කෝපයට පත් අසාධාරණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අසාධාරණය තේරුම්ගන්නවා එමෙන්ම උන්වහන්සේට එයට පිළියමක් දීමට බලය තිබෙනවා.
1994 දී, අර්ධ වශයෙන් ගැඹුරු ගෝත්‍රික ආතතීන් නිසා, නැගෙනහිර අප්‍රිකානු රටක් වන රුවන්ඩාවේ ජන සංහාරයක් සිදුවුණා. ඇස්තමේන්තු අනුව මිලියන භාගයකට වඩා මිනිසුන්ව මරණයට පත්කොට තිබුණා.1 කැපීපෙනෙන ලෙස , රුවන්ඩාවේ ජනතාව බොහෝ දුරට සමගි වී ඇති නමුත්,2 මෙම සිදුවීම් දිගින් දිගටම ප්රතිරාවය වෙනවා.
දශකයකට පෙර, රුවන්ඩාවට යන අතරතුර, මගේ බිරිඳ සහ මම කිගාලි ගුවන් තොටුපලේදී තවත් මගියෙකු සමඟ සංවාදයක් ආරම්භ කළා. ජන සංහාරයේ අසාධාරණය ගැන ඔහු විලාප නගමින් තියුණු ලෙස මෙසේ ඇසුවා, “මෙහි දෙවියන් කෙනෙක් සිටියා නම්, ඔහු ඒ ගැන යමක් නොකර ඉන්න තිබුණාද?” මේ මිනිසාට—හා අපගෙන් බොහෝ දෙනෙකුට—දුක් විඳීම හා කුරිරු අසාධාරණය කරුණාවන්ත, ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේගේ යථාර්ථයට නොගැලපෙනවා යැයි පෙනෙන්නට පුලුවන්. එහෙත් උන්වහන්සේ සැබෑයි, උන්වහන්සේ කරුණාවන්තයි, ඒවගේම උන්වහන්සේ සිය සෑම දරුවෙකුටම පරිපූර්ණ ලෙස ප්‍රේම කරනවා. මෙම ද්විධාකරණය මානව වර්ගයා තරම් පැරණි වන අතර සරල ශබ්ද කෝෂයකින් හෝ විශාල ස්ටිකරයකින් විස්තර කළ නොහැකියි.
ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට පටන්ගැනීම සඳහා, අපි විවිධ ආකාරයේ අසාධාරණකම් ගවේෂණය කරමු. ගෙදර දොරේ පොදු වැඩ කටයුතු කිරීම වෙනුවන් සෑම දරුවෙකුටම සතිපතා මුදල් දීමනාවක් ලබාදෙන පවුලක් ගැන සලකා බලන්න. එක් පුතෙක් ජෝන් පැණිරස කෑම මිලදී ගත්තා; එක් දියණියක් වන, ඇනා, ඇගේ මුදල් ඉතිරි කළා. අවසානයේදී, ඇනා තමාටම බයිසිකලයක් මිලදී ගත්තා. ජෝන් සිතුවේ ඔහුට බැරි වුණු නිසා, ඇනා බයිසිකලයක් ලබාගැනීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවයි. නමුත් ජෝන්ගේ තේරීම් අසමානතාවය ඇති කළේ, දෙමාපියන්ගේ ක්‍රියාවන් නොවේ. පැණිරස ආහාරයට ගැනීම වැනි ක්ෂ්ණික පිනවීමක් අත්හැර දැමීමට ඇනා ගත් තීරණය, ජෝන් හට කිසිඳු අසාධරණයක් සිදුකළේ නෑ, මොකද ජෝන්ටත් ඔහුගේ සහෝදරියට සමානම වූ අවස්ථාවක් තිබුණා.
අපගේ තීරණ වලටත් දිගු කාලීන වාසි හෝ අවාසි ලබාදිය හැකියි. ස්වාමින්වහන්සේ හෙළිකළ ලෙස, “තවද පුද්ගලයෙකු මෙම ජීවිතයේ ඔහුගේ උද්යෝගයෙන් සහ කීකරුකමින් වෙනකෙනෙකුට වඩා වැඩියෙන් දැනුම සහ ඥානය ලබාගන්නේද, ඔහු පැමිණෙන්නාවූ ලෝකයේ අති මහත් වාසියක් ලබන්නේය.”3 අන් අයගේ කඩිසර තේරීම් නිසා ඔවුන් ප්රතිලාභ ලබන විට, අපට එම අවස්ථාවම තිබූ නිසා අපට අසාධාරණ ලෙස සැලකූ බව අපට නිගමනය කළ නොහැකියි.
