එන්න, මා අනුගමනය කරන්න 2024
අප්‍රියෙල් 1–7: “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ තුළට නැවත එක්වන්න.” යාකොබ් 1–4


“අප්‍රියෙල් 1–7: ‘ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ තුළට නැවත එක්වන්න.’ යාකොබ් 1–4,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“අප්‍රියෙල් 1–7. යාකොබ් 1–4,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
කාන්තාවක් යේසුස්වහන්සේගේ පාමුල දණගසා සිටිමින්

ග්‍රෙග් ඔල්සන් විසින්, Forgiven [සමවා දෙනු ලැබ] www.GregOlsen.com අවසරය ඇතිව භාවිතා වේ

අප්‍රියෙල් 1–7: ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ තුළට නැවත එක්වන්න

යාකොබ් 1–4

නෙපීවරු නෙපීට සැලකුවේ ඔවුන්ගේ “මහා ආරක්ෂකයා” ලෙසයි (යාකොබ් 1:10). ඔහු ඔවුන්ව ආත්මික අන්තරායන්ගෙන් ආරක්ෂා කර, පාපයට එරෙහිව ඔවුන්ට අනතුරු අඟවා ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. දැන් එම කාර්යය පැවරී තිබෙන්නේ පූජකයෙකු සහ ගුරුවරයෙකු ලෙස නෙපී විසින් කැප කරන ලද යාකොබ් වෙතයි (බලන්න යාකොබ් 1:18). අනෙක් අයගේ පව්වලින් පීඩාවට පත්වූ අයගේ “තුවාල වූ ආත්මය” සනසවන අතරතුර “පාපයේ වෙහෙසීමට ආරම්භ කරන” අයට නිර්භීතව අනතුරු ඇඟවීමට වගකීමක් යාකොබ්ට දැනුණා (බලන්න යාකොබ් 2:5–9). ඔහු එම කාර්යයන් දෙකම කරන්නේ කොහොමද? දෙපිරිසටම ගැලවුම්කරුවාණන්ගේ සුවය අවශ්‍ය වූ බැවින් ඔහු ඔවුන්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමු කෙරුවා (යාකොබ් 4). ඔහුට පෙර සිටි නෙපීගේ පණිවිඩය මෙන්ම, යාකොබ්ගේ සාක්ෂියත් “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් [දෙවියන්වහන්සේ] සමඟ නැවත සමඟි වීම” සඳහා කළ කැඳවීමක් (යාකොබ් 4:11).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

යාකොබ් 1:6–8, 15–19; 2:1–11

මට “ස්වාමින්වහන්සේගෙන් ලද කටයුත්තක්” තිබෙනවා.

දෙවියන්වහන්සේගේ වචනය ඉගැන්වීම යාකොබ් “ස්වාමින්වහන්සේගෙන් ලද කටයුත්තක්” නිසා ඔහු “[තම] තනතුර මහිමයට පත්කිරීමට” වෙහෙස මහන්සි වුණා (යාකොබ් 1:17, 19). යාකොබ් භාවිතා කළ මෙම වාක්‍ය ඛණ්ඩ ඔබට අදහස් කරන්නේ මොනවාද? විශාල කර පෙන්වන උපකරණය කරන්නේ මොනවාද කියා සිතා බලන්න. එය ඔබට කිසියම් අදහසක් ලබා දෙනවාද? ඔබ යාකොබ් 1:6–8, 15–192:1–11 මෙනෙහි කරද්දි, ස්වාමින්වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කරඇති කාර්යයන් ගැන සිතා බලන්න. ඔබ පෙලඹෙන්නේ කුමන දේවල් කිරීමෙන් ඒවා “ඉටුකිරීමට” ද?

යාකොබ් 2:12–21

“නුඹලාගේ හදවත් වල මෙම උඩඟුකමින් නුඹලාගේ ප්‍රාණයන් විනාශ වීමට ඉඩ නොදෙන්න!”

