එන්න, මා අනුගමනය කරන්න 2024
අප්‍රියෙල් 15–21: “උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියා කරන්නට උන්වහන්සේ මා තුළ ක්‍රියා කරන සේක.” ඊනොස්–මොර්මොන්ගේ වචන


“අප්‍රියෙල් 15–21: ‘උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියා කරන්නට උන්වහන්සේ මා තුළ ක්‍රියා කරන සේක.’ ඊනොස්–මොර්මොන්ගේ වචන,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024(2024)

“අප්‍රියෙල් 15–21. ඊනොස්–මොර්මොන්ගේ වචන,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
ඊනොස් තරුණ පිරිමි ළමයෙකු ලෙස තම පියා, යාකොබ් සහ මව සමඟ

ස්කොට් ස්නෝ විසින්, Jacob and Enos [යාකොබ් සහ ඊනොස්]

අප්‍රියෙල් 15–21: “උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියා කරන්නට උන්වහන්සේ මා තුළ ක්‍රියා කරන සේක”

ඊනොස්–මොර්මොන්ගේ වචන

ඊනොස් විසින් කායික කුසගින්න නිවා ගැනීමට සතුන් දඩයම් කිරීමට වනාන්තරයට ගියත්, ඔහුගේ “ප්‍රාණයේ කුසගින්න” නිසා ඔහු මුළු දවසම සහ රාත්‍රියම එහි රැඳී සිටියා. මෙම කුසගින්න, ඊනොස්ට “අහසට ළඟා වීමට තරම් [ඔහුගේ] කටහඬ එසවීමට” හේතුවක් වුණා. ඔහු මෙම අත්දැකීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි “පොරබැදීමක්” ලෙස විස්තර කළා (බලන්න ඊනොස් 1:2–4). යාච්ඤාව කියන්නෙ දෙවියන්වහන්සේට ළං වීමට සහ උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට දරන අවංක උත්සාහයක් බව ඊනොස්ගෙන් අපි ඉගෙන ගන්නවා. ඔබ මෙම චේතනාවෙන් යාච්ඤා කරද්දි, දෙවියන්වහන්සේ ඔබට ඇහුම්කන් දෙන බවත්, ඔබ ගැන, ඔබේ ආදරණීයයන් සහ ඔබේ සතුරන් ගැන පවා සැබෑ සැලකිල්ලක් දක්වන බවත්, ඊනොස් කළාක් මෙන්, ඔබත් සොයා ගැනීමට වැඩි ඉඩක් තිබෙනවා (බලන්න ඊනොස් 1:4–17). ඔබ උන්වහන්සේගේ කැමැත්ත දැනගත් විට, උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ඔබට වඩාත් හොඳින් හැකි වෙනවා. මොර්මොන් මෙන්, ඔබත් “සියළු දේවල් නොදන්නවා විය හැකියි; එහෙත් ස්වාමින්වහන්සේ පැමිණෙන්නට ඇත්තාවූ සියළු දේ දන්නා සේක, එසේහෙයින් උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියාකරන්නට උන්වහන්සේ [ඔබ] තුළ ක්‍රියාකරන සේක” (මොර්මොන්ගේ වචන 1:7).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

ඊනොස් 1:1–17

දෙවියන්වහන්සේ මාගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙනවා.

යාච්ඤාව සම්බන්ධයෙන් ඔබගේ අත්දැකීම් ඊනොස්ගේ අත්දැකීම් වලට වඩා නාට්‍යාකාර බවින් අඩු විය හැකි නමුත් ඒවා අර්ථවත් බවින් අවම විය යුතු නෑ. ඔබ අධ්‍යයනය කරද්දි මෙනෙහි කළ යුතු ප්‍රශ්න කිහිපයක් මෙන්න ඊනොස් 1:1–1:

  • ඊනොස් යාච්ඤා කරද්දි ඔහු දැරූ උත්සාහය විස්තර කරන වචන මොනවාද?