මගේ බිරිඳ වන රූත් කුඩා කාලයේදී මුහුණදුන් තත්වයක් එවැනි තවත් අසාධාරණකට උදාහරණයක් ලබාදෙනවා. එක දවසක්, ඇගේ මව නව සපත්තු මිලදී ගැනීම සඳහා බාල සොහොයුරියක් වන මෙර්ලා රැගෙන යන බව රූත් දැනගත්තා. රූත් මෙසේ කියමින් පැමිණිලි කළා, “අම්මේ, ඒක හරිම අසාධාරණයි! ඉස්සල්ලා වතාවෙත් මෙර්ලාට අලුත් සපත්තු යුගලයක් ලැබුණා.”
රූත්ගේ මව මෙහෙම ඇසුවා, “රූත්, ඔබේ සපත්තු කකුලට හරියනවද?”
“ඔව්, හොඳයි” කියා රූත් පිළිතුරු දුන්නා.
එවිට රූත්ගේ මව මෙසේ පැවසුවා “මෙර්ලාගේ සපත්තු තවදුරටත් කකුලට හරියන්නේ නෑ.”
පවුලේ සෑම දරුවෙකුටම හරියන සපත්තු තිබිය යුතු බවට රූත් එකඟ වුණා. රූත් නව සපත්තු වලට කැමති වුනත්, තත්වයන් පිළිබඳ ඇය තම මවගේ ඇස් වලින් දුටු විට අසාධාරණ ලෙස සැලකීම පිළිබඳ ඇගේ මතය පහව ගියා.
සමහර අසාධාරණයන් පැහැදිලි කළ නොහැකියි; පැහැදිලි කළ නොහැකි අසාධාරණය කෝපයට කරුණක්. අසාධාරණය පැමිණෙන්නේ අසම්පූර්ණ, තුවාල වූ, හෝ රෝගී වූ ශරීර සමඟ ජීවත් වීමෙන්. ලෞකික ජීවිතය සහජයෙන්ම අසාධාරණයි. සමහර අය ධනවත් ලෙස උපත ලබනවා: අනෙක් අය එහෙම නෑ. සමහරුන්ට ආදරණීය දෙමාපියන් සිටින අතර: තවත් සමහරුන්ට එසේ නෑ. සමහරු අවුරුදු ගණනාවක් ජීවත් වෙනවා: අනෙක් අය පොඩි කාලයයි. ඒවගේ ගොඩක් කාරණා දිගටම තියනවා. සමහර අය යහපත කරන්න උත්සාහ කරන විට පවා හානිකර වැරදි සිදුවෙනවා. සමහරු තමන්ට හැකිවිටත් අසාධාරණය සමනය නොකිරීමට තීරණය කරනවා. කණගාටුවට කරුණක් නම්, සමහර පුද්ගලයන් තමන්ට දෙවියන්වහන්සේ විසින් දෙන ලද තෝරාගැනීමේ නිදහස භාවිතා කරන්නේ අන් අයට කිසිවිටෙකත් නොකළ යුතු අවස්ථා වලදී පවා ඔවුන්ට රිදවීමටයි.