නෙපීවරුන්ට උඩඟුකම සහ ධනය කෙරෙහි අවධානය යොමු කිරීමේ ගැටලුවක් තිබුණා (බලන්න යාකොබ් 2:13), එම ගැටලුව ඔවුන්ට හෝ ඔවුන්ගේ දවසට පමණක් ආවේනික වූ දෙයක් නොවේ. විරුද්ධකාරයා අද ධනයට ඇති ඇල්ම ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? යාකොබ් 2:12–21 කියවීමෙන් පසු, ද්‍රව්‍යමය ධනය දෙස ඔබ කුමන ආකාරයට බලනවාට දෙවියන්වහන්සේට අවශ්‍යද කියා ඔබේම වචනවලින් විස්තර කරන්න. ඔබ ඉගෙනගන්නා දේවල් වලින් ඔබට දේවානුභාවයක් දැනෙන්නේ මොනවා කිරීමටද?

රූපය
සෙමනේරි නිරූපකය

යාකොබ් 2:22–35; 3:10–12.

දෙවියන්වහන්සේ නිර්මල බව ගැන සතුටු වෙනවා.

ඔබ යාකොබ් 2:22–35; 3:10–12 කියවද්දි, නිර්මල බව දෙවියන්වහන්සේට එතරම් වැදගත් වන්නේ ඇයිදැයි තේරුම් ගැනීමට ඔබට උදවු වන්නේ මොනවාද? යාකොබ්ගේ කාලයේ සහ අපේ කාලයේ දුරාචාරයේ සමහර අහිතකර ප්‍රතිඵල මොනවාද? නිර්මල බවෙන් පිරුණු ජීවිතයක් ගත කිරීමෙන් ලැබෙන ආශිර්වාද මොනවාද?

අප ජීවත් වන්නේ “ප්‍රජනනයේ පරිශුද්ධත්වයට වැඩි වැඩියෙන් සමච්චල් කරන ලෝකයක” බව වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ඉගැන්නුවා (“We Believe in Being Chaste,” Liahona, 2013 මැයි, 41–44). ඔබ නිර්මල බවේ නීතියට කීකරු වන්නේ ඇයිදැයි තේරුම් ගැනීමට අන් අයට උදවු කරන්නේ කෙසේද? යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මාර්ගෝපදේශයක් තුළ (පිටු 22-29) “ඔබේ ශරීරය පූජනීයයි”යන තේමාව යටතේ ඇති ලිංගික හැඟීම් සහ සබඳතා පිළිබඳ දෙවියන්වහන්සේගේ ප්‍රමිති පැහැදිලි කිරීම මේ පිළිබඳව තේරුම් කිරීම ආරම්භ කිරීමට හොඳ තැනක්. ඔබ නිර්මල බවේ නීතිය අනුව ජීවත්වන්නේ ඇයි කියා පැහැදිලි කිරීමට උදවු වන එම සම්පතෙහි ඔබට සොයා සොගත හැකි තවත් දේවල් මොනවාද?

ලිංගික පවිත්‍රතාව පිළිබඳ දෙවියන්වහන්සේගේ ප්‍රමිතිය, ඔබට හමුවිය හැකි අනෙකුත් පණිවිඩවලට වඩා වෙනස් වන්නේ කොහොමද? නිර්මල බවෙන් පිරුණු ජීවිතයක් ගත කිරීමෙන් ලැබෙන ආශිර්වාද මොනවාද?

යාකොබ් 4

ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ සමඟ නැවත සමගි වන්නට මට පුළුවන්.

“ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ සමඟ සමගි වන ලෙස” යාකොබ් ඔහුගේ ජනතාවගෙන් ආයාචනා කර සිටියා (යාකොබ් 4:11). සමගි වීම සඳහා එක් නිර්වචනයක් තමයි මිත්‍රත්වයක් හෝ එකමුතුකමක් යළි ඇතිකරගැනීම. ඔබ ඔබේ ජීවිතය ගැන මෙනෙහි කරද්දි, ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඈත් වී ඇති බවක් හැඟුණු කාලයක් ගැන සිතන්න. මෙම සබඳතාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට ගැලවුම්කරුවාණන් අපට උදවු කරන්නේ කොහොමද? දෙවියන්වහන්සේ සමඟ සමගි වීමට ඔබට උදවු වන මෙම පරිච්ඡේදයෙන් සොයාගත හැකි උපදෙස කුමක්ද? (බලන්න 4–14 පද).