  • ඊනොස්ගේ යාච්ඤාවන් 4 සිට 11 වෙනි පදය දක්වා වෙනස් වුණේ කොහොමද?

  • ඊනොස්ගෙන් මම ඉගෙනගන්නා, මගේ යාච්ඤා වැඩිදියුණු කිරීමට මට උදවු කළ හැකි දේවල් මොනවාද?

සාකච්ඡාමය ප්‍රශ්න බෙදාගැනීම. ඔබ අන් අයට උගන්වනවා නම්, ඔබ සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්න, සියල්ලන්ටම දකින්න පුළුවන් වෙන ආකාරයට උස් ස්ථානයක තැබීම ගැන සලකා බලන්න. මෙය මිනිසුන්ට ප්‍රශ්න ගැන මෙනෙහි කිරීමට සහ වඩාත් දේවානුභාවයෙන් යුතුව පිළිතුරු දීමට උදවු වෙනවා.

රූපය
සෙමනේරි නිරූපකය

ඊනොස් 1:1–4

මගේ පවුලට යහපත සඳහා බලපෑම් කිරීමට ස්වාමින්වහන්සේට මට උදවු කරන්න පුළුවන්.

ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට ඔබට උදවු කළ හැකි යැයි ඔබ ප්‍රාර්ථනා කරන කෙනෙකු ඔබේ පවුල තුළ සිටිනවා වෙන්න පුළුවන්, නමුත් ඔබේ උත්සාහයන් යම් වෙනසක් සිදු කරන්නේ දැයි ඔබ කල්පනා කරනවා වෙන්නත් පුළුවන්. ඊනොස් 1:1–4 තුළ යාකොබ්ගේ පුත්‍රයා වන ඊනොස් කෙරෙහි යාකොබ් ඇති කරන බලපෑම ගැන ඔබට ඉගෙනගන්න පුළුවන් මොනවාද? උදාහරණයක් විදියට, “ස්වාමින්වහන්සේගේ හික්මවීමෙහි සහ අවවාදයෙහි” යන වාක්‍ය ඛණ්ඩය ඔබට අදහස් කරන්නේ කුමක්ද? ඔබට ඔබේ නිවසට උන්වහන්සේගේ බලපෑමට ආරාධනා කරන්න පුළුවන් කොහොමද?

ඔබ ඔබේම පවුල ගැන සිතද්දි, මෙම ප්‍රශ්ණ සහ සම්පත් ගැන සලකා බලන්න:

ඊනොස් 1:1–18

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මාගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරද්දි මට සමාව ලබාගන්න පුළුවන්.

ඔබ ඔබේ පව්වලට පසුතැවිලි වීමෙන් පසුව පවා ඔබේ පව්වලට සමාව ලැබී ඇත්දැයි සමහර විට ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඊනොස් 1:1–18 තුළ ඊනොස්ගේ අත්දැකීමෙන් ඔබ ලබා ගන්නා ප්‍රඥාව කුමක්ද? සමාව ලැබීමට පෙර සහ පසු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය ඊනොස් පෙන්වූයේ කොහොමද?

යාරොම්–ඔම්නි

මම උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උත්සාහ කරද්දි, දෙවියන්වහන්සේ මට ආශිර්වාද කරනවා.

යාරොම් සහ ඔම්නි යන පොත් දෙකම ධර්මිෂ්ඨකම සහ සමෘද්ධිය අතර සම්බන්ධය විස්තර කරනවා. යාරොම් 1:7–12; ඔම්නි 1:5–7, 12–18 තුළින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? සමෘද්ධිය පිළිබඳ ලෝකයා කරන නිර්වචනයට වඩා ස්වාමින්වහන්සේගේ නිර්වචනය වෙනස් වන්නේ කොහොමද? ස්වාමින්වහන්සේ තම සෙනඟට සමෘද්ධිමත් වීමට උදවු කරන්නේ කොහොමද? (බලන්න ඇල්මා 37:13; 48:15–16).

