එන්න, මා අනුගමනය කරන්න 2024
මාර්තු 25–31: “උන්වහන්සේගේ පියාපත් තුළ සුවයත් සමඟ … උන්වහන්සේ නැගී එන සේක.” පාස්කුව


“මාර්තු 25–31: ‘උන්වහන්සේගේ පියාපත් තුළ සුවයත් සමඟ … උන්වහන්සේ නැගී එන සේක.’ පාස්කුව,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“මාර්තු 25–31. පාස්කුව,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
මරණයෙන් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන් සමඟ

ඩෙල් පාර්සන් විසින්, Christ and the Apostles [ක්‍රිස්තුස්වහන්සේ සහ ප්‍රේරිතවරුන්]

මාර්තු 25–31: “උන්වහන්සේගේ පියාපත් තුළ සුවයත් සමඟ … උන්වහන්සේ නැගී එන සේක”

පාස්කුව

පුරාණ ප්‍රේරිතවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ නැවත නැගිටීම පිළිබඳ සාක්ෂි වලින් නිර්භීත අය වුණා (බලන්න ක්‍රියා 4:33). මිලියන ගණනක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන අතර බයිබලයේ සඳහන් ඔවුන්ගේ වචන නිසා උන්වහන්සේව අනුගමනය කිරීමට වෑයම් කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මුළු ලෝකයේම ගැලවුම්කරුවාණන් නම්, උන්වහන්සේව ඇසින් දුටු සාක්ෂිකරුවන්ව අතළොස්සක් දෙනෙක්ට පමණක් සීමා වූයේ ඇයි කියා සමහර මිනිසුන්ට කලපනා වෙන්න පුළුවන්.

මොර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් බවත්, “සියලු ජාතීන්ට තමන්වහන්සේව ප්‍රකාශ කර” (මොර්මොන්ගේ පොතේ හැඳින්වීම) උන්වහන්සේ වෙතට පැමිණෙන සියල්ලන්ට ගැලවීම ලබාදෙන බවත් ඒත්තුගන්වන අමතර සාක්ෂියක් ලෙස නැගී සිටිනවා. මීට අමතරව, මෙම දෙවන සාක්ෂියත් ගැලවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා පැහැදිලි කරනවා. “ක්‍රිස්තුස්වහන්සේව දැනසිටි බවත් … ඔවුන්ටත් උන්වහන්සේගේ මහිමය ගැන බලාපොරොත්තුවක් තිබූ බවත්” අනාගත පරම්පරාවන්ට ප්‍රකාශ කරනු පිණිස—නෙපී, යාකොබ්, මොර්මොන් සහ සියලු අනාගතවක්තෘවරුන් “තහඩු මත මෙම වචන කෙටීමට උද්‍යෝගයෙන්” වෙහෙසුනේ මේ නිසයි (යාකොබ් 4:3–4). ගැලවුම්කරුවාණන්ගේ බලය විශ්වීය සහ පුද්ගලික යන දෙකම වන බවටත්—මුළු ලෝකයම මුදවා ගන්නා බව සහ ඔබව මුදවා ගන්නා බවටත්; මොර්මොන්ගේ පොතෙහි ඇති සාක්ෂි ගැන මෙම පාස්කු සමයේ මෙනෙහි කරන්න.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

රූපය
සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මම මරණයෙන් නැවත නැගිටිනවා.

පාස්කු ඉරිදා දින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම මෙනෙහි කිරීම සාම්ප්‍රදායකයි, නමුත් මරණයෙන් නැවත නැගිටීම යන්නෙන් ඇත්තෙන්ම අදහස් කරන්නේ කුමක්ද? මොර්මොන්ගේ පොත මරණයෙන් නැවත නැගිටීම ගැන ඉදිරිපත් කරන කරුණු මොනවාද? සමහරවිට මේ පාස්කු සමයේ ඔබට 2 නෙපී 9:6–15, 22; ඇල්මා 11:42–45; 40:21–25; සහ 3 නෙපී 26:4–5; තුළින් මරණයෙන් නැවත නැගිටීම ගැන සත්‍යයන් ලැයිස්තුගත කරන්න පුළුවන්.

මෙම සත්‍යයන් ඔබගේ ක්‍රියාවන් සහ ඔබ ජීවත්වන ආකාරය කෙරෙහි බලපාන ආකාරයද ඔබට සටහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට, මෙම වාක්‍ය ඔබ සම්පූර්ණ කරන්නේ කෙසේද කියා සලකා බලන්න: මම මේ දේවල් නොදැන සිටියා නම් … සහ මම මේ දේවල් දන්නා නිසා …

ඔබගේ අධ්‍යයනයේ අර්ථවත් කොටසක් විය හැකි පාස්කු වීඩියෝ එකතුවක් ශුභාරංචි පුස්තකාලයේ ඇත. ඔබේ පවුලට මෙම වීඩියෝ එකක් හෝ කීපයක් නරඹමින් ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කළ කුමන දේවල් ගැන ඒවා අපට උගන්වනවා දැයි සාකච්ඡා කළ හැකිය.