විවිධ ආකාරයේ අසාධාරණකම් වලට ඒකාබද්ධ විය හැකි අතර, අධික අසාධාරණයක සුනාමියක් නිර්මාණය කරන්න පුලුවන්. නිදසුනක් ලෙස, COVID-19 වසංගතය දැනටමත් බහුකාර්ය, යටින් පවතින අවාසි වලට භාජනය වන අයට විෂමානුපාතික ලෙස බලපානවා. එවැනි අසාධාරණ වලට මුහුණදෙන අය ගැන මගේ හදවතට වේදනාවක් එනවා, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අසාධාරණය තේරුම්ගන්නටත්, එමෙන්ම එයට පිළියමක් ලබාදීමටත් බලය ඇති බව මම මගේ මුළු හදවතින්ම ප්‍රකාශ කරනවා. උන්වහන්සේ විඳදරාගත් අසාධාරණයට කිසිවක් සමාන කරන්නට බෑ. උන්වහන්සේ මිනිස් සංහතියේ සියලුම දුක් වේදනා සහ කරදර අත්විඳීම සාධාරණ නෑ. උන්වහන්සේ මාගේ සහ ඔබගේ පාප හා වැරදි නිසා දුක් විඳීම සාධාරණ නෑ. නමුත් උන්වහන්සේ එසේ කිරීමට තෝරාගත්තේ අපට හා ස්වර්ගික පියාණන්වහන්සේ කෙරෙහි ඇති උන්වහන්සේගේ ප්‍රේමය නිසායි. අප අත්විඳින දේ උන්වහන්සේ පරිපූර්ණව වටහාගන්නවා.4
පුරාණ ඊශ්‍රායෙලිතයන් දෙවියන්වහන්සේ තමන්ට අසාධාරණයක් කළ බවට පැමිණිලි කළ බව ශුද්ධලියවිල්ලේ සඳහන් වෙනවා. ඊට පිළිතුරු ලෙස, යොහෝවා මෙසේ ඇසුවා, “මක්නිසාද කිරිබොන තමාගේ දරුවෙකු අමතක කිරීමට ස්ත්‍රීයකට හැකිද, ඇයගේ කුසයේ පුත්‍රයාට අනුකම්පාව නොදැක්විය හැකිද?” ප්‍රේමණීය මවක් තම ළදරු දරුවා අමතක කරනු ඇතැයි සිතිය නොහැකි තරමට, යෙහෝවා ප්‍රකාශ කළේ උන්වහන්සේගේ කැපවීම ඊටත් වඩා ස්ථීර බවයි. උන්වහන්සේ මෙසේ තහවුරු කළා: “එසේය, ඔවුන්ට මතක නැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි. … බලව, මම මාගේ අතුල්වල නුඹ කොටාගතිමි; නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ.”5 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අසීමිත, වන්දිගෙවීමේ පරිත්‍යාගය විඳදරාගත් නිසා, උන්වහන්සේ අප සමඟ පරිපූර්ණව සංවේදනය කරනවා.6 උන්වහන්සේ නිතරම අප ගැනත් අපේ තත්වයන් ගැනත් දන්නවා.
ලෞකිකත්වයේදී, අපට ගැලවුම්කරුවා වෙතට “නිර්භීතව” පැමිණ අනුකම්පාව, සුවය සහ උපකාර ලබාගත හැකියි.7 අප විස්තර කළ නොහැකි ලෙස දුක් විඳිමින් සිටියත්, දෙවියන්වහන්සේට සරල, සාමාන්‍ය හා විශ්මයජනක ආකාර වලින් අපට ආශිර්වාද කළ හැකියි. මෙම ආශිර්වාද හඳුනාගැනීමට අප ඉගෙනගන්නා විට, දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අපගේ විශ්වාසය වැඩි වෙනවා. සදාකාලයේදී, ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියලු අසාධාරණයන් විසඳනවා. අපට තේරුම්ගත හැකි ලෙස දැනගන්නට අවශ්‍ය වන්නේ කෙසේද සහ කවදාද යන්නයි. උන්වහන්සේලා එය කරන්නට යන්නේ කෙසේද? උන්වහන්සේලා එය කරන්නට යන්නේ කවදාද? මගේ දැනුමට අනුව, කෙසේද හෝ කවදාද යන්න උන්වහන්සේලා හෙළිකර නෑ.8 නමුත් මා දන්නා දෙය නම් ඔවුන් එසේ කරනු ඇති බවයි.
අසාධාරණ අවස්ථාවන්හිදී, අපගේ එක් කර්තව්‍යයක් නම්, “ජීවිතය ගැන අසාධාරණ සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් නිවැරදි කළ හැකිය” යන්න විශ්වාස කිරීමයි.9 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකය ජයගෙන සියලු අසාධාරණයන් “අවශෝෂණය” කරගත්තා. උන්වහන්සේ නිසා, අපට මේ ලෝකයේ සාමය ඇතිකරගත හැකි අතර සතුටු සිතින් සිටිය හැකියි.10 අප උන්වහන්සේට ඉඩ දුන්නොත්, අප උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අසාධාරණය පවිත්‍ර කරයි.11 උන්වහන්සේ අපව සනසවා නැති වූ දේ නැවත ලබාදෙන්නේ නැති වෙයි;12 උන්වහන්සේ අසාධාරණය අපගේ ප්‍රයෝජනය සඳහා යොදාගනියි. කෙසේද සහ කවදාද යන්න ගැන සිතන විට, ඇල්මා කළාක් මෙන්, අප එය හඳුනාගෙන පිළිගත යුතුයි, “එය ප්‍රශ්නයක් නොවන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේ මෙම සියලු දේවල් දන්නා සේක; ඒ මෙම කාරණය බව දැනගැනීම පමණක් මට සෑහෙන්නේය.”13
කෙසේද සහ කවදාද යන ප්‍රශ්න පසුවට අපට රඳවා තබාගත හැකි අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල වර්ධනය කරගැනීමට උත්සහ කිරීමට අපට පුලුවන්, මන්ද සෑමදෙයක්ම නිවැරදි කිරීමට බලය සහ එසේ කිරීමට ආශාව උන්වහන්සේට තිබෙනවා.14 කෙසේද හෝ කවදාද යන්න දැනගැනීමට අපි බල කිරීම ඵලදායී නෑ, සහ සියල්ලට පසු එය දුර දැකීමේ නොහැකියාවයි.15
අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගන්නා විට, අපි උන්වහන්සේ හා සමාන වීමටද උත්සාහ කළ යුතුයි. ඉන්පසු අපි අනුකම්පාවෙන් අන් අය වෙත ගොස්, අසාධාරණය සොයාගත් තැන එය සමනය කිරීමට උත්සාහ කරමු;16 අපගේ බලපෑම් ක්ෂේත්රය තුළ දේවල් නිවැරදි කිරීමට අපට උත්සාහ කළ හැකියි. ඇත්තවශයෙන්ම, ගැලවුම්කරුවාණන් අපට මෙසේ උපදෙස් දුන්නා “මනුෂ්‍යයන් යහපත් කාරණා වල උද්යෝගයෙන් යෙදිය යුතුවේ, තවද ඔවුන්ගේ ස්වකීය නිදහස් කැමැත්තෙන් බොහෝ දේවල් කළ යුතුවේ, තවද බොහෝ ධර්මිෂ්ඨ කාරණා සිද්ධ කළ යුතුවේ.”17
නීතිඥ බ්‍රයන් ස්ටීවන්සන් යනු, අසාධාරණයට එරෙහිව සටන් කිරීමට උනන්දුවෙන් කටයුතු කළ එක් අයෙක්. එක්සත් ජනපදයේ ඔහුගේ නීතිමය පරිචය කැපවී ඇත්තේ වැරදිකරු ආරක්ෂා කිරීම, අධික දඬුවම් අවසන් කිරීම, සහ මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහායි. මීට වසර කිහිපයකට පෙර, ස්ටීවන්සන් මහතා බොරු මිනීමැරුම් චෝදනාවට ලක්ව මරණයට පත්කිරීමට නියම කර තිබූ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනීසිටියා. මෙම මිනිසා ඔහුගේ සභාවේ ක්‍රියාකාරී නොවූවත් එමෙන්ම විවාහයෙන් පිටත අසම්මත සම්බන්ධතා සඳහා ප්‍රසිද්ධව සිටි නිසා සමාජයෙන් හෙළාදැක තිබුනත්, ස්ටීවන්සන් මහතා මෙම මිනිසාගේ ප්‍රාදේශීය ක්‍රිස්තියානි සභාවෙන් උදව් ඉල්ලා සිටියා.