ඔම්නි 1:25–26

“ක්‍රිස්තුස්වහන්සේ වූ ඉශ්‍රායෙලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ වෙතට පැමිණෙන්න.”

“ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න” යන ආරාධනය බොහෝ අවස්ථාවලදී මොර්මොන්ගේ පොතෙහි දක්නට ලැබෙනවා. ඇත්තෙන්ම, මේ පොතේ එක් ප්‍රධාන අරමුණක් තමයි සෑම කෙනෙකුටම මෙම ආරාධනය කිරීම. ඔබ ඔම්නි 1:25–26 කියවද්දි, ඔබ සොයාගන්නා ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ආකාරය විස්තර කරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ මොනවාද? සම්පූර්ණයෙන්ම උන්වහන්සේ වෙතට පැමිණීමට ඔබ කරන්නේ මොනවාද?

රූපය
මොර්මොන් රන් තහඩු සංශිප්ත කරමින්

ජොර්ජ් කොකෝ විසින්, Mormon Compiling the Plates [මොර්මොන් රන් තහඩු සංශිප්ත කරමින්]

මොර්මොන්ගේ වචන 1:1–8

මම උන්වහන්සේගේ මගපෙන්වීම අනුගමනය කරද්දි දෙවියන්වහන්සේ මා තුළින් ක්‍රියා කරනවා.

මොර්මොන්ගේ පොතට නෙපීගේ කුඩා තහඩු ඇතුළත් කිරීමට ස්වාමින්වහන්සේ මොර්මොන්ව පෙලඹවූ එක් හේතුවක් තමයි, පළමුව පරිවර්තනය කළ පිටු 116 නැති වන බව දෙවියන්වහන්සේ දැන සිටීම (බලන්න දහම සහ ගිවිසුම් 10). (1 නෙපී සිට ඔම්නි දක්වා සමන්විත) මෙම ලියවිලි ඇතුලත් කිරීමට වූ ස්වාමින්වහන්සේගේ උපදෙස් මොර්මොන් අනුගමනය කිරීම ගැන ඔබ ස්තූතිවන්ත වන්නේ ඇයි? ඒවා ඇතුළත් කිරීමට මොර්මොන් දුන් හේතු මොනවාද? (බලන්න මොර්මොන්ගේ වචන 1:3–7). දෙවියන්වහන්සේ ඔබ තුළින් හෝ අන් අය තුළින් ක්‍රියාකරන බව ඔබ දැක ඇත්තේ කොයි අවස්ථා වලද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඊනොස් 1:1–5

මට යාච්ඤාවෙන් ස්වර්ගීය පියාණන්වහන්සේට කතා කරන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට ඔවුන්ගේ යාච්ඤා වඩාත් අර්ථවත් කිරීමට ඔබට උදවු කරන්න පුළුවන් කොහොමද? ඊනොස් යාච්ඤා කරන පින්තූරයක් ඔවුන්ට පෙන්වීම සලකා බලන්න; ඔවුන් දකින දේ විස්තර කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. එවිට ඔවුන්ට ඔවුන්ගේ ඇස් වසාගෙන ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ මුහුණට මුහුණ කතා කරන බව සිතාගන්න පුළුවන්. ඔවුන් කතා කිරීමට කැමති කුමක් ගැනද? උන්වහන්සේට ඔවුන්ට කුමක් කියන්නට අවශ්‍ය විය හැකිද?

  • ඔබ ඊනොස් 1:1–5 ශබ්ද නඟා කියවද්දි, කුඩා දරුවන්ට දඩයම් කිරීම, දණින් වැටී යාච්ඤා කිරීම යනාදී ලෙස රඟපාමින් ඊනොස් ලෙස පෙනී සිටින්න පුළුවන්. වැඩිහිටි දරුවන්ට ඊනොස්ගේ යාච්ඤා විස්තර කරන වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයකට සවන් දෙන්න පුළුවන්. ඊනොස්ගේ යාච්ඤා ගැන මෙම වචන අපට කියන්නේ මොනවාද? ඔබේ ප්‍රාණය “බඩගිනි වී” ඔබ ස්වාමින්වහන්සේට “මොර ගැසූ” අත්දැකීමක් බෙදා ගන්න (ඊනොස් 1:4).