මතෙව් 5:23–24 තුළින් ඔබ ලබාගන්නා අමතර අවබෝධයන් මොනවාද? දෙවියන්වහන්සේ සහ අනෙකුත් අය සමඟ සමගි වීමට ගැලවුම්කරුවාණන් ඔබට උදවු කරන්නේ කොහොමද?

බලන්න 2 නෙපී 10:24.

යාකොබ් 4:8–18

ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමුකිරීමෙන් මට අධ්‍යාත්මික අන්ධභාවයෙන් වැළකී සිටින්න පුළුවන්.

යාකොබ් තම සෙනඟව සම්පූර්ණයෙන්ම ස්වාමින්වහන්සේ වෙතට හැරවීමට උත්සාහ කළ විට, ආත්මිකව අන්ධ නොවීමට සහ ශුභාරංචියේ “සරල වචන” හෙළා නොදකින ලෙස ඔහු ඔවුන්ට අවවාද කළා (බලන්න යාකොබ් 4:13–14). යාකොබ් 4:8–18 ට අනුව, අධ්‍යාත්මික අන්ධභාවයෙන් වැළකී සිටීමට අපට කළ හැක්කේ මොනවාද?

ගැලවුම්කරුවාණන් උගන්වද්දි, උන්වහන්සේ එදිනෙදා ජීවිතය සඳහා සැසඳීම් භාවිතා කළා. යේසුස්වහන්සේගේ උපමා මිනිසුන්ට ඔවුන්ගේ පොදු අත්දැකීම් තුළින් ආත්මික සත්‍යයන් සොයාගැනීමට උදවු කළා. ඔබ උගන්වද්දිත් එසේ කිරීමට උත්සාහ කරන්න. උදාහරණයක් විදියට, යාකොබ් 4:8–18 උගන්වද්දි, ඉගෙනගන්නා අයගෙන් ඔවුන් කවදා හෝ අක්ෂි පරීක්ෂණයක් කර ඇත්දැයි ඔබට අහන්න පුළුවන්. වෛද්‍යවරයා ඔවුන්ගේ භෞතික පෙනීම තක්සේරු කළේ කොහොමද? අපගේ අධ්‍යාත්මික පෙනීම තක්සේරු කරන්න පුළුවන් කොහොමද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

යාකොබ් 2:8

දෙවියන්වහන්සේ තුවාල වූ ප්‍රාණයන් සුව කරනවා.

  • “තුවාල වූ ප්‍රාණයක්” සුව කළ හැකි ආකාරය ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උදවු කිරීම සඳහා, අපගේ ශරීර තුවාල වන ආකාරය සහ ඒවා සුව කිරීමට උදවු වන දේ ගැන ඔබට එකට එක් වී සාකච්ඡා කරන්න පුළුවන්. සමහරවිට ඔබේ දරුවන් හට ඔවුන් තුවාල වූ අවස්ථා සහ ඔවුන්ට සුව වීමට උදවු කළ දේවල් පිළිබඳ බෙදා ගන්න පුළුවන්. මෙම සංවාදයේ කොටසක් ලෙස ඔබට ඔවුන්ට වෙළුම් පටි හෝ බෙහෙත් පෙන්වන්න පුළුවන්. සමහරවිට ඔබේ ආත්මයට සුවය අවශ්‍ය වූ විට ගැලවුම්කරුවාණන් ඔබට උදවු කර ඇති ආකාරය ඔවුන් සමඟ ඔබට බෙදාගන්න පුළුවන්.

යාකොබ් 2:17–19

අවශ්‍යතා ඇති අය සමඟ බෙදාගැනීමෙන් මට ඔවුන්ට උදවු කරන්න පුළුවන්.