තවත් බලන්න ලූක් 24:36–43; ක්‍රියා 24:15; 1 කොරින්ති 15:12–23; රෙයිනා අයි. අබුර්තෝ, “සොහොන් වළට ජයග්‍රහණයක් නැත,” ලියහෝනා, මැයි 2021, 85–86.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ පාප, වේදනා සහ දුර්වලතා උන්වහන්සේ වෙතටම ගත්තා.

අපගේ පාප උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්දිගෙවූ බව බයිබලය පැහැදිලිවම උගන්වනවා. මොර්මොන්ගේ පොත මගින්, ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය හා දුක් වේදනා පිළිබඳ අපගේ අවබෝධය වැදගත් ආකාර වලින් පුළුල් කරනවා. මොසායා 3:7; 15:5–9; ඇල්මා 7:11–13 යන පද වල ඔබට මෙම ඉගැන්වීම් කීපයක් සොයාගන්න පුළුවන්. ඔබ මෙම ඡේද කියවීමෙන් පසු, ඔබ සොයාගත් දේ මෙවැනි වගුවක සටහන් කිරීම ගැන සලකා බලන්න:

ගැලවුම්කරුවාණන් විඳෙව්වේ මොනවාද?

උන්වහන්සේ දුක් වින්දේ ඇයි?

මෙය මට අදහස් කරන්නේ කුමක්ද?

මෙම ඡේද අධ්‍යයනය කිරීමට තවත් ක්‍රමයක් මෙන්න: උගන්වන පණිවිඩවලට ගැලපෙනවා කියා ඔබට සිතෙන ගීතිකා සොයන්න. ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය වඩාත් ගැඹුරින් අගය කිරීමට ඔබට උදවු වන ගීතිකා සහ ශුද්ධලියවිලිවල ඇති වාක්‍ය ඛණ්ඩ මොනවාද?

තවත් බලන්න යෙසායා 53; හෙබ්‍රෙව් 4:14–16; ජෙරල්ඩ් කොසේ, “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේගේ ජීවමාන සාක්ෂිකරුවෙක්,” ලියහෝනා, මැයි 2020, 38–40.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මාව පවිත්‍ර කර මට පරිපූර්ණ වීමට උදවු කරන්න පුළුවන්.

මොර්මොන්ගේ පොත, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා වෙනස් වූ ජනතාවකගේ විශාල වාර්තාවක් බව කියන්න පුළුවන්. මොසායා 5:1–2; 27:8–28; ඇල්මා 15:3–12; 24:7–19 පද වල ඔබට මෙම අත්දැකීම් කීපයක් සොයාගන්න පුළුවන්. අධ්‍යයනය කිරීමට වෙනත් උදාහරණ ගැනද ඔබට සිතන්න පුළුවන්. මෙම සෑම අත්දැකීමකම ඔබ දකින පොදු දෙය කුමක්ද? ඔබ දකින වෙනස්කම් මොනවාද? ගැලවුම්කරුවාණන්ට ඔබව වෙනස් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙම අත්දැකීම් ඔබට උගන්වන්නේ මොනවාද?

තවත් බලන්න ඇල්මා 5:6–14; 13:11–12; 19:1–16; 22:1-26; 36:16-21; ඊතර් 12:27; මොරෝනි 10:32–33.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මෙම ඉරිදා මාසයේ පස්වන ඉරිදා බැවින්, ප්‍රාථමිකයේ ගුරුවරුන් “උපග්‍රන්ථය ඹ්: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිත කාලයක් සඳහා දරුවන් සූදානම් කිරීම” හි ඇති ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කිරීමට දිරිමත් කරනු ලැබේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි නිසා මමත් මරණයෙන් නැවත නැගිටිනවා.

  • එසේත් නැතිනම් මෙම පරිච්ඡේදවල ඇති පින්තූර භාවිතා කර ඔබේ දරුවන්ට කතාව පැවසීමට ඉඩ දෙන්න.

  • මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් අමෙරිකාව බැහැදැකීම උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ බලවත් සාක්ෂියක්. 3 නෙපී 11 භාවිතා කරමින්, ඒ ගැන ඔබේ දරුවන්ට පැවසීම ගැන සලකා බලන්න. උන්වහන්සේගේ තුවාල කැළැල් දැනීම (බලන්න 3 නෙපී 11:14–15) හෝ උන්වහන්සේ ආශිර්වාද කළ දරුවන්ගෙන් කෙනෙකු වීම (බලන්න 3 නෙපී 17:21) කෙබඳු වේදැයි සිතාබැලීමට ඔබේ දරුවන්ව දිරිමත් කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම ගැන ඔබේ හැඟීම් එකිනෙකා සමඟ බෙදාගන්න.