රූපය
පවුලක් යාච්ඤා කරමින්

දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අපට උන්වහන්සේට යාච්ඤා කරන්න පුළුවන්.

ඊනොස් 1:2–16

ස්වර්ගික පියාණන්වහන්සේ මාගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙනවා.

  • ස්වර්ගික පියාණන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙන බව ඔබ ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උදවු කරන්නේ කොහොමද? ඔවුන් සාමාන්‍යයෙන් යාච්ඤා කරන සමහර දේවල් ලැයිස්තුගත කිරීමට ඔවුන්ට ආරාධනා කිරීම ගැන සලකා බලන්න. එවිට ඔබට ඊනොස් ඊනොස් 1:2, 9, 13–14, සහ 16 තුළ යාච්ඤා කළ දේ සොයා ගැනීමට ඔවුන්ට උදවු කරන්න පුළුවන්.

    ඊනොස්ගේ යාච්ඤාවේ ප්‍රතිඵල මොනවාද? (බලන්න 6, 9, 11 පද).

    අපගේ යාච්ඤා දියුණු කරගන්නා ආකාරය ගැන ඊනොස්ගේ අත්දැකීමෙන් අප ඉගෙනගන්නේ මොනවාද?

  • ස්වර්ගික පියාණන්වහන්සේ ඔබගේ යාච්ඤාවලට පිළිතුරු දුන් සමහර අකාර ගැන ඔබේ දරුවන්ට කියන්න.

මොර්මොන්ගේ වචන 1:3–8

මම ශුද්ධාත්මයාණන්ට සවන් දෙද්දි මට අනෙක් අයට ආශිර්වාද කරන්න පුළුවන්.

  • මොර්මොන්ගේ පොතේ නෙපීගේ කුඩා තහඩු ඇතුළත් කිරීමට ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම මොර්මොන් අනුගමනය කළා. මේ වසරේ මෙතෙක් අප මොර්මොන්ගේ පොතෙහි අධ්‍යයනය කළ සෑම දෙයක්ම අප වෙත පැමිණ තිබෙන්නේ මොර්මොන් ආත්මයාණන්ට සවන් දීමට තෝරා ගත් නිසයි. ආත්මයාණන්ට සවන් දීම ගැන ඔබේ දරුවන්ට ඉගෙන ගැනීමට ඔබට උදවු කරන්න පුළුවන් කොහොමද? මොර්මොන්ගේ වචන 1:3–8 තුළ ඇති පද මාරුවෙන් මාරුවට කියවීමට ඔවුන්ට ආරාධනා කරන්න. එක් එක් පදයෙන් ඔවුන් ඉගෙන ගන්නා දේ ගැන ඔබට කතා කරන්න පුළුවන්. එවිට ඔබේ දරුවන්ට:

    • මෙම වසරේ මොර්මොන්ගේ පොතේ කතන්දර වලින් ඔවුන් ඉගෙන ගත් දේ බෙදා ගන්න පුළුවන් (එන්න, මා අනුගමනය කරන්න තුළ ඇති පින්තූර ඔවුන්ට ඒවා මතක තබාගැනීමට උදවුවක් වෙන්න පුළුවන්).

    • වෙනත් කෙනෙකුට ආශිර්වාද කරන දෙයක් කිරීමට ආත්මයාණන් විසින් මගපෙන්වූ අත්දැකීම් ගැන කතා කරන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ඊනොස් යාච්ඤා කරමින්

රොබර්ට් ටී. බැරට් විසින්, Enos Praying [ඊනොස් යාච්ඤා කරමින්]

මුද්‍රණය කරන්න