  • යාකොබ්ගේ කාලයේ සිටි සමහර මිනිසුන් ඉතා ධනවත් වූ නමුත් ඔවුන් සතුව තිබූ දේ අන් අය සමඟ බෙදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඔබ යාකොබ් 2:17–19 තුළ යාකොබ්ගේ ඉගැන්වීම් ඔබේ දරුවන්ට කියවද්දි, මෙම පදවල වචන හෝ වාක්‍ය ඛණ්ඩ සමඟ ගැලපෙන පින්තූර හෝ භාණ්ඩ ඔවුන්ට ලඟ තබාගැනීම සඳහා ලබාදෙන්න පුළුවන්. ඔබ ඔවුන් සමඟ මෙම භාණ්ඩ බෙදා ගන්නා බව ඔවුන්ට පැහැදිලි කරන්න පුළුවන්; ඇතැම්විට පසුව ඔබ සමඟ හෝ එකිනෙකා සමඟ එම භාණ්ඩ බෙදා ගැනීමට ඔබට ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන්. ඔබ බෙදා ගන්නා විට ඔබට හැඟෙන ආකාරය ගැන කතා කරන්න. අන් අයට සතුටින් ඉන්න උදව් කරන්න අපිට තව බෙදාගන්න පුළුවන් දේවල් මොනවාද?

  • එකට එකතු වී යාකොබ් 2:17 කියවීමෙන් පසු, සමහරවිට ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබේ දරුවන් සමඟ බෙදාගත් ආශිර්වාද කිහිපයක් ඔවුන්ට නම් කරන්න පුළුවන්. අප එකිනෙකා සමඟ බෙදා ගැනීම උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි?

යාකොබ් 4:6, 10–11

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න පුළුවන්.

  • ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි යාකොබ්ගේ ඇදහිල්ල එතරම්ම ශක්තිමත් නිසා, එය සොලවන්නට නොහැකි වුණා. එවැනි ඇදහිල්ලක් ගොඩනගා ගන්නා ආකාරය ඔබේ දරුවන්ට ඉගැන්වීමට, අපගේ ශරීරය ශක්තිමත් කිරීමට අප කරන දේවල් ගැන ඔවුන්ගෙන් අසන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අපට කරන්න පුළුවන් දේවල් මොනවාද? එකට එකතු වී යාකොබ් 4:6 කියවා යාකොබ් සහ ඔහුගේ සෙනඟ ඔවුන්ගේ ඇදහිල්ලෙහි “නොසැලී” සිටීමට කළ දේ සොයාගැනීමට දරුවන්ට උදවු කරන්න.

  • ඔවුන්ගේ ඇදහිල්ලෙහි “නොසැලී සිටීම” යන්නෙහි තේරුම තේරුම්ගැනීමට ඔබේ දරුවන්ට උදවු කළ හැකි තවත් ක්‍රමයක් තමයි, අසල විශාල ගසක් සොයා ඔවුන්ට එහි ශාඛා සොලවන්නැයි ඉල්ලා සිටීම. ඉන්පසු ඔවුන්ට කඳ සොලවන්නට ඉඩදෙන්න. කඳ සොලවන්නට අමාරු ඇයි? යාකොබ් 4:6, 10–11 තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලෙන් නොසැලී සිටීමට අපට කළ හැකි දේ විස්තර කරන්නේ කුමන වාක්‍ය ඛණ්ඩද?

    රූපය
    උද්‍යානයක ඇති විශාල ගසක්

    ගසක කඳ මෙන්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල “නොසැලෙන” දෙයක් වෙන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යාකොබ් රන් තහඩු මත ලිවීම

එල්ස්පෙත් කේට්ලින් යන්ග් විසින්, I Will Send Their Words Forth (Jacob the Teacher) [මම ඔවුන්ගේ වචන ඉදිරියට යවමි (ගුරුවරයා වන යාකොබ්)]

මුද්‍රණය කරන්න