔබ කතා කරද්දි ඒවායින් සමහරක් පැළඳීමට ඔවුන්ට ඉඩ දෙන්න පුළුවන්. ඉන්පසු ඔබට 2 නෙපී 1:20 කියවා, අප ආඥා පිළිපදිද්දි අපි “සමෘද්ධිමත්” (ආශිර්වාද හෝ ආරක්‍ෂාව ලබන) වන බව අවධාරණය කරන්න පුළුවන්. ආඥා පිළිපැදීමෙන් ඔබට ආශිර්වාද ලැබුණු හෝ ඔබ ආරක්ෂා වුණු අත්දැකීමක් බෙදා ගන්න.

  • සමෘද්ධිමත් වීම සහ දෙවියන්වහන්සේගෙන් ඈත් වීම අතර වෙනස නිදර්ශනය කිරීම සඳහා (බලන්න 2 නෙපී 1:20), ඔබට සහ ඔබේ දරුවන්ට නිරෝගී පැළයක් සහ ශාකයෙන් කපා දැමූ කොළයක් හෝ අත්තක් දෙස බලන්න පුළුවන්. ඉන්පසු ඔබේ දරුවන්ට නෙපී සහ ඔහුගේ සහෝදරයන් කළ තේරීම් ගැන සමාලෝචනය කර බලන්න පුළුවන් (බලන්න 1 නෙපී 2:11–16; 3:5–7; 18:9–11). මෙම තේරීම්වල ප්‍රතිඵල මොනවාද? දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධව සිටීමට අපට උදවු වන තෝරාගැනීම් මොනවාද?

2 නෙපී 2:11, 16, 27

දෙවියන්වහන්සේ මට තෝරා ගැනීමේ නිදහස ලබා දුන්නා.

  • ප්‍රතිවිරුද්ධ දේ සහ තෝරාගැනීම සම්බන්ධව, ලෙහි ඉගැන්වූ දේ ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උදවු කිරීමට, ඔබ වචනයක් (ආලෝකය වැනි) පවසද්දි ඔබේ දරුවන් එහි විරුද්ධ වචනය (අඳුරු) කීමේ ක්‍රීඩාවක් දරුවන් සමඟ ඔබට කරන්න පුළුවන්. ඔබ එකට එකතු වී 2 නෙපී 2:11, 16 කියවද්දි ප්‍රතිවිරුද්ධ දේ දෙවියන්වහන්සේගේ සැලැස්මේ කොටසක් වන්නේ ඇයි කියා ඉගෙන ගැනීමට ඔවුන්ට උදවු කරන්න. එවිට ඔබට වැරදි තේරීමක් කිරීමට පෙළඹෙන දරුවෙකු පිළිබඳ කථා බෙදා ගන්න පුළුවන්. ඔබේ දරුවන්ට වැරදි තේරීමේ ප්‍රතිවිරුද්ධ දෙය බෙදාගෙන එය රඟපාන්න පුළුවන්.

  • “නිදහස” සහ “වහල්භාවය” (2 නෙපී 2:27) අතර වෙනස ගැන ඉගෙන ගැනීමට, ඔබේ දරුවන්ට කූඩුවක සිටින සතෙකුගේ සහ ස්වභාවික පරිසරයේ සිටින සතෙකුගේ පින්තූර අඳින්න පුළුවන්. නිදහසේ සිටින්නේ කුමන සත්වයාද? 2 නෙපී 2:27 තුළ “නිදහස්” යන වචනය කියවද්දි නිවැරදි පින්තූරය පෙන්වීමට දරුවන්ට ආරාධනා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව නිදහස් කරන බවට සාක්ෂි බෙදාගන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ලෙහිගේ පවුල වෙරළේ දණගසා සිටීම

ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, Lehi and His People Arrive in the New World [ලෙහි සහ ඔහුගේ ජනතාව නව ලොවට පැමිණීම]

මුද්‍රණය කරන්න