  • මරණයෙන් නැවත නැගිටීම ගැන මොර්මොන්ගේ පොත උගන්වන දේ සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කිරීමට, ඔබ ඒ ගැන කිසිවක් නොදන්නා බව මවා පාමින් ඔබට එය පැහැදිලි කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. පහත ආකාරයේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට 2 නෙපී 9:10–15; ඇල්මා 11:41–45 සහ ඇල්මා 40:21–23 බැලීමට ඔවුන්ට උදවු කරන්න: මරණයෙන් නැවත නැගිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මරණයෙන් නැවත නැගිටින්නේ කවුද? ඔවුන්ගේ පිළිතුරේ කොටසක් ලෙස ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ සාක්ෂි දැරීමටද ඔවුන්ට ආරාධනා කරන්න.

මාව සනසවන්නේ කොහොමද කියා යේසුස්වහන්සේ දන්නවා.

  • මොසායා 3:7 සහ ඇල්මා 7:11 තුළ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ කොටසක් ලෙස සිදු වූ දේවලින් සමහරක් විස්තර කරනවා. ඔබට මෙම පදවලින් එකක් ඔබේ දරුවන්ට කියවා යේසුස්වහන්සේ අප වෙනුවෙන් දුක් වින්ද ආකාරය පවසන වචනවලට සවන් දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. පසුව ඔබට ඇල්මා 7:12 කියවා උන්වහන්සේ එම දුක් වින්දේ ඇයි කියා සොයා බලන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ සියලු වේදනාවන් සහ අසනීප දැනුණේ අපව සනසාලීමට හැකිවීම සඳහා බව සාක්ෂි දරන්න.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම ගැන ඔබේ දරුවන්ට ප්‍රියතම ගීතිකාවක් හෝ ගීතයක් තිබෙනවාද? ඔබට එය එකට එක්ව ගායනා කරන්න පුළුවන්—නැතහොත් අලුත් එකක් ඉගෙන ගන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් අපට ලබා දෙන සැනසීම සහ සාමය ගැන ඔබට උගන්වන එම පදවල වචන හෝ වාක්‍ය ඛණ්ඩ ගැන කතා කරන්න.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනි උයනේ යාච්ඤා කරමින්

මයිකල් ටී. මාල්ම් විසින්, Gethsemane [ගෙත්සෙමනිය]

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මාව පවිත්‍ර කර මට පරිපූර්ණ වීමට උදවු කරන්න පුළුවන්.

  • මොර්මොන්ගේ පොත ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා වෙනස් වූ මිනිසුන් බොහෝ දෙනෙකුගේ උදාහරණ සපයනවා. සමහරවිට ඔබේ දරුවන්ට ඉගෙන ගැනීමට ඊනොස් (බලන්න ඊනොස් 1:2–8), කනිෂ්ඨ ඇල්මා (බලන්න මොසායා 27:8–24), හෝ විරුද්ධ-නෙපී-ලෙහි ජනතාව (බලන්න ඇල්මා 24:7–19) වැනි එක් කතාවක් තෝරාගන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා මෙම පුද්ගලයා හෝ කණ්ඩායම වෙනස් වුණේ කොහොමද? ඔවුන්ගේ ආදර්ශය අපට අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

  • ඔබට සහ ඔබේ දරුවන්ට පිරිසිඳු දෙයක් හා අපිරිසිඳු දෙයක් සංසන්දනය කර අපිරිසිඳු දේ පිරිසිඳු කරන ආකාරය ගැන කතා කරන්න පුළුවන්. එකට එක්ව ඇල්මා 13:11–13 කියවන්න. අපගේ පව්වලින් අපව පවිත්‍ර කිරීමට යේසුස්වහන්සේ කළේ මොනවාද? මේ නිසා අපට පාපය ගැන හැඟෙන්නේ කොහොමද? මේ නිසා අපට ගැලවුම්කරුවාණන් ගැන හැඟෙන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ආත්මයාණන්ගේ මගපෙන්වීමට සුදුසු ලෙස ජීවත් වන්න. ආත්මයාණන්වහන්සේ තමයි සැබෑ ගුරුවරයා. ඔබ උන්වහන්සේගේ මගපෙන්වීම සොයමින් සහ එයට සුදුසු ලෙස ජීවත් වෙද්දි, ඔබ උගන්වන අයගේ අවශ්‍යතා සපුරාලන ආකාරය ගැන උන්වහන්සේ ඔබට සිතුවිලි සහ හැඟීම් ලබා දෙනවා.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ නෙපීවරුන්ට ආචාර කරමින්

බෙන් සෝවර්ඩ්ස් විසින්, නෙපීවරුන් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ නිදර්ශනය

මුද්‍රණය කරන්න