සභාවට සැබවින්ම වැදගත් දෙය කෙරෙහි අවධානය යොමුකරවීම සඳහා, ස්ටීවන්සන් මහතා යේසුස්වහන්සේ වෙතට ගෙන එන ලද කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ස්ත්‍රිය පිළිබඳ ඔවුන්ට කතා කළා. චෝදනාකරුවන්ට ඇයව මරණයට පත්කිරීමට අවශ්‍ය වූ නමුත් යේසුස්වහන්සේ මෙසේ පැවසුවා “පාපයක් නැති තැනැත්තා, මුලින්ම ඇයට ගලක් ගසන්න.”18 එම කාන්තාවගේ චෝදනාකරුවන් ඉවත්ව ගියා. යේසුස්වහන්සේ එම ස්ත්රියව හෙළා දුටුවේ නෑ නමුත් තවත් පව් නොකරන ලෙස ඇයට කියා සිටියා.19
මෙම සිද්ධිය විස්තර කිරීමෙන් පසු, ස්ටීවන්සන් මහතා නිරීක්ෂණය කළේ ස්වයං ධර්මිෂ්ඨකම, බිය, සහ කෝපය නිසා කිතුනුවන් පවා පැකිලෙන මිනිසුන්ට ගල් ගසන්නට ඇති බවයි. පසුව ඔහු පැවසුවේ “අපට එම සිදුවීම සරලව නැරඹිය නොහැකියි,” එමෙන්ම “ගල් අල්ලන්නන්” බවට පත්වීමට ඔහු එම සභාව දිරිමත් කළා.20 සහෝදර සහෝදරියනි, ගල් විසි නොකිරීම අනුන්ට අනුකම්පාවෙන් සැලකීමේ පළමු පියවරයි. දෙවන පියවර වන්නේ අන් අය විසින් විසි කරන ලද ගල් අල්ලා ගැනීමට උත්සාහ කිරීමයි.
අපි වාසි සහ අවාසි සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න ජීවිතයේ පරීක්ෂණයෙහි කොටසක්. අපව විනිශ්චය කරනු ලබන්නේ අප පවසන දෙයින් නොවේ, නමුත් අවදානම් සහ අවාසි සහගත අයට අප සලකන ආකාරයෙන්.21 පසු-දවස්වල ශුද්ධවන්තයන් වශයෙන්, අපි යහපත කිරීම සඳහා, ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරනවා.22 ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලු දරුවන්ගේ ගෞරවය සහතික කිරීම සඳහා වැඩ කිරීමෙන් අපි අපගේ අසල්වැසියාට ඇති ආදරය පෙන්නුම් කරනවා.
අපගේම වාසි සහ අවාසි මනසේ තබාගෙන, මෙනෙහි කිරීම සෞඛ්‍ය සම්පන්නයි. ඇනාට බයිසිකලය ලැබුණේ මන්දැයි ජෝන් තේරුම්ගැනීමෙන් එය ප්‍රකාශ වෙනවා. මෙර්ලාට සපත්තු සඳහා වූ අවශ්‍යතාවය රූත්ට ඇගේ මවගේ දෑස් තුළින් දැනගැනීමට හැකිවීම අවබෝධය ලබාදෙන සුලුයි. සදාකාලික දෘෂ්ටිකෝණයකින් දේවල් බැලීමට උත්සාහ කිරීම පැහැදිලි විය හැකියි. අපි වඩාත් ගැලවුම්කරුවාණන් මෙන් වන විට, අපි සංවේදනය, අවබෝධය සහ පවිත්‍ර ප්‍රේමය වඩ-වඩාත් වර්ධනය කරගන්නවා.
රුවන්ඩා ජනසංහාරයේ අසාධාරණය ගැන විලාප නැගූ කිගාලි හි අපගේ සෙසු මගියා වන ඔහු ඇසූ ප්‍රශ්නයට මම නැවත හැරෙනවා, “දෙවියන්වහන්සේ කෙනෙක් සිටියේ නම්, ඔහු ඒ ගැන යමක් නොකරනු ඇත්ද?”
ජන සංහාරයෙන් සිදුවන දුක් වේදනා අවම නොකර, සහ එවැනි දුක් වේදනා තේරුම්ගැනීමට අපට ඇති නොහැකියාව පිළිගැනීමෙන් පසුව, අපි පිළිතුරු දුන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, කෝප කරවන සුළු අසාධාරණය පිළිබඳව යමක් කර ඇති බවයි.23 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ සභාව නැවත පිහිටුවීම පිළිබඳව බොහෝ ශුභාරංචි කාරණාවන් අපි පැහැදිලි කළා.24
ඊට පස්සේ, අපේ සුහදයා ඔහුගේ දෑස් වල කඳුළු සලමින් මෙසේ ඇසුවා, “ඔබ අදහස් කරන්නේ මගේ මියගිය දෙමාපියන් සහ මාමා වෙනුවෙන් මට යමක් කළ හැකිද?”
“අපොයි, ඔව්!” අපි කිව්වා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ජීවිතයේ අසාධාරණ වන සියල්ල නිවැරදි කළ හැකි බවත්, උන්වහන්සේගේ අධිකාරිය මගින් පවුල් වලට සදහටම එකට එකතු විය හැකි බවත් අපි ඉන්පසුව සාක්ෂි දුන්නා.
අසාධාරණයට මුහුණදෙන විට, අපට දෙවියන්වහන්සේගෙන් අපව ඈත් කරගන්නට හෝ උපකාරය සඳහා උන්වහන්සේ වෙතට ඇදී යා හැකියි. නිදසුනක් වශයෙන්, නෙපිවරුන් සහ ලාමන්වරුන් අතර වූ දීර්ඝකාලීන යුද්ධය මිනිසුන්ට වෙනස් ආකාරයකින් බලපෑවා. “බොහෝදෙනෙක් දැඩි වී” ඇති බවත් තවත් සමහරු “ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියේ නිහතමානී වූ තරමටම, ඔවුන්ගේ දුක් පීඩා නිසා මෘදු වූ බවත්” මොර්මොන් නිරීක්ෂණය කළා.25
අසාධාරණයට ඔබව දැඩි කිරීමට, හෝ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල දූෂණය කිරීමට ඉඩදෙන්න එපා. ඒ වෙනුවට, දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලන්න. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ අගය වැඩි කිරීම සහ විශ්වාසය තැබීම වැඩි කරන්න. තිත්ත වීමට වඩා, ඔබට යහපත් වීමට උන්වහන්සේට උදව් කරන්නට ඉඩදෙන්න.26 ඔබේ පීඩා “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රීතියෙන් ගිල දැමීමට” ඉඩ හැරීමට, නොපසුබස්නා උත්සාහයට උදව් කිරීමට උන්වහන්සේට ඉඩදෙන්න.27 “බිඳුණු සිත් ඇති අයව සුවකිරීම”28 සඳහා උන්වහන්සේගේ ධර්මදූතයට උන්වහන්සේගේ හා එක්වන්න, අසාධාරණය අවම කිරීමට උත්සාහ කරන්න, එමෙන්ම ගල් අල්ලන්නෙකු වන්න.29
ගැලවුම්කරුවාණන් ජීවත්වන බවට මම සාක්ෂි දරනවා. උන්වහන්සේට අසාධාරණය තේරෙනවා. උන්වහන්සේගේ අත්වල ඇති සලකුණු දිගින් දිගටම උන්වහන්සේට ඔබ ගැනත්, එමෙන්ම ඔබගේ තත්වයන් ගැන මතක්කර දෙයි. ඔබේ සියලු කරදර වලදී උන්වහන්සේ ඔබට දේවසේවය කරයි. උන්වහන්සේ වෙතට එන අයට, විලාපයේ අලු වෙනුවට අලංකාරයේ ඔටුන්නක් ආදේශ කරනු ලැබෙයි; ශෝකය හා වැලපීම වෙනුවට ප්‍රීතිය හා සතුට ආදේශ කරනු ලැබෙයි; අධෛර්යය කිරීම හා බලාපොරොත්තු සුන්වීම වෙනුවට අගය කිරීම හා සැමරීම ආදේශ කරනු ලැබෙයි.30 ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබ තුළ ඇති ඇදහිල්ල ඔබට සිතාගත නොහැකි තරම් විපාක ලබාදෙනවා. සියලු අසාධාරණයන්—විශේෂයෙන් කෝපාවිෂ්ට අසාධාරණය—ඔබේ වාසිය සඳහා කැපකරනු ලැබෙයි